කෝ මැයි දිනය?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    අද මැයි පළවෙනිදා, ජාත්‍යන්තර කම්කරු දිනය. ඒත් මේ අද අපි හැමෝම භුක්ති විඳින පැය 8ක වැඩ දිනය ලබා ගන්න මිනිස්සු ජිවිත පූජා කරපු දිනය.

    එදා 1886 දී හේමාකට් චතුරස්‍රයෙ උද්ඝෝෂණය කරපු කම්කරුවන්ට පොලීසියෙන් වෙඩි තියනවා, ඒ වෙඩි පහරින් හැලුණු ලේ වලින් රතු පාට වෙච්චි කමිසයක් තමයි අද හැමෝම උස්සන් යන රතු කොඩියට මුල පුරන්නෙ.

    ඒත් අද ඒ රතු කොඩිය උස්සන් අපේ මිනිස්සු කොහෙද යන්නෙ ?තමුන්ව දවස ගාණෙ තළන පෙළන දේශපාලකයො වෙනුවෙන් ම උන්ගෙ නම් ගහගත්තු කමිස තොප්පි දාගෙන මහපාරෙ නටන්න, රුපියල් 500ට 1000ට විකිණෙන්න අපෙ කම්කරුවො සූදානම්.

    ජීවිකාව වෙනුවෙන් තමන්ගෙ ශ්‍රම ශක්තිය ධනපතියා ඉදිරියෙ විකූණලා වැටුපක් ලබන කෙනෙක් කම්කරුවා හැටියට හැඳින්වෙන්නෙ. එයාලා තමයි අපි දන්න මෑත කාලීන මේ ලෝකෙ මේ හැම මිනිස් ජයග්‍රහණයක් ම නිර්මාණය කරලා තියෙන්නෙ.

    ඒත් එහෙම අභිමානවත් වෙන්න ඕනෙ කම්කරුවො අද කොතැනද ඉන්නෙ ? අනික පඩිය කීය උනත් අපි ලොක්කා ඉස්සරහ විකිණෙනවා කියලා පිළිගන්න කැමති අපේ නොවෙන අපේම කම්කරුවො කීයෙන් කීදෙනාද ඉන්නෙ ?

    ඒ විරක්ද ආමිෂ පූජා නිසා ජාත්‍යන්තර කම්කරු දිනයේ වැඩ කරන ජනතාවට වැඩට යන්න ඉඩ සලස්වපු ධර්මදීපයක කම්කරුවෝ විදිහට පුදුමාකාර ආඩම්බරයක් එක්ක අපි අදත් වැඩට යනවා.

    වෙන එකක් තියා ධනපති ආණ්ඩුවෙ ලොක්කො ඒ කම්කරුවො වෙනුවෙන් කම්කරුවො ලව්වා ම එයාලට සුබ පතන්න දැන්වීම් නිර්මාණය කරවාගෙන ප්‍රචාරණය කරන, අනේ අපෙ ලොක්කා අපිට සුබ පැතුවා කියලා සන්තෝස වෙන ලෝකයක් මේක. !

    කොහොම වුණත් ටයි පොල්ල දාගත්තු කම්කරු මහත්තුරු අදත් එන්ජෝයි කරාවි, තමුන් කම්කරුවො කියලාවත් නොදන්න උදවිය ආණ්ඩුවෙන් උනුන්ටම සමරගන්න දාපු මැයි 07 වැනිදා එක එක්කෙනාගෙ පෙළපාලිවලට යාවි. වැටුපක්වත් නැතිව දවසෙ පැය 20ක් වැඩ කරන්න නියමිත වෙච්චි අපෙ ගෘහණියො එයාලට කෑම උයාවි.

    මට මොකුත් ම කියන්න ඕනෙ නෑ, , මැයි දිනය එසේමැයි, දිනයකටවත් ඇත්තේ අපේමැයි... ඉතිං සමරමු !

    උපුටා ගැනීම - www.her.lk
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඔය කම්කරුවො කියන්නෙත් එච්චර හොඳ ජාතියක් නෙමේ.. :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    අද නිවාඩු දීල කොහොමද බන් ඊයේ පෙරේදා අපේ සැදැහැවත් ජනතාව වෙසක් සමරලා ඉතුරු කරපු නටබුන් වත් අස් පස් කර ගන්නේ .ඊයේ ගෝල්ෆේස් ගියා
    වෙසක් සමරපු පින්වතූ දාල ගිහින් තියෙන දේවල් දැක්කම ආස හිතුන යකෝ ,බෝතල් ,බැග් ,කැම පෙට්ටි ,පොලිතින් විතරක් නෙමේ කෙල්ලෝ දාල ගිය ජන්ගිත් දුසිම් ගානක් ඇති ,කොහොමත් මේ සතියම අස් කරන්න වෙය් ඒවා අස් කරගෙන 7 වනදා මැය් දිනේ සමරන්න බැරිය ඕන හැටියට .අපේ
    හාමුදු රුවෝ උනත් ඕක දන්න නිසය් මැය් 1 නිවාඩුව 7 ට දාන්න කිව්වේ ,සාදු සාදු සාදු
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ADA-Cartoon-012.jpg
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඔය කම්කරුවො කියන්නෙත් එච්චර හොඳ ජාතියක් නෙමේ.. :yes:

    :yes:

    කෙනෙක් දුප්පත් වුණ පලියට එයාට යහපත් කෙනෙක් කියල කියන්ඩ බෑ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    :rofl: