කෝ යකෝ කෝ නෑනෙ බන්.............................?

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කෝ යකෝ කෝ නෑනෙ බන්.............................?





    එළකිරි ජන්ද විමසුම අතරතුර දී අපට අසන්නට දකින්නට ලැබුනු අදහස් උදහස් අතර එක් ප්‍රධාන වැකි පෙලකින් මේ කතාව ආරම්භ කිරීමට අපි තීරණය කලා.[ උක්ත ආක්‍යාතය වැරදි කියල කෑ ගහන්න එපා යකූ හම්බවෙන්න තියෙන ගානටත් ලොක්ක දඩ ගහයි ඈ]
    මෙන්න ඒ අදහස එළිපිටම ප්‍රකාශ වූ අවස්ථාවක්.


    චන්ද දායකයෝ නායකයෙක්,ප්‍රතිපත්තියක්,පක්ෂ කාර්යාලයක් නැති පක්ෂෙකට මොකට චන්දෙ දෙනවද මන්දා... රැල්ලට යනවා...

    ඉතින් මේ ගැන සොයා බලන්නට, මෙහි සත්‍ය අසත්‍ය බව සොයා බලන්නට අපට ඇතිවූ කුතුහලය පාලනය කර ගත නොහැකිවීම නිසාම මාත් මාගේ සහෝදර [රාජකාරී සහෝදරයා] කැමරාතුමාත් පාරට බැස්ස.
    ඉහත ප්‍රකාශයතුල ඇති ප්‍රශ්න පිළිවෙලින් ගත්තොත්,


    1.නායකයා කෝ
    2.ප්‍රතිපත්තිය කෝ?
    3.කාර්යාලය කෝ?
    4.එකක්වත් නැත්නම් ඇයි එළකිරිවාසීන් ජන්දෙ දෙන්නෙ මේ
    පක්ෂෙට?


    ඇත්තටම බොන්න ඕන ප්‍රශ්නයක් නිසාත් හිතට හරි නැති වගෙ ගතියක් ආව නිසාත් අපි ඩබල ඉස්සරවෙලාම අර "නුඹ නොවෙදෝ මගෙ පපුවේ ගිණි නිවුවේ" කියන ඒවයින් ටිකක් හලා ගත්ත.[අඩේ මෙච්චරවෙලා තිබ්බ පෑවිල්ල කොහෙන් ගියාද නෑ?]

    හරි දැන් දෙන්න එක්ක නිලක් පේන හැම තැනටම මාර්ක් එක දාගෙන යනව නායකතුමා ඉන්නවද? කාර්යාලෙ කොහේද? අහ අහ.මේ දැන් හිටිය. දැන් ගියානෙ කියනව. ම්හු තාම නෑ. යන්තම් පැය 5,6ක් චාටර්වෙලා ඔන්න තැනකට සෙට් උනා.ඉස්සරහ ඉන්න එකාගෙ මූන යන්තම් පේනව දැන්.

    "ඔය දෙන්න මොකද මේ වෙලාවෙ?" පච්ච සිරා මූනක් තියෙන එකෙක් අහපි. හරියට පාට පේන්නෙත් නෑ වගෙ නිසා ආයෙ හොඳට බැලුව. ඔව් නිල් තමයි.
    "අපි මේ නායකතුමා හමුවෙන්න කියල"
    "අහ්...පත්තරෙන්ද? මේ දැන්නෙ සර් ගියේ."
    [මොන රෙද්දක්ද බන් මේ?]
    "නායකතුමාගෙ දෙවෙනියෙක්වත් නැද්ද හමුවෙන්න පුලුවන්?"
    [නැත්නම් අද දවසටම ගානක් සෙට් වෙන්නෙ නෑ මේ මඟුලක් බදාගෙන]

    "අම්මොහ්........ඉන්නව ඉන්නව. එතුමගෙ දකුණු අත ඉන්නව. අර ඉන්නෙ" [මූ පෙන්නුවෙ නැතෑ ලයිට් කණුව උඩ එකෙක් කොඩිවැල් ගලවනව.]
    "නායකතුමත් බැහැල ගියේ මේ දැන්.මාත් දැන් බැස්සෙ":oo:
    දැන් මොනා කරන්නද? සියලු ආම්පන්න ටික එල්ලගෙනම ඉනිමග දිගේ බඩගෑව කණුව උඩට.
    "මොකද බන් ෆුල් සූට් ගහන්?"
    "නෑ මේ පොඩි විස්තරයක් දැනගන්න.අපි අර පත්තරේ."
    "ඔහෙප් පල එහෙමද? නායකතුමාම හමුවුනානම් ඉවරනෙ.මේ දැන් ගියේ." [මේ දැන් තමා ඉතින්]
    "කමක් නෑ කමක් නෑ. ඔබතුමා එතුමගෙ දෙවෙනිය කිව්ව.ඒ නිසා මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තරයක් දුන්නනම් ඇති."
    ඔන්න ඉතින් අර ප්‍රකාශෙ මම කියෙව්ව. කියවල පලවෙනි ප්‍රශ්නෙ ඇහුව.

    "ඇයි පක්ශ නායකතුමා එළියට එන්නෙ නැත්තෙ?"
    "මිස්ටර් දැන් ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ කාටද? පාක්ෂිකයන්ට ඔය ප්‍රශ්නෙ තියෙනවද? නෑනෙ?"[අම්මප......අපි උන්ගෙන් ඇහුවෙ නෑනෙ යකෝ]
    "නායකතුමා අපි වෙනුවෙන් අපේ පාක්ෂිකයො වෙනුවෙන් වැඩ. එකතැනක් නෑ. අරහෙ දුවනව මෙහෙ දුවනව. මේ දැනුත් එහා ලයිට් කණුවෙ කොඩි වැල් ගලවල ගියේ මැකෝතුමා බනියි කිය කියා."

    "හරි එතකොට පක්ශ කාර්යාලෙ?" [දැන්නම් මූ ඉවරයි. එහෙම එකක් නෑම තමා.]:)
    "හෙහ් හෙහ්......" [මට ශර්ලොක් හොල්ම්ස් මතක් උනා බන්]
    "කාර්යාලෙ කොහෙද කියල දන්නෙ අපි විතරයි. ඒ කිව්වෙ පාක්ශිකයො විතරයි ඒක දන්නෙ.වෙන කාටවත් ඒක දැනගෙන වැඩක් නෑනෙ. ඇයි උදව් කරන්න එන්නද? නෑනෙ. අනවශ්‍ය ප්‍රශ්ණනෙ විරුද්ධවාදීන්ගෙ.":eek:

    "හරි කමක් නෑ. එතකොට මේ අර ප්‍රතිපත්ති ප්‍රකාශනේ? ඒකවත් නෑනෙ" [දැන්නම් මූ ඇත්තටම ඉවරයි.]:):)
    "කාටද ඔය ප්‍රතිපත්ති කියන ඒව ඕන.ප්‍රතිපත්තිගරුක මනුස්සයෙක් නිසා තමයි එතුමා වටේට මේ තරම් සෙනඟක් ඉන්නෙ. බොරුනම් ප්‍රථිපලේ එද්දි බලන්නකෝ. අනික එතුමා කියන්නෙ ඕව ඕන වෙන්නෙ ප්‍රතිපත්තියක් නැති මිනිස්සුන්ටලු.ඒ වගේම අමුතුවෙන් ප්‍රතිපත්ති ඕන නැතිලු ආගමට දහමට හැදුනු අයට." [හ්ම්.........ඒකත් එහෙමයි]:baffled:

    "ඕයි තමුසෙල දෙන්න මොකද ඔතන කරන්නෙ?"[අම්ම ගහයි පොල් පිත්තෙන් කිව්වලු.අම්ම නෙමි බන් පොලීසියෙන්]:growl::growl::(

    කොහොම හරි ඔන්න අපි එළකිරි තරුණ පෙරමුණ ගැන අහන්න ලැබුනු කරුණු කාරනා පුලුවන් විදියෙන් හොයල ලිව්ව.එළකිරිවාසීන් ජන්දෙ දෙන්නෙ ඇයි කියන එක ඔබතුමන්ලාම හිතාගන්නකො.[යකෝ මූ ඒ අස්සෙ පොටෝ කෑලි ටිකක් ගහලනෙ. ඕන් ඒවත් දැම්ම]


    election-in-pakistan-funny-campaign.jpg

    before-and-after-election.jpg

    nwu5_ele2.jpg

    ෆන් එකට මුදල් නොගෙවා මැකෝටත් හොරා පලකරන ලඳී.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆන් එකට මුදල් නොගෙවා මැකෝටත් හොරා පලකරන ලඳී.

    mmVZS1K.jpg

     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Quote:
    Originally Posted by Pathfinder_A2Z View Post
    ඒ වුණත් කරන්න දෙයක් නෑ සහෝ.... ඒ දේ හැම පක්ෂයකටම පොදු වෙනවනේ.... මාස 03 යි පෝස්ට් 100 යි තියමු..... ඉලෙක්ෂන් එකත් ටිකක් උද්යෝගිමත්ව කරන්න පුලුවන්... අනික මාව අපේක්ෂකයෙක් විදියට තොර්ගෙන ඉවරයි... මම අලුත් වුණාට මගේ මතය දැනට සියයට 30 ක් පිළිගන්නවා.... මේක මේ විදියට වෙනස් කරන්න ගියොත් ලොකු අවුලක් වෙනවා... අපේක්ෂකයාට පෝස්ට් 1000 ක් නෑ.... ඒ වුණාට චන්ද දායකයාට පෝස්ට් 1000 ක සීමාව... අනෙක දැන් දවස් දෙකක් ගිහිල්ලත් ඉවරයි... මේකෙන් හැම කෙනාටම එකම බලපෑමක් වෙන්නේ.... මාස 03 යි පෝස්ට් 100 යි කරමු

    එලකිරි මැතිවරණය නීත්‍යානුකූල නොවන බවට දැන් දැන් කරන ප්‍රකාශ මගින් පැහැදිලි වෙනවා. මැකෝතුමා අපේක්ෂකයෙක් හැටියට තෝරගෙන තියෙන්නෙ ජන්දෙවත් දෙන්න බැරි කෙනෙක්වයි. මහා මැතිවරණය මැකෝ විසින්ම විනාස කරදමා හමාර බවයි පෙනී යන්නේ. මේ පිළිබඳව වහාම අනෙකුත් පක්ශ තමන්ගේ මතය ඉදිරිපත් කල යුතුයි.


    http://www.elakiri.com/forum/showthread.php?p=20742202&posted=1#post20742202
     
    Last edited: