ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
ලංකාවේ ඉන්ධන මිල කියන්නේ තනිකරම වෙළඳපොල විකෘතියක්. එයින් කොයි වෙලාවකවත් ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය හෝ නිෂ්පාදන පිරිවැය නිවැරදිව නිරූපණය වෙන්නේ නැහැ.
ප්රශ්නයේ මුල තියෙන්නේ ලංකාවේ ඉන්ධන වෙළඳපොළේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට තිබෙන ඒකාධිකාරය. කාට හරි කියන්න පුළුවන් ඉන්දියන් තෙල් සමාගමත් ඉන්න නිසා දැන් එහෙම ඒකාධිකාරයක් නැති බව. ඇත්ත. ඉන්දියන් තෙල් සමාගමේ සම්ප්‍රාප්තිය ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඒකාධිකාරයට සෑහෙන බලපෑමක් කළා තමයි. නමුත්, තවමත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ලංකාවේ ඉන්ධන වෙළඳපොළේ සෑහෙන තරමේ ඒකාධිකාරී බලයක් තියෙනවා.
ඇමරිකාවේ මිල එක්ක සංසන්දනය කළොත් ලංකාවේ පැට්‍රෝල් මිල තව ටිකක් අඩු වෙන්න ඕනෑ. ඒ වුනත්. මගේ පෞද්ගලික අදහස ලංකාවේ පැට්‍රෝල් මිල තව ටිකක් ඉහළින් තිබුණත් ප්‍රශ්නයක් නෑ කියන එකයි. මම එහෙම කියන්නේ හේතු ඇතුවයි.
ඇමරිකාවේ පැට්‍රෝල් මිල ලංකාවේ මිලට වඩා අඩු වුවත් ඇමරිකාවේ ඉන්ධන විකුණන සමාගම් මේ වැඩෙන් පාඩු ලබන්නේ නැහැ. ඔවුන් මේ වගේ අඩු මිලකට ඉන්ධන විකුණන අතරේම සැලකිය යුතු ලාබයකුත් උපයනවා. ඒ එම සමාගම් වල කාර්යක්ෂමතාවය තුළින්. ඒ නිසා, එවැනි සමාගමක කොටස් හිමියන්ටත් සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබන්න අමාරුවක් නැහැ.
ලංකාවේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යක්ෂමතාවය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ලංකාවේ පැට්‍රෝල් මිල ඇමරිකාවේ මිලට වඩා වැඩි වුණත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දුවන්නේ පාඩු පිටයි. පාඩුවක් තියෙන තැනක පාඩුවට කරගහන කවුරු හෝ ඉන්නත් ඕනෑනේ. මේ පාඩුව අවසාන වශයෙන් දරන්නේ රටේ බදු ගෙවන ජනතාවයි.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. නමුත්, එය සිදුවන තුරු එම සංස්ථාව ලබන අලාබ වෙනත් අය මත පටවනවාට වඩා ඉන්ධන මිල ඉහළ දමා පාඩු පියවා ගැනීම සුදුසු බවයි මම හිතන්නේ. ඒ වගේම ඉන්දියානු තෙල් සමාගම ලංකාවේ වෙළඳපොළට පැමිණෙන්න පෙර කාලයට සාපේක්ෂව ඉන්පසු කාලයේදී ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යක්ෂමතාවය සැලකිය යුතු තරමින් ඉහළ ගිය බවත් නොකියාම බැහැ.