ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

AnuradhaRa

Well-known member
  • ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

    ලංකාවේ ඉන්ධන මිල කියන්නේ තනිකරම වෙළඳපොල විකෘතියක්. එයින් කොයි වෙලාවකවත් ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය හෝ නිෂ්පාදන පිරිවැය නිවැරදිව නිරූපණය වෙන්නේ නැහැ.

    ප්‍රශ්නයේ මුල තියෙන්නේ ලංකාවේ ඉන්ධන වෙළඳපොළේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට තිබෙන ඒකාධිකාරය. කාට හරි කියන්න පුළුවන් ඉන්දියන් තෙල් සමාගමත් ඉන්න නිසා දැන් එහෙම ඒකාධිකාරයක් නැති බව. ඇත්ත. ඉන්දියන් තෙල් සමාගමේ සම්ප්‍රාප්තිය ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඒකාධිකාරයට සෑහෙන බලපෑමක් කළා තමයි. නමුත්, තවමත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ලංකාවේ ඉන්ධන වෙළඳපොළේ සෑහෙන තරමේ ඒකාධිකාරී බලයක් තියෙනවා.

    ඇමරිකාවේ මිල එක්ක සංසන්දනය කළොත් ලංකාවේ පැට්‍රෝල් මිල තව ටිකක් අඩු වෙන්න ඕනෑ. ඒ වුනත්. මගේ පෞද්ගලික අදහස ලංකාවේ පැට්‍රෝල් මිල තව ටිකක් ඉහළින් තිබුණත් ප්‍රශ්නයක් නෑ කියන එකයි. මම එහෙම කියන්නේ හේතු ඇතුවයි.

    ඇමරිකාවේ පැට්‍රෝල් මිල ලංකාවේ මිලට වඩා අඩු වුවත් ඇමරිකාවේ ඉන්ධන විකුණන සමාගම් මේ වැඩෙන් පාඩු ලබන්නේ නැහැ. ඔවුන් මේ වගේ අඩු මිලකට ඉන්ධන විකුණන අතරේම සැලකිය යුතු ලාබයකුත් උපයනවා. ඒ එම සමාගම් වල කාර්යක්ෂමතාවය තුළින්. ඒ නිසා, එවැනි සමාගමක කොටස් හිමියන්ටත් සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබන්න අමාරුවක් නැහැ.

    ලංකාවේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යක්ෂමතාවය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ලංකාවේ පැට්‍රෝල් මිල ඇමරිකාවේ මිලට වඩා වැඩි වුණත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දුවන්නේ පාඩු පිටයි. පාඩුවක් තියෙන තැනක පාඩුවට කරගහන කවුරු හෝ ඉන්නත් ඕනෑනේ. මේ පාඩුව අවසාන වශයෙන් දරන්නේ රටේ බදු ගෙවන ජනතාවයි.

    ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. නමුත්, එය සිදුවන තුරු එම සංස්ථාව ලබන අලාබ වෙනත් අය මත පටවනවාට වඩා ඉන්ධන මිල ඉහළ දමා පාඩු පියවා ගැනීම සුදුසු බවයි මම හිතන්නේ. ඒ වගේම ඉන්දියානු තෙල් සමාගම ලංකාවේ වෙළඳපොළට පැමිණෙන්න පෙර කාලයට සාපේක්ෂව ඉන්පසු කාලයේදී ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යක්ෂමතාවය සැලකිය යුතු තරමින් ඉහළ ගිය බවත් නොකියාම බැහැ.
     

    AnuradhaRa

    Well-known member
  • ඔය කියන පෙර කාලයේදී ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල නියම කළේ විශාල ලාභ ආන්තිකයක් තබාගෙනයි. නමුත්, ඒ ලාබ ආන්තිකයේ ප්‍රයෝජන රටේ ජනතාවට ලැබුණේ නැහැ. තබාගත් ඉහළ ලාභ ආන්තික නාස්ති කර දමමින් අකාර්යක්ෂමතාවය නඩත්තු කිරීම පමණයි සිදුවුණේ. අනූව දශකයේ මැද හරියේදී තමයි තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවය වාර්තා තබපු කාලය.

    ඉන්දියානු තෙල් සමාගම පැමිණියාට පසුව තෙල් සංස්ථාව කිසියම් අර්බුදයකට ගියා කියන්න පුළුවන්. තෙල් සංස්ථාව තමන්ගේ තිබුණු අකාර්යක්ෂමතාවයන් එක්ක පාඩු නොලබන්නනම් කලින් වගේම ඉහළ ලාබ ආන්තිකයක් තබාගෙන මිල නියම කළ යුතුව තිබුණා. එහෙම කළානම් ඒ මිලටම විකුණා ඉන්දියානු තෙල් සමාගම දැවැන්ත ලාබයක් ලබනවා. එවිට තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවය කැපී පෙනෙනවා.
     

    AnuradhaRa

    Well-known member
  • පසුකාලීනව ලංකාවේ ආණ්ඩු තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබද්දී තෙල් මිල පහළින් තබාගත්තා. මේ හරහා රටේ උද්ධමනය කෘතීම ලෙස පාලනය කරන්න පුළුවන් වුණා. ඒ එක්කම ලංකාවේ දේශපාලන බලය තීරණය කරන මධ්‍යම පාංතික සමාජ ස්ථරය සතුටු කරන්නත් පුළුවන් වුණා. පහුගිය ආණ්ඩුව විසින් පටන්ගත් මේ වැඩේ මේ ආණ්ඩුව විසිනුත් දිගටම කරගෙන යනවා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තෙල් සංස්තාව අකාර්‍යක්ෂමයි තමා. යූනියන් පිස්සො වැඩියි.
    හැබැයි ඒකට පිළියම පිටරැටියන්ගේ ආධිපත්‍යය එක්ක සටන් කරවන එක නෙවෙයි. සංවේදී මාකට් එකක්
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    :yes:

    උඹ තමයි අපිට ඒ බ්ලොග් එක හොයල දුන්නෙ :cool:

    මරු බං ඒක

    එහෙනං ඒක කියවලා දැනුමක් ගනින්. එල බ්ලොග් එකක් ඕක. එයාගේ තව බ්ලොග් එකක් තියෙනවා ඉකොනෝමැට්ටාගහේ සතපහ කියලා. ඒකත් බලපන් ඉන් ගමන්.

    http://emgesathapaha.blogspot.com/
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    තෙල් සංස්තාව අකාර්‍යක්ෂමයි තමා. යූනියන් පිස්සො වැඩියි.
    හැබැයි ඒකට පිළියම පිටරැටියන්ගේ ආධිපත්‍යය එක්ක සටන් කරවන එක නෙවෙයි. සංවේදී මාකට් එකක්
    :yes::yes::yes::yes:
     

    AnuradhaRa

    Well-known member

  • එහෙනං ඒක කියවලා දැනුමක් ගනින්. එල බ්ලොග් එකක් ඕක. එයාගේ තව බ්ලොග් එකක් තියෙනවා ඉකොනෝමැට්ටාගහේ සතපහ කියලා. ඒකත් බලපන් ඉන් ගමන්.

    http://emgesathapaha.blogspot.com/

    :cool:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    සංස්ථාවේ ඉන්න රතු සහෝදරවරුන්ට පුකට පයින් දෙකක් දීලා එලවලා දාලා ආමි එකට හරි නේවි එකට හරි ඔය වැඩේ කරගෙන යන්න දුන්න නම් ජිවිතේට ස්ට්‍රයික් එකක් එන්නෙ නෑ. කන්න නැතුව මළත් රුපියලකින් වත් පඩි වැඩි කරන්න ඉල්ලන්නෙ නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • සංස්ථාවේ ඉන්න රතු සහෝදරවරුන්ට පුකට පයින් දෙකක් දීලා එලවලා දාලා ආමි එකට හරි නේවි එකට හරි ඔය වැඩේ කරගෙන යන්න දුන්න නම් ජිවිතේට ස්ට්‍රයික් එකක් එන්නෙ නෑ. කන්න නැතුව මළත් රුපියලකින් වත් පඩි වැඩි කරන්න ඉල්ලන්නෙ නෑ.

    :D