ඛනිජ තෙල් වර්ජනය නිමයි
ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති වරයා අතර පැවති සාකච්ඡා සාර්ථකව නිම වී ඇති අතර ලබන සෙනසුරාදා (29) අත්සන් කිරීමට නියමිතව තිබූ හම්බන්තොට වරාය බදු දීමට අදාළ ගිවිසුම අත්සන් කිරීම කල් දැමීමටද ආණ්ඩුවට තීරණය කර ඇත.
ලබන අඟහරුවාදා (අගොස්තු 01) දින ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවට තවත් විශේෂ සාකච්ඡාවක් ලබා දී ඇති අතර ඒ සඳහා ආණ්ඩුව නියෝජනය කරමින් ඛනිජතෙල් ඇමතිවරයා, වරාය ඇමතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත ය.
වත්මන් ගිවිසුම රටට සුභදායි ලෙසත් ඛනිජ තෙල් සේවකයන්ගේ යෝජනා අනුවත් සකස් කිරීමටත් තීරණය වී ඇත.
ඒ අනුව ලබන අඟහරුවාදා දෙපාර්ශවයම රැස්වී අදාළ සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ එම එකඟතාවයන් අනුව තීරණාත්මකව සටන ජය ගත් ඛනිජ තෙල් වෘත්තීය සමිති සේවකයෝ තාවකාලිකව වැඩවර්ජනය නතර කිරීමටද තීරණය කර ඇත.
ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් එහි කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.