පින් කොට ප්‍රාර්ථනාවක් කරන්නහු විසින් නුවණින් එය කළ යුතු ය. සමහර විට නො මනා ප්‍රාර්ථනාවලින් තමාට පමණක් නොව අනුන්ට ද විපත් වේ. පෙර ලක්දිව අනුරාධපුරයේ විසූ ඒක දැරියක් චෛත්‍යයෙහි මල් පුදා “මේ පිනින් මම රූ ඇත්තියන්ගෙන් අග්‍ර වෙම්වා, ළහිරු මඩලෙන් මෙන් මාගේ ශරීරයෙන් රැස් විහිදේවා, මා දක්නා හැම පුරුෂයෝ ම කාමයෙන් මත් වෙත්වා, කිඳුරන් ගේ නාදය බඳු මිහිරි කට හඬ මට ඇති වේවා” යි ප්‍රාර්ථනා කළා ය. මේ ප්‍රාර්ථනාවෙන් ඇය ලැබූ රූප සම්පත්තිය නිසා රටවල් පසක රජවරුන් පස් දෙනකුන්ට සිය දිවි නසා ගන්නට සිදු විය. තරුණයන් පන්සිය දෙනකුන්ට උගැන්වීම කරමින් විසූ උද්දාල නම් බ්‍රාහ්මණ පණ්ඩිතයාට ද සිය දිවි නසා ගන්නට සිදු විය. උද්දාල බ්‍රාහ්මණයා ගේ ශිෂ්‍යයන් විසින් ඈ ද මරවනු ලැබුවා ය. මෙහි විස්තරය රසවාහිණියේ ස්වර්ණ තිලකා වස්තුවෙන් බලා ගත යුතු.
බොහෝ භවභෝග සම්පත් පතන්නවුන්ට ද සංසාරය දික් වේ. සසර කොට කර ගැනීමට නම් පිනක් කළ කල්හි මේ පින් බලයෙන් ඉක්මනින් නිවනට පැමිණෙන්නට ලැබේවා යි පැතිය යුතු."
https://dhamma.lk.ingreesi.com/2020/10/967.html
1) ඉල්ලුවට පමනක් ලබෙන්නේ නෑහ, එකට අවශ්ය කුසල ශක්තියක් ඊට අදාල පිනේන් සකස් වෙන්න ඔනි. එ වගේම පින පල දෙන්න අවශ්ය පසු බිමක් සකස් වෙන්න ඔනි. උදාහරනයක් ලෙස කෙනෙක් පිනක් කරල යමක්
ප්‍රාර්ථනාවක් කරන්වා. ඊත් ඔහු මරනින් පසු අපාගත වෙනවා. කල්ප ගානක් අපයෙ. ඉතින් අර පින පල දෙන්න සුදුසු වටපිටාවක් අපයෙ නෑති නිස පින පල දෙන්නේ නෑහ. අපයෙන් ගොඩට අවිත් මනුශ්ය ආත්මයක් ලබල , පින පල දෙන්න සුදුසු වටපිටාවක් ලබුනම එක පල දෙන්න පුලුවන්
2) # ප්‍රාර්ථනා ඉටුවීමට අවශ්‍ය කරුණු හා ප්‍රාර්ථනා ...
උදා: "
ප්‍රාර්ථනා සිද්ධියට සිල්වත් බව විශේෂයෙන් වුවමනාය. එබැවින් “ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා - පෙ- තඤ්ච ඛො සීලවතො වදාමි නො දුස්සීලස්ස” යනුවෙන් “මහණෙනි, සිල්වතා ගේ ප්‍රාර්ථනාව විසුද්ධ නිසා සිද්ධ වන්නේය. ඒ ප්‍රාර්ථනා සිද්ධිය සිල්වතා ගැන කියමි. දුශ්ශීලයා ගැන නො කියමි” යි අංගුත්තර අට්ඨක නිපාතයේ වදාරා තිබේ. දුශ්ශීලයන්ගේ ප්‍රාර්ථනා ද සර්වාකාරයෙන් සිදු නො වන්නේ නොවේ. සමහරවිට සිදුවෙයි. එහි සිද්ධිය අනියත ය. සිද්ධ වූව ද සිල්වතාට මෙන් දීප්තිමත්ව පුණ්‍යඵලය නො ලැබේ.
ශීලයෙහි පිහිටා කරන කුශලය මහත්ඵල යයි කියා ඇති බැවින් පින්කම් කිරීමට පූර්වභාගයෙහි බෞද්ධයෝ පන්සිල් ගනිති. එහෙත් ඒ ගන්නා පඤ්ච ශීලය පින මහත් ඵල වීමට ප්‍රමාණවත් වෙතැයි නො කිය හැකිය. පින මහත්ඵල වීමට නම් කවදත් පඤ්ච දුශ්චරිතයෙන් වැළකී සිල්වත්ව සිටිය යුතුය. දුසිල් බවය කියනුයේ ප්‍රාණඝාතාදී පව්කම් කිරීම ය. සිල්වත් බවය කියනුයේ ඒවායින් වැළකී සිටීම ය. පව්වලින් වැළකී සිටීමක් නැතිව නිකම් ම පන්සිල් සමාදන් වීමෙන් සිල්වත් නොවේ. දුශ්ශීලයාට ප්‍රාර්ථනා සිද්ධිය අනියතය යයි කියනුයේ කළ පව්කම් වලින් ඔහු අපායට ගියාම පිනට ඔහුගේ ප්‍රාර්ථනාව සිදුකරන්නට අවස්ථාවක් ඇති නො වන බැවිනි. මෙතේ බුදුන් දැක නිවන් දැකීමට කොතෙකුත් ප්‍රාර්ථනා කර තිබුණ ද පව්කම් කොට ඒ කාලයේ අපායෙහි සිටිය හොත් මෙතේ බුදුන් දැක බණ අසන්නට නො ලැබේ. නිවන් දැකීම ගැන කවර කථා ද?
ඇතැම් අවියත් ධර්ම කථිකයෝ “අප්පමත්තකම්පි භවං න වණ්ණෙමි. අන්තමසො අච්ඡරාසංඝාතමත්තම්පි” යන පාඨය දක්වමින් භවය නො පැතිය යුතුය කියා පින් කරන ජනයා නොමඟ යවති.
භවය නො පැතිය යුතුය කියා බුදුරදුන් වදාරා නැත. භවය නො පතා සිටීමෙන් මරණින් මතු කිසිම භවයක නූපදිනවා නම් හොඳය.
නො පැතුව ද රහත් නො වූ පුද්ගලයා මරණින් මතු කොතැනක හෝ උපදී.
එසේ උපදින තැනැත්තා විසින් තමාට නිවන් මඟ පාදා ගැනීමට උපකාර වන යහපත් තැනක් පතා එහි උපදින තැනට කටයුතු සලසා ගත යුතුය. එසේ නො කොට සුගතියෙහි වුව ද පිනට අනවකාශ තැනක උපන හොත් ඔහුට වඩාත් නිවන දුර වන්නේ ය.
ඒ නිසා නිවන් දකිනු රිසි පින්වතුන් විසින් පවින් තොරව වෙසෙමින් පින් කිරීමට ද ඉඩ ලැබෙන තැන් පැතිය යුතුය. මිනිස් ලොව උපාසකෝපාසිකාවන් ඇති, භික්ෂූන් වහන්සේ ඇති, දහම් අසන්න ලැබෙන ප්‍රදේශ ඉපදීමට සුදුසු ස්ථානයෝ ය.
පින් කිරීමට ඉතා හොඳ තැන මිනිස් ලොවය. එබැවින් නොයෙක් විට දිව්‍ය ලෝක බ්‍රහ්මලෝකවල උපන් බෝසත්හු ආයු ඇති තෙක් ඒවායේ නො සිට පෙරුම් පිරීම සඳහා මිනිස් ලොව උපදිති. මිනිස් ලොව පින් කිරීමට හොඳම තැන වුව ද පවින් වැළකී සිටීමට දුෂ්කර තැනකි. පව් කරන්නට සිදුවන නොයෙක් අවස්ථා මිනිසාට පැමිණේ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල පවින් වැළකී සිටීම පහසුය. ඔවුන්ට අපට මෙන්ම පව් කරන්නට වුවමනා අවස්ථා නො එළඹේ.
දෙවියන්ගේ ආයුෂ දික් බැවින් එදා බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් ආදී මගඵල වලට පැමිණි දෙවියෝ අදත් එහි ජීවත්ව ඇත. ඔවුන් හා එක්වන්නට ලැබීම ඉතා යහපතකි.
එබැවින් දෙව්ලොව ඉපදීමට පැතීම ද යහපත් බව කිව යුතුය."
------
Post added on Apr 18, 2024 at 3:57 AM