ගංජා වවන්න රාජිත අවසර ඉල්ලයි...
ආයුර්වේද ඔෟෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කංසා ශ්‍රී ලංකාව තුළම වගා කිරීමට උචිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක සභාවේ සාමාජිකයන් තමාහට දැනුම් දුන් බවද ඒ අනුව ඒ සඳහා ඉදිරියේදී අවශ්‍ය කටයුතු යොදන බවද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
ආයුර්වේද ඔෟෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාකිරීම තුළින් විදේශ විනිමය ලබාගත හැකි බවද ලොව රාජ්‍යයන් රැසක් වර්තමානය වන විට ඔෟෂධ සඳහා කංසා වගා කරන බවද ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී ලංකාව තුළද ඔෟෂධ නිෂ්පාදනය වෙනුවෙන් කංසා වගා කිරීමට ව්‍යාපෘතියක් යෝජනා කර එය අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට යොමුකර ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
වසර 2020 සිට ශ්‍රී ලංකාව තුළ දුම්කොළ වගා කිරීම තහනම් කිරීම හේතුවෙන් එයින් අපහසුතාවට පත්වන ගොවි ජනතාවටද ආයුර්වේද ඔෟෂධ වගා කිරීම කෙරෙහි යොමු කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
එසේ වගා කරන නිෂ්පාදන සියල්ල ආයුර්වේද ඔෟෂධ සංස්ථාව මඟින් මිලදී ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි. ada mawbima