මේව ගැන කියනව නම් මට කියන්න 1000ක් දේවල් තියෙනව බං. අපේ පැත්තෙ පන්සල් දෙකයි තියෙන්නෙ දෙකේම ගෑණු හුටපට, ඒ විතරක් නෙමෙයි මිනිස්සු දෙන සල්ලි හොරගෑණුන්ට වියදම් කරනව. පන්සලට ලැබෙන සල්ලි වලින් වාහන ගන්නව ඒව හයර් දුවනව. පට්ට සීන් බං.
මේවට මොනව කරන්නද කියල හිතාගන්න බෑ බං. හරිනම් පන්සලකින් වෙන්න ඕන, පන්සලට ලැබෙන සල්ලි වියදමට අරගෙන ඉතුරුවෙන දේවල් දුප්පත් මිනිස්සුන්ට බෙදන එක.
මම මේ ළඟදිත් යාලුවෙක්ගෙ දානෙ ගෙදරක ගිහිල්ල ගාල්ලෙ ප්රසිද්ධ පන්සලක හාමුදුරුවො වඩම්මන්න යන්න වුණා මගේ කාර් එකෙන්. එහේ වාහන මුකුත් හොයාගන්න බැරුව හදිස්සියට මට යන්න උනේ, වාහනෙ හරියට ක්ලීන් කරල තිබ්බෙ නෑ බං මම එහෙම ගමනකට ලෑස්ති වෙලා ආවෙ නැති නිසා. සීට් එකේ අනං මනං තිබ්බ. ඉතිං පන්සලට ගිහිල්ල හාමුදුරුවො එක්ක ආවම එයා මාර විදියට අදිමදි කරේ බං. මේක පිහිදාන්න කියල පට්ටම ලයින් එකෙන් කිව්වෙ. මාත් ඉතිං ඉවසගෙන සීට් එක එතැන තියන්ම පිහිදැම්ම හොඳට(එහෙම නගින්න තරම් ජරාවෙලා තිබ්බෙ නෑ බං, රජකජු කාල ඕවගෙ පොතු වගයක් වැදිල තිබ්බ සීට් එකේ). මම ඒ හාමුදුරුවො හොඳට නෝටිස් කරගෙන හිටියෙ, එතැන ගිහිල්ල ලොකු හාමුදුරුවො බණ කියද්දිත් මෙයා ෆෝන් එක ඔබ ඔබ ඉන්නව. මට එදා මාර කලකිරීමක් ඇතිවුණේ.
ඔය වගේ සීන් තියෙනව බං කියනවනම් ඕන තරම්. ඒත් අපි සිවුරට ගරු කරන්න ඕන ඒක දාගෙන ඉන්න පුද්ගලයට නෙමෙයි. ඒත් මේව මෙහෙම වෙන්න දීල බලං ඉන්නත් බෑ බං
aniwa
) කියපු මෙන්න මේ දේට.

