ගංවතුරේ ඔරු පදිමු

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    අවුරුද්දකට වරක්‌ හෝ දෙ වරක්‌ අපේ ගම ගංවතුරෙන්‌ යට වෙයි. ගඟ ඉහත්තාවට මහ වැසි ඇද හැලුණු විට අපේ ගම හරියේ දී ගඟ උතුරා ගොස්‌ පහත්‌ බිම්‌ යට වෙයි.
    තාත්තා අපේ අඟුල දියත්‌ කරන්නේ මහ ගංවතුරක දී පමණ ය. එදා අඟුල දියත්‌ කළේ තාත්තා නො ව මාමා ය. අඟුල දියත් කොට කොල්ලෑව සවිමත්‌ ලෙස බැන්ද මාමා හබල ද අතට ගත්තේ ය. මාමා ඔරු පැදීමෙහි ශූරයකු බව කවුරුත්‌ දනිති. මාමා අඟුල සූදානම්‌ කර හමාර වන විට අයියාත්‌, සුමතින්‌, මාමාගේ තවත්‌ මිතුරකුත්‌, මමත්‌ අඟුල නැඟී "සිටියෙමු. අඟුල ලොකු එකක්‌ වූ හෙයින්‌ සියලු දෙනාගේ බර උසුලා යෑමට එයට හැකි විය.
    මාමා හබල අතට ගත්තේ ය. මාමාගේ මිතුරා දිග රිටක්‌ අතට ගත්තේ ය. හබල ගොඩ පළුරකට තබා තදින්‌ අල්ලා අඟුල හරවා ගත්‌ මාමා එය දියඹට පැද ගියේ ය.
    වෙල්යාය එක ම සාගරයකි. ඉඳහිට වෙලේ තිබුණු උස පන්‌ ගසක මල්‌ සහිත අගිස්සක්‌ ජලයෙන්‌ ඉහළට එසවී මතු වී තිබුණේය. ඒ හැර ගං වතුරේ පා වෙමින්‌ තිබුණු කොළ රොඩු වැනි දේ හැරෙන්නට තිබුණේ බොර පාට වතුර පමණ ය.
    අපේ ගොඩ මංඩිය අයින දිගේ පැද ගිය ඔරුව එක්‌ තැනක දී ජලය හරහා ඊළඟ ගොඩ මංඩිය කරා ගෙන යෑමට මාමාත්‌, මාමාගේ මිතුරාත්‌ මහත්‌ වෙහෙසක්‌ ගත්හ. ඒ ගමනේ දී ගංවතුරේ පාවී ආ කොළ, රොඩු, දර අතු, ලී කොටන්‌ වැනි නොයෙකුත්‌ දේ අපට හමු විය.
    එසේ පාවී ආ දේ අතර ඉඳහිට අපට හමු වූ පොල්‌ ගෙඩියක්‌, දෙකක්‌ දුටු විට අපි ඒවා එකතු කර අඟුල තුළට දමා ගත්තෙමු. ගංවතුරේ පාවී එන පොල්‌ ගෙඩියක්‌ වැනි යමක්‌ එසේ එකතු කිරීම අපට විනෝදයක්‌ විය.
    විටෙක අපි අඟුල මත දැමූ ලෑලි මත නැඟිට ගෙන ගියෙමු. තවත්‌ විටෙක .අපි ඒ මත වාඩි වී ගෙන ගියෙමු. ගොඩ මංඩියක්‌ අද්දරින්‌ යන විට හමු වන ළැහැබ්වල නොයෙක්‌ මල්‌ ජාති ගෙඩි ජාති ඇත. වතුරට නැමුණු මිදෙල්ල ගසක අතුවල එල්ලෙන රතුපාට මල්වැල්‌ අලංකාර සැරසිල්ලක්‌ වැනි විය. මිදෙල්ල මල්‌ වැල්වල ඉහළ කෙළවර ඇති මල්‌ "හොඳින්‌ පිපී ඇත. පහළ කෙළවර ඇත්තේ පිපී ගෙන එන මොට්ටු ය. අපි මිදෙල්ල මල්‌ වැල් කඩා ගෙන වතුරට දමමින්‌ සෙල්ලම්‌ කළෙමු.
    අභුලේ ලෑලි මත වාඩි වී අත් පා වතුරේ දමමින්‌ මල්‌ වැල්‌ සමභ අපි සෙල්ලම්‌ කළෙමු. අයියාත්‌, සුමතිත්‌, මාත් සෙල්ලම්‌ කරද්දී, මාමාත්‌ මාමාගේ මිතුරාත්‌ අඟුල පදිති. අඟුල යන දිසාව දන්නේ මාමා සහ ඔහුගේ මිතුරා ය.
    හිටි හැටියේ ම අඟුල එක්‌ ළැහැබක්‌ අසලට ඇදී ගියේ ය. අපි මාමා දෙස බැලුවෙමු. මාමා අඟුල පදින්නේ ඒ අසල ඇති පොල්‌ ගසක්‌ දෙසට ය. පොල්‌ ගස එතරම්‌ උස නැත. එය ළැහැබ තුළ ඉහළට මතු වී ඇත. ගසෙන්‌ වැඩි කොටසක්‌ ගංවතුරෙන්‌ යට වී ඇත. ගස ළභට අඟුල ළං වූ විට එහි ඇති ගෙඩි අතින්‌ කඩා ගන්නට පුළුවන.
    “අන්න හොඳයි. අපට වෑවර කන්න පුළුවන්‌”අයියා කෑ ගැසුවේ ය.
    “ඒයි, කෑගහන්න එපා” මාමාගේ විධානයෙන්‌ අපි නිශ්ශබ්ද වීමු.
    මාමා අඟුල නතර කරගෙන සිටිද්දී මාමාගේ මිතුරා වෑවර ගෙඩි පහක්‌ කඩා අඟුල තුළට දමා ගත්තේ ය. හෙමින්‌ හෙමින්‌ :අඟුල එතැනින්‌ මෑතට ගත්‌ මාමා නැවත ගොඩ අයින දිගේ එය ඉදිරියට පදවා ගෙන ආවේ ය.මාමා, හබලෙන්‌ අඟුල පදිද්දී මාමාගේ මිතුරා සිය ඉනේ ගසා හෙන සිටි පිහියක්‌ එළියට ගෙන ලෑලි මත වාඩි " වී වෑවර කපන්නට පටන්‌ ගත්තේ ය. වෑවර එකින්‌ එක තැබූ ඔහු ඒවා සිදුරු කර අප එක එක්කෙනා අතට දුන්නේ ය.
    වෑවර ගෙඩියේ වතුරෙන්‌ අපේ බඩ කොට්ට මෙන්‌ පිම්බී පිරුණේ ය. වතුර බී හමාර කළ පසු හිස්‌ වෑවර ගෙඩිය අඟුල්‌ කඳේ ම ගසා පළා දුන්නේ ද මාමාගේ මිතුරා ය. ඔහු එයට කදිම හපනෙක්‌ විය. අපි වෑවර ටික ද සූරා ගෙන කා හිස්‌ කෝම්බ පළු දෙක වතුරට ම වීසි කළෙමු.
    ''ඒයි ඕවා වතුරට දමන්න එපා. ඕවාට කූඩැල්ලො ඇල්ලුවා ම උඹලාගේ බඩ රිදෙන්න ගන්නවා” යි මාමා අපට අවවාද දෙන විට අප වෑචර කා ඉතිරි වුණු හිස්‌ බෑ ගංවතුරට දමා හමාර ය.

    පැරණි 4 ශ්‍රේණි සිංහල පෙළ පොතකින්
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,199
    2,396
    113
    Srilanka
    අඩෝ... තව ඔහොම එකක් තිබ්බා ලී කොට අරන් පාරුවක මොරටුවට එන එක ගැන කතාවක්. මාර ආසාවෙන් හිටිය ඒ කාලේ එහෙම පාරුවක යන්න.