ගංවතුර අස්සේ සුළි සුළං

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ගංවතුර අස්සේ සුළි සුළං

රටම යටකරගෙන අමුතු ගංවතුරක් එයි
223.jpg

IMG_4605.jpg

IMG_4621.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
සෝමාවතිය යටවේ
ගල්ලෑල්ලෙත් ගංවතුර
2014 දෙසැම්බර් මස 20 08:05:14 | ක.ග කරුණාරත්න

දින හයක සිට පොලොන්නරුවට පවතින මහ වැසි සමග සෝමාවතිය පෙදෙසද, පොලොන්නරුව, මනම්පිටිය පාරේ ගල් ලෑල්ලද ගං වතුරෙන් යට වී ඇත.
කවුඩුල්ල ජලාශයේ සහ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අඩි 3 බැගින් විවෘත කර ඇත.
සෝමාවතිය වදින්නට ගිය 750 ක් පමණ පිරිස එහි කොටු වී ඇත.
මාස් කන්නයේ අක්කර 7500 ක් පැල ගොයම ගං වතුරින් යටවී ඇත.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ගල්ගමුවටත් ගංවතුර
2014 දෙසැම්බර් මස 20 11:52:11 | . , සංජීව රත්නායක

දැලිගම වැව, මොන්නම්කුලම වැව, මැද ගම පරණ පාරේ වැව, කැලේ ගම වැව පිටාර ගැලීමෙන් ගල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගොජරාගම , මොන්නන්කුලම,මීගස් හන්දියේ නිවස30ක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනකරණ මධ්‍යස්ථානය කියයි.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
දඹුල්ලත් යටවේ
2014 දෙසැම්බර් මස 20 11:06:28 | කාංචන කුමාර ආරියදාස

දඹුල්ල ඇතුළු ප්‍රදේශ රැසකට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් දේවහූව. රෑමැඩිල්ල, බෝවතැන්න, ඇතුළු ලොකු කුඩා වැව් රැසක් වාන් දැමීම නිසා අඹන් ගඟ හා දඹුල්ල ඇටෝරා වැව හේන ඇළ පිටාර ගැලීමෙන් පහත් බීම් හා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් කළමනකරණ මධ්‍යස්ථානය කියයි. මේ හේතුවෙන් ගම්මාන රැසක වැසියෝ ජලයට කොටු වී අවතැන්නව සිටිති. රත්තොට නිකලොය ප්‍රදේශයේ පාලමක් කැඩී යාමෙන් ගම්මාන හතර වැසියන් ද අවතැන්ව ඇතැයි වාර්තාවෙයි.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
කන්තලෙත් ගංවතුර
2014 දෙසැම්බර් මස 20 10:19:00 | . , ආර්.ජී ධර්මදාස

කන්තලේ වැව, පේරමඩුව වැව, වාන් ඇළ හා හිරුගල් ආරු පිරී ඉතිරී දෙගොඩ තලා යාම නිසා ගම් රැසක් ගංවතුරෙන් යටවී ඇත.
කන්තලේ වැවේද වාන් දොරටු අඩි 3 බැගින් උස්සා ඇත.
මාර්ග කිහිපයක ගමනාගමනය අඩාල විය.
ගංවතුරින් අවට ගම් 8 ක්ද යටවී ඇතැයි වාර්ථා
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
අනුරාධපුර වැවත් කැඩෙන ලකුණු
වැසියන්ට අනතුරු අඟවයි
2014 දෙසැම්බර් මස 20 10:12:34 | රෝහණ චන්ද්‍රදාස , අතුල බණ්ඩාර

අනුරාධපුරයේ සතිපොල අසල කුම්බිච්චම්කුලම් වැව පිරී ඉතිරී යාම නිසා වැව කැඩී යාමේ තර්ජනයක් ඇතැයි නාගරික කොමසාරිස් අනතුරු ඇඟවීය.
අවට වැසියනට අනතුරු අඟවා ඇත්තේ දැඩි සෝදිසියෙන් සිටින ලෙසයි.
මල්වතු ඔයද පිටාර ගැලීමෙන් ෆ්‍රීඩම් මාවත, දහියියාව ඇතුලු පෙදෙස් යට විය.
2011 වසරේදී මෙහි ජල ගැල්මක් පැවති බව වැසියෝ කියති.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
පොලොන්නරුවේ ගංවතුර තවත් වැඩිවේ
2014 දෙසැම්බර් මස 20 10:05:55 | රෝහණ චන්ද්‍රදාස

අම්බලම වැව පිටාර ගැලීමෙන් මාර්ග කිහිපයක් යට විය. ජල මට්ටම තවත් වැඩිවන ලකුණු දක්නට ඇත.
කන්ඩලම වැවත් පිටාර ගලා ඇත.
පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අඩි 8 ක් ඉස්සීම නිසා පොලොන්නරුව අඹන්පිටිය මුලුමනින් යටවී වාහන ගමනාගමනය මුලුමනින්ම නතර විය.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
පුත්තලමෙත් 2000 ක් අවතැන්
2014 දෙසැම්බර් මස 20 08:48:30 | . , හිරාන් ප්‍රියංකර

ඉගිනිමිටිය හා තබ්බෝව වාන් දැමීමත් සමග කුඩා වැව් රැසක් පිරී ඉතිරී යාම නිසා පුත්තලමේ තැනින් තැන යටවී ඇත.
මේ වන විට පුත්තලමේ පවුල් 2000 ක් පමණ මේ වන විට අවතැන් වී සිටියි.
පුත්තලමට දින කිහිපයක් තිස්සේ තද වැසි පවතී.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ත්‍රිමලයටත් ගංවතුර
2014 දෙසැම්බර් මස 20 11:15:08 | . , ආර්.ජී. ධර්මදාස, ඡායාරූප- අමදෝරු අමරජීව

ත්‍රිකුණාමලය, සේරුවාවිල, කින්නියා, මූතූර්, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
පරාක්‍රම සමුද්‍රය සහ මින්නේරි වැවේ වාන් දොරටු විවෘත කිරීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ.