ගග්ගරා රැජිනගේ වැව ලෝකයේ වාර්තාවන පැරණිම වැව ද?

hpalpola

Well-known member
  • ගග්ගරා රැජිනගේ වැව ලෝකයේ වාර්තාවන පැරණිම වැව ද?

    ජල සම්පාදනය ශ්‍රී ලංකාවට පමණක් අයිති නොවන ලෝකය පුරාම පැවැති ක්‍රමවේදයකි. කෘෂිකර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ජල සම්පාදනය අත්‍යවශ්‍ය විය. ලංකාවේ දී පණ්ඩුකාභය රජු ආශ්‍රයෙන් පළමු වන වැව වාර්තා වේ. අදටත් ඒ වැවේ වතුර අපේ ප්‍රයෝජනයට ගත හැක. කෙසේවෙතත් මේ වැව ලෝකයේ පැරණිම වැව ද?

    බුදුරජාණන්වහන්සේ පණ්ඩුකාභයට පෙර ජීවත් වූවෙකි. සාමාන්‍යයෙන් පණ්ඩුකාභයට වසර 100 - 200 කට පමණ පෙර බුදුරජාණන්වහන්සේ ජීවත් ව තිබේ. බුද්ධ කාලයේ දී චම්පා නුවර ජනප්‍රිය නගරයක් ව තිබිණි. චම්පා නම ගොඩ නැගී ඇත්තේ ඒ ප්‍රදේශයේ තිබූ චම්පක නම් මල්ගස් නිසා බව කියයි. ලංකාවේත් මේ ‘චම්පක‘ නම ඇත්තෝ අදත් වෙති. චම්පක මලින් ප්‍රසන්න සුවඳක් හමයි. අදටත් බුදුන් පුදට චම්පක මල් පූජා කිරීමට මා ද ඇතුළු බොහෝ දෙනා ප්‍රිය ය. බුදුරජාණන්වහන්සේ චම්පා නුවරට වැඩි ගමන් විස්තර ගැන ත්‍රිපිටකයේ එතරම් සඳහන් නොවුනත් චම්පා නුවර සිට දේශනා කළ සූත්‍ර කීපයක් ම ත්‍රිපිටකයේ වාර්තා වී තිබේ. එයින් එක් සූත්‍රයක් මේ ලිපියේ අවසානයේ උපුටා දක්වන්නේ ඔබගේ දැන ගැනීමට ය.

    බුදුරජාණන්වහන්සේ, අද උතුරු ඉන්දියාවේ පිහිටා ඇති චම්පා නුවරට වැඩි අවස්ථාවලදී බොහෝ විට වාසය කිරීමට තෝරා ගෙන තිබුනේ ‘ගග්ගරා‘ වැව් (පොකුණු) බැම්මයි. එවකට එහි නෙළුම් මල් දහස් ගණනින් පිපී, සුවඳවත්ව තිබූ බව කියැ වේ. එසේම අවට තිබූ චම්පක ගස්වල පිරී තිබූ චම්පක මල් සුවඳ ද පැතිරී තිබී තිබේ. එවැනි සෞන්දර්යාත්මක ස්ථානයක කාලය ගෙවීමට ප්‍රිය නොවන්නේ කවුරුන් ද?

    මේ ගග්ගරා වැව, එනමින් ම වූ රැජිනක් විසින් කරවූ බව සඳහන් ය. ඇගේ නම, වැවට ද ලැබී තිබේ. ගග්ගරා වැව් බැම්මේ වැඩ වසමින් දහස් ගණන් භික්ෂු, උපාසක ගණයාට බුදුරජාණන්වහන්සේ ධර්ම දේශනා කර ඇත. අද මේ ස්ථානය ජනප්‍රිය ව ඇත්තේ Sarovana Talarb ලෙසිනි. 1900 දී පමණ ප්‍රතිශංස්කරණය කිරීමේ දී බුදුරජාණන්වහන්සේට අදාළ පුරාවස්තුන් හමුව ඇති බව කියතත් මේ වන විට ඊට සිදු ව ඇත්තේ කුමක් දැයි සොයා ගැනීමට නොහැකි වී තිබේ.

    මේ වැව, බුද්ධ කාලයට දිව යන වැවකි. අදටත් පවතී. පහතින් උපුටා දක්වන සූත්‍රයේදී ‘පොකුණ‘ ලෙසින් භාවිතා වී ඇති ආකාරය ඔබට දැකිය හැක. නමුත් එය පොකුණක් නොවේ. ඒ බව අද එහි ගිය විට ඔබට ම දැක ගත හැක. සමහරක්විට අභය වැවටත් වඩා විශාල විය හැක. එදා මේ වැව මිනිසුන් විසින් හදා ඇත්තේ ප්‍රයෝජනය සඳහා ය. මෙනිසාවෙනි මා කීවේ ජල සම්පාදනය ශ්‍රී ලංකාවට පමණක් අයිති නොවන ලෝකය පුරාම පැවැති ක්‍රමවේදයක් බව. අනෙක් අතට එය පණ්ඩුකාභය රජුගේ වැවට වඩා පැරණි ය.

    සූත්‍ර විස්තරය - අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහායඤ්ඤ වග්ගයේ ඇතුළත් වම්පෙය්‍යක දානානිසංස සූත්‍රය.

    “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චම්පා නගරය සමිපයෙහිවු ගර්‍ගරා පොකුණු තෙර වැඩ වසණ සේක. එකල්හි බොහෝ චම්පා නගර වැසි උපාසකවරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටියාවූ චම්පා නගර වැසි උපාසකවරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය සැළ කළහ.

    “ස්වාමිනි, ශාරීපුත්‍රයන් වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් දැහැමි කථාවක් අසා බොහෝ කල් වෙමු. ස්වාමිනි, අපි භාග්‍යවතුන් වහන්සේ සමිපයෙහි දැහැමි කථාවක් අසමු නම් ඉතා යහපති.”

    “එසේ නම් ඇවැත්නි, පැමිණ සිටි උපෝසථ දිනයෙහි පැමිනෙනු මැනවි. භාග්‍යවතුන් වහන්සේ සමිපයෙන් දැහැමි කථාවක් ඇසීම ඉතා යහපති.”

    “එසේය ස්වාමිනි,” යි ඒ චම්පා නගර වැසි උපාසකවරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිතුරු දී, අසුන්වලින් නැගිට, උන්වහන්සේට වැඳ, පැදකුණු කොට ගියහ.

    “ඉක්බිති ඒ චම්පා නගර වැසි උපාසකවරු පැමිණ සිටි උපෝසථ දිනයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහ. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඒ චම්පා නගර වැසි උපාසකවරුන් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්හ. එකත්පසෙක සිටියාවූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

    “ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවූ දානයක් දෙන ලද්දේ මහත් ඵල නොවුයේ වන්නේද, මහානිශංස නොවූයේ වන්නේද, ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවූ දානයක් දෙන ලද්දේ මහත්ඵල වූයේ වන්නේද, මහානිශංස වූයේ වන්නේද?”

    “ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල නොවූයේ, මහානිශංස නොවූයේ වන්නේය. ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල වූයේ, මහානිශංස වූයේ වන්නේය.” “ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල නොවූයේ, මහානිශංස නොවූයේ ස්වාමීනි, එයට හේතු කවරේද? එයට ප්‍රත්‍යය කවරේද? ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල වූයේ, මහානිශංස වූයේ ස්වාමීනි, එයට හේතු කවරේද? එයට ප්‍රත්‍යය කවරේද?”

    “ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් බලාපොරොත්තු සහිතව දන් දෙයි. ඇලුනු සිතැතිව දන්දෙයි. රැස්කිරීම් සිතැතිව දන් දෙයි. මෙය පරලොවදී අනුභව කරන්නෙමියි දන් දෙයි. හෙතෙම ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල්-සුවඳ-විලවුන්, නිදන දේ, ගෘහ පහන් යන මෙයින් ඒ දානය දෙයි. ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් මෙබඳුවු දන් දෙන්නේය. එය කුමකැයි සිතන්නෙහිද?” “එසේය ස්වාමිනි.”

    “ශාරීපුත්‍රය, එහි යමෙක් බලාපොරොත්තු ඇතිව දන් දෙයි. ඇළුනු සිතැතිව දන් දෙයි. රැස් කිරීම් සිතැතිව දන් දෙයි. මෙය පරලොවදී අනුභව කරන්නෙමියි දන් දෙයි. හෙතෙම ඒ දානය දි, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් අතර උපදියි. හෙතෙම ඒ කර්‍මය, ඒ ඎද්ධිය, ඒ යශස, ඒ අධිපති භාවය ගෙවා මෙලොවට එන සුළුවූයේ වෙයි.

    “ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් බලාපොරොත්තු සහිතව දන් නොම දෙයි. ඇළුනු සිතැතිව දන් නොම දෙයි. රැස් කිරීම් සිතැතිව දන් නොම දෙයි. මෙය පරලොවදී අනුභව කරන්නෙමියි දන් නොම දෙයි. එසේ නමුදු දානය යහපත්යයි දන් දෙයි. නැවතද වනාහි පිය, මුතු, මි මුතුන් විසින් පෙර දෙන ලද්දේය. පෙර කරණ ලද්දේය. කුල වංශය පුරාණ දේ අත් හරින්ට නුසුදුසු වෙමියි දන් දෙයි. පිය, මි මුතුන් විසින් පෙර දෙන ලද්දේ නොවේ. කරණ ලද්දේ නොවේ. කුල වංශය අත් හරින්ට නුසුදුස්සෙමියි දන් දෙයි.

    “නැවතද වනාහි ‘මම පිසමි. මොවුහු නොපිසිත්. පිසන්නා නොපිසන්නට නොදීම නුසුදුසුය’ යි (සිතා) දන් දෙයි. “මම ද නොපිසමි. මොවුහුද නොපිසිත්. පිසන්නා නොපිසන්නන්ට නොදීම නුසුදුසුය’ යි දන් දෙයි. නැවතද වනාහි යම්සේ ඔවුන්ගේ පෙර ඎෂීන්ගේ මහා යාගයෝ වූහ. ඒ කෙසේද? අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරවාජ, වාසෙට්ඨ, කස්සප යන මොවුන්ගේය. මෙසේ මාගේ මේ දාන සංවිභාගය වන්නේයයි දන් දෙයි. යම් සේ ඔවුන්ගේ පෙර ඎෂීන්ගේ මහා යාගයෝ නොවූහ. ඒ කෙසේද? නැවතද වනාහි යම්සේ ඔවුන්ගේ පෙර ඎෂීන්ගේ මහා යාගයෝ වූහ. ඒ කෙසේද? අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරවාජ, වාසෙට්ඨ, කස්සප යන මොවුන්ගේය. නැවතද වනාහි මාගේ මේ දානය දෙනුයේ සිත පහදියි. සතුටුවීමෙන් සොම්නස උපදියයි දන් දෙයි. මේ දානය දීමෙන් සිත නොපහදියි. නොසතුටු වීමෙන් සොම්නස උපදීයයි දන් දෙයි.

    “නැවතද චිත්තාලංකාරය පිණිස සිතට වුවමනා දේ පිණිස යයි දන් දෙයි. හෙතෙම පැවිද්දෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාර පාන, වස්ත්‍ර, යාන, මල් සුවඳ විලවුන්, නිදන දේ, ගෘහ, පහන් යන මෙයින් ඒ දානය දෙයි. ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් මෙබඳුවූ දන් දෙන්නේය. එය කුමකැයි සිතන්නෙහිද?”

    “එසේය, ස්වාමිනි. යම් ඒ කෙනෙක් බලාපොරොත්තු නැතිව දන් දෙයි. ඇළුන සිත් නැතිව දන් දෙයි. රැස්කිරීම් සිත් නැතිව දන් දෙයි. මෙය පරලොවදී අනුභව නොකරන්නෙමියි දන් දෙයි. දානය යහපත් නොවෙතැයි දන් දෙයි. පිය මි මුතුන් විසින් නොම දෙන ලද්දේය. නොම කරණ ලද්දේය. පුරාණ කුල වංශය අත් හරින්ට නොහැක්කෙමියි දන් දෙයි. මම නොපිසමි. මොවුහු නොපිසිත්. පිසන්නා නොපිසන්නන්ට නොදෙන්ට නුසුදුසුය’ යි දන් දෙයි. යම් සේ වුන්ගේ පූර්‍ව ඎෂීන්ගේ මහා යාගයෝ නොවූහ. ඒ කෙසේද, අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරවාජ, වාසෙට්ඨ, කස්සප, භගු යන මොවුන්ගේයි. මෙසේ මේ දානය මේ දාන සංවිභාගය වන්නේයයි දන් දෙයි. ‘මාගේ මේ දානය දෙන්නේ සිත නොපහදියි. සිත සතුටු නොවූයේ සොම්නස නොඋපදිය’ යි දන් දෙයි. එසේ නමුදු සිතේ අලංකාරය පිණිස, සිතට වුවමනා දේ පිණිස, දන් දෙයි. හෙතෙම ඒ දානය දී ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු බ්‍රහ්ම කායික දෙවියන් සමග උපදියි. හෙතෙම ඒ කර්‍මය ගෙවා ඒ ඎද්‍ධිය, ඒ යසස, ඒ ආධිපත්‍යය ගෙවා මෙලොවට නොඑනසුළු වූයේ අනාගාමී වෙයි.

    “ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙකුට එබඳු දෙන ලද දන් මහත්ඵල නොවූයේ වේද, මහානිශංස නොවූයේ වේද, මේ එයට හේතුවයි. මේ එයට ප්‍රත්‍යයයි. ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙකුට එබඳු දෙන ලද දන් මහත්ඵල වූයේද, මහානිශංස වූයේද, මේ එයට හේතුවයි. මේ එයට ප්‍රත්‍යයයි.


    gaggara.jpg


    ඡායාරූපය අන්තර්ජාලයෙනි.​
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,661
    100,936
    113
    පණ්ඩුකාභය රජතුමාට කලින් වැව් ලන්කාවෙ තිබිල තියෙනව. රාජ්සෝම දේව මහත්තය මේ ලගදිත් එහෙම එකක් හොයාගත්ත කදුකර පලාතෙන්.

    බුදුහාමුදුරුවන්ගෙ ලන්කාගමන ගැන කියවෙන තැන් වලත් ඔය ගැන සදහනක් තියෙනව
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    34,995
    113
    ඔය කරුණු අල්ලගෙන ද එතකොට අර බුදුන් ලංකාවේ වැඩ සිටියේ කියලා අර මීවනපලානේ නඩය කියන්නේ?
     
    • Like
    Reactions: Stimulus mind

    Majang

    Well-known member
  • Jul 14, 2020
    392
    716
    93
    Perth
    මම දන්න විදිහට ලෝකේ ඉස්සෙල්ලම irrigation වැඩ කරේ සුමේරියන් වරු
     
    • Like
    Reactions: NRTG

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඉතිහාසේ හරියට හැදෑරුවේ නැති උනාම තමයි ඔය වගේ හිතලු හිතෙන්නේ.. ඉන්දියන් ආර්යයෝ කවදාවත් වැව් තැනුවේ නෑ. ඒගොල්ලෝ ගංගා ආශ්‍රිතව තමයි ගොවිතැන් කලේ.. වැව් තැනුවේ ලංකාවේ යක්ෂ ගොත්‍රිකයෝ.. කාශ්මීරයේ රාජතරංගනී කියන පොත පැහැදිලිව කියනවා ඒ පැත්තේ වැව් තැනුවේ ලංකාවෙන් ආපු යක්ෂ ගොත්‍රිකයෝ කියලා.. ඒ නිසා ඔය කියන වැවත් පැහැදිලිවම යක්ෂගොත්‍රිකයන්ගේ වැඩක්. අනික බුදුන් හිටියේ ඉන්දියාවේ නෙමේ.. ලංකාවේ..

    87335296_1246709408867615_9151837440984481792_n.jpg


    241271965_357596512827335_86980810107753708_n.jpg


    හියුංසාං මාර එක්කෙනෙක් නොවෑ...
    ගයාව පාස් කර්ස්ගෙන කෙලින්ම ඇවිත් තියෙන්නෙ අනුරාධපුරේට.
    🐵

    ඒ මදිවට ඉන්දියාවෙ බුදුහාමුදුරුවෝ වැඩහුන් ස්ථාන සේරම පහුකරගෙන ඩෝං ගාලා ඇවිත් අනුරාධපුරේ වඳින්න. කිලෝමීටර් දහස් ගාණක් දුර ගෙවාගෙනම..
    😀


    100620523_741646966606014_8639687849639149568_n.jpg
     
    • Like
    Reactions: TCB Rox

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    තොපේ අප්පද පණ්ඩුකාභයට
    ඇයි පණ්ඩුකාභයට රජතුමා කියන්න බැරිද
    තොපේ සක්කිලි කම පෙන්නන් එපා
     
    • Love
    Reactions: Ravana21