ගජමන් නෝනා කිවිදිය විසූ නිවස (ගජමන් වලව්ව)

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    පසු ගිය 2026-02-11 වැනිදා මම මාතර පැත්තේ සංචාරය කරද්දී ගජමන් නෝනා විසූ නිවස නැත්නම් ගජමන් වළව්ව බලන්න යන්නත් ගියා. මාතර ටවුමේ ඉදලා, කාගෙන්වත් අහන්නේ නැතුව මගේ ගමන් සගයා වෙන ෆොන් එකේ ගූගල් මැප් එක දාගෙන පයින්ම ගියා.. කෙටි පාරවල් වල ගිහින්. කි.මි 2 ක ආසන්න දුරක් පයින් ගිහින්, හරියටම විනාඩි 20 කින් මට එතනට යන්න පුලුවන් උනා. විශාල නිවසක් නෙමේ.. ඇතුලට ගිහින් බැලුවා. පුරා විද්‍යා එකෙන් එතන බලාගන්න දෙන්නෙක් හිටියා. පොටො ගන්න එපා කිව්වා. ඒ කෙනෙක් එක්ක නිවස පුරාම ඇවිද්දා, විස්තර කථා කලා.... ටික වේලාවක් ඉදලා ආව පාරෙන්ම මාතර බස්ටැන්ඩ් පැත්තට පයින්ම ගියා.... නිවසේ පිටතින් ගත්ත කෙටි වීඩියෝවත් පහල බලන්න පුලුවන්....
    -
    මාතර යුගයේ කවිකාරියක් වෙන, දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනා වයස අවුරුදු 14 කින් පසු තමයි, පල දෙකක් ඇති, ඉදිරිපස ඉස්තෝප්පුවක්ද තියන මේ නිවසේ පදිංචියට ඇවිත් තියෙන්නේ. 1758 වර්ෂයේ දී කොළඹ කොල්ලුපිටියේ දී ගජමන් නෝනා ඉපදිලා තියෙන්නෙ.. පියා දෝන ෆ්‍රන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල් (ගජමන් ආරච්චි). මව ෆ්‍රන්සිනා (නෝන බබා). මාතර නගරයට ලගින් වල්පල වේරගම්පිට විහාරය අසල මේ නිවස අදටත් ඒ පැරණි ස්වාභවයෙන්ම තිබෙනවා. පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස මාතර මහා නගර සභාවේ යටතේ තියෙන්නේ. ඕලන්ද සම්ප්‍රදායට අනුව හදපු නිවසක්. පියා සහ ස්වාමියාගේ මරණයෙන් පසුව ගජමන් නෝනා දිගටම වාසය කරඇත්තේ මේ නිවසේ. ගජමන් පවුල මාතරට එන්නේ පියාට ලන්දේසි ආණ්ඩුවෙන් මාතර තෝම්බුවේ මුලාදෑනිකම ලැබුන නිසයි. ඉතින් 1772 දී කොල්ලුපිටියේ සිට මාතර වේරගම්පිට තුප්පහි වත්තේ පදිංචියට එනවා.. මාතර පදිංචිකාරියක් වීමත් එක්කම ගජමන් නෝනා, පියා ගජමන් ආරච්චි, නිවසත ගජමන් වලව්ව ලෙස හැඳින්වුණා. ඉතින් ඔයාලත් මාතර පැත්තේ ගියොත්, කැමතිනම් මේ නිවස බලන්න යන්න...

    * කෙටි වීඩියෝව.. :


    .
    * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index >>>
    .
    .
    Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
    Gajamannona Home | Gajaman walawwa - Matara | Gajaman nona
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඔය ස්ථානවල ෆොටෝ ගහන්න නොදී තියාගන්න එකේ වැදගත් කම මොකක්ද ?

    Egypt grand museum එකෙත් පෝන් එකේ කැමරාවෙන් flash නැතුව ෆොටෝ ගන්න පුලුවන්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය ස්ථානවල ෆොටෝ ගහන්න නොදී තියාගන්න එකේ වැදගත් කම මොකක්ද ?

    Egypt grand museum එකෙත් පෝන් එකේ කැමරාවෙන් flash නැතුව ෆොටෝ ගන්න පුලුවන්
    පොටෝ බලල බලන්න එන්නෙ නැති වෙයි කියල වෙන්න ඇති.
    ඒකෙන් වෙන්නෙ තවත් ඔය තැන් සමාජෙන් වැලලිලා යන එක.

    louvre museum එකේ තියෙන ලෝකෙ ප්‍රසිද්දම සිතුවමක් වෙන මොනාලිසා චිත්‍රය පවා පොටෝ ගන්න පුලුවන්. අනුරූ සිතුවම් කොච්චර තියෙනවද. ඒ එකකින්වත් මූලික සිතුවමේ වැලියු එකට හානියක් වෙලා නෑ. තව වැඩි වෙලා තියෙනව...
     

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    ඔය ස්ථානවල ෆොටෝ ගහන්න නොදී තියාගන්න එකේ වැදගත් කම මොකක්ද ?

    Egypt grand museum එකෙත් පෝන් එකේ කැමරාවෙන් flash නැතුව ෆොටෝ ගන්න පුලුවන්
    Agree.
    පට්ට මචන්. උඹ නම් මාර විදියට ඇවිදිනවා නේද>>>
    ඔව් බං.. මාසෙකට ට්‍රිප් 2 ක් වත් යනවා කොහේ හරි
     
    • Love
    Reactions: War Fighter