ගඩාෆි පිළිබඳ සටහනක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කවදාක හරි මුළු ලිබියාවටම ඕක විදවන්න වෙනවා.

    කොටිම්ම කිව්වොත් ලිබියාවේ ඉන්නේ මුල අමතක කරන, කාපු පතේ රෙන, මිනිස්සු කියන එකයි මටනම් කියන්න තියෙන්නේ.

    ලිබියාවට විදවන්න වෙයි , හැබැයි ගඩාෆිව පන්නාදාන සටනට එක්වුනු කැරලිකාරයො බහුතරය ඇමරිකානු කුලී හේවායෝ ටිකක් විතරයි. උන් ඇමරිකන් ටොපිය අපූරුවට කෑව. ලිබියානු ජනතාව බහුතරයක් නේටෝ ප්‍රහාරවලට විරුද්ධ වුනා දහස් ගණන් මියගියා , නුමුත් අධිරාජ්‍යවාදී කැනහිල්ලු අවශ්‍ය දේ ඉටුකරගත්තා , ඉස්සරහට බලන්න පුලුවන් සම්පත් කොල්ලකන අපූරුව. ඇමරිකාව ප්‍රමුඛ බටහිර පාලකයන්ට ශාප වේවා...
     

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    42 වසරක් ලිබියානු නායකයාව සිට ද්රෝලහියකු ලෙස හංවඩු ගසා මරා දැමුණු ගඩාෆි පිළිබඳ සටහනක්

    rex4_140958.jpg

    ලිබියාවේ 'සර්ට්' නගරය ඇතුළුව රට පුරා සෑම තැනකම පාහේ පසුගියදා ප්රීාතිය පළකිරීමේ වෙඩිහඬ රැව්දුන්නේය.
    ඒ හතළිස් දෙවසරක් පුරා එරට පාලනය කළ කර්නල් මුවම්මර් අල් ගඩාෆි මියගිය හෝ මරාදැමූ පුවත ඇසීමෙනි.

    18.jpg


    මීට දශක කිහිපයකට පෙරාතුව ද 'සර්ට්' ඇතුළු සෑම නගරයකම සතුට පළකිරීමේ වෙඩිහඬ ඇසිණ.
    ලෙෆ්ටිනන්ට් මුවම්මර් අල් ගඩාෆි ලිබියාවේ බලයට පත්වීමේ සතුටටය.
    ඔහු ඇතුළු කුඩා කණ්ඩායමක් රුධිරය වැගිරවීමකින් තොරව ලිබියාවේ පාලන බලය සියතට ගන්නා ලද්දේ 1969 වසරේ සැප්තැම්බර් පළමුවෙනිදාය.
    එතෙක් බලයේ සිටි අයිඩෲස් රජු එදින බලයෙන් පහ කෙරිණි.
    ඒ වනවිට රජු වෛද්යය ප්රදතිකාර ලැබීම සඳහා තුර්කියේ රැඳී සිටියේය.
    ලිබියාවේ සර්ට් නුවර සාමාන්ය් පවුලක උපත ලද මුවම්මර් අල් ගඩාෆි ලිබියානු මිලිටරි ඇකඩමියට බැඳුනේ 1961 වසරේදීය.
    1969 වසරේදී ඔහු උපාධිය ලබාගති.
    යුරෝපයේ අධ්යාීපනය ලද නමුත් ඔහු පසුකාලීනව දැඩි බටහිර විරෝධියෙකු ලෙස හැඳින්විණි.
    උසස් අධ්යා්පනයෙන් හා හමුදා පුහුණුවෙන් පසු ලිබියානු හමුදාවේ සංඥා බලකායට එක්වූ ගඩාෆි 1976 වසරේදී මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබුවේය.
    එහෙත් ඔහු වඩාත් ප්රි යමනාප වූයේ කර්නල් තනතුරටය.
    ඔහු නිරතුරු එම නිලයට අයත් නිල ඇඳුමෙන් සැරසී සිටිනු දක්නා ලදි.
    තමාගේ මුත්තණුවන් යුද වීරයෙකු බවට නිරත පාරම්බෑ ගඩාෆි බටහිරට එරෙහිව විවිධ ක්රිේයාමාර්ග අනුගමනය කළ තැනැත්තෙකි.
    ජගත් සංවිධානය දෝෂ දර්ශනයට ලක්කළ ඔහු එහි ප්රෙඥප්තිය පවා ප්රිසිද්ධියේ විසිකර දැමුවේය.
    'හරිත කෘතිය" ලියූ ඔහු සංස්කෘතික විප්ලවයක අසිරිය සටහන් කළේය.
    සම්මත ඉංග්රීිසි දින දසුන පවා ඔහුගේ අණින් ලිබියාවේදී වෙනස් කෙරිණි.

    5.jpg


    ලිබියානු - අරාබි සමූහාණ්ඩුවක්.
    එසේත් නොමැතිනම් එක්සත් අරාබි ජනපදයක් බිහිකිරීමේ සිහිනය ඔහුතුළ නිරතුරුව තිබිණි.
    ඒ සඳහා හෙතෙම අප්රි්කානු රටවලට නිරන්තරයෙන් මිත්ර ත්වයේ දෑත දිගුකළේය.
    ආධාර උපකාර ලබාදීමෙන් නොනැවතී ඒ වෙනුවෙන් පෙනී සිටින ලදි.
    ලිබියානු නායක කර්නල් මුවම්මර් අල් ගඩාෆි අප්රිසකානු සංගමයේ සභාපති ධුරය සඳහා තෝරාගන්නා ලද්දේ ඒනිසා විය හැකිය.
    2009 වසරේ ‍පෙබරවාරියේ සිට 2010 ජනවාරි දක්වා එම තනතුර ඔහු විසින් දරන ලදි.
    නොබැඳි ජාතීන්ගේ සමුළුවේ නිත්යා සාමාජිකයෙක් වූ ලිබියාව හෝ ගඩාෆි එම සමුළුවට අයත් රටවල වැසියන්ගේ ජනප්රිසය චරිතයකි.
    එහෙත් දීර්ඝ කාලයක් පාලන බලයේ සිටි එකම අරාබි පාලකයා වූ ඔහුට රටතුළින්ම විරෝධය නැගී ආවේය.
    රටපුරා තැනින් තැන කැරළි විප්ලව පැන නැගුණි.‍
    ජාත්යාන්තර පොලිසිය හා ජගත් අපරාධ අධිකරණය ඔහුට එරෙහිව වරෙන්තු නියෝග නිකුත් කළේ ත්ර්ස්තවාදියෙකු එසේත් නොමැති නම් ත්රණස්තවාදයට සහය දෙන්නෙකු ලෙස හඳුන්වමිනි.
    ටියුනීසියාව, ඊජිප්තුව හරහා හමා ආ අධිපතිවාදයට එරෙහි මහජන කුණාටුව ලිබියාවට ද ගොඩවැදුණි.
    ලිබියාවේ සිවිල් යුද්ධයට නේටෝවේ සහය හිමිවිය.
    හිසට ඉහළින් කපුටෙකු හෝ පියාඹා නොගිය ලිබියානු නායකයාගේ රටේ ගුවනට තහංචි පැනවුණි.
    ලිබියානු ජාතික අන්තර්වාර කවුන්සිලය ප්ර මුඛ කැරළිකාර හමුදා හමුවේ ක්රවමයෙන් බලය අහිමි වූ කර්නල් ගඩාෆිට ට්රිුපොලියද අහිමි විය.
    ඔහු සිය උපන් බිම වූ සර්ට් නුවරට කොටුවුණි.
    ඒ විවිධාකාර ගති ලක්ෂණ ඇති සිය සහජාත පුත්රයයන්ද සමගය.‍
    එහෙත් ඇතැමෙක් රටින් පළාගියෝය.
    ගඩාෆිගේ අණ හමුවේ ඔහුට හිතවාදී කොටස් අවසානය තෙක්ම සටන අත්හළේ ද නැත.
    ඇමරිකානු රාජ්යව ලේකම්වරිය හදිසියේ ට්රිනපොලි නුවරට පැමිණ ගියාය.
    2011 සැප්තැම්බර් 16 දා කැරළි හමුදාවේ එසේත් නැතිනම් අන්තර්වාර රජයේ හමුදාවෝ සර්ට් හි බලය තහවුරු කරන ලදි.
    හිටපු ලිබියානු නායකයා අත්අඩංගුවට පත් වූ බව ද ඝාතනයට ලක්වූ බවද ආරංචිය ලොව පුරා පැතිර ගියේය.
    19.jpg


    නමුත් කර්නල් මුවම්මර් අල් ගඩාෆි අවසානය තෙක්ම සිය උපන් දේශය හැරදා නොගියේය.
    කළෙක දේශයට ශක්තියක් ආඩම්බරයක් හා වීරයෙක් වූ අපූර්ව මිනිසෙකු අවසන් ගමන් ගියේ ඊට වෙනස් ආකාරයකටය.
    දැන් ජගත් මානව හිමිකම් කවුන්සලය ඔහු මියගිය අන්දම ගැන සෙවිය යුතු බව කියයි.
    ඔහු හා සමග සිටි අප්රි්කානු සුමිතුරන් බො‍හොමයක් ඔහුගේ මරණයේදී මුණිවත රකියි.
    මියගියේ හෝ මරා දමන ලද්දේ ගඩාෆි නම් හිටපු පාලකයාද එසේත් නොමැතිනම් ලිබියාව නමැති රාජ්යයයද..?
    ඉතිහාසය විසින් එය තීරණය කරනු ලබයි.

    20.jpg


    nice very nice .i am not in line about some of your ideas but some good quality letter.
    thanks.rep+ added
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලිබියාවට විදවන්න වෙයි , හැබැයි ගඩාෆිව පන්නාදාන සටනට එක්වුනු කැරලිකාරයො බහුතරය ඇමරිකානු කුලී හේවායෝ ටිකක් විතරයි. උන් ඇමරිකන් ටොපිය අපූරුවට කෑව. ලිබියානු ජනතාව බහුතරයක් නේටෝ ප්‍රහාරවලට විරුද්ධ වුනා දහස් ගණන් මියගියා , නුමුත් අධිරාජ්‍යවාදී කැනහිල්ලු අවශ්‍ය දේ ඉටුකරගත්තා , ඉස්සරහට බලන්න පුලුවන් සම්පත් කොල්ලකන අපූරුව. ඇමරිකාව ප්‍රමුඛ බටහිර පාලකයන්ට ශාප වේවා...

    උබගේ කතාවනම් සහතික ඇත්ත බන්, ඇමරිකන් කාරයෝ බළල්ලු ලවා කොස් ඇට බාවනවා, ලිබියන්කාරයෝ දන්නේ නැහැ උන් ඔය විනාශකලේ තමන්ගේ වර්තමානයයි, තමන්ගේ දරුවන්ගේ අනාගතයයි කියලා, ගඩාෆිව මරලා දිනුවේ ඇමරිකන්කාරයෝ මිසක් ලිබියන්කාරයෝ නෙමෙයි, ලිබියාවේ විනාශයක ආරම්භය, කන්න දීපු අත හපාකන හැත්ත,

    කො බන් ඔය මහ ලොකුවට කෑගහන මානව හිමිකම් කවුන්සලේද මොකක්ද කියන එකේ ඉන්නව කියන සුනඛ පැටව් ටික,

    උන්ට අපි ප්‍රභාකරන්ව මරපු එකට තමයි අහවල් එකේ අමාරුව හැදුනේ, අච්චර රටක් වටින, ලොකෙටම ආදර්ශවත් මනුස්සයෙක්ව බල්ලෙක් වගේ මරලා දැම්මා, ඔය කියන මානවහිමිකම් රකින් සුනඛ පැටව් ටික රැලේ ගිහින්ද දන්නේ නැහැ හිටියේ, මමනම් කියන්නේ මුළු ලොකෙම රටවල් ටික එකතුවෙලා ඔක්කොටම කලින් ඇමරිකාවටයි ගහන්න ඕනා, ඕකුන් තමයි මේ ලොකෙට ඉන්න එකම සතුරා,