ගණපූර්ණය නොදුන් පාර්ලිමේන්තුවක්‌...

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ගණපූර්ණය නොදුන් පාර්ලිමේන්තුවක්‌...

    තමන්ම ඉල්ලූ විවාදයට ගණපූර්ණය නොදුන් පාර්ලිමේන්තුවක්‌...

    ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

    රට මෙහෙයවන පාර්ලිමේන්තුවේ කාර්ය භාරය පිළිබඳව බරපතළ විමසීමක්‌ වහා කළ යුතුව ඇත. ප්‍රධාන දේශපාලන පක්‍ෂ පාර්ලිමේන්තුව තම අභිමතය පරිදි අකර්මන්‍ය කිරීම කනගාටුදායකය. මෙම අවාසනාවන්ත තත්ත්වය පාර්ලිමේන්තු ක්‍රමය තුළ බරපතළ ගැටලුවක්‌ ඇතිකර ඇති බව පැහැදිලිය. පාර්ලිමේන්තුව බෙලහීන කිරීම එජාපය, ශ්‍රී ලනිපය සහ ඒකාබද්ධ විපක්‍ෂය එකට එක්‌ වී කරති. මෙම කණ්‌ඩායම් තුන එක්‌ වී පසුගිය ජුලි 19 වැනි දින පාර්ලිමේන්තු කටයුතු නියමිත කාලයට පැයකට පමණ පෙර අත්හිටුවීමට කටයුතු කිරීම සැබැවින්ම ෙ€දවාචකයකි.

    මෙම පාර්ශ්ව තුනම එකතු වී හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ 2015 නැවත ජනපති වීමට කළ උත්සාහයට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක චයිනා හාබර් ඉන්ජිනියරින් කොම්පැනි ඇ. ඩො. මිලියන 7.6 ක්‌ ලබාදීම පිළිබඳව එජාපය ලබාගත් විවාදය එම පක්‍ෂයම කඩාකප්පල් කිරීම ඇත්ත වශයෙන්ම ජුගුස්‌සාජනකය. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක්‌ ලොව වෙන කිසිම පාර්ලිමේන්තුවක සිදුවී ඇත්දැයි සොයා බැලීම වටී.

    එජාපයේ පසුපෙළ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන සැක සහිත චීන 'ගනුදෙනුව' සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක්‌ තමන් ඉල්ලා සිටින බව පැවසුවේ සිරිකොතේ පැවති පුවත්පත් හමුවකදීය. එම විවාදය ජූලි 19 වැනි දින රාත්‍රි 7.30 දක්‌වා පැවැත්වීමට නියමිතව තිබිණි. පුදුමය එම විවාදය පවත්වාගෙන යැමට අත්‍යවශ්‍ය පාර්ලිමේන්තු ගණපූර්ණය පවත්වා ගැනීම හිතාමතා අතපසු කිරීමයි.

    එජාපය ජූලි 19 වැනි දින පාර්ලිමේන්තුවේදී තම කණ්‌ඩායමේ ක්‍රියාකලාපය පිළිබඳව ජනතාවට පැහැදිලි කළ යුතුය. විශේෂයෙන්ම තම පක්‍ෂය වෙනුවෙන් එම විවාදය ඉල්ලා සිටි තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රීවරයා එජාප පාර්ලිමේන්තු කණ්‌ඩායමේ ලැඡ්ජාසහගත ක්‍රියාකලාපය ගැන පැහැදිලි කිරීමක්‌ කළ යුතුමය.

    එලෙසම එජාපය සමග 'දීගකන' ශ්‍රීලනිපය එම විවාදය මඟහැරීම අවාසනාවකි. සිරිසේන - වික්‍රමසිංහ රජය සමග ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරන ද්‍රවිඩ ජාතික සන්ධානය ද එම විවාදය මඟහැරියේය.

    මහින්ද රාජපක්‍ෂයට හිතවත් ඒකාබද්ධ විපක්‍ෂ කණ්‌ඩායම එම විවාදය කඩාකප්පල් කිරීමට කටයුතු කිරීම පුදුමයක්‌ නොවේ. ඇත්ත වශයෙන්ම අල්ලස, දූෂණයට සහ ව්‍යවස්‌ථාවට එරෙහිව කටයුතු කිරීම සියලු දේශපාලන පක්‍ෂවල ප්‍රතිපත්ති අතර වී නම් චීනය 2015 ජනපතිවරණයට අත පෙවීම පිළිබඳව විවාදය පූර්ණ ලෙස පැවැත්වීමට එජාපය, ශ්‍රීලනිපය, ඒකාබද්ධ විපක්‍ෂයට සහ ද්‍රවිඩ ජාතික සන්ධානයට වගකීමක්‌ තිබිණි. ජූලි 19 වැනි දින පාර්ලිමේන්තු විවාදයට අවශ්‍ය ගණපූර්ණය අහිමි කිරීම මගින් කඩාකප්පල් කිරීම මෙම කණ්‌ඩායම් හතරේම සහයෝගය නැතිව කළ නොහැකි බව පැහැදිලිය.

    විවාදය පවත්වා ගැනීමට අවශ්‍ය ගණපූර්ණය මන්ත්‍රීවරු 20 දෙනකු බව රහසක්‌ නොවේ.

    එජාපය නායකත්වය දෙන පාර්ලිමේන්තු කණ්‌ඩායම 107 කින් සමන්විත වේ. මෙම 107 න් 106 දෙනකු එජාපය අලියා ලකුණ යටතේ 2015 අගෝස්‌තු මහමැතිවරණය තරග කළ අතර ඉතිරි මන්ත්‍රීවරයා මුස්‌ලිම් කොංග්‍රසයට අයිති වේ. මෙම 107 අතරට කථානායක කරු ජයසූරිය අයත් වේ. ජූලි 19 වැනි දින විවාදයට අවශ්‍ය ගණපූර්ණය ලබාදීම එජාපයට තනිවම කළ හැකිව තිබිණි.

    එලෙසම එජාපය නායකත්වය දෙන රජයේ පාර්ශ්වකරුවන් වන ශ්‍රීලනිපය නායකත්වය දෙන ජනපති මෛත්‍රිපාල සිරිසේනට හිතවත් පාර්ලිමේන්තු කණ්‌ඩායම 25 කි. එම කණ්‌ඩායම සමන්විත වන්නේ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 23 සහ ලංකා කම්කරු කොංග්‍රසයේ ජනතා නියෝජිතයන් දෙදෙනකුගෙනි. එම කණ්‌ඩායමට ද අවශ්‍ය ගණපූර්ණය තනිවම ලබාදීමේ හැකියාව තිබිණි. අවාසනාවකට එදින කිසිදු ශ්‍රිලනිප මැති ඇමැතිවරයකු පාර්ලිමේන්තුවේ සිටියේ නැත. ද්‍රවිඩ ජාතික සන්ධානය මන්ත්‍රීවරුන් 16 දෙනකුගෙන් සමන්විත අතර එම කණ්‌ඩායමේ පූර්ණ ලෙස ජූලි 19 වැනි දින විවාදයට සහභාගී වූයේ නම් එදිනම අවශ්‍ය ගණපූර්ණය ලබාගැනීමට හැකියාවක්‌ තිබිණි. ගණපූර්ණය නොමැති බව හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පැයකට පමණ පෙර අහවර කරන අවස්‌ථාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 9 ක්‌ සිටි බව වාර්තා වී ඇත.

    ඒකාබද්ධ විපක්‍ෂය තම නායකයාට එරෙහිව එල්ල කළ විවාදය කඩාකප්පල් කළ ආකාරය ලැජ්ජාසහගතය. එජාප මන්ත්‍රී විජයපාල හෙට්‌ටිආරච්චි තම කතාව ආරම්භ කළ මොහොතේ නැඟී සිටි ඒකාබද්ධ විපක්‍ෂ ගම්පහ දිස්‌ත්‍රික්‌ක මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ අවශ්‍ය ගණපූර්ණය නොමැති බව මූලාසනයට පෙන්වා දුන්නේය. විනාඩි පහක්‌ පාර්ලිමේන්තුවේ සීනුව නාද කළත් මන්ත්‍රීවරු සභා ගර්භයට පැමිණීමෙන් වැළකී සිටීම මුළු පාර්ලිමේන්තු ක්‍රමයේම බිඳවැටීමෙන් බව කිව යුතුය. අනුරුද්ධ මන්ත්‍රීවරයා කළ යුතුව තිබුණේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායමෙන් අවශ්‍ය ගණපූර්ණය ලබාදීමයි. අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව පසුගිය අප්‍රේල් මස මුල ඉදිරිපත් කළ ඒකාබද්ධ විපක්‍ෂයේ විශ්වාසභංගයට ඡන්දය දුන් ශ්‍රීලනිපයේ 16 දෙනාගේ කණ්‌ඩායම සාමාජිකයෝ ද මෙම විවාදය මඟ හැරියේය. ගරු පාර්ලිමේන්තු මැති ඇමැතිවරු තම 'ලැඡ්ජා' නහර කපා දමා ඇති බව සිතේ. එජාපය කරළියට ගෙනා 'නිව්යෝර්ක්‌ ටයිම්ස්‌' පුවත්පතේ/වෙබ් අඩවිය ජුනි 26/ ජුනි 25 පිළිවෙළින් පළ කළ හම්බන්තොට වරාය චීනය අත්පත් කර ගැනීම පිළිබඳ වාර්තාවක්‌ යටත් කිරීමට පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්‍ෂ එකට කටයුතු කළ බව පෙනේ. විසිදෙනකුගේ ගණපූර්ණය (පාර්ලිමේන්තුවෙන් මුළු සංඛ්‍යාවෙන් 1/11) තබාගැනීමට නොහැකි වීම පාර්ලිමේන්තුව අපකීර්තියට පත්කර ඇති බව විවාදයකින් තොරව පිළිගත යුතුව ඇත.

    ප්‍රධාන ව්‍යාපෘති කිහිපයකම යෙදී සිටින චීන සමාගමෙන් 2015 ජනාධිපතිවරණ සටනට මුදල් ලබාගත් බවට චෝදනාවට ලක්‌ වී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මෙදින විවාදයට සහභාගී නොවීය.

    ඔහු සිංගප්පූරුවට පෞද්ගලික කටයුත්තකට ගොස්‌ සටි අතර ඔහුගේ වැඩිමහල් සහෝදරයා හිටපු කථානායක චමල් රාජපක්‍ෂ සහ පුත්‍ර නාමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේ සිටියේ නැත. 'නිව්යෝර්ක්‌ ටයිම්ස්‌' පුවත්පතට සහ එම ලිපිය සම්පාදනය කිරීමට දායක වූ ලාංකික ජනමාධ්‍යවේදීන්ට නඩු දමන බවට වහසි බස්‌ දෙඩූ ඒකාබද්ධ විපක්‍ෂය අදාළ විවාදය මඟ හැරියේය.

    සියලු ප්‍රධාන පක්‍ෂ එකතු වී චීන ගනුදෙනුව පිළිබඳව විවාදය අසාර්ථක කළ බව සක්‌සුදක්‌සේ පැහැදිලිය. අදාළ චීන ආයතනය ඇ. ඩො. මිලියන 7.6 කට අමතරව මූල්‍යම ආධාර නොයෙකුත් පුද්ගලයන්හට ලබාදුන් බවට සාක්‍ෂි ඇත.

    මෙම චීන ගනුදෙනුව පිළිබඳව පරීක්‍ෂණ මන්දගාමීව සිදුවීම පිළිබඳ පුදුම විය යුතු නැත. මහත් ආන්දෝලනයට තුඩු දී ඇති චීන ගනුදෙනුව පිළිබඳව පාර්ලිමේන්තු විවාදය කඩාකප්පල් කිරීම තුළ පෙන්නුම් කරන්නේ පාර්ලිමේන්තුව පවා හැසිරවීමේ බලය මෙම කණ්‌ඩායම්වලට ඇති බවය.

    මුළු පාර්ලිමේන්තු ක්‍රමයම සිවිල් සමාජයේ කතිකාවකට ලක්‌විය යුතුය. සති ගණනාවක්‌ මහින්ද රාජපක්‍ෂ චීනයෙන් මුදල් ලබාගැනීම පිළිබඳව චෝදනා කළ එජාපයම තමන් ලබාගත් විවාදය කඩාකප්පල් කිරීම වහා විමසා බැලිය යුතුව ඇත. මීට වසරකට පමණ පෙර හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කරුණු කාරණාවලදී පාර්ලිමේන්තුව හැසිරවීමේ චෝදනාවකට චීනය ලක්‌විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු චීනයට ලැදිවීම පිළිබඳ පුදුමයක්‌ නැත. පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය මහා බ්‍රිතාන්‍යයේ ඉයන් පේස්‌ලි මන්ත්‍රීවරයා ඔහුගේ බිරිඳ සහ දූ දරුවන් 2013 මැයි සහ අප්‍රේල් මෙරටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් පිනවා යෑවීම පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කෙරෙති. ශ්‍රී ලංකාවෙන් ලබාගත් එම සංචාර දෙක පිළිබඳව අදාළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු 'සභාවට' දැනුම් නොදීමේ වරදට ඔහුට දින 30 කට පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගීවීම තහනම් විය. අප රටේ බොහෝ මහජන නියෝජියෝ එවැනි දඬුවමක්‌ යම්කිසි හේතුවකට පැනවුවහොත් එය සිනාමුසු මුහුණින් භාරගනු ඇත. ජූලි 19 වැනි දින විවාදයේදී 225 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සභා ගර්භයේ රැඳී සිටියේ නවයක්‌ පමණි. කථානායක කරු ජයසූරිය සිටියේ ද නැත. මූලාසනයේ සිටි එජාප පසුපෙළ මන්ත්‍රී හේෂා විතානගේ විවාදය අතර මඟ නතර කර දැමීය.

    බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජුලි 20 වැනි දින පැවති ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව විවාදය ද මඟ හැරියේය. මන්ත්‍රීවරු පාර්ලිමේන්තු කටයුතුවලට නිසියාකාරයෙන් සම්බන්ධ නොවීම පිළිබඳව අදාළ පක්‍ෂවල නායකයන්ගේ අවධානයට යොමුකිරීම නිෂ්ඵල ක්‍රියාවකි. ජනපති, අගමැති, හිටපු ජනපති ඇතුළු සියලු ප්‍රධානියෝ මෙම තත්ත්වයට වගකිව යුතුය.

    පාර්ලිමේන්තු පිරිහීමට සියලු පක්‍ෂ තමන් නියෝජනය කරන ආසන ප්‍රමාණය අනුව වගකීම භාරගත යුතුය. මෑතකදී ෆරාස්‌ ෂවුකට්‌ අලී ඉදිරිපත් කරන ටීවී නාලිකාවේ 'නිව්ස්‌ ලයින්' වැඩසටහනේදී ෆයිසර් මුස්‌තාපා ඇමැතිවරයා (ශ්‍රීලනිප, ජාතික ලැයිස්‌තුවෙනි) පුදුමාකාර ප්‍රකාශයක්‌ කළේය. පාර්ලිමේන්තු කටයුතුවලට නිසියාකාරව සහභාගී වන ආණ්‌ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මුළු මැති ඇමැති සංඛ්‍යාව 50 කට වඩා අඩු බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය. තමන් ද එම 50 කට වඩා අඩු කණ්‌ඩායම සාමාජිකයකු බව ද ප්‍රකාශ කළේය.

    මසකට පාර්ලිමේන්තුව දින 8 ක්‌ රැස්‌වේ. (අඟහරුවාදා සිට සිකුරාදා) මීට වසර දෙකකට පමණ පෙර කථානායකවරයා මෙම ලියුම්කරු සමග පැවසුවේ පාර්ලිමේන්තුව එක්‌ දිනක්‌ රැස්‌වීමට රු. මිලියන 4.6 ක පමණ වියදම් වන බවය. අනිවාර්යයෙන්ම එම දිනක වියදම දැන් වැඩි වී ඇති බවට සැකයක්‌ නැත. අයවැය විවාදය පැවැත්වෙන කාලයේ පමණක්‌ සෙනසුරාදා සහ සඳුදා පාර්ලිමේන්තුව රැස්‌වේ. අප්‍රේල් මස සිංහල සහ හින්දු නව වසර වෙනුවෙන් සති දෙකකට වැඩි කාලයකට පාර්ලිමේන්තුව රැස්‌වන්නේ නැත. පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වගකීම පිළිබඳව විමර්ශනයක්‌ කළ යුතුව ඇත. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම උනන්දු කිරීමට විශේෂ ගෙවීමක්‌ ද යහපාලන රජය ක්‍රියාත්මක කළේය. මෙම ක්‍රමය අති විශේෂිත ක්‍රමයකි. අදාළ මුළු සැසියටම හෝ යම් පැය ප්‍රමාණයක්‌ පාර්ලිමේන්තුවේ සිටීමට අවශ්‍ය නැත. ඕනෑම මොහොතක ඇතුළු වී විනාඩි 5 ක්‌ ගතකර පිටවී ගියත් අදාළ ගෙවීම ලබාගත හැකිය.

    (නඩු කටයුතු හේතුවෙන් පාර්ලිමේන්තු නොයා සිටීම අද මෝස්‌තරයක්‌ වී ඇත.)

    පසුගිය සතියේ 'ඉරිදා දිවයිනෙ'හි පළ වූ "කරාපිටියේ හෘද රෝග ඒකකයට ඒසීත් නෑ...එහෙව් රටේ මන්ත්‍රීවරුන්ගේ වාහන බිල මෙන්න" ලිපිය තීරුබදු වාහන සම්බන්ධයෙන් මන්ත්‍රීවරු (හිටපු ජනපති ෙ-. ආර්. ජයවර්ධන කාලයේ සිට) අනුගමනය කරන කුප්‍රකට ක්‍රමය රටට හිමි බදු මුදල් අහිමි කරයි.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්‌කු ගොනු කරන ලද නඩුවකට අනුව 2015 අගෝස්‌තු මස මහ මැතිවරණයෙන් පත් වූ මැති ඇමැතිවරු රටට අහිමි කළ බදු මුදල රු. බිලියන 7 කි. එහෙව් රටේ මඩකලපුවේ වැසියන්ට වැසිකිළි පහසුකම් ලබාදීම අප රටේ පාලකයෝ අසල්වැසි ඉන්දියාවට භාරකර ඇත.

    පසුගියදා ඉන්දියානු මහකොමසාරිස්‌ කාර්යාලය නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයක සඳහන් වූයේ මඩකලපුවට වැසිකිළි 3400 ක්‌ ඉන්දියානු මුදලින් ලබාදෙන බවය. රටක්‌, ජාතියක්‌ වශයෙන් අපි ඇත්ත වශයෙන්ම ලැඡ්ජා විය යුතුය. මඩකලපුව නියෝජනය කරන මහජන නියෝජිතයන් තම ජනතාවට වැසිකිළි පහසුකම්වත් ලබාදීමට කටයුතු නොකිරීම අවාසනාවකි. මීට පෙර පැවති රජයවල් සහ වර්තමාන රජය මෙම තත්ත්වයට වගකිව යුතුමය.

    ලංකාවේ මුළු ජනගහනයට වඩා ජංගම දුරකථන සංඛ්‍යාවක්‌ පාවිච්චි කරන රටේ සියලු ජනතාවට වැසිකිළි පහසුකම් නැත. වැසිකිළි ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ද ප්‍රශ්නයක්‌ විය යුතුය.

    කථානායකතුමාගේ ඉල්ලීම පරිදි චීනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100 කට වැඩි පිරිසකට දැනට චීන සංචාර ලබාදී ඇත. ඊට අමතරව චීනය සියලු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු නිල දරුවන්ට පාර්ලිමේන්තුවේදී පාවිච්චි කිරීමට පරිගණකය බැගින් ලබාදී ඇත. මේ ආකාරයට පරිගණක 250 ක්‌ පමණ වසරකට පමණ පෙර පාර්ලිමේන්තුවට ලැබී ඇත. බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඉයන් පේස්‌ලි පසුගිය පාර්ලිමේන්තුවේ 2/3 ක බලය හිමි රාජපක්‍ෂ රජයේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් මේ රටේ සංචාරය කිරීම 'සන්තෝෂමක්‌' නම් චීනය අප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති වරදාන ද විමසීමකට ලක්‌ කළ යුතුව ඇත. එලෙසම යහපාලන රජය පිහිටුවීමට මූලික වී කටයුතු කළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සිහිවීම පිණිස අනුරාධපුරයේ සියලු පහසුකම් සහිත ජනපදයක්‌ පිහිටුවීමට ඉන්දියාවෙන් අප පාර්ලිමේන්තුව කළ ඉල්ලීම ද අප සලකා බැලිය යුතුය. කථානායකවරයා කළ ඉල්ලීමට ඉන්දියාව මිලියන 300 ක්‌ මෙම කටයුත්තට ලබාදීම මොනයම් තත්ත්වයක්‌ යටතේ ද තේරුම්ගත නොහැක. රාජපක්‍ෂ රජයේ 2015 දී පරාජය කිරීම මූලික අඩිතාලම දැමූ සෝභිත හිමි වෙනුවෙන් නිවාස සෑදීම බලයට පත් වූ පාර්ශ්වකරුවන්ගේ වගකීමක්‌ බව පැහැදිලිය. එම වගකීම ඉන්දියාවට භාරදුන්නේ කුමන හේතුවකට දැයි සිතා ගැනීමට අපහසුය.

    පසුගිය ජනාධිපතිවරණයේදී චීනය කළා යෑයි කියන මැදිහත්වීම පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේදී (නිසියාකාරව නොවුණු) පළමු වරට ඇමෙරිකා එක්‌සත් ජනපදය එම ජනාධිපතිවරණයේදී කළ මැදිහත්වීම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂයේ යම් මන්ත්‍රීවරු කතා කළහ. ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීමට මියන්මාරයේ නයිජීරියාවේ සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 585 ක්‌ ආයෝජනය කළ බව සඳහන් විය. මෙම ඇමෙරිකානු ආයෝජනය සම්බන්ධව 2016 සිට මාධ්‍ය වාර්තා පළ වී තිබූ නමුත් අප පාර්ලිමේන්තුව කිසිදා ඒ පිළිබඳව විමසීමක්‌ කළේ නැත. චීන ගනුදෙනුව කරළියට ආ පසු ඇමෙරිකානු මැදිහත්වීම පිළිබඳව ද කතාවක්‌ ඇති වී ඇත. බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයා රාජපක්‍ෂ රජයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ කළ සංචාර දෙක වෙනුවෙන් ලක්‍ෂ 220 ක්‌ පිරිවැයක්‌ දැරූ බව තවදුරටත් රහසක්‌ නොවේ. එලෙසම චීන, ඇමෙරිකානු මූල්‍යම ප්‍රදානයන් ලබාගත් ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවේ සිටිනවා දැයි සොයා බැලිය යුතුව ඇත. එලෙසම දේශපාලන පක්‍ෂවලට මුදල් ලැබුණේ දැයි සොයා බැලිය යුතුව ඇත. මහබැංකු වංචාව සිදුකළ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනය ජනතා නියෝජිතයන්හට දුන් මූල්‍යමය ප්‍රතිපාදනවලට වඩා විදේශීය බලවතුන්ගෙන් මුදල් ලැබී ඇති බව පැහැදිලිය.

    පාර්ලිමේන්තුව ජීවානුහරණය කිරීමට අවශ්‍ය වී ඇත. 2016 අප පාර්ලිමේන්තුව සහ ඇමෙරිකා එක්‌සත් ජනපදය අතර අත්සන් තබන ලද රු. බිලියන 1.9 ක වසර 3 ක්‌ පුරාවට ක්‍රියාත්මක වන යහපාලනය ඇති කිරීමේ මෙහෙයුම අසාර්ථක වී ඇති බව පැහැදිලිය. එලෙසම ඔස්‌ටේ්‍රලියාව යහපාලනය ඇති කිරීමට රු. බිලියන 3.4 ක ගිවිසුමකට මෑත කාලයේ අත්සන් තබන ලදී. ඒ ගිවිසුමේ කාලය වසර 4 කි. පාර්ලිමේන්තුව ක්‍රියාකරන ආකාරයෙන් කිසිදු වෙනසක්‌ වී නැති බව පැහැදිලිය.

    පාර්ලිමේන්තු ක්‍රමයේ අවාසනාවන්ත බිඳවැටීම පෙන්නුම් කිරීම සඳහන් කළ හැකි උදාහරණයක්‌ ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් බිලියන 1 ක පිරිවැයක්‌ දරා නව ගොඩනැඟිල්ලකට ගෙන යැමට ගත් අනුවණ තීරණය සඳහන් කළ හැකිය. පාර්ලිමේන්තුවේ අවශ්‍යතාව වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශය නව ගොඩනැඟිල්ලක ස්‌ථාපිත කර එතෙක්‌ කල් එම අමාත්‍යාංශය තිබූ ගොවිජන සේවා මන්දිරය අලුතින් ඇතිකරනා ලද ආංශික අධීක්‍ෂණ සභා වෙනුවෙන් වෙන්කර ගැනීමටයි. පාර්ලිමේන්තුව මුදල් පිළිබඳව වගකීම දරන ඉහළම ආයතනය බව අමුතුවෙන් කිවයුතු නොවේ. රුපියල් බිලියනයක්‌ නැති නාස්‌තිකර ආංශික අධීක්‍ෂණ සභා වෙනුවෙන් වෙන්කරගන්නා ලද ගොවිජන සේවා මන්දිරයේ අදාළ පාර්ලිමේන්තු කොමිටි කිසිදා රැස්‌වූයේ නැත. එහෙව් මුදල් නැතිභංග කරන රටක වැසිකිළි සෑදීමත් අසල්වැසි රටකට භාරදීම පුදුමයක්‌ නොවේ.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේකේ ටොයියොයි බයියොයි මරාගන්නවා
    එහෙ දෙගොල්ලො පිට කසා ගන්නවා .
    දැන්වහ් තේරුම් ගනිල්ලා ඒ දෙගොලොම එකම කාසියේ දෙපැත්ත තමයි
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    මේකේ ටොයියොයි බයියොයි මරාගන්නවා
    එහෙ දෙගොල්ලො පිට කසා ගන්නවා .
    දැන්වහ් තේරුම් ගනිල්ලා ඒ දෙගොලොම එකම කාසියේ දෙපැත්ත තමයි

    :yes: