ගණයන් නිසා සසරට යමු.
බුදු දහම ඇත්තේ සසර ගමන නතර කිරීමට ය. ආර්යාෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නාට සසර කෙටි වේ. ශීල, සමාධි සහ ප්‍රඥා යන ත්‍රිවිධ අංගයෙන් ආර්යාෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වේ. සසර වඩන්නේ දුක පිණිසම ය. සසර නවතන්නේ සැප පිණිසම ය.
සසර පුරා අප ගමන් කරන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසාවෙන් බව බුද්ධ දේශනාවය. බුදුරජාණන්වහන්සේගේ කාර්යය වන්නේ ආවරණය වී ඇති චතුරාර්ය සත්‍යය මිනිසුන්ට විවර කර දීමයි. නිසි පුන්‍ය ශක්තිය ඇත්තා ඒ අනාවරණය කරන චතුරාර්ය සත්‍යය දැක තමන්ගෙන් අවබෝධ කර ගෙන සසරෙන් එතෙර වෙයි.
සසරේ රැඳී ගමන් කිරීම පහසු කාර්යයක් නොවේ. ඉපැදෙන ස්ථාන 31 කි. මින් ස්ථාන හතරක ඉපැදීම අන් ස්ථානයන්ට වඩා දුක්ඛිත ය. ඒ දුක්ඛිත ස්ථානයන් අපේ වාසස්ථාන කර ගැනීම සඳහා හේතු වන ප්‍රධාන ධර්මතා තුනෙකි. ලෝභ, ද්වේශ සහ මෝහ එම ධර්මතා වේ. අනුන් සතු හෝ දෙයක් තමන්ට තිබුනා නම් කියා ඇති කරගන්නා ආශාව ලෝභය ලෙස සරලව හැඳින්විය හැක. අනෙකා පෙලා දැමීම සහ අනෙකක් නිසා හිතේ වෛරී සහගත සිතුවිලි උපදවීම ද්වේශය ලෙසින් සරලව හැඳින්විය හැක. දෙයක් නිසි ලෙසින් නැත්නම් පවත්නා ආකාරයෙන් නොදැකීම මෝහය ලෙසින් සරලව හැඳින්විය හැක.
වර්තමානයේ දී නොයෙක් ගණයන් නොයෙක් ආකාරයෙන් ධර්ම විනයට පරිබාහිර ලෙසින් කටයුතු කරනවා අපට දක්නට ලැබේ. විනයත් ශීලයත් එක සමානම නොවේ. ත්‍රිපිටකයට අනුව භික්ෂූන්වහන්සේලාට ඇති ශීලය (ප්‍රාතිමොක්ඛ ශීලය) විස්තර කර ගත යුතු වේ. සුළු විනය රීති වෙනස් කර ගැනීමට හැකි වුවත් ශීලය වෙනස් කිරීමට ගණයන්ට නොහැක. නමුත් උන් ශීලය හිරිකිතයකින් තොරව තම තමුන්ට ගැලපෙන සේ වෙනස් කර ගනිමින්, වෙන වෙනම ගුරු කුලයන් ඇති කර ගනිමින්, තමුන් ශාස්තෘන්වහන්සේ වීමේ වුවමනාවෙන් ගෝලයන් පිරිසක් ද පෙළගස්වා ගෙන කාමසුඛල්ලිකානු යෝගයේ රැඳෙමින් සිටී.
මේ නරි නාටක දකින අපේ ප්‍රියමිතුරන් ඒ තුළින් ගණයන් කෙරේ ද්වේශය පතුරවයි. එවැනි නාටකයන් දකිද්දී ද්වේශය ඇතිවීම සාමාන්‍යය. නමුත් ඔබ බුද්ධ දේශනාව අනුව ජීවත්වන්නෙක් නම් එවැනි නාටකයන් නිසා ඇති වන ද්වේශය වුවත් පවත්වාගෙන නොයෑමට උත්සාහ දැරිය යුතු ය. ඔබගේ කාර්යය විය යුතු වන්නේ ඇති වූ අකුසල් හඳුනාගෙන ඒවා වැඩි දියුණු නොකිරීමට වීර්ය වැඩීම සහ නූපන් අකුසල් ඇති නොවීමට වීර්යය කිරීමත් ය.
එවිට එවැනි දේ දකින විට කිරීමට කිසිවක් නැත්දැයි ඔබ අසනු ඇත. කිරීමට වුවමනා තරම් දේ ඇත. කුසල් වඩන්න. කුසල් වැඩෙනා දේ සිතා කරන්න. ගණයන්ගේ නරි නාටක වලින් ඔබේ සසර දිගු කර ගන්නේ ඇයි? සිතා බලා අවබෝධයෙන් කටයුතු කරන්න.