ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නොවන බවට උසාව&#3538

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නොවන බවට උසාව&#3538

    ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නොවන බවට උසාවි තීන්දුවක්
    ශ්‍රි ලංකාවේ දැනට පවතින නීතිය අනුව ගණිකා වෘත්තියේ යෙදීමත් යම් ස්ත්‍රියක් ගණිකා වෘත්තියේ යෙදෙමින් තමා විසින්ම යම් ආදායමක් උපයා ගැනීමත් වරදක් නොවන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග
    දිසානායක මහතා නඩු තීන්දුවකින් ප්‍රකාශ කර ඇත. 2015 වර්ෂයේ දිනයකදී කොල්ලුපිටිය ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියේ යැයි පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තිදෙනකුට එරෙහි නඩු විභාග කොට සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ සඳහන් කර තිබිණි.


    ගණිකා නිවාසයක රැඳී සිටිමින් ගණිකා වෘත්තියෙන් ලැබෙන ඉපැයීම් වලින් සම්පූර්ණයෙන් හෝ කොටසක් වශයෙන් නම් ජීවිකාව පවත්වාගෙන යාම පිණිස රැදී සිටීමෙන් 1841 අංක 04, 1947 අංක 20, 1978 අංක 02 දරන පනත්වලින් සංශෝධිත පාදන ආඥා පනතේ 09 (අ) වන වගන්තිය උල්ලංඝනය කිරීමෙන් දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි කොල්ලුපිටිය පොලීසිය මෙම සිද්ධියට අදාළව තායිලන්ත කාන්තාවන් හය දෙනකු සහ මෙරට සැකකරුවන් තිදෙනකු සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කර තිබිණි. මෙහිදි තායිලන්ත කාන්තාවන් හය දෙනා එම චෝදනාවට වරද පිළිගෙන තිබූ අතර අනෙක් සැකකරුවන් තිදෙනා එම චෝදනාවට තමන් නිවැරදිකරුවන් කියා සිටීම නිසා නඩු විභාගයක් පැවැත්විණි.

    මෙම නඩුවේ තුන්වැනි සැකකාරිය ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් වරද කියාදී කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම නඩු විභාගය ඉකුත් 2016 ඔක්තෝම්බර් මස 06 වැනිදා ආරම්භ වූ අතර චුදිත කාන්තාව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සංජීව ගමගේ මහතා ලිඛිත දේශන ඉදිරිපත් කරමින් ඉල්ලා සිටීමය ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව මෙම චූදිත සම්බන්ධ නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බැවින් ඇය නිදොස් කොට නිදහස් කරන ලෙසය.

    මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නඩුවේ තුන්වැනි චූදිත කාන්තාව නිදොස් කොට නිදහස් කළ අධිකරණය ගණිකා වෘත්තිය ශ්‍රී ලංකාව තුළ වරදක් නොවන බවට 1923 ජුලි මස 27 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද SAIB0 V. CHELLAM නඩු තීන්දුවේ ප්‍රකාශ කර ඇති බවත්, එම නඩු තීන්දුවෙන් පසුව යම් පනත් මගින් හෝ ගණිකා වෘත්තියේ යෙදීම වරදක් ලෙස දක්වා නොමැති බවත් තීන්දුවේ සදහන් කර ඇත.
    එසේ, අයාල ආඥා පනත 1841 වර්ෂයේදී හදුන්වා දී ඇති අතර, එය අවසාන වශයෙන් සංශෝධනය වී ඇත්මත්තේ 1947දී බවද එම සංශෝධනයේ ද ගණිකා වෘත්තියේ යෙදීම වරදක් ලෙස කිසිදු ස්ථානයක හඳුන්වා දී නැති බවද තීන්දුවේ දැක්වේ.


    -නිමන්ති රණසිංහ-
     
    • Like
    Reactions: chega995

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,237
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒක නම් හොද දෙයක්.
    කිසිම දක්සතාවක් නැති කාන්තාවකට හොදම රස්සාව තමයි මේක
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    සා!
    දැන් බයක් සැකක් නැතුව කැමති ගැහැණු උදවියට ස්වයං රැකියාවක් කරන්න පුළුවන්.
     
    ඔන්න ඔහෙ එක්කෝ ඕක නීතිගත කරා නං ඉවරයි :yes:

    නීති ගත කරන්න දේයක් නැහැ. මේක නීතියේ නැති දේයක්. හරියට බත් කන්න නීතියක් නැහැ වගේ. පෝලීසිය ටපලවාගෙන හිටපු එකක් අදිකරනයේන් පහදල දුන්න.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    so spas are illegal but proving spa service by one person is legal?

    yes
    brothels and prostitution are 2 different things
    in brothels women are exploited for the benefit of a few. it's third parties who make profits by selling women
    in prostitution they do it by themselves and all the money goes to their pockets.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔන්න ඔහෙ එක්කෝ ඕක නීතිගත කරා නං ඉවරයි :yes:






    ඕක නීතිගත කලොත් කෙල්ලක් උඩට ඉගෙන ගෙන තැනකට එන්න උත්සහවන්ත වෙනවට වඩා මේවගේ දේවල් වලට යොමුවෙන්න බලයි කියන එකයි මට හිතෙන්නේ. මහන්සි වෙන්න දේකුත් නෑ සල්ලි එන්නෙත් ලොකුගණන් වලින් දවසට 4 ක් එක්ක උන්නත් 5000 x 4 කියන්නේ ලොකු ගානක්. ඕක දකින තවත් කෙනෙක් ඕකට හැරෙන්න බලනවා. :oo:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,641
    67,993
    113
    ඕක නීතිගත කලොත් කෙල්ලක් උඩට ඉගෙන ගෙන තැනකට එන්න උත්සහවන්ත වෙනවට වඩා මේවගේ දේවල් වලට යොමුවෙන්න බලයි කියන එකයි මට හිතෙන්නේ. මහන්සි වෙන්න දේකුත් නෑ සල්ලි එන්නෙත් ලොකුගණන් වලින් දවසට 4 ක් එක්ක උන්නත් 5000 x 4 කියන්නේ ලොකු ගානක්. ඕක දකින තවත් කෙනෙක් ඕකට හැරෙන්න බලනවා. :oo:

    hodaine ban.:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නීති ගත කරන්න දේයක් නැහැ. මේක නීතියේ නැති දේයක්. හරියට බත් කන්න නීතියක් නැහැ වගේ. පෝලීසිය ටපලවාගෙන හිටපු එකක් අදිකරනයේන් පහදල දුන්න.
    දැනට නැත්තන් නීතිගත කරන එක හොඳයි නෙ ඉතිං ඔය මොනවහරි දාල :yes: කස්ටමර්ගෙ අයිතිවාසිකම් ගැන එහෙම දාල පැයකට අයකරන ගාස්තුවට පාලන මිලක් එහෙම දැම්මොත් කොහොමද :P
     

    Similar threads