ජෙප්පන්ට ප්‍රතිශත පාඩමක්
***********************
ගණිතය බැරි ජෙප්පො හතර අතේ මේක share කරනවා. අපේ වගකීම තමයි උන්ගෙ නූගත් කම නිවැරදි කරන එක. මීට සති ගානකට කලින් රටේ ණය, රට බංකොලොත් වෙනකොට ඩොලර් බිලියන 71 යි දැන් බිලියන 100 යි කියන එකත් මෙහෙම නිවැරදි කරන්න වුනා. පහළ ඇති ඒ පෝස්ට් එක.
විදුලි බිල 300% වැඩි කරලා 22.5% පහළ දැම්මලු.
දැන් බලමු මෙයාලා කියන කතාව උදාහරණයක් අරගෙන.
කලින් පැවති බිල
රුපියල් 100 යි.
වැඩිකළ ප්‍රතිශතය 300% යි
(100×300) ÷100 = 300
300+100 =400
නව බිල රුපියල් 400 යි.
දැන් මෙයාලා හිතනවා රුපියල් 100 ට හදපු 300% යි, නව බිල වන රුපියල් 400 ට හදපු 22.5% යි ප්‍රතිශත ගණන් එක සමානයි කියල. මේ ගණන් දෙකකට හදපු ප්‍රතිශත කියල තේරුම් ගන්න බෑ. ස්කෝලෙ ප්‍රතිශතය පාඩම කියා දෙද්දි අහන් ඉඳල නෑ.
දැන් මෙයාලා කියන්නෙ 300% ක් වැඩි කරා නම් ඇයි 22.5% වගේ පොඩි ගානක් අඩු කරන්නෙ, 300% ක් අඩු කරන්න කියල. වක්‍රව අඟවන්නෙ ලොකූ ගානකින් වැඩි කරල සොච්චමක් අඩු කරා කියල. 22.5% චූටි ගානක් කියල කියන්නෙ
බලමු දැන් එහෙනම් 300% වැඩි වැඩිකරාට පස්සෙ ආපු නව බිල වූ රුපියල් 400 න් 300% ක් කියන්නෙ කීයද කියල.
400×300÷100= රුපියල් 1200 යි
ඒ කියන්නෙ 300% ක් දැන් තියෙන බිලෙන් අඩු කරොත් අපි බිල ගෙවනව නෙවෙයි ආන්ඩුව අපිට රුපියල් 1100 ක් දෙන්න ඕනෙ, මොකද වැඩි කරන්න කලින් බිල රුපියල් 100 නිසා.
ආන්ඩුව අඩු කරල තියෙන්නේ 22.5%
ඒ කියන්නෙ රුපියල් 400 න් රුපියල් 90 ක්.
(400×22.5÷100 = රුපියල් 90)
ඒ කියන්නෙ නවතම බිල.
400 - 90= රුපියල් 310 යි
ඒ කියන්නෙ 300% වැඩි කරන්න කලින් බිල රුපියල් 100 යි. 300% ක් වැඩි කරහම රුපියල් 400 යි. නමුත් දැන් බිල 310යි.
දැන් බිලෙන් කලින්ම පැවති බිල අඩු කරහම වෙනස.
310 -100 = රුපියල් 210 යි
ප්‍රතිශතයක් ලෙස 210% ක්
සංසන්දනය කරනව නම් 300% යි 22.5% යි නෙවෙයි මෙන්න මේ ගනන් දෙක සංසන්දනය කරන්න.
සරලම කතාව ආන්ඩුව විදුලි බිලට වැඩි කරපු 300% ක ප්‍රතිශතය 210% දක්වා අඩු කරලා තියෙනවා. අර 300% න් 90 ක් කපා හැරල තියෙනවා.
මේක උදාහරණයක් විතරයි, සත්‍ය ලෙසම විදුලි බිල 18.1% ඉඳල 38.6% යන පරාසයක් ඇතුලත පාවිච්චි කරපු යුනිට් ගනන් අනුව අඩුවෙලා තියෙනවා.
උදාහරණයක් ලෙස යුනිට් 60 ක් පාවිච්චි කරපු කෙනෙක් ගෙ විදුලි බිල රුපියල් 1140 සිට රුපියල් 700 වෙනකම් 38.6% අඩු වෙලා තියෙනවා. ඒ කියන්නෙ රුපියල් 440 ක් අඩු වෙලා තියෙනවා.
BSc, University of Kelaniya
