ගණිතය හරි සුන්දරයි....?

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
ගණිතය හරි සුන්දරයි....?

හදිස්සියේ සඟරාවක් කියවද්දි දැක්ක අපූරු දත්ත කිහිපයක් සරල ගණිත ක්‍රමයක් තුලින් වඩා පැහැදිලි කර ගැනීමට ගත්තු පුංචි උත්සහයක්.....

මෙය හැම දෙනාගේම දැනුම පිනිස හේතු වෙවා...!!

මතක ඇති නේද 2004 දෙසැම්බර් 26 වෙනිදා....... සදා අමතක නොවන ඒ සිදුවීම.....

මහා විපතින් මියගිය ප්‍රමානය අති මහත්.....
ඇස්තමේන්තු වලට අනුව මිය ගිය ප්‍රමානය 230,000 ඉක්මවයි.......


uNveJwg.jpg



නමුත්, ඔබ දැන ගෙන සිටියාද?

දිනකට ලොකය තුල සිදුවන ලදරු උපත් ගනන..... 384,000
දිනකට මියයන මිනිසුන් ගනන....... 156,000

එනම්....

එක් දිනකදී ලෝක ජනගහනයට එකතුවන ප්‍රමානය......
228,000

සුනාමි වියසනයෙන් අහිමි වූ මිනිස් ජීවිත ගනන පැය 24 කදී නැවතත් ලෝක ජනගහනයට එකතු වී හමාරයි....

දැන් හිතා ගන්න පුලුවන්ද අද වනවිට සමස්ත ජනගහනය කෙතරම් සීග්‍රයෙන් ඉහල යනවද කියල........?


මේ සඳහා බලපාන ප්‍රධානම කරුන වන්නේ ජනගහන වර්ධනය පිරමීඩාකාර වර්ධනයක් වීමයි.....



මේ තත්වය පැහැදිලි කරන්න පුංචි උදාහරනයක් දෙන්නම්....


හිතන්න සංවෘත බොතලක් තුල ඇල්ගී විශේෂයක් වර්ධනය වෙනවා.

SjtIG2u.jpg


මේ ඇල්ගී ප්‍රමානය සෑම විනාඩියකදීම දෙගුන වෙනව. ( පලමු විනඩියෙ 20ක් නම් දෙවන විනඩියෙදි 40ක් තෙවන විනඩියෙදි 80ක් විදියට...) මොවුන්ට මුලු බොතලයම ආවරනය කරන්න පැයක් ගතවෙනව...... පෙ.ව. 6.00 මේ වැඩේ පටන් ගත්තොත් පෙ.ව. 7.00 වෙනකොට බෝතලය සම්පුර්නයෙන්ම පිරෙනවා.......

දැන් හිතන්න මේ බොතලය 50% ඇල්ගී වලින් පිරෙන විට වෙලාව කීයද?
( උත්තරේ බලන්න කලින් තමන්ගෙ උත්තරේ හිතා ගන්න....)
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පිලිතුර : පෙ.ව. 6.59 ( බොතලය සම්පුර්නයෙන් පිරෙන්න විනාඩියකට කලින්... )

වේලාව සමග ඇල්ගී බෝතලයේ පිරිල තියන ප්‍රමානය ගැන හිතුවොත්.....

fTNlZ2L.jpg



6.55 ට මේ බෝතලය දිහා බලන ඕනෑම කෙනෙකුට පහසුවෙන් නිරීක්ෂනය කරන්න පුලුවන් විනාඩ් 55ක් ගත වෙලත් තවම පිරිල තියෙන්නෙ 3.12 % වගේ පුංචි ප්‍රමානයක්. තවමත් 96.88% ඉතිරිව පවතිනවා කියලා.....

මේ නිරීක්ෂනය අනුව අපිට හිතේවිද තවත් විනාඩි 5ක් වැනි කාලයකදී මේ ඇල්ගී විශේෂයට වර්ධනය වීමට තරම් ඉඩක් මේ බෝතලය තුල නැතිවෙවි කියල.... ??? මේ තමයි මෙවැනි වර්ධනයන් තුල දක්නට ලැබෙන භයානක තත්වය....

මෙය ගනිතයේදි අපි හඳුන්වන්නේ (exponential growth ) කියලයි.....


exponential-growth.jpg


මේ සංසිද්දිය පෘතුවිය නැමති බෝතලය තුල ජීවත්වන මිනිසා නම් ඇල්ගී විශේෂයටද මේ අයුරින්ම බලපාන බව මතකතබා ගනිමු......


සැ.යු.

වර්තමාන ගනනය කිරීම් වලට අනුව ලෝක ජනගහනය දෙගුන වන කාලසීමව ( Doubling Time ) වසර 54ක් වෙනවා.... එනම්
තවත් වසර 54 කදී ලෝක ජනගහනය බිලියන 14ක්
තවත් වසර 108 කදී ලෝක ජනගහනය
බිලියන 28ක්.

අද වන විට වත්මන් බිලියන 7ක් වූ ජනයාට ප්‍රමානවත් තරම් මූලික සම්පත් නොමැති තත්වයක් තුල තවත් වසර 50 කදී ඇතිවන තත්වයට අප සූදානම්ද?
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    චිනෙ ඉන්දියාවෙ හා මුස්ලිම් උන්ව අවුරුදු 10කට වද සැත්කම් කරන්න ඔන:rofl: