ගණ දෙවියන්ගේ ඇත් හිසේ උපත - නෑසූ කතාවක්.
ශ්‍රී ලංකාවේ බහුතරයක් දෙනා බෞද්ධයැයි කීවත් බෞද්ධ දර්ශනය අනුව ජීවත් නොවන බව රහසක් නොවේ. මෙනිසා ඉතා පහසුවෙන් අන්‍යාගමික විශ්වාස, මත බෞද්ධයන්ට පැටවිය හැක. එහි එක් අවස්ථාවකි දරු පැටවුන්ට අකුරු කියැවීම. එහිදී ගුරු කොට ගන්නෙ සරස්වතී දේවිය සහ ගණ දෙවියන් ය. හින්දු දහමේ වන්දනාවට පාත්‍ර වන දෙවියන් මුල් කරගනිමින් සැබෑ බෞද්ධයකු එවැනි දෙයක් සිදු කරන්නේ කෙසේ ද? කෙසේවෙතත් මෙහිදී මා සාකච්ඡා කරන්නේ ඒ ගැන නොවේ. ගණ දෙවියන්ට ලංකාව තුළදී ද වන්දනා මාන සිදු වේ. ඒ නුවණට අධිපති දෙවියන් ලෙසින් සලකමිනි. ගණ දෙවි උපත කෙසේවෙතත් ගණ දෙවියන්ට ඇත් හිසක් ලැබීම ගැන අපේ රටේ ජනප්‍රිය කතාවක් තිබේ. වල්ලි අම්මාට පෙම් කළ තම සොයුරා වූ ස්කන්ධ කුමාරට උදව් කිරීමට ගොස් සිදු වූ සන්තෑසියකින් ඒ කතාවට අනුව ඇත් හිස ගණ දෙවියන්ට ලැබී ඇත. නමුත් හින්දු සාහිත්‍යයට අනුව ගණ දෙවියන්ට ඇත් හිස ලැබෙන්නේ එලෙස නොවේ. මා දැන් ඔබට කියන්නේ ඒ කතාවයි.
පාර්වතී දේවිය ස්නානයට යන විට දොර මුර කිරීමට පැවරුවේ නන්දිට ය. නන්දි වනාහි ශිව දෙවියන්ගේ ප්‍රමුඛ බැතිමතෙකි. ශිව පැමිණෙන විට නන්දි ස්වභාවයෙන්ම එතැනින් ඉවත් ව ඇතුළුවීමට අවසර ලබා දෙයි. පාර්වතී දේවිය මෙය ගැටළුවකි. ශිව දෙවියන්ට නන්දි මෙන් විශ්වාස කටයුතු අතවැසියකු සිටියත් තමුන්ට එවැන්නකු නොසිටීම ගැන කල්පනා කළ ඇය ස්නානය කිරීමේ දී භාවිතා කිරීමට ගෙනා කහ ගුලියක් ගෙන එයින් රුවක් තනා ඊට ජීවය ලබා දුන්නා ය. මේ ගනේෂයි. ඉන්පසුව ඇය ඔහුව තමුන්ගේ කීකරු පුත්‍රයා ලෙසින් සලකා ස්නානය කරන අවස්ථාවේ දී දොර මුර කිරීමට පැවරුවාය.
ගනේෂ මුරට සිටිද්දී ශිව පැමිණිනි. ඇතුළුවීමට අවසර දුන්නේ ගනේෂ නොවේ. තමුන්ගේ නිවසට ඇතුළුවීමට තමුන්ට ඉඩ නොදෙන තැනැත්තාව විනාශ කරන ලෙස ශිව සිය සේවකයින්ට අණ කරන ලදි. නමුත් ඔවුන් ගනේෂගේ බලය ඉදිරියේ පරාජයට පත් විය. ඒ අනුව ශිව ම සටනට ඉදිරිපත් වූ අතර ශිව විසින් හිස කඳින් වෙන් කොට ගනේෂ මරණයට පත් කරන ලදි.
තමුන් විසින් නිර්මාණය කළ ගනේෂගේ මරණයෙන් කේන්ති ගත් පාර්වතී දේවිය ශපථ කලේ ලෝකය විනාශ කරන බවටයි. ලෝකය මැවූ මහා බ්‍රහ්මයා මෙයින් කලබලයට පත් ව එහි පැමිණ ඇගෙන් එසේ නොකරන ලෙසින් ඉල්ලා සිටියේ ය. ඉල්ලීම් දෙකක් පූර්ණ කරන්නේ නම් ලෝකය විනාශ නොකරන බව කී පාර්වතී ඒ ඉල්ලීම් ඉදිරිපත් කලාය. 1. ගනේෂ නැවත ජීවත් විය යුතු යි, 2. සියළු දෙවියන්ට පෙර වන්දනාවට ලක් විය යුතු යි.
මේ වන විට තරහව සන්සිඳී සිටි ශිව මීට එකඟ වී බ්‍රහ්මයාට නියම කලේ වහා ගොස් තමුන්ට හමුවන උතුර බලා හරවාගෙන සිටින හිසක් රැගෙන එන ලෙසිනි. බ්‍රහ්මයා රැගෙන ආවේ ඇත් හිසකි. ශිව ඒ හිස ගනේෂගේ බෙල්ලට සවි කොට ජීවය ලබා දුන්නේ ය. එසේම තමුන්ගේ ම පුතකු ලෙසින් සලකා සියළු දෙවියන්ට පෙර ගනේෂට වන්දනා කළ යුතු බවට වන වරයක් ද ලබා දුන්නේ ය. එසේම ශිව විසින් සියළු පිරිස් (ගන) හි ප්‍රධානියා ලෙසින් ද ගනේෂව නම් කරන ලදි. එතැන් පටන් ගනේෂ, ගනපති ලෙසින් ද හැඳින් වේ.
ගණ දෙවියන්ට ඇත් හිසක් ලැබීමේ ඉන්දියානු කතාව මෙය වේ. ශ්‍රී ලංකාවේ ඇත්තේ වෙනස් ම කතාවකි.
කෙසේවෙතත් මෙහිදී සඳහන් කල යුත්තක් තිබේ. අපේ රටේ ද මේ ලඟින් යන කතාවක් තිබේ. ඒ රිටිගල ජයසේන, මහසෝනා වීමේ කතාවයි. ගනේෂගේ කතාව රිටිගල ජයසේනගේ කතාවට පූර්ව කතාවකි. බැලූ බැල්මට ම ගනේෂගේ කතාවේ සිංහල අනුවර්තනය ජයසේනගේ කතාව බව පෙනී යයි. නමුත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට මෙය අවස්ථාව නොවේ.
ඔබ නාමික බෞද්ධයකු ව වෙනත් ආගමික විශ්වාසයක් හිතේ දරාන කටයුතු කරන්නෙක්වීම ලැජ්ජාවට කරුණක් නොවේ. නමුත් ඔබ, ඔබ කරනා දේ ගැන නිසි පසුබිම දැන කටයුතු කරන්නේ නම් යහපත් ය. මේ කතාව ඔබත් සමඟ බෙදා ගන්නේ එනිසාවෙනි.