ඔයත් වාහනයක් ගන්න හිත හිත ඉන්නවනං මේ 10 කියවලා ආයෙත් තීරණයකට එන්න
අපිට ඇත්තටම වාහනයක් ඕනද? හැමෝම කියයි ඔවු කියලා. ඒත් ඇයි? හැමෝම කියයි පහසුවට කියලා. ඔයා සුපිරි පවුලක සැපට ජීවත්වෙන කෙනෙක් නම් ඇරෙන්න වාහනයක් තියෙන එක එච්චර පහසුවක් වෙන්න විදියක් නැහැ කියලයි අපි කියන්නෙ. එහෙම කියන්නෙ ඇයි කියලා හිතනවනම් කාර් මිල වැඩි කරා කියලා ආණ්ඩුවට බැන බැන ඉන්න ගමන් මේකත් කියවලා බලන්න.
1. ඇක්සිඩන්ට් රිස්ක්
හැම තැනම වාහන. ඊටත් හපං ඩ්‍රයිවු කරන බුවාලා ඇඳුනුංකම්වලට ලයිෂන් අරගෙනද මන්දා පිස්සුවෙන් වගේ එළවන්නෙ. ඒ අතරෙ කාවවත් ගණං ගන්නෙ නැති බස් ඩ්‍රයිවර් උන්නැහේලත් ඉන්නවා. ඉවක් බවක් නැතුව පැදගෙන යන ත්‍රීවීල් ගොයියලත් ඉන්නව. හැම අස්සකින්ම යන්න පුළුවන් කියලා හිතන බයික් මහත්තුරුත් ඉන්නවා. මේ දේවල්වලින් බේරිලා එපැයි යන්න.
2. ෆැමිලි ටයිම්
ළමයි එක්ක චුට්ටක් හුරතල් වෙවී යන්න, ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක රටකජු කකා යන්න, වයිෆ් එක්ක නිදහසේ කතා කරන්නවත් වෙන්නෙ නැහැ ඩ්‍රයිවු කරද්දි. ඕවට කට දාන්න ගියොත් වෙන්නෙ වාහනේ හප්පගන්න.
3. බොඩි පාට්ස්
ගන්නකොටනං සිල්ලර කඩෙත් බොඩි පාට්ස් තියෙනව කියලා තමයි විකුණන්නෙ. ඒකට සැප බලන්න තියෙන්නෙ වාහනේ කැඩිලා බොඩිපාට්ස් හොයන්න පංචිකාවත්තෙ යද්දියි. පිස්සු හැදෙනවා.
4. දඩ/ෂේප්මන්ට්
ලයින් කැපුවත් නැතත්, හයිස්පීඩ් ගියත් නැතත්, මාමිලා ගහට මුවා වෙලා ඉඳන් කෙලෝනවා නැට්ටටම. ඉතිං සුපිරියටම එක්කො දඩ. නැත්තං ෂේප්මන්ට්.
5. හොරු
ඔක්කොටම හපං වාහන හොරු ඉන්න එක. වාහනේ තාක්ෂණේ දියුණු වෙන ගාණටම උන්ගෙ තාක්ෂණෙත් දියුණු වෙනවා. වාහන කෑලි ගලෝනවා, වාහන පිටින්ම උස්සනවා, බෙල්ලට පිස්තෝලෙ තියලත් වාහන හොරකං කරනවනෙ.
6. ලීස්, ෆිනෑන්ස් සහ තෙල්
වාහනේ ගන්න වෙන්නෙ සල්ලි දීලනෙ. එන්න එන්න වාහනෙත් ගණං වැඩි වෙනවා වගේම ඔවුවට ගන්න පොළියෙ රේට් එකත් වැඩි වෙනවා. ඉතිං ලීස් එක හෝ ෆිනෑන්ස් එකට ගෙවන සල්ලි වලින් පවුලේ සුබසිද්ධියට වැට බඳිනවා. ඕකෙන් වෙන්නෙ වාහනේ ගෙදර තියාගෙන බස් එකේ යන එක. මොකද වාහනෙන් යන්න ගත්තම ආයෙත් තෙල් ගහන්නත් සුපිරි බිලක් වැටෙනවානෙ.
7. ගරාජ් රස්තියාදු
ඔක්කොටම හපං මජං ගොඩේ ගරාජ්වල ලැගගෙන ඉන්න ගියාම. එවුවයෙ අයියලත් ගලවන්න පුළුවන් හැම තැනින්ම දත ගලවන්න හදන්නෙ. එකක් හදන්න ගියාම තව ලෙඩ සීයක් හදන්න වෙලයි නවතින්නෙ. ඉන්ෂුවරන්ස් අයියලත් පුළුවන් හැම දහං ගැටයක්ම ගහලා අපිට කෙලවන්න හදන්නෙ. නැට්ටටම එරෙනවා ඉතිං.
8. පාකින් අර්බුද
වාහන ගත්තත් හරි ඕන තැනක නවත්තගන්න බැරි එක තමයි ඊලඟ ප්‍රශ්නෙ. ෂුවර් නැති තැනක නැවැත්තුවොත් ගමන ගිහින් එනකන් හිතේ නිදහසක් නෑ. ඇයි වෙන වාහනයක් හූරගෙන හරි හප්පගෙන හරි ගියොත් කියල. ඉතිං වාහනේ ගෙදර හරි මග හරි දාලා රුපියල් සීයක විතර ත්‍රීවීල් එකක එන්න ඕන අදාල තැනකට. ඔවුව තමයි ඉතිං ප්‍රැක්ටිකල් ප්‍රශ්න කියන්නෙ.
9. ශරීර සහ මානසික සෞඛ්‍යය
ට්‍රැෆික් එකේ පැය ගණන් හිර උනහම, කවුරුහරි වැරදි විදිහට එළවල හප්පන්න ආවහම හිතට දැනෙන සනීපෙට කියවෙන්නෙ හොඳ වචන නෙමෙයි. එක පාරටම වාහනේ නැති ලෙඩක් මතු උනාම, සල්ලි හිරවෙලා ඉන්න වෙලාවක ඉන්ෂුවරන්ස්, ලයිසන්, දුම් පරීක්ෂණ සෙට් උනහම පුදුම මානසික වදයක්.
මේ කිසි අවුලක් නැතුව වාහනේ පාරට දාල එලවන අයටත් අවුල් නෑ කියන්න බෑ. එයාලට එන අවුල තමයි කාර් එකට ඕනෑවට වඩා හුරු උනාම එන සෞඛ්‍ය ප්‍රශ්න. ඇයි අල්ලපු වැටේ තියන කඩේටත් යන්නෙ කාර් එකෙන්නෙ.
10. ටැක්සි සර්විස්
දවසෙන් දවස දියුණු වන ටැක්සි සර්විස් එක්ක බලද්දි මිදුලේ ඉඩත් ඉතුරු කරගෙන, අමතර වියදමත් ඉතුරු කරගෙන, නාස්තිවෙන කාලෙත් ඉතුරු කරගෙන හදිස්සියකට ටැක්සි සර්විස් එකක ප්‍රයෝජනේ ගන්න එක හොඳටම වටිනවා. Uber, PickMe වගේම Budget Taxiත් තියෙනවා. ඒ වගේම හැම තැනම දැන් ටැක්සි සර්විස් වැහිවැහැලා. ඉතිං මොන කරදරයක්ද. එක කෝල් එකයි. එවුවයෙ ඔෆර්සුත් තියෙන නිසා ආතල් එකේ ගමන් යන්න පුළුවන්. ඒ නැතත් ඉතිං අනාගතේ අපිටෙයි කියලම මොනෝරේල් ආවම ආයිත් මොන වාහනද මහත්තයෝ.
උපුටා ගත්තෙ මෙතනින් http://www.aniwa.lk/2016/11/08/1611082-10-reasons-not-to-buy-a-vehicle/