ඇයි එහෙම කියන්නේ.. රේප් වෙලා දරුවෙක් ලැබෙන්න ඉන්න කෙල්ලෙක්ගේ අම්මෙක්ට තාත්තෙක්ට දැනෙන හැඟීම දන්නවද?
" ප්රශ්නය තමාගේ නොවෙනතාක් පිළිතුර ධාර්ෂනිකය " ලංකාවේ එවුන්ට ඕවා කියලා වැඩක් නෑ බං , ඔය වගේ තත්වයකට මුහුණ දීපු කෙනා තමයි වේදනාවේ තරම දන්නේ
දූශකයො එල්ලන කතාවෙදිත් තත්වෙ ඕකම තමා. ගබ්සා කරන්න දෙන්න කියල කෑගහන උන් ඒව වලක්වන්න ඕනෙ දේවල් කරද්දි ඒවටත් විරුද්ධයි. ඉතිං කොහෙ කරන්නද.
im not against abortion btw
මමනම් ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවට සම්පුර්ණයෙන්ම විරුද්ධයි , ඒකට ප්‍රධානම හේතුව ලංකාවේ පොලිසිය නිතිය නවන නැමිල්ල නිසා අහිංසකයන් මරණයට ලක්වීමට පුළුවන් නිසා
මේ ගැන හොඳම උදාහරණයක් තමයි කොටකෙතන ප්‍රදේශයේ මවක් තම තරුණ පුතා අතින් ඝාතනය වූ බවට පොලීසියේ ප්‍රකාශ අනුව ජනමාධ්‍ය දිගින් දිගටම වාර්තා කළේ ය. පොලීසිය සැබෑ අපරාධකරු වසන් කිරීමේ උවමනාවෙන් තරුණයාට පහරදී බලෙන් කටඋත්තර ගත් බව පසුව අනාවරණය විය. තරුණයා නිදහස් වී ගෙදර ගියේ ය; සමාජ අවලාද ඉවසනු නොහැකි ව දිවි නසා ගත්තේ ය. තම මරණයට හේතුව පොලීසිය හා ජනමාධ්‍යය බව ලියා තබමින් ඔහු ගෙල වැල ලා ගත්තේ ය. තරුණයා මිනීමරුවකු කළ ජනමාධ්‍ය ඉන් පසු මුනිවත රැක්කේ ය.
මේ තියෙන්නේ එලකිරියට මම ඒ ගැන ලියපු සම්පුර්ණ විස්තරය
http://www.elakiri.com/forum/showthread.php?t=1832473
ගබ්සාවට විරුද්ධ අයටත් ඔය කතාවම ගබ්සා කරගන්න අයටත් කිව්වහැකි. ඔය ගැන හොඳ විස්තරයක් තනුජක කරල තිබ්බ. පුලුවන්නං හොයාගෙන කියවන්න පත්තර කාරයන්ගෙ බයිල වලට රැවටෙන්නැතුව.
පත්තර කාරයන්ගෙ බයිල වලට නම් රැවටෙන්නැ බං , මම http://www.elakiri.com/forum/showthread.php?t=1832473 මේ ත්‍රෙඩ් එක දම්මේම පත්තර කාරයන්ගෙ බයිල විවේචනය කරලා , මගේ මතය නම් දුෂණයට පත්වී ගැබ්ගත් කාන්තාවකට වගේ විශේෂ අවස්ථාවලදී වත් ගබ්සාවට ඉඩ දිය යුතුයි කියන එකයි