ගබ්සා කරනවාද?

Jan 14, 2013
77
61
0
530275_181019878707335_1631519479_n.jpg


අවුරුද්දක් ඇතුලත මුලු ලොකයේම සිඩුවන්නා වු ABORTION හෙවත් ගබ්සා ප්‍රමානය මිලියන 40 කට අධික වෙනවා.ඒ කියන්නේ අවුරුද්දකදි ඉපදෙන්න ඉන්න සිගිති ලදරුවන් මිලියන 40ක ජිවීත නැතිකරලා දානවා.ඇත්තටම මෙම පින්තුරයේ තියෙන්නේ සති 23ක් උන දරු ගැබකට ගබ්සාවක් සිදුකරනු ලබන ආකරය.බනින්න එපා මෙහෙම පින්තුර දානව කියලා.මේ වගේ දෙයක් දැම්මේ හැමෝටම ලොකු උදවුවක් ලැබෙයි කියලා.ඒ නිසා කපුටට බනින්න එහෙම එපා මෙ වගේ දේවල් දැම්ම කියලා.



ගබ්සාව කරන විදිය දකින්න ඇතිනෙ කවුරුත්.ඒ වගෙ තමයි සිගිත්තාව මවු කුසෙන් අයින් කරන්නේ .හැමෝටම පෙනවා ඇතිනේ කොයි තරම් වේදනාවක්ද කියලා.කපුටා කියන්න හදන්නේ ගබ්සාව කරන හැටි ගැන නම් නෙමෙයි.



ඇත්තටම ගබ්සාව කර්න්නනම් දරු ගැබක් මවගේ ගර්බාශයේ හටගන්න ඕන.ගැබ් ගන්නේ කොමද කියලා කවුරුත් දන්නව ඇතිනේ.මම කියන්න යන්නේ ගබ්සාවක් සිදුකරන්න පෙලබෙන්නා වූ කරුනු කිහිපය පිලිබදවයි



1. දූෂනයකට ලක්වීම තුලින් දරුගැබක් හටගැනීම


2.අසම්මත ප්‍රේමයක් හේතුවෙන් දරු ගැබක් හට ගැනීම


3.පෙම්වතා විසින් දරුගැබක් ලබාදී පෙම්වතියව මගහැරීම


4.අනාරක්ෂිත ලින්ගික හැසිරීම හේතුවෙන් දරු ගැබක් හට ගැනීම.



මෙන්න මෙම හේතු තමයි ගබ්සාවකට ගොඩාක් වෙලාවට හේතු වෙන්නේ.


ඇත්තටම දුෂනයකට ලක්වෙලා දරු ගැබක් හට ගත්තම විවිධ ගැටලු මතු වෙනවා.ඇත්තටම එහෙම උනාම ලොකු මානසික පීඩනයකට හා සාමාජය විසින් එම කාන්තාව කොන් කිරීම නිසාත් එම අසරන කාන්තාවන් ගොඩාක් වෙලාවට මෙ වගේ ගබ්සාවකට පෙලබෙනවා.ඒ ගැන කපුටා මුකුත් කියන්නේ නෑ.



අස්ම්මත පෙම නිසාත් දරුගැබ් ඇතිවෙනවා.තහනම් ගහේ ගෙඩි රහයි කියලා කාලා අන්තිමේ මෙහෙම උනාම තමන්ගේ හොර වැඩ,තමන්ගේ ප්‍රතිරූපයට කැලලක් වෙයි කියලා,තමන්ගේ කුසේ හටගත් දරු ගැබ විනාශ කරන්න ගොඩක් අය පෙලබෙනවා.ඇත්තටම ඒ අයට කියන්න තියෙන දේ පස්සේ දවසක කියන්නම්.මොකද දැන් කියුවොත් මම මෙක ගොඩක් දිග ලිපියක් වෙනව.මොනා වුනත් තමන්ගේ වැරදි වැඩ වලින් මෙලොව එලිය දකින්න බලන් ඉන්න කිරිකැටියෙක් වන්දි ගෙවනව කියලා විතරක් දැනට කියන්නම්..



ඇත්තටම 3 වෙනි හේතුව ඒ කියන්නේ පෙම්වතා විසින් පෙම්වතිය අසරන කිරිමේ ආරමුනින් දරු ගැබක් ලබා දීම ගැනනම් කියන්න තියෙන්නේ අදකාලේ ඒ වගේ තිරිසන්නුත් ඉන්නවා ඒ නිසා ඒ වගේ අයට ‍රැවටිලා අන්තිමේ මුකුත් නොදන්න කිසි වරදක් කරලා නැති අසරන බිලිදෙකුගේ ජීවිතය නැතිකරනවට වඩා හොදයි ආදරය කරද්දි යම් කිසි සීමාවකට යටත්ව ආදරය කරන 1ක.එතකොට ගොඩක් පස්න අඩුයි..



4 වෙනි හේතුව නිසා තමයි බොහෝමයක් කාන්තාවන් අනවශ්ය ලෙස ගැබ් ගන්නේ.ඇත්තටම ගොඩක්ම ගබ්සා කරන්න වෙන්නේ මේ වගේ අනාරක්ශිත ලින්ගික ඇසුර නිසා.ඇත්තටම වෙනත් රටවල අනාරක්ශිත ලින්ගික ඇසුර පිලිබදව දැනුවත් කරනවා.ඒ උනත් ඒ රටවල ගබ්සා කිරීම්ද විසාල වසයෙන් සිද්ද වෙනවා.ලන්කාවෙත් ඉතා අඩුවෙන් හරි මේ දේවල් ගැන කතා කරනවා.ඒත් ලන්කාවෙත් ගබ්සාවන් සිදුවෙනා. ඇත්තටම ගොඩක් අය මේ වගේ පශ්න වලට මුහුන පාන්නේ නොදනුවත් කම නිසා නෙමෙයි.ඇත්තටම මේ ලොකේ රටාවක් තියෙනව.ඒ රටාව තුල සෑම සතෙක්ම තම වර්ගයා බෝ කිරීමේ නියලෙනවා.



ඒහෙත් මෙම සතුන් අතරින් මිනිසා හා ඩෝල්පීන් කියන සත්වයින් දෙදෙනා තමයි තම වරිගයා බෝ කිරීම සදහා පමනක් නොව තම තෘප්තිය ඒ කියන්නේ සතුට සදහා ලින්ගිකව හැසිරෙන සත්වයින් දෙවර්ගයක්.ඉතින් මිනිස්සු විදියට හැමෝම කැමතියි ඒ සතුට විදින්න.බොරු කියන්න ඔන නැහැනේ.ඒත් එකට නිසි වයසක් තියෙනවා(ඒම තියෙන්නත් හේතු තියෙනව ඒවත් පස්සෙම කියන්නම්කො) ඉතින් මිනිසුන් ලෙස හැමදෙනාම එම දේවල් විදගැනීමට යාමේදි ආරක්ශිත ඒ කියන්නේ කිසිම කෙනෙකුට හානියක් නොවන(අනවශ්ය ලෙස ගැබ් ගැනීම්,සමාජ රෝග වලින් බේරීම සදහා) ක්‍රම භාවිතා කිරීම තමා යෝග්ය වෙන්නේ



අද වන විට ලන්කාව තුල නාගරීකව හා බොහෝ ග්‍රාමීය ප්‍රදේශ වල පවා කඩවල් වල උපත් පාලන කොපු ඒ කියන්නේ CONDOMS විකුනන්න තියෙනවා.ඒ වගේම ඔනෑම FOODCITY 1කින් උනත් මිලදී ගන්න පුලුවන්.එහෙත් ගොඩක් අය මේ දෙවල් ගැන කතා කරන එක ගැන පවා හිතන්නේ මෙ කුනුහරුප කියනව කියලා.ඇත්තටම මෙ දේ කුනුහරුපයක් උනා කියමුකො.ඒ කුනුහරුපෙන් හරි මේ පින්තුරේ ඉන්නවා වගේ කිරිකැටියෙකුට අරවගේ ගබ්සාවකට ඉරනමකට ලක්කරලා ජිවීතේ හානි කරලා අන්තිමේ තමන්ගේ ජිවීත වලිනුත් විදව විදව සමහර වෙලාවට ගබ්සා සිදු කිරීමෙදී බොහෝ විට අනාරක්ශිතව හා සුදුසුකම් රහිත පුද්ගලයන් මෙම දෙවල් කිරීම නිසා කාන්තා ජීවිතද විසාල ප්‍රමානෙකින් අහිමි වෙනවා අන්න ඒ වගේ වෙන්න තියෙන ජීවිත හානියක් මෙ වගේ කුනුහරුපයක් කියලා හරි අඩු කරන්නයි කපුටට ඔන.



ඇත්තටම ගොඩක් අය අනාරක්ශිතව ලින්ගිකව හැසිරෙන්නේ මේ දේවල් මිලදි ගන්න තියෙන බය හා ලැජ්ජාව නිසා.ඇත්තටම ඒ වගේ අයට කියන්න තියෙන්නේ ඔයාලගේ ඒ වගේ ගතිගුන නිසා අන්තිමේ ඔයාගේ ජීවිතෙත් පස්න වලින් පුරවගෙන විශාල මුදලකුත් දීලා අහින්සක කිසි වරදක් වත් නොකල මේ ලොකෙ එලිය බලන්න කුසට පිලිසිදගත් තමන්ගෙම දරුවව තමන්ගේම ලේ විනශ කරන්න වෙන එක.ඒ හැම දේටම වඩා ලැජ්ජාවෙන් හරි උපත් පාලන කොපුවක් මිලදී ගත්තනම් හරි කියල තෙරෙන්නේ ගොඩක් දේවල් උනාට පස්සේ තමයි.ඒ නිසා තමන්ගේ ආරක්ශාවත් නිකන් ජිවීත හානියකුත් නොකර තමන්ට විදින්න ඔන සතුට විදගන්න උපත් පලාන උපකරණ(උපත් පාලන කොපු හා උපත්පාලන පෙති) බාවිතා කරලා වෙන්න තියෙන විනාශ වලක්වන්න කියල සැමගෙන් ඉල්ලා සිටිනවා



ටිකකට බලන්න මේ PHOTO 1 ඉන්න චූටී බබා දිහා.ඒ බබාගේ ඇස් දිහා.ඇත්තටම මේ වගේ චූටී පැටියෙක් ඉපදෙන්නත් කලි තම මවගේ කුස තුලදිම කුරිරු ලෙස ගබ්සාවකට ලක්වෙනවට ඔයාලා කැමතිද? විනාඩී කිහිපයේ වින්දනයක් නිසා ඇති වන්නා වූ අනවශ්ය ගැබ් ගැනීමක් විනාශ කරලා දාන්න විශාල මුදලක් වියදම් කරනවට වඩා පොඩි මුදලකට තමනුත් ආරක්ශා වෙලා වෙන්න තියෙන ජීවිත හානිත් අවම කරගන්න එකයි ඔබේ යුතුකම.ඔන්න මට කියන්න පුලුවන් හොදම විදියට කියන්න තිබුන ටික කියුවා.කාටහරි තව දැනගන්න දේවල් හරී මම කියුව දේ වැරද්දක් හරි තියෙනවනම් කපුටට මැසේජ් 1ක් හරි COMMENT 1ක් හරි දාන්න.



මෙම පණිවිඩය සමාජයට වැදගත් පණිවිඩයක් හා මේ මගින් අහින්සක කිරි කැටි බිලිදෙකුගේ ජීවිතයකට තම මවගේ කුසෙදීම මෙවනී අසුන්දර දෙයකට මුහුන පෑමට ඇති හැකියාව අඩු කරන්න කැමැත්තක් තියෙනවනම් සුන්දර දේවල් SHARE කරනා අතරතුර මෙම පණිවිඩයද SHARE කර මෙවනි අසුන්දර දෑ සිදු වීම වැලක්වීමට අපිත් සමග එකතු වෙන්න..




✔ ☛ Kaputa 18+
✔ ☛ https://www.facebook.com/kaputa18plus
..................................................................
.
 
Last edited:
Jan 14, 2013
77
61
0
facebook 1hi demu sampurna lipiyama elesama dhamana nisa adu padu athoth samawanna.1st thread 1ta adahas dekku semata sthuthiwantha we.. eyalage adahas anuwa mama mage 2wana thread 1 demimata sithu bawada karunawen denum demi
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අකුරු පොඩ්ඩක් පොඩි කරල දාපන් මචෝ.. කියවන එවුන්ට කියවන්න එපා වෙනවා නැත්තං.. REP 12++
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    වටින ලිපියක්.. වටින ලිපියක්.. වටින ලිපියක්.. වටින ලිපියක්.. වටින ලිපියක්..