ගමක ඉපදෙන එකෙන් CEO වෙන්න තියෙන බාධාව මොකක්ද කියන්න මම දන්නෙ නෑ. හැබැයි මට පේන විදිහට මේ business එක දක්ෂ ව්‍යවසායක හැකියාවක්. මොකද මම දන්න විදිහට covid කාලේ online diploma දෙන්න පටන් ගත්ත එකක්නේ ඕක. ඒත් මේක මේ campus කියන නම දාගෙන කරන එක නම් මට ප්‍රශ්නයක්. මොකද මෙයාලගේ FB ad වල දානවා UGC recognition කතාවක්. ඒ වුනාට ඒවයේ දාන letter එකේ තියෙන්නේ මේ campus එකේන් අහලා තියෙනවා කාම්බෝජයේද කොහෙද තියෙන විශ්වවිද්‍යාලයක් ගැන, ඉතින් ඒ කාම්බෝජ විශ්වවිද්‍යාලය UGC පිළිගන්නවා කියලා. එතකොට මෙයාලා දෙන සහතික දෙන්නේ ඒ කාම්බෝජ විශ්වවිද්‍යාලයද මෙයාලද? සරලව කිව්වොත් මෙයාල විශ්වවිද්‍යාලයක් කියලා ලංකාවේ UGC එක පිළිගන්නවාද?