ඊළග පාර නාමල් ට දෙමු... උන්ට තමයි ඔය වගේ ඒවා කරන්න පුළුවන්...
නෑ...හරි දැන් උද්දමනය ධන වෙන ප්රමාණයෙට උබලගේ පඩිය වැඩි උනාද?
චුපා මී පොල්ලඋඹ ඕක දැම්මෙ මොකේටද කියලා දන්නවා.. දැං රෙවුනට පස්සෙ ත්‍රෙඩ් එක කියවලා එන්න කියනවා..
වාෆා කූලෝ පූතා මාදරේ...
බාසා දෙකකින් බැනලා තියෙන්නෙ බුවාට...චුපා මී පොල්ල![]()
ශ්‍රී ලංකා මහ බැංකුවේ, සංඛ්‍යාන දෙපාර්තුමේන්තුව අගෝස්තු මස 27 වන දා නිකුත් කර ඇති වාර්තාවට අනුව 2024 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගයේදී කොළඹ දිස්ත්‍රික්කයේ වාර්ෂික ඉඩම් තක්සේරු දර්ශකය 11.4%ක ඉහළ යාමක් වාර්තා කර තිබේ.
උද්ධමනය 100 ට විතර ඇරපන් එතකොට තවත් සුභයි#බයියන්ට_ආර්ථික_විද්‍යාව.
මේ පෝස්ට් එකට හා හා දාලා තියෙන මගේ බයි මිතුරෝ කීප දෙනෙක්ම හිටියා..
"උද්ධමනය ධන වීම" කියන එකේ තේරුම දන්නවද?
A/L වලට සයන්ස් කරාම, ලෝකේ සියලු දැනුම ලැබෙනවා කියලා නටන්න එපා කියන්නෙ ඕකයි.
පෝස්ට් එක හදපු එකා හිතං ඉන්නේ, මේ news එකටදාපු ජෙප්පො මෝඩයි කියලා. ඒත්, ඒ ඇඩ්ඩිං දන්නෙ නෑ, "උද්ධමනය සෘණ අගයක් ගැනීම" රටක ආර්ථිකයට අහිතකරයි කියන එක.![]()
ඒ ගැන මෙලෝ අවබෝධයක් නැති නාමල්ගේ බයියෝ ටික "අමෝ අමෝ..මාර ජෝක් එක" කියල මේකට පෝලිමේ හා හා දානවා.
බයියනේ, රටක ආර්ථික වර්ධනයක් වෙන්න නම් positive inflation එකක් තියෙන්න ඕන. ඒක single digit තියාගෙන යන එක තමයි, "උද්ධමනය පාලනය කරනවා" කියලා කියන්නේ. දීර්ඝකාලීනව උද්ධමනය සෘණ (අවධමනය) වෙන රටක, ආර්ථික වර්ධනයක් ලබා ගන්න අමාරුයි. ඒ වගේම තමයි උද්ධමනය double digits ගියාම, ආර්ථිකය ස්ථාවරව තියාගෙන යාම අමාරුයි.
2022 අපිට උනේ hyper inflation තත්ත්වයක්.
ඒකේ course correction එකක් හැටියට තමයි, 2024 අපේ උද්ධමනය සෘණ අගයක් ගත්තේ.
දැන් ආයේ උද්ධමනය ධන අගයක් ගත්තා කියන්නේ, අපේ ආර්ථිකය, අර්බුදයට පෙර තිබුණු තත්ත්වයට ක්‍රමයෙන් පත්වෙලා තියන එක.
ඉතිං, "මාස 11කට පසු රටේ උද්ධමනය ධන අගයක් ගනී" කියන එක, සමරන්න වටින ප්‍රවෘතියක් තමයි, බයි මොල වලට නොතේරුනාට.
ඉදිරි අවුරුදු වල අපේක්ෂිත ආර්ථික වර්ධනය එක්ක, රටේ උද්ධමනය ධන 4% - 5% අතරේ පවතින එක තමයි සුබදායක කියලා ආර්ථික විද්‍යාව දන්න අය කියන්නෙ.
A/L වලට Econ නොකරාට කමක් නෑ. සරල අංක ගණිතයේ "ධන - සෘණ" දැනුමෙන් ආර්ථික විශ්ලේෂණ දෙන්න යන්න එපා කියලා විතරයි ඉල්ලන්නේඋඹලාට බයියො කියලා කියන්නේ ඕන්න ඔය නිසයි. රාජපක්ෂලාගේ මඩ පේජ් වලින් උස්සලා දෙන ඕනම බොරුවක්, මෙලෝ අවබෝධයක් නැතුව කරේ තියං උස්සන් දුවනවා.![]()
Source
@dilann උඹලාට බයියො කියලා කියන්නේ ඕන්න ඔය නිසයි.
රාජපක්ෂලාගේ මඩ පේජ් වලින් උස්සලා දෙන ඕනම බොරුවක්, මෙලෝ අවබෝධයක් නැතුව කරේ තියං උස්සන් දුවනවා.
![]()
Ranil wage Tibba evva vikinuwanan okkoma goda tama ne da banමාස 9ට මෙහෙම නම් අවුරුදු 5ට කෙහොම තියෙයි ද ?
ඉඩම් වලට පාලන මිලක් දාන්න කියලද කියන්නේ???ශ්‍රී ලංකා මහ බැංකුවේ, සංඛ්‍යාන දෙපාර්තුමේන්තුව අගෝස්තු මස 27 වන දා නිකුත් කර ඇති වාර්තාවට අනුව 2024 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගයේදී කොළඹ දිස්ත්‍රික්කයේ වාර්ෂික ඉඩම් තක්සේරු දර්ශකය 11.4%ක ඉහළ යාමක් වාර්තා කර තිබේ.
තව ද 2024 වසරේ පළමු භාගයේදී 4.7%ක් වූ අර්ධ වාර්ෂික වර්ධනය 2025 වසරේ පළමු භාගයේදී 8.3%ක් දක්වා වැඩිවීමක් දක්නට ලැබේ.
ඉඩම් මිල ඉහළ යාමට හේතුව කුමක් ද?
මෙලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල මිල ඉහළ යාම සහ ඉන් සිදුවන බලපෑම පිළිබඳව බීබීසී සිංහල සේවය තවදුරටත් කරුණු විමසා බැලී ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දෙන්නේ, ඉහළ ගිය උද්ධමනයට ගැලපීමක් ලෙස මෙලෙස ඉඩම් මිල ඉහළ යාම සිදුවන බව ය.
"පහුගිය කාලේ 70%ක විතර උද්ධමනයක් තිබුණා. මේ උද්ධමනයට සාපේක්ෂව ඉඩම්, නිවාස වගේ දේවල්වල මිල ගණන් ඒ ප්‍රමාණයෙන් ම ඉහළ ගියේ නෑ. නමුත් අපි දන්න දෙයක් තමයි උද්ධමනයත් එක්ක මුදලක මිල දී ගැනීමේ හැකියාව පහළ යනවා. ඒ නිසා වෙච්ච දේ තමයි ඉඩකඩම්, ගෙවල්වල මිල ඉහළ යාම යම් ප්‍රමාදයක් ඇති වුණා, ඒ ගැලපීම වෙන්න. දැන් සිද්ධ වෙලා තියෙන්නේ ආර්ථිකයේ අනිත් අංශවල මිල ගණන් හැඩ ගැසීමෙන් අනතුරුව නිවාස, ඉඩම් වගේ දේවල්වල මිල ගණන් පහුගිය කාලයේ පැවති උද්ධමනයට අදාළව ගැලපීම තමයි දැන් සිදුවෙමින් පවතින්නේ," මහාචාර්යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.
"2019 දී මුළු භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම සමාන්‍යයෙන් මම හිතන්නේ 103%ක් 110%ත් අතර ප්‍රමාණයකින් විතර ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉඩමකුත් ලක්ෂ 40ට තිබුණ එක ලක්ෂ 80ට නැතිනම් 90ට කිට්ටු වෙන්න මිල ඉහළ යන්න ඕනේ. අපි ඒ මට්ටමට ඉඩකඩම් මිල ඉහළ යනවා දැක්කේ නෑ. ඉඩකඩම් විශාල සප්ලයි එකක් තමයි තිබුණේ පහුගිය කාලයේ, විවිධ ආර්ථික අග හිඟකම් නිසා මිනිස්සුන්ට ඉඩකඩම් විකුණ ගන්න අවශ්‍ය වුණා, හැබැයි විකුණ ගන්න බැරි වුණා."
ප්‍රධාන නාගරික ප්‍රදේශවල ඉඩකඩම් මිල ඉහළ ගිය ද අර්ධ නාගරික හෝ ග්රාමීයව ඉඩම් මිල ඉහළ යා යුතු ප්‍රමාණයට මිල වැඩි වී නොමැති බව ද මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ කියා සිටියේ ය.
මෙලෙස ඉඩකඩම්වල මිල ඉහළ යාමෙන් දැඩි ලෙස පීඩාවට පත්වන්නේ තරුණ ප්‍රජාව බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
"මේකේ ලොකු ම අවාසිය ඇති වෙලා තියෙන්නේ තරුණ පිරිස්වලට තමයි. තරුණ පිරිස් තමයි මේකෙන් විශාල විදියට බැට කන්නේ."
මෙම තත්ත්වය තුළ ඉඩම් හා නිවාස ණය ලබා ගැනීමේ දුෂ්කරතා ඇති විය හැකි බවත් ඔහු සඳහන් කළේ ය.