ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)

Tharaka24

Member
Feb 1, 2009
2,023
69
0
me kella dukemane bn inne. mona velada bn jeevithe mechcharatama kala kirenna?? eki vena aagamaka kellekda bn??
 

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    නොසිතු ලෙස
    ඔබෙන් ලද ප්‍රති පිළිතුර
    මගේ හදවත රිදුම් දීමට
    හේතු වුවා බව ඔබ දන්නවාද?
    ඔබ මා වෙත දිග හැරු
    වෘතන්තයකි
    අඩු ලුහුඩු තැන් කිසිවක් නොවිය
    ඒ පිළිබදව කිසිදු සැකයකුත් නොමැත
    නමුත් කියාගන්න බැරි තරම්ම
    මේ තරම් දුකක්
    මගේ හදවත තුල කකැරෙන්නේ
    ඇයි දැයි නොදනිමි
    බොහෝ දේ පැවසීමට ඇතිමුත්
    එය පැවසීමට තරම් ප්‍රමාණවත් ශක්තියක් නැති සේය
    පපු කුහර තුල වායුගෝලයක් හිර වුවා සේය
    මම නැවත තනාගත් ලෝකය
    මගෙන් ගිලිහි යන්නට සැරසෙනවා සේ
    හැගෙන්නේ ඇයි දැයි නොදනිමි
    තෙදිනක්ම සතිය තුල
    ඔබ මගෙන් ගිලිහෙන්නට වුවාදොයි
    යන හැගීමද පැමිණේ
    මම දනිමි එසේ නොවන වග
    නමුත් යටි සිත දන්නවා වුවද
    ශරිරස්කන්ධයෙහි ඇති
    කොතැනක හෝ
    සංවේදී ඉන්ද්‍රියක් එය පිළිගැනීමට තරම්
    අනුවණ වන්නේ ඇයි දැයි නොදනිමි
    හුදෙක් මෙය ඔබට ඇති ආදරය නිසාම
    ගොඩ නැගු දෙයක් වන්නට පුළුවන්
    ඔබ වෙන් වෙයිදෝ යන හැගීමට
    ඉඩක්
    ඇති බවද
    නැති බවද
    යන්න නොදනිමි
    විස්තරකිරීමට තරම් දුකක් සිත තුල රැව් දෙන්නේ
    ඇයි දැයි නොදනිමි
    සමහර විට
    මට ඔබගේ උණුසුම අවශ්‍ය නිසා විය හැකිය
    නමුත් නොදනිමි ඒ දුකත් වේදනාවත් පැමිණියේ
    නුබට ඇති ආදරය නිසාද යන්න වග
    එය එසේම විය යුතුයි
    නමුත් නුබ දන්නවාද
    මගේ හිත මම නොදන්නා තරම්ම සංවේදී යි
    නුබට ඇති ආදරය නිසාම
    සමහර වෘතාන්ත දරා ගැනීමට තරම්
    මානසික මෙන්ම අධ්‍යාත්මික ශක්තියද මට නැත
    නුබ පවසන දෑ
    ඉතාමත් ආයාසයෙන්
    දෙසවන් යොමු කර අසා සිටියත්
    ඒ පිලිබදව දුකක් වේදනාවක්
    හුදෙක්ම කිසිදු ඉරියව්වක්
    නොපෙන්වූ වත්
    මගේ සිත ඇතුල
    ලෝ දිය ගුගුරමින්
    පිට පනින
    මහා විශාල ගිනිකන්දක වෙස් ගත් බව
    මම වත් නොදනිමි
    හදවතෙහි සැම ශිර්ශයක්ම
    දැවී අළුවී ගොස් ඇති බව
    හැගෙන්නේ ඇයි දැයි නොදනිමි
    හැගෙන්නේ මම
    අරමුණක් නොමැතිව ගමන් කරන්නකු සේය
    ජිවිතයේ මහා පාළුවක් දැනෙන්නේ ඇයිදැයි
    නොදනිමි
    කාන්තාරයක ගමන් කරන්නාක් සේ
    සැමදෙයකම දුෂ්කර බවක්
    මා ඉදිරියේ මැවී මැවී පෙනෙන්නේ ඇයි දැයි නොදනිමි
    හිතේ තියෙන කුමක් හෝ දෙය
    පිලිබදව විස්තර කරන්නට දරන මේ
    ප්‍රයත්නයෙහි කිසිදු ප්‍රතිපලයක්
    නැති බව හැගෙයි
    මුළු හිතම ධවල හිස් කඩදාසියක්
    සේය
    ඒ හිස් කඩදාසිය මගේ නෙතු අගින්
    හැලෙන කදුළු වලට තව තවත්
    පෙගී යයි
    හිත තුල දැවෙන ගින්දර වලට
    තව තවත් ගිනි ගනී
    එය තව දුරටත් ධවල හිස් කඩදාසියක් නොවේ
    මහා විනාශයට පන පෙවූ
    එකම එක අළු ගොඩකි
    මගේ සිත මේ තරම් දුර්වල වුයේ කෙසේ දැයි නොදනිමි
    සිතටත් මනසටත් මැවී මැවී පෙනෙන
    සමහර දේ විස්තර කිරීමට තරම්ම බයංකාරය
    මම ඒ නිසාම ඔබෙන් යමක් ඉල්ලමි
    පවසන්න මට ඔබේ සියලුම දැ
    නමුත් ඔබේ නාමයෙන් තව තවත් මේ හිතට දරාගැනීමට
    තරම් නොහැකි දැ ඔබ සතුවම තියාගන්න
    මේ විදවන සිතට සමහර දැ
    දරාගන්න අමාරුයි
    ඇත්තමයි රොෂ්
    හුගක්ම අමාරුයි
    ඒ මම ඔයාට ගොඩක්ම ආදරේ කරන නිසා බව ඔබ දන්නවාද?



    :cool::cool:

    Written By Hashi :cool:

     
    • Like
    Reactions: Rex921

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    kellata wena kollek innawa wenna puluwan
    habai mama hithanne kella umbata thamai love karanne.
    umba eka therum ganne nathi nisa eki uta kamathi wenna athi. but mata hithena hatiyata meki me kiyanne umbata love karanawa kiyalamai
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ thread එක අද‍යි දැක්කේ.....:dull::dull::dull:
    සමහර නිසඳැස් කි‍යවනකොට කර්පට් වෙලා ‍යනවා බන්.....:baffled::baffled::baffled:

    බලමුකෝ අවසාන‍යට මොකාද ඔ‍ය එලකිරි සාමාජික‍යා කි‍යලා.....
    :P:P:P

    Rep+
     
    • Like
    Reactions: dj gamaya

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    දෙගිඩියාවෙන් වූ සිත
    නිගමනයකට ඒමට නොහැකි තරමටම
    නොසන්සුන්
    මා දනිමි නුබ කාර්යබහුලයි
    හුගක්ම
    කයත් සිතත් දෙකම
    නිදි වර්ජිතව
    වෙහෙසෙන බව දනිමි
    විටෙක මමත් විටෙක අන් අයත්
    ඔබේ මනසට පිඩාවක් දෝ යි
    හැගෙයි
    එවිට මසිත වෙලාගන්නා
    කළු වලවෙහි ස්වරුපය
    විස්තර කිරීමට නොහැකි තරම්ම
    භයංකාරය
    ඔබ මගෙන් වෙන් වේ වී දෝ යි
    හින් බයක් මගේ සිත තුල
    හොල්මන් කරන්නේ ඇයි දැයි නොදනිමි
    මගේ සිත මගේ කොල්ලගෙන්
    වෙන් කරන්නට හදනවදෝයි
    හැගෙනවිට
    මරණය පෙනී පෙනී
    ජීවත්වෙන්නට දගලන මාළුවකු සේ
    අරමුණක් රහිතව සක්මන් කරන්නට ගනී
    එසේ නොකරන් දෛවය
    මගේ ආදරයත්
    ඔහුගේ ආදරයත්
    වෙන් කිරීම මහා පාප කර්මයකි
    නුබ දන්නවා නුබේ සතුටත් මගේම වන බව
    එබැවින් ඉවසමි ඕනෑම
    කරුණක්
    ආදරයට අදාල හෝ නොවන
    පොරොන්දුවක් වන්නෙමි මම
    සැමදා සිටින වග ඔබ ලගින්ම
    සැපේදී කෙසේ වෙතත්
    දුකේදී
    මට හැකි පමණින්
    උදව් කරන්නම්
    අවුල් නිරවුල් කරන්නට නමුත්
    මා ආදරය
    අමතක නොකරන් මාව
    කිසිවිටකත්
    නුබ කව්රුන් හා කුළුපග වුවත්
    අමතක නොකරන් අයෙක්
    ඔබ වෙනුවෙන් සිටිනා වග
    නුබට ආදරය කරන වග
    ලියුවේ හිතට ආ දෙය පමණි
    දනිමි නුබ මා හා අමනාප නොවන වග



    :cool::cool:

    Written By Hashi :cool:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ thread එක අද‍යි දැක්කේ.....:dull::dull::dull:
    සමහර නිසඳැස් කි‍යවනකොට කර්පට් වෙලා ‍යනවා බන්.....:baffled::baffled::baffled:

    බලමුකෝ අවසාන‍යට මොකාද ඔ‍ය එලකිරි සාමාජික‍යා කි‍යලා.....
    :P:P:P

    Rep+

    :yes::yes:

    rep+14 :cool:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මොහොත ඉතා කාර්යබහුලයි
    නමුත් මසිත නිසංසලයි
    යලිත් මගේ පැනත් කොළයත්
    සිහියට නැගුනේ
    දෙනෝදාහක් මාගේ සහෝදරයන්
    ඉදිරියේය
    පන්තියේ දෙවැනි පෙළ
    කොනේ හිදගත් මා හට
    වෙනදා මෙන් නොව
    සිත පාලනය කර ගැනීමට
    නොහැකි ඇයි දැයි නොදනිමි
    පුංචි එකෙකුගේ අස්වැසිල්ලට
    මව් කිරි සොයන්නාක් මෙන්
    මගේ මව්කිරි මගේ විනෝදාංශය
    වී හමාරය
    නිසොල්මන් සිත විටෙක කලබල
    ඇයි දැයි නොදනිමි
    නමුත් දනිමි
    මේ සිතට
    අමතක නොකිරීමට යමක් ඇති බව
    ඒ නුබයි
    ලියන්නට බොහෝ දේ ගලන්නට විය
    නමුත් සමාවනු මැන
    වුවාය
    සම්ප්‍රාප්තිය
    ගුරු පියාණන්ගේ
    නැවතත් ලියමි පසුව
    සත්තයි මෙය
    පොරොන්දුවකි



    :cool::cool:

    Written By Hashi :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia


    පුංචි එකෙකුගේ අස්වැසිල්ලට
    මව් කිරි සොයන්නාක් මෙන්
    මගේ මව්කිරි මගේ විනෝදාංශය
    වී හමාරය
    මේ මොන කුණුහරප‍යක්ද බන්......:oo::oo::oo: