ගම්පෙරළිය Movie 1963🎦

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113

    Directed byLester James Peries
    Written byRegi Siriwardena
    Produced byAnton Wickremasinghe
    StarringHenry Jayasena
    Punya Heendeniya
    Wickrama Bogoda
    Trilicia Gunawardena
    CinematographyWilliam Blake
    Edited bySumitra Gunawardana
    Music byW.D. Amaradeva
    Distributed byCinelanka Ltd.
    Release date
    • 1963
    Running time108 minutes

    ගම්පෙරළියට වයස අවුරුදු 75යි

    1944 පළමු මුද්‍රණයේ පිටකවරය සහ 2018 මුද්‍රණයේ පිටකවරය
    ඡායාරූප මූලාශ්‍රය,MARTIN WICKRAMASINGHE TRUST

    ගම්පෙරළිය යනු හුදු නවකතා නාමයක් නොවේ. එය සැබවින්ම සිංහල සාහිත්‍යයට සිදුවූ පෙරළියකි.

    කතාන්තර කලාවක්ව පැවති සිංහල නවකතාව යථාර්ථවාදී කලාවක් බවට පරිවර්තනය වූයේ, මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ගම්පෙරළිය නවකතාවෙන් පසුවය.

    ගම්පෙරළිය මුල් ආකෘතිය​

    1944 වසරේදී ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය වුව ද ගම්පෙරළිය නවකතාව පිළිබඳව මුල් ම ආකෘතික සටහන් තබා ඇත්තේ, 1922 වසරේදීය. එනම්, ගම්පෙරළිය පළ කිරීමට වසර 22කට පෙරය. ලේඛකයෙකු සතු විය යුතු ඉවසීම සහ පරිණතභාවය එමගින් පැහැදිලි වෙයි.
    ගම්පෙරළිය

    ඡායාරූප මූලාශ්‍රය,GAMPERALIYA

    "ගම්පෙරළිය ලියන්න අවුරුදු 22කට කලින් තමයි ගම්පෙරළිය පිළිබඳ සංකල්පය වික්‍රමසිංහයන් තුළ පහළ වුණේ. ඒක ඒ දවස්වල මොනිටර් එක්සයිස් පොතක, ස්ක්‍රැප් බුක් කියල ඒකට කිව්වේ. ඒ පොතේ පිටු 13ක A plot for a novel කියලා ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා ගම්පෙරළිය නවකතාව පිළිබඳ අත්දැකීම," මාර්ටින් වික්‍රමසිංහයන්ගේ දෑස් පෙනීම දුර්වල වීමෙන් පසුව ඔහුගේ ග්‍රන්ථ රැසක සෝදුපත් පරීක්ෂා කළ ප්‍රවීණ ලේඛක දයාපාල ජයනෙත්ති ගම්පෙරළිය මුල් ආකෘතිය පිළිබඳව අප සමග කරුණු දැක්වූයේ එලෙසය.

    එම මුල් ආකෘතියේ සඳහන් කර තිබූ චරිතවල නම් කිහිපයක් ම පසුකාලීනව ගම්පෙරළිය නවකතාවේ ඇතුළත් කළ චරිතවල නම්වලට වඩා වෙනස් බව දයාපාල ජයනෙත්ති පැවසීය.

    "ඒකෙ තියෙන්නේ මුහන්දිරම් කුලචන්ද්‍ර කියලා. කයිසාරුවත්තේ මුහන්දිරම් පස්සෙ ආවෙ. පියල්ගේ නම ඒ මුල් ස්කෙච් එකේ දාල තිබුණේ සිරිමල් රණවීර කියලා. නමුත් නන්දා සහ අනුලා චරිත මුල් ආකෘතියේ ම තිබුණා. තමන්ගේ හිතට ආව අදහස හදිසියේ ලියන්නේ නැතුව අවුරුදු ගාණක් අත්දැකීම මෝරා වැඩිලා පරිණත වුණාට පස්සෙ තමයි මාර්ටින් වික්‍රමසිංහ මේ පොත ලිව්වේ."

    "ගම්පෙරළියෙහි ප්‍රධාන චරිතයක් නෑ.

    එහි ප්‍රධාන චරිතය ලෙස ගත හැක්කේ කාලය සහ කයිසාරුවත්තේ පවුල. එහි සිදුවීම් එකට බඳිනු ලබන්නේ කාලය විසින් මිස හේතුඵල ධර්මය විසින් නොවේ. එහෙයින් එහි රචනා රූපය රූපක කතාවේ රචනා රූපයට වෙනස්. එහි සිදුවීම් පවුලේ එකිනෙකා පිළිබඳ සිදුවීම්. ඒවා එකට ඈඳා බඳිනු ලබන්නේ කාලය විසින්. චරිත නිරූපණය වන්නේ එහි ඵල වශයෙනි." (උපුටා ගැනීම: මා ලේඛකයෙකු වූ හැටි - මාර්ටින් වික්‍රමසිංහ)

    ඒ අනුව, ගම්පෙරළියෙහි හිරිගල පවා චරිතයක් ලෙස භාවිත කර තිබේ.
    හිරිගල් දේවාලය දැන් පෙනෙන හැටි

    හිරිගල් දේවාලය දැන් පෙනෙන හැටි

    ප්‍රවීණ ලේඛක දයාපාල ජයනෙත්ති පැවසුවේ, එහි ඇතුළත් චරිත බොහොමයක් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ගතිපැවතුම් අධ්‍යයනය කිරීමෙන් ප්‍රතිනිර්මාණය කරන ලද ඒවා බවය.

    මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පියා පොලිස් නිලධාරියෙකු වූ අතර මහප්පා ගම්මුළාදෑනියෙකු විය.

    "එතුමා කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ චරිතය ගොඩනගලා තියෙන්නේ පියාගෙයි මහප්පාගෙයි චරිත ලක්ෂණ එකතු කරලා. මාතර හාමිනේගේ චරිතය අම්මා ඇසුරෙන් නිර්මාණය කළේ. නන්දා සහ අනුලා චරිත එයාගේ අක්කලාගේ චරිත අනුසාරයෙන් ගොඩනගලා තියෙන්නේ. ජිනදාස කියන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අක්කාගේ මහත්තයා. එයා සිංහලේ ගිහින් මැලේරියාව හැදිලා රත්නපුරේ ඉස්පිරිතාලෙක තමා මැරිලා තියෙන්නේ. මට රත්නපුරේ ඉස්කෝලෙක වැඩසටහනකට ගිය වෙලාවේ විදුහල්පතිවරයෙක් කිව්වා තාමත් ජිනදාසගේ දරුවන් දෙදෙනෙක් රත්නපුරේ ජීවත් වෙනවා කියලා," ප්‍රවීණ ලේඛක දයාපාල ජයනෙත්ති පැවසීය.

    මහ ගත්කරු පියාණන් ලියූ ගම්පෙරළිය ගැන කනිටු පුතුගේ මතකය​

    වෛද්‍ය රංග වික්‍රමසිංහ

    වෛද්‍ය රංග වික්‍රමසිංහ

    හෙළයේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කනිටු පුත් වෛද්‍ය රංග වික්‍රමසිංහ සිය පියාණන් ලියූ ගම්පෙරළිය නවකතාව පිළිබඳව අප සමග සිය මතකය අවදි කළේය.
    තමන් ද ගම්පෙරළිය නවකතාව නිවැරදිව වටහා ගත්තේ, ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට නියම කර තිබූ හෙයින් බව වෛද්‍ය රංග වික්‍රමසිංහ පැවසීය.

    "ගම්පෙරළිය ඒ කාලේ අපේ ඉස්කෝලේට නියම කළා. මං හිතන්නෙ අපේ සීනියර් ස්කූල් සර්ටිෆිකට් එකට නියම කරල තිබුණ ගම්පෙරළිය. එතකොට තමයි මම හරියට ගම්පෙරළිය කියෙව්වේ. මුල් කාලේ මම විනෝදෙට කියෙව්වා. ඒත් හරියට තේරුම් අරන් කියෙව්වේ විභාගයට සූදානම් වෙද්දී."

    1944 වසරේදී පළවූ මෙම අග්‍රගණ්‍ය නවකතාව මේ වන විට 2018 වසර දක්වා 58 වරක් මුද්‍රණය කර තිබේ. මාර්ටින් වික්‍රමසිංහ භාරකාර අරමුදල පවසන පරිදි පසුගිය වසර 10 තුළ ඉන් පිටපත් 120000ක් අලෙවි වී තිබේ.

    ඒ අනුව, ගම්පෙරළිය නවකතාව පරම්පරාවෙන් පරම්පරාවට පාඨකයින් අතට පත්වන නවකතාවක් බවත් ඒ සඳහා වන පාඨක ඉල්ලුම කිසි දිනෙක අඩු නොවන බවත් වෛද්‍ය රංග වික්‍රමසිංහ පවසයි.

    "ගම්පෙරළිය කියන්නේ දැන් සිංහල පාඨකයින් අතර පරම්පරා ගණනක් ස්ථාවර වුණ පොතක්. ඒක හැමෝම කියවනවා. ඒකට තියෙන ඉල්ලුම හැම දා ම තියෙනවා. දැනටත් මඩොල් දූව, අපේගම කියන පොත් දෙකට පස්සේ වැඩියෙන් ම අලෙවි වෙන්නේ ගම්පෙරළිය පොත."

    ගම්පෙරළිය සිනමා පටය​

    ගම්පෙරළිය 1963 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමාවට නගන ලදී. වෛද්‍ය රංග වික්‍රමසිංහ පැවසුවේ, එම චිත්‍රපටය අම්බලන්ගොඩ ප්‍රදේශයේ රූගත කළ අතර එය රූගත කිරීම නැරඹීමට තමන් ද එහි ගිය බවය.

    ගම්පෙරළිය සිනමා පටය

    ගම්පෙරළිය සිනමා පටය රූගත කරමින්

    මේ අතර, ගම්පෙරළිය සිනමා පටය නැරඹීමෙන් පසු මාර්ටින් වික්‍රමසිංහයන් දැක්වූ අදහස් පිළිබඳව දයාපාල ජයනෙත්ති අනාවරණය කළේය.
    "මුලදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මේක අධ්‍යක්ෂණය කරනව කිව්ව ම සැකයක් එතුමාට ඇති වුණා. නමුත් ගම්පෙරළිය චිත්‍රපටයට නැගුණට පස්සෙ ඒ ගැන එතුමා බෙහෙවින් සතුටු වුණා. නමුත් එතුමාගේ යම් විවේචනයක් තිබුණා, නන්දාගේ චරිතය නිරූපණය කිරීමේදී අතිශයෝක්තියකට ගියා කියන හැඟීමක් එතුමා තුළ තිබුණා."

    නළු නිළියන් සමග

    ගම්පෙරළිය කළ පෙරළිය​

    ආචාර්ය ලතා ගුරුසිංහ, ආචාර්ය ජයලතා මැදවත්ත, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා

    ඡායාරූප මූලාශ්‍රය,USJ/FACEBOOK
    ආචාර්ය ලතා ගුරුසිංහ, ආචාර්ය ජයලතා මැදවත්ත, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා භික්ෂුණීන් වහන්සේ

    ගම්පෙරළිය සිංහල සාහිත්‍යය තුළ ද පෙරළියක් කිරීමට සමත් විය. ඒ, අද්භූත කතාන්තර කලාව වෙනුවට යථාර්ථවාදී සිංහල කතා කලාවක් නිර්මාණය කරමිනි.

    මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශාධිපති ආචාර්ය ලතා ගුරුසිංහ පැවසුවේ, "ගම්පෙරළිය පිළිබඳව සිදු කර ඇති අධ්‍යයනයන් ප්‍රමාණවත් නොවන," බවය.

    "ගම්පෙරළිය ගැන ගොඩක් වෙලාවට කියන්නේ පළමු යථාර්ථවාදී නවකතාව කියන එක පමණයි. ඒත් ඒක නිර්මාණය කරන්න මාර්ටින් වික්‍රමසිංහයන්ට බලපෑ පාරිසරික, සමාජයීය, තත්කාලීන දේශපාලනික සහ ජාත්‍යන්තර සාහිත්‍යමය බලපෑම ගැන කිසි කෙනෙක් අධ්‍යයනය කරලා නැහැ. ඒ නිසා මේ ගැන ගැඹුරු අධ්‍යයනයක් කළ යුතුයි," ආචාර්ය ලතා ගුරුසිංහ පැවසුවාය.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයලතා මැදවත්ත පැවසුවේ, "නවකතාව කියන්නේ සරල කතන්දරයක් නෙවෙයි ගැඹුරු සමාජයීය කාරණයක් කියන එක සමාජගත වුණේ ගම්පෙරළියෙන්. ඇත්තට ම ඒක සිංහල නවකතාවේ පෙරළියක්," යනුවෙනි.

    "ගම්පෙරළියෙන් කියවුණ වෙනස්වීම අදටත් මේ සමාජයේ පවතිනවා. ඒක කවදාවත් නතර වෙන දෙයක් නෙවෙයි. ඒක සමාජ පෙරළියක් වගේ ම සිංහල සාහිත්‍යයේ ම පෙරළියක්," එලෙස අදහස් පළ කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා භික්ෂුණීන් වහන්සේය.

    BBC
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka

    කොහොමද අන්ලිස්ට් තියෙනඒවා හොයාගන්නේ :(:(:(:(