ගම්මන්පිලගේ කෙළි එළියට!
සුදුවතින් නිතර සැරසී රට ජාතිය ආගම ගැන දෙසන ගම්මන්පිල මන්ත්‍රීතුමාගේ සුදු වතෙන් වැසූ කළු ගත එළියට එන්නේ 2015 ජනාධිපතිවරණ සමයේදීය. ඒ ඕස්ටේලියානු ජාතික බ්‍රයන් ෂැඞ්ඩික් සතු වූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් ඔහුගේ අනුදැනුමකින් තොරව ගම්මන්පිල විසින් කූට ලේඛන සකසා විකුණා දමා ඇති බව දැක්වුණු පුවතත් සමඟය. එසේම දේශපාලන බලය භාවිතා කරමින් බ්‍රයන් ෂැඞ්ඩික් හට ලංකාව නොපැමිණෙන ලෙසට ගම්මන්පිල තර්ජනය කර ඇති බව ද එසමයේ අසන්නට ලැබිණ. එදා ඒ කතා වලට ගම්මන්පිල උත්තර දුන්නේ මේ කතා දේශපාලන මඩ බව පවසමින්ය. ඒ මඩ ප්‍රචාරයේ මහමොලකරු ලෙස හැඳින්වූයේ චම්පික රණවක අමාත්‍යවරයාය. ඒ අතර බ්‍රයන් ෂැඞ්ඩික්ගේ ලංකාවේ නියෝජිතයා ලෙස ලසිත පෙරේරා නම් අයෙකු ඉදිරිපත් වූ අතර ඔහු ද දිගින් දිගටම පවසා සිටියේ සිය සේවාදායකයාට පෑන් ඒෂියා බැංකුවේ කොටස් තිබූ බවත් ගම්මන්පිල විසින් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදා ගනිමින් ඒවා විකුණා මුදල් වංචා කර ඇති බවය.
මේ පිළිබඳ 2015.08.20 දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගම්මන්පිල පවසා සිටියේ පොලීසිය ද සොයාගෙන ඇති පරිදි තමාට කිසිම දිනෙක බ්‍රයන් ෂැඞ්ඩික් විසින් ඇටර්නි බලපත්‍රයක් ලබා දුන් බවට කිසිදු සාක්ෂියක් නැති බවය. එසේ අවස්ථා ගණනක දී “බ්‍රයන් ෂැඞ්ඩික් නැමැති පුද්ගලයාට පෑන් ඒෂියා බැංකුවේ කොටස් කිසිම දවසක තිබිලා නෑ. ඔහුගේ ඒවා හොරකම් කරන්න ඔහුට මුලින්ම කොටස් තිබිය යුතුයි” යනුවෙන් පවසන්නට යෙදින. “ප්‍රශ්න කරන්නවත් පදනමක් නැහැ. කොටස් තිබ්බ නැති කෙනෙක් කොටස් විකුණාගත්තයි කියන්නේ රත්තරං මාලයක් තිබ්බ නැති කෙනෙක් අනේ මගේ මාලේ කඩං ගියෝ කියලා පොලීසියට ගියාම පොලීසිය හොයාගත්තොත් එයාට මාලේ තිබ්බේ නෑයි කියලා, හොරා කවුද කියලා හොයන්න යන්නේ නෑ. එච්චර සරලයි වැඬේ.” 2015 නොවැම්බර් 02 වන විටත් ගම්මන්පිල චෝදනා සරල කරගන්න ගියේ එසේ කියමින්ය.
එහෙත් එහෙම සරලකර ගන්නට ගිය ගම්මන්පිලට වැඬේ සංකීර්ණ වන්නේ අදාළ චෝදනා සම්බන්ධව ගම්මන්පිලට එරෙහිව නඩු පවරන්නට නීතිපතිවරයා කටයුතු කිරීමත් සමඟය. ඒ 2016 අගෝස්තු 30 වනදාය. ඊට අනුව ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කරමින් සමාගමක ව්‍යාපාර කොටස් විකිණීමෙන් රුපියල් මිලියන විස්සක මුදලක් වංචා කළ බවට සහ රුපියල් මිලියන විසි එකක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු දෙකක් වෙන් වෙන්ව පැවරීය. අධිචෝදනා 6ක් යටතේ නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව පවරා ඇති නඩු දෙකේ රුපියල් මිලියන 21ක් සම්බන්ධව සාපරාධී විශ්වාස කඩකිරීම, ඊට අනුබල දීම ඇතුළු අධි චෝදනා හතරක් යටතේ පවරා ඇත. එම නඩුවේ ගම්මන්පිලට අමතරව ජයම්පති ක්ලැරි පෙරේරා ජයසිංහ නොහොත් සිඞ්නි ජයසිංහ යන අය ද විත්තිකරුවකු ලෙස නම් කර ඇත. ඒ අනුව එක් නඩුවක් ගම්මන්පිල මහතාට පමණක් එරෙහිව වන අතර ඊට අනුව 2000ජුලි මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනක දී පෑන් ඒෂියා බැංකුව විසින් නිකුත් කර ඩිජිටල්හොමිනිස් පෞද්ගලික සමාගම නමින් මිලදී ගෙන තිබූ ව්‍යාපාර කොටස් ධම්මික පෙරේරා නැමැත්තෙකුට විකිණීමෙන් රුපියල් මිලියන විස්සක මුදලක් වංචා කිරීම ඇතුළු අධි චෝදනා දෙකක් එල්ලකර ඇත.
එසේම 1996 සැප්තැම්බර් 26 හා 1997 සැප්තැම්බර් 23 අතර කාලයේ දී රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධව සාපරාධී විශ්වාසය කඩ කිරීම, ඒ සඳහා අනුබල දීම හා එම මුදල සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට දණ්ඩ නීති සංග්‍රහයේ 113, 102, 389 හා 459 යන වගන්ති යටතේ අධි චෝදනා හතරක් මත ගම්මන්පිල සහ සිඞ්නි ජයසිංහට එරෙහිව අනෙක් නඩුව හරහා නීතිපතිවරයා චෝදනා නඟා ඇත. එම චෝදනා ඔප්පු කිරීම සඳහා ලේඛන 13ක් හා සාක්කිකරුවන් 21ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත දැනුම් දී ඇත. එම නඩුවට අදාළව මෙතෙක් පැවති නඩුවාර කිහිපයක දී අදාළ විදේශිකයාගෙන් ද සාක්ෂි සටහන් කරගෙන ඇත. නඩුවේ චූදිතයන් වන ගම්මන්පිල මහතා හා ඔහුගේ ව්‍යාපාරික සගයා වන සිඞ්නි ජයසිංහ යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයන් දෙකක් ද ලබා දී ඇත. මාධ්‍ය හමුවේ මුඛරි කතා කියමින් වචනවලින් මැජික් හරඹ කළ ගම්මන්පිලගේ මාපිල් කෙළි එළියට එන්නේ එම දිවුරුම් ප්‍රකාශ දෙක හරහාය. ඒ දිවුරුම් ප්‍රකාශවලින් ගම්මන්පිල අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ මේ දක්වා ඔහු විසින් ඊට පෙර මාධ්‍යවලට ප්‍රකාශ කරනු ලැබූ කතාවලට හාත්පසින්ම වෙනස් කතාවක් වන නිසාය. මේ ඊට සාක්ෂිය.
(උපුටාගැනීම 1 - උදය ගම්මන්පිලගේ දිව්රුම් ප්‍රකාශය - (8 පිටුව) ‘වර්ෂ 1997 දී සහ වර්ෂ 2000දී පෙත්සම්කරුගේ ඇටර්නි බලකරය භාවිතා කර ඩිජිටල් නොමිනීස් ලිමිටඞ් ආයතනය සතුව පැවති කොටස් අලෙවි කිරීම’ 39. පෙත්සම්කරු (උදය ගම්මන්පිල) ප‍්‍රකාශකර සිටින්නේ ඉහත කී වාර්ෂික මහා රැස්වීමෙන් අනතුරුව ඩිජිටල් නොමිනීස් සීමාසහිත සමාගම විසින් පෙත්සම්කරු (උදය ගම්මන්පිල) සතුව පැවති ඇටර්නි බලපත‍්‍රයෙන් මිලදී ගත් කොටස් මිලියන 2,100,000 වර්ෂ 1997.12.04 වන දින වනික් ඉන්කෝපරේෂන් ලිමිටඞ් සමාගමට විකුණා ලබාගත් මුදලින් 6 වන වග උත්තරකරු (ජේ.සී.පී. ජයසිංහ) පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලදී ගැනීමට ලබාගත් මූල්‍ය පහසුකම්වලින් (ණය) කොටසක් සමතයට පත් කරනා ලද බවය.
ඒ අනුව ගම්මන්පිලගේ දෙබිඩි කතා පැහැදිළිය. ගම්මන්පිල 2015-08-20 මෙන්ම ඊට පෙරද සඳහන් කර සිටියේ ඕස්ටේ්‍රලියානු ජාතිකයාට පෑන් ඒෂියා බැංකුවේ කොටස් නොතිබූ බවය. එමෙන්ම ඔහු තමා වෙත ඇටර්නි බලපත්‍රයක් ලබා දුන් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවට පොලීසියම සොයා ගෙන නැති බවය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණට ලබා දුන් දිවුරුම් ප්‍රකාශයේ ඇත්තේ ගම්මන්පිලට ලබා දී තිබූ ඇටර්නි බලපත්‍රයකින් මෙම කොටස් මිලදී ගත් බවත්, එම කොටස් එයින්ම විකුණා දැමූ බවත්ය. ප්‍රිය පාඨකය, ගම්මන්පිලගේ දෙබිඩි කතාවේ සාක්ෂි එතනින් අවසන් නැත.
උපුටාගැනීම 2 - උදය ගම්මන්පිලගේ දිව්රුම් ප්‍රකාශය - (9 පිටුව) “ඒ. පෙත්සම්කරු (උදය ගම්මන්පිල) තවදුරටත් ප‍්‍රකාශකර සිටින්නේ 6 වන වගඋත්තරකරුගේ අරමුදල් යොදා ඔහුගේ (ජේ.සී.පී. ජයසිංහගේ) ඇටර්නි බලපත‍්‍රය මගින් ඩිජිටල් නොමිනීස් සමාගමට මිලදී ගත් කොටස් 2,000,000 ක් පෙත්සම්කරුගේ (උදය ගම්මන්පිලගේ) ඇටර්නි බලපත‍්‍රය භාවිතා කර 2000.07.24 වන දින ධම්මික පෙරේරා මහතා හට විකිණූ බවය.“බී. පෙත්සම්කරු ප‍්‍රකාශ කර සිටින්නේ ඉහත කී කොටස් විකිණීමෙන් ලබාගත් මුදල් 6 වන වග උත්තරකරුට (ජේ.සී.පී. ජයසිංහට) ලබා දුන් බවයි.” ඒ අනුව මෙම වගන්තිවලින් ගම්මන්පිල පවසන්නේ කුමක්ද යන්න පැහැදිලිය. ඒ තමාගේ ඇටර්නි බලපත්‍රයෙන් විදේශිකයාගේ සමාගමට මිලදී ගත් පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 2.1 ක් තමා විසින්ම විකුණා දමා එම මුදල් සිය සගයා වන සිඞ්නි ජයසිංහ මහතාට ලබා දුන් බවය. ඊට අමතරව සිඞ්නි ජයසිංහ සතුව තිබූ වෙනත් ඇටර්නි බලපත්‍රයෙන් පෙර සඳහන් කළ විදේශිකයාගේ සමාගමටමවෙනම මිලදීගෙන තිබුණු තවත් පෑන් ඒෂියා බැංකුවේ තවත් කොටස් මිලියන 2 ක් ද තමාගේ ඇටර්නි බලකරයෙන් විකුණා දැමූ බවත් හා එම මුදල්ද සිය සගයා වන ජේ.සී.පී. ජයසිංහට ලබා දුන් බවය.
එපමණක් නොව මෙම කොටස් විකුණා මුදල් ලබාගත් බවත් ඒ මුදල්වලට කුමක් කළේ ද යන පැනයටද පිළිතුරු ශ්‍රේෂ්ඨාධිකරණට ලබාදුන් දිවුරුම් ප්‍රකාශ වෙතින් හෙළිවේ. උපුටාගැනීම 3 - ජේ.සී.පී. ජයසිංහගේ දිව්රුම්ප්‍රකාශය - (2 වන පිටුව) “12. මා ප‍්‍රකාශකර සිටින්නේ ඩිජිටල් නොමිනීස් සීමාසහිත සමාගම සතුව පැවති කොටස් මිලියන 2 උදය ගම්මන්පිල මහතාගේ ඇටර්නි බලපත‍්‍රය භාවිතා කර ධම්මික පෙරේරා මහතාට විකිණූ බවත්, එකී විකිණීමෙන් ලත් මුදල් උදය ගම්මන්පිල මහතා විසින් මා වෙත ලබා දෙන ලද බවය.” “14. මෙම සිදුවීම සිදුවූයේ වසර 16 කට පෙර වන අතර මා හට දැන් වයස අවුරුදු 73 කි. ඒ නිසා මා හට හරියටම කොටස් විකුණා ලබා දුන් මුදල්වලට මම මොනවද කළේ යන්න කීමට මතක නැත.
වැඩිදුර -සත්හඬ 2017-10-15 පිටු අංක 10,11
- http://sathhanda.lk/5515-2017-10-15-05-28-43
- http://online.fliphtml5.com/fuqf/oybe/#p=1