ගම්මන්පිලගේ සෙකට්‍රි කියන කතාව
ගම්මන්පිල හිටපු ඇමතිතුමා ඊයේ සිරස සටන වැඩසටනේදී අන්තිම අසාර්ථකයි කියළා මට ගොඩක් දෙනෙක් කෝල් කරලා කිව්වා.තවමත් ගම්මන්පිල මහත්තයා ලග ඉන්න උදවිය කියනවා ආයෙත් සිරසට යන්න එපා ඒක අසමතුලිත වැඩ සටහනක් කියලා.මේ ගැන මටත් යමක් ලියන්න හිතුනා.
ගම්මන්පිල හිටපු ඇමතිතුමා ජාතික හෙළ උරුමය සමග ඉන්නකාලේ,හෙළ උරුමයේ මතවාදය වෙනුවෙන් පෙනී ඉදපු,කතා කරපු කාළෙ ඔය ඕන වේදිකාවක සිංහයෙක් වගේ පෙනී ඉදලා තර්ක කරලා ජය ගත්තා.නටන්න බැරි පොළව ඇද හින්දා කියලා එතුමා හෝ එදා එතුමා වෙනුවෙන් පෙනී සිටි අපි කවුරුවත් කවදාවත් කිව්වේ නෑ.මම ඔය වැඩසටහන බැලුවේ නෑ.නමුත් මට දුරකතන ඇමතුම් සෑහෙන්න ආවා ඔයාලගේ හිටපු ලොක්කා අන්න ඇදගෙන නානවා කියළා.මට නම් ඇත්තටම ඇතිවුනේ වෛරයක් හෝ කුරිරු සතුටක් නොවෙයි කනගාටුවක්,අනුකම්පාවක්!
තමන්ගේ දේශපාළන පිවිතුරුභාවය පාවා දී පිවිතුරු බෝඩිලෑලි හෙළ උරුමයක් අටවාගෙන එහි ප්‍රධාන ලේකම් වෙච්ච පළියට ඇත්ත ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් සමග සසදන විට ඇත්තටම එතුමා තවමත් තනිවම දෙපයින් නැගිටින්න බැරි දනගාන දරුවෙක් විතරයි.ගම්මන්පිළ හිටපු ඇමතිතුමාගේ සම්බන්ධීකරන ලේකම් විදියට අවුරුදු 5 කට ආසන්න කාළයක් ඉතා සමීපවත් දේශපාලනික අතින් එතුමාට සමකාළිනවත් ජාතික ව්‍යාපාරයේ හිටපු මට වර්තමාන ගම්මන්පිල මහතා පෙනෙන්නේ දියෙන් ගොඩට පැන්න මාලුවෙක් වගේ.ජාතික හෙළ උරුමයේ මතවාදය නැමැති දියේ දාපු සෙල්ලම් අද ගොඩට පැනලා දාන්න හදනකොට වැටෙන අමාරුව වටේ ඉන්න දෙතුන් දෙනෙකුට තවම තේරිලා නැතිවාට මම නම් හිතනවා මේ වෙනකොට ගම්මන්පිල මහත්තයට නම් හොදටම තේරිලා ඇති කියලා.එතුමා දක්ෂ විවාදකයෙක්.ඒ ගැන තර්කයක් නෑ.
නමුත් අද එතුමා මේ අනාගන්නේ පසුගිය ආණ්ඩුවේ දූෂන,වංචා,රැවටීම් නැමැති ගද ගහන අසූචි තැටිය රත්තරන් කියලා ඔප්පු කරන්න ගිහින්.රාජපක්ෂ තරම් ජාතිහිතෛෂියෙක්,වීරෝදාර නායකයෙක් නැහැයි කියලා කෙස් පැළෙන ගොන් තර්ක ගේන ඔනැම කෙනෙක් ගම්මන්පිල මහත්තයා ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2010 න් පසුව හා පසුගිය ජනාධිපතිවරනය ප්‍රකාශයට පත් කිරීමට පෙර කාළ වකවානුවේ කරපු කතා ලියපු ලිපි අධ්‍යයනය කරලා බලන්න.ඒ වගේම බොදු බල සේනාවේ ප්‍රකාශයන් හා කතා අධ්‍යයනය කරලා බලන්න.සිංහල බෞද්ධයාගේ අයිතිවාසිකම් වලට සූක්ෂමව පහර දීපු ද්‍රෝහියෙක් ලෙසයි රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව හදුන්වා දී ඇත්තේ.හලාල් නීතිගත කරපු,නැගෙනහිර අරාබි විශ්ව විද්‍යාල වලට පාර කපපු,සංශෝධන රහිතව උතුරු පළාත් සභා මැතිවරනය කැදවීම හරහා උතුරේ දේශපාලන බලය රටට අහිතකර තත්වයකට පත් කළ,උගත් පාඩම් කොමිසමේ සීමාවන්ඉක්මවා ගෙන ගොස් 13 න් එහා බළය බෙදීමකට වග වීමක් අටවා රට ජාතයන්තර උගුලක සිරකළ.රටේ තානාපති සේවය මැරවරයින් හා හෙංචයියන්ට පවරා රාජ්‍යතාන්ත්‍රික සබදතා අවුල් කරගත්ත.සංවර්දනයේ ප්‍රමුකතා හදුනා නොගත් මෙගා ඩීල් ඊනියා සංවර්ධන ව්‍යාපෘති හරහා කෝටි ප්‍රෙකා්ටි ජාතික ධනය මංකොල්ල කාපු,විනාශ කරපු,කුඩු කැසිනෝ එතනෝල් කාළකන්නි සංස්කෘතියකට රට ඇද දැමූ,මහ සගරුවනේ හා ජාතික ව්‍යාපාරයේ සාධාරන හඩට ඇහුන්කන් නොදුන් රාජපක්ෂ පාලනයේ ඇත්ත තත්වය එදා පෙන්වා දුන්න කටින්ම , මොනයම් හෝ වරප්‍රසාදයකට හෝ බලයකට යටවී එම පිරිහිනු නායකයා රටට ඇති එකම හා හොදම නායකයා ලෙස නැවත පුම්බන්නට කළ උත්සාහය අද පරාජය වී ඇත.
ගම්මන්පිල මහතාත්,වීරවංශත්,බො බ සේනාවත් මේ තිත්ත ඇත්ත දැන්වත් තේරුම් ගත යුතුය.සැබෑ ජාතික ව්‍යාපාරය ලෙස ජාතික හෙළ උරුමයේ අපි කලේ ඒ ද්‍රෝහී රාජපක්ෂ ගමනේ ඊ ළග ප්‍රහාරයෙන් ජාතියත් රටත් මුදවා ගැනීමේ මෙහෙයුමයි.වැරදිලාවත් ඔහු තුන් වැනි වරත් බලයට පත් වුනා නම් ඔහුගේ ද්‍රෝහී ගමන රට අනුමත කළා වනු ඇත.එමෙන්ම ඔහුගේ ගමන දශමයකින්වත් වෙනස් කරන්නට ගම්මන්පිලට තියා සක්කරයාටවත් නොහැකි වනු ඇත.නව පාලනයේ ගමන් මග සර්ව සුභ වාදීයැයි අපි නොකියමු. නොසිතමු.අභියෝගය තවම නිම වී නැත.අපේ කියා රාජ්‍ය නායකත්වයක් ගොඩ නගන තුරුම ජාතික මතවාදයේ සිටින අප කවුරුත් එකිනෙකාට මඩ ගැසිමේ පහත් උත්සාහය පසෙකලා පවතින කුමන ආණ්ඩුවක හෝ වේවා හොද හොද ලෙසත් නරක නරක ලෙසත් දකිමින් සත්‍ය යේ හා යුක්තියේ නියමුවන් ලෙසින් සැබෑ ජාතික මතවාදයට පණ පොවමු.තෙරුවන් සරණයි!

ow ban boru kiyla ahuwenawa, eyeth mama kawadawath boru kiyala na kiwwama anith un hinauna 