ගම්මන්පිලගේ සෙකට්‍රි කියන කතාව

ගම්මන්පිලට කළ යු


  • Total voters
    52

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
ගම්මන්පිලගේ සෙකට්‍රි කියන කතාව

9NLNfhO.jpg


ගම්මන්පිල හිටපු ඇමතිතුමා ඊයේ සිරස සටන වැඩසටනේදී අන්තිම අසාර්ථකයි කියළා මට ගොඩක් දෙනෙක් කෝල් කරලා කිව්වා.තවමත් ගම්මන්පිල මහත්තයා ලග ඉන්න උදවිය කියනවා ආයෙත් සිරසට යන්න එපා ඒක අසමතුලිත වැඩ සටහනක් කියලා.මේ ගැන මටත් යමක් ලියන්න හිතුනා.

ගම්මන්පිල හිටපු ඇමතිතුමා ජාතික හෙළ උරුමය සමග ඉන්නකාලේ,හෙළ උරුමයේ මතවාදය වෙනුවෙන් පෙනී ඉදපු,කතා කරපු කාළෙ ඔය ඕන වේදිකාවක සිංහයෙක් වගේ පෙනී ඉදලා තර්ක කරලා ජය ගත්තා.නටන්න බැරි පොළව ඇද හින්දා කියලා එතුමා හෝ එදා එතුමා වෙනුවෙන් පෙනී සිටි අපි කවුරුවත් කවදාවත් කිව්වේ නෑ.මම ඔය වැඩසටහන බැලුවේ නෑ.නමුත් මට දුරකතන ඇමතුම් සෑහෙන්න ආවා ඔයාලගේ හිටපු ලොක්කා අන්න ඇදගෙන නානවා කියළා.මට නම් ඇත්තටම ඇතිවුනේ වෛරයක් හෝ කුරිරු සතුටක් නොවෙයි කනගාටුවක්,අනුකම්පාවක්!

තමන්ගේ දේශපාළන පිවිතුරුභාවය පාවා දී පිවිතුරු බෝඩිලෑලි හෙළ උරුමයක් අටවාගෙන එහි ප්‍රධාන ලේකම් වෙච්ච පළියට ඇත්ත ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් සමග සසදන විට ඇත්තටම එතුමා තවමත් තනිවම දෙපයින් නැගිටින්න බැරි දනගාන දරුවෙක් විතරයි.ගම්මන්පිළ හිටපු ඇමතිතුමාගේ සම්බන්ධීකරන ලේකම් විදියට අවුරුදු 5 කට ආසන්න කාළයක් ඉතා සමීපවත් දේශපාලනික අතින් එතුමාට සමකාළිනවත් ජාතික ව්‍යාපාරයේ හිටපු මට වර්තමාන ගම්මන්පිල මහතා පෙනෙන්නේ දියෙන් ගොඩට පැන්න මාලුවෙක් වගේ.ජාතික හෙළ උරුමයේ මතවාදය නැමැති දියේ දාපු සෙල්ලම් අද ගොඩට පැනලා දාන්න හදනකොට වැටෙන අමාරුව වටේ ඉන්න දෙතුන් දෙනෙකුට තවම තේරිලා නැතිවාට මම නම් හිතනවා මේ වෙනකොට ගම්මන්පිල මහත්තයට නම් හොදටම තේරිලා ඇති කියලා.එතුමා දක්ෂ විවාදකයෙක්.ඒ ගැන තර්කයක් නෑ.

නමුත් අද එතුමා මේ අනාගන්නේ පසුගිය ආණ්ඩුවේ දූෂන,වංචා,රැවටීම් නැමැති ගද ගහන අසූචි තැටිය රත්තරන් කියලා ඔප්පු කරන්න ගිහින්.රාජපක්ෂ තරම් ජාතිහිතෛෂියෙක්,වීරෝදාර නායකයෙක් නැහැයි කියලා කෙස් පැළෙන ගොන් තර්ක ගේන ඔනැම කෙනෙක් ගම්මන්පිල මහත්තයා ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2010 න් පසුව හා පසුගිය ජනාධිපතිවරනය ප්‍රකාශයට පත් කිරීමට පෙර කාළ වකවානුවේ කරපු කතා ලියපු ලිපි අධ්‍යයනය කරලා බලන්න.ඒ වගේම බොදු බල සේනාවේ ප්‍රකාශයන් හා කතා අධ්‍යයනය කරලා බලන්න.සිංහල බෞද්ධයාගේ අයිතිවාසිකම් වලට සූක්ෂමව පහර දීපු ද්‍රෝහියෙක් ලෙසයි රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව හදුන්වා දී ඇත්තේ.හලාල් නීතිගත කරපු,නැගෙනහිර අරාබි විශ්ව විද්‍යාල වලට පාර කපපු,සංශෝධන රහිතව උතුරු පළාත් සභා මැතිවරනය කැදවීම හරහා උතුරේ දේශපාලන බලය රටට අහිතකර තත්වයකට පත් කළ,උගත් පාඩම් කොමිසමේ සීමාවන්ඉක්මවා ගෙන ගොස් 13 න් එහා බළය බෙදීමකට වග වීමක් අටවා රට ජාතයන්තර උගුලක සිරකළ.රටේ තානාපති සේවය මැරවරයින් හා හෙංචයියන්ට පවරා රාජ්‍යතාන්ත්‍රික සබදතා අවුල් කරගත්ත.සංවර්දනයේ ප්‍රමුකතා හදුනා නොගත් මෙගා ඩීල් ඊනියා සංවර්ධන ව්‍යාපෘති හරහා කෝටි ප්‍රෙකා්ටි ජාතික ධනය මංකොල්ල කාපු,විනාශ කරපු,කුඩු කැසිනෝ එතනෝල් කාළකන්නි සංස්කෘතියකට රට ඇද දැමූ,මහ සගරුවනේ හා ජාතික ව්‍යාපාරයේ සාධාරන හඩට ඇහුන්කන් නොදුන් රාජපක්ෂ පාලනයේ ඇත්ත තත්වය එදා පෙන්වා දුන්න කටින්ම , මොනයම් හෝ වරප්‍රසාදයකට හෝ බලයකට යටවී එම පිරිහිනු නායකයා රටට ඇති එකම හා හොදම නායකයා ලෙස නැවත පුම්බන්නට කළ උත්සාහය අද පරාජය වී ඇත.

ගම්මන්පිල මහතාත්,වීරවංශත්,බො බ සේනාවත් මේ තිත්ත ඇත්ත දැන්වත් තේරුම් ගත යුතුය.සැබෑ ජාතික ව්‍යාපාරය ලෙස ජාතික හෙළ උරුමයේ අපි කලේ ඒ ද්‍රෝහී රාජපක්ෂ ගමනේ ඊ ළග ප්‍රහාරයෙන් ජාතියත් රටත් මුදවා ගැනීමේ මෙහෙයුමයි.වැරදිලාවත් ඔහු තුන් වැනි වරත් බලයට පත් වුනා නම් ඔහුගේ ද්‍රෝහී ගමන රට අනුමත කළා වනු ඇත.එමෙන්ම ඔහුගේ ගමන දශමයකින්වත් වෙනස් කරන්නට ගම්මන්පිලට තියා සක්කරයාටවත් නොහැකි වනු ඇත.නව පාලනයේ ගමන් මග සර්ව සුභ වාදීයැයි අපි නොකියමු. නොසිතමු.අභියෝගය තවම නිම වී නැත.අපේ කියා රාජ්‍ය නායකත්වයක් ගොඩ නගන තුරුම ජාතික මතවාදයේ සිටින අප කවුරුත් එකිනෙකාට මඩ ගැසිමේ පහත් උත්සාහය පසෙකලා පවතින කුමන ආණ්ඩුවක හෝ වේවා හොද හොද ලෙසත් නරක නරක ලෙසත් දකිමින් සත්‍ය යේ හා යුක්තියේ නියමුවන් ලෙසින් සැබෑ ජාතික මතවාදයට පණ පොවමු.තෙරුවන් සරණයි!
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔප්ෂන් එකක් අඩුයි "මහින්ද සමග සන්ධානගතව දේශපාලනය අවසන් කරගැනීම "
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ඔප්ෂන් එකක් අඩුයි "මහින්ද සමග සන්ධානගතව දේශපාලනය අවසන් කරගැනීම "

    අවසන් වෙන්න දේශපාලනයක් ඉතුරු වෙලා තියෙනවද ? :eek:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    එතුමට ලැජ්ජාවක් කියල දෙයක් තිබේ නම්, වරද පිලි අරගෙන දේශපාලනයෙන් නිල වශයෙන් සමුගත යුතුයි
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    options adui

    ඔප්ෂන්ස් අඩු නැහැ. ගම්මන්පිල දේශපාලනයෙන් සමුගත යුතුයි කියන එකට වෝට් කරන්න පුලුවන්. ඒකට වෙනම මහින්දත් සමග එක් වී ගම්මන්පිල දේශපාලනයෙන් සමුගත යුතුයි කියලා විශේෂනයක් දාලා වෙනම එකක් විදිහට ආයි ඔප්ෂන් දාන එක තේරුමක් නැති දෙයක්.
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    Kelavenna one. anith deshapalakayntath adarshayak awanka nowi boruwen gema gahanna giyama wenne mekai kiyala.


    අම්මටසිරි ඕක කොහෙන්ද සෙට් උනේ?
    මන්ත්‍රීලට මෙයා කතා කරේ නැහැ මන්ත්‍රීලා මෙයාට කතා කළා කියලා නේද කිව්වේ?
     

    ALFNOD

    Member
    Jan 29, 2015
    249
    10
    0
    In my reality Tunnel

    අම්මටසිරි ඕක කොහෙන්ද සෙට් උනේ?
    මන්ත්‍රීලට මෙයා කතා කරේ නැහැ මන්ත්‍රීලා මෙයාට කතා කළා කියලා නේද කිව්වේ?
    Fb page ekaka da koheda thibila mama election ekata kalin ahuwa, dan nikamata search karama hambuna :D ow ban boru kiyla ahuwenawa, eyeth mama kawadawath boru kiyala na kiwwama anith un hinauna :lol:
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    Fb page ekaka da koheda thibila mama election ekata kalin ahuwa, dan nikamata search karama hambuna :D ow ban boru kiyla ahuwenawa, eyeth mama kawadawath boru kiyala na kiwwama anith un hinauna :lol:

    ආහ්.. ඔව් ඔව්. කැත නෝන්ඩිය නේ බං.
    බොරු කතානෙ හිටං.
    ඉන්නවා නම් එළියට බහින්නේ නැතිවම ඉන්න තිබ්බේ ආණ්ඩුවේ.
    මෙයා එහෙම කරා නම් මිනිස්සුන්ගේ පට්ට රෙස්පෙක්ට් එකක් අදටත් තියෙනවා.
    ඒත් මෙයා ඩබල් ගේමක් ගහපු නිසා තමයි වැඩේ දෙල් උනේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ගම්මන්පිල කියන්නේ දේශපාලනික අනාථයෙන් දැන්. බුදුබණ පෙන්නලා ගල් කපපු වඩුවෙක්. මෛත්‍රී ලගට පැනල දවසෙන් දෙකෙන් ආයෙ මහින්ද ලගට පැන්නා. මඩේ හිටවපු ඉන්න වගේ කකුල පැටලිලා වැටුන පැත්තට හුරේ කිය කිය ඉන්නවා. ඊයෙ කියනවා මං අහගෙන රුපියල් 100 ඉල්ලුවොත් දෙනවද කියල ඇහුවම එයා ඡන්දෙ ඉල්ලුවෙ සන්ධානෙන්ලු. සල්ලි එකතු කලේ හෙල උරුමෙන් ලු. මිනිස්සු එහෙම හිතන් ඡන්දෙ දුන්නට එයාට කරන්න දෙයක් නැලු . එයා ඉල්ලුවේ සංධානෙන්ය අනම් මනම් බයිලා ගොඩක්. ගම්මන්පිල දැන් අසාර්ථකයි. ගෙදර ගිහින් කුඹුරක් කරන් හිටියනම් තමා හොද. ඡන්දෙ ඉල්ලන්නන් හිතන්නවත් එපා. නෝනගෙ ඡන්දෙවත් ලැබෙන එකක් නෑ . අපි නම් ඉතින් කොහොමත් දෙන්නෑ නෙ :no: :rofl:

    මේ වගේ දේශපාලනේට ණයට කහින උන් කිසිම දේශපාලන පක්ෂයකට ගන්න හොද නැ. බූරුවා උනාට අර පච විමලෙට ඔයිට වැඩිය කොන්දක් තියෙනව බලන් ගියාම :frown: :confused:

    UNP කාරයන්ට නම් මගේ වැඩි කැමැත්තක් නැ. ඒත් අවුරුදු 8ක් විතර උලාගෙන කාපු රට දවස් 28 කින් ගොඩ ගන්න බැනෙ. UNP කාරයන් හරි ඒක හදන්න try එකක් දෙනවනම් කුහක කම පැත්තකින් තියල උදව්වක් දෙමු. .
     
    Last edited:
    • Like
    Reactions: Nisal1991

    ALFNOD

    Member
    Jan 29, 2015
    249
    10
    0
    In my reality Tunnel
    ආහ්.. ඔව් ඔව්. කැත නෝන්ඩිය නේ බං.
    බොරු කතානෙ හිටං.
    ඉන්නවා නම් එළියට බහින්නේ නැතිවම ඉන්න තිබ්බේ ආණ්ඩුවේ.
    මෙයා එහෙම කරා නම් මිනිස්සුන්ගේ පට්ට රෙස්පෙක්ට් එකක් අදටත් තියෙනවා.
    ඒත් මෙයා ඩබල් ගේමක් ගහපු නිසා තමයි වැඩේ දෙල් උනේ.
    :yes:
     

    ALFNOD

    Member
    Jan 29, 2015
    249
    10
    0
    In my reality Tunnel
    ඔය සිංහල බොදුනුවා එක කරන්නෙත් ශ්‍රී ලංකන් මචං එකෙන්. රිවර්ස් සයිකොලොජි.
    uda kiyala mama danne na. habai aniwa UNP hari MR ta wirudda porak. 95%
    unta therenne na. mara widiyata eke inna un bite wenawa. :lol:
    parody Page ekak. Mr ta votes bara ganak adu una oken.