ගම්මන්පිල ඕස්ට්‍රේලියාවට!

monson

Well-known member
  • May 7, 2007
    25,685
    28,739
    113
    ගම්මන්පිල ඕස්ට්‍රේලියාවට!

    නැවත ආණ්ඩුවට එක්වීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අවසානයේ, තම අමන දුර්දාන්ත පාවාදීම වසා ගැනීම සඳහා, ජනතාවට 'තෙරුවන් සරණයි' කියා බෞද්ධයන්ගේ හෘදස්පන්ධනය වැනි වූ ත්‍රිවිධ රත්නයට චේතාන්විතව පරිභවකළ, නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල ඉදිරි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වන බව තේරුම් ගැනීමෙන් පසු ඕස්ට්‍රේලියාවට පැනයාම සඳහා සියලු කටයුතු සූදානම් කර ගුවන් ටිකට්පත් පවා මිලදී ගෙන ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

    විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හා ජාතික හෙල උරුමය අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම පවා කෙටුම්පත් කළ උදයගම්මන්පිල මේ වන විට එවැනි ගිවිසුමක් පිළිබඳව තමා නොදන්නා බව ප්‍රකාශ කර සිටින්නේ තම බිරිඳගෙන් එල්ල වී ඇති පීඩනය හමුවේ බව සඳහන් වේ.

    උදය ගම්මන්පිල මහතාගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කරන ඔහුගේ බිරිඳ දිනේෂා ගම්මන්පිල මහත්මියගේ මෙම වෙනස සඳහා හේතු වී ඇත්තේ ඔවුන් දෙදෙනා දිවංගත ඒ.සී. අලස් මහතාගේ වාර්ෂික දානමය පිංකමට සහභාගි වූ අවස්ථාවේදී ඇයව වෙනම කාමරයකට ගෙනගොස් ටිරාන් අලස් දිනේෂාගේ මොලය සේදීම නිසාවෙනි.

    එම දානයට සහභාගි වී දින කීපයකට පසු දිනේෂා ගම්මන්පිල මහත්මිය උදය ගම්මන්පිල මහතාට තර්ජනය කරමින් පවසා ඇත්තේ ‘තමුසෙ ආණ්ඩුවට ගියේ නැත්තන් මම දරුවො දෙන්නත් අරගෙන තමුසෙගෙන් දික්කසාද වෙනවා' කියාය. ඉතාමත් භය පක්ෂපාතී පුද්ගලයෙකු වන උදය ගම්මන්පිල සිය බිරිඳට මහින්ද රාජපක්ෂ ඒකාන්තයෙන්ම පරදින බව කරුණු කාරණා සහිතව පැහැදිලි කර දීමට විශාල උත්සාහයක් දරා ඇතත් ඇය දැඩි ස්ථාවරයක පසුවෙමින් ඔහුට වහාම විපක්ෂයෙන් ඉවත් වී ආණ්ඩුවට යන ලෙස බලකර ඇත. එම බලකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සරම උනා දමා නැවතත් ආණ්ඩුවට එක්වීමට ගම්මන්පිල හිත හදාගෙන ඇත.

    දේශවාත්සල්‍යයෙන් හා ජාතික ප්‍රේමයෙන් ඔද වැඩී සිටින උදය ප්‍රභාත් ගම්මන්පිල ඕස්ට්‍රේලියාවේ නිත්‍ය වාසය (Permanent residence) ඇති පුද්ගලයෙකි. එම නිසා ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට ඕනෑම අවස්ථාවක වීසා බාධාවකින් තොරව ඕස්ට්‍රේලියාව කරා යා හැක. එබැවින් ජනාධිපතිවරණය අවසන් වූ සැණින් ගම්මන්පිල හා ඔහුගේ පවුලේ උදවිය ඕස්ට්‍රේලියාව කරා යෑමට මේ වන විට ගුවන් ටිකට් පත් මිලදී ගෙන තිබේ. එසේ හෙයින් නැවතත් පළාත් සභා අමාත්‍යධූරය භාර ගන්නා ලෙසට ජනාධිපතිවරයා කළ ඉල්ලීම ගම්මන්පිල විසින් කාරුණිකව ප්‍රතික්ෂේප කොට ඇත.


    - http://sinhala.lankanewsweb.net/exclusive/14893-2014-12-14-12-06-41
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113





    අවන්හල සිරකුටියක් කර ගත් ඕස්ට්‍රේලියානු ත්‍රස්තවාදීන්
    [2014-12-15 13:30]

    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ආපන ශාලාවකට කඩා වැඳුණු තුවක්කුකරුවකු එහි සිටි පිරිස ප්‍රාණඇපකරුවන් ලෙස සිරකරගෙන සිටින බවට වාර්තාවේ.

    අවිගත් පොලිස් නිළධාරීන් මෙම ආපන ශාලාව වටලා සිටින බවත්, ආපනශාලාවේ සිරවී සිටින පිරිස දෑත් ඔසවා සිටින අන්දමත් රූපවාහිහිනී දර්ශනවල සඳහන්වේ.

    මෙම සිදුවීම අතිශය පීඩාකාරීවුවත් වන බවට ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් සඳහන් කර ඇත.

    සිද්ධිය පිටුපස සිටින්නන් පිළිබඳ නිෂ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව හෙතෙම පවසා තිබේ.

    තත්ත්වය පාලනය කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවට නිවි සවුත්වේල්ස්හී පොලිස් කොමසාරිස්වරයා පවසා ඇත.

    මේ අතර මේ දැන් ලැබුන අළුත්ම වාර්තාවලට අනුව ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කර යවා තිබේ. ඒ අතර තිහකට අධික පිරිසක් ප්‍රාණඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බවද වාර්තාවේ.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    1965005_10152253712849253_1253798432_n.jpg


    සමාවෙන්න මේ photo එක දැම්මට

    ඒත්................


    ඔය කතාව ඇත්ත උනත් නැත්ත උනත්.....

    කඩේ ගිය කාලේ වගේද ?

    මේ photo එක බලන කොට දැන් හැගෙන්නේ ?


    සිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා

    ඕකුන් හැම එකාම එක එකාට ඇද ගෙන අපිව රවට්ටනවා !

    හැබැයි හැමදේම වෙන්නේ හොදට !

    මොකද හෙළ උරුමේ දැනගත්තා කවුද මිනිහා කවුද නොමිනිහා කියලා !
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,685
    28,739
    113
    උදය ගම්මන්පිල මහතාගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කරන ඔහුගේ බිරිඳ දිනේෂා ගම්මන්පිල මහත්මියගේ මෙම වෙනස සඳහා හේතු වී ඇත්තේ ඔවුන් දෙදෙනා දිවංගත ඒ.සී. අලස් මහතාගේ වාර්ෂික දානමය පිංකමට සහභාගි වූ අවස්ථාවේදී ඇයව වෙනම කාමරයකට ගෙනගොස් ටිරාන් අලස් දිනේෂාගේ මොලය සේදීම නිසාවෙනි.

    Meka aththa. Ada TNL eke Janahanda aapu Hela Urumaye Anuruddha Pradeep kiwwa.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බලන් යද්දි ඔක්කොම දේශමාමකයෝ පිටරටවල පුරවැසියො නෙහ්