ගමුද HTC Desire 816

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    HTC Desire 816 4G කියන්නේ මාකට් එකේ ගන්න තියන ලෝවර් මිඩ් රෙන්ජ් එකේ ෆෝන් එකක්. :nerd::nerd:

    VWt3OkO.jpg

    අතේ රුපියල් 32000 ත් 37000ත් අතර මිලක් තියනවානම් ෆෝන් එකේ බජට් එක විදියට මේක ගැන සලකා බලන්න පුලුවන්. මුලින්ම ස්පෙක් එක බලලා ඉමු. :nerd::dull:

    cOhwn2h.png

    ඉස්සරවෙලාම කියන්න ඔනේ ෆෝන් එක ෆැබලට් සයිස් ඩිවයිස් එකක්. අතට ගත්තහම එක පාරට ලොකුයි කියලා දැනෙනවා. ;);) තනි අතින් වැඩ කරන්නනම් ටිකක් අමාරුයි. :lol::lol: අත් දෙකම පාවිච්චි කරනවානම් කිසි අවුලක් නෑ. :lol::rolleyes::D බිල්ඩ් කොලිටි එක ගැන කියනවනම් ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. බැක් එක නම් දිලිසෙන ප්ලාස්ටික්. ෆ්‍රන්ට් එක මැට් ගතියක් තියෙන්නේ. විශේෂ ලස්සනක් කියන්න බෑ. ඒත් කැතකුත් නෑ. වොලියුම් කීස් සහ ලොක් කී එක තියෙන්නේ වම් පැත්තේ. බට්න්ස් නම් මෙටල් වලින් හදලා තියෙන්නේ.

    SkH69Ii.jpg

    r15CMal.jpg

    FfLClRF.jpg

    HOHVMrG.jpg

    මම මේක ගත්තේ මගේ මවු තුමියට. :love::love: දෙන්න කලින් ටික දවසක් පාවිච්චි කලා. කියන්නෙ ඔනේ ස්ලෝ ගතියක් නම් දැනුනේ නෑ කිසිම වෙලාවක. රැම් එක 1.5 GB තියන එක එක හේතුවක්. ඇප් ලෝඩින් ටයිම් එකත් ලොකු අවුලක් නෑ.සෙන්ස් 6 UI එක කිසිම දුකක් දෙන්නෙ නැතුව වැඩ. Adreno 305 වලට 720p රෙසලූශන් ගේමස් ප්ලේ කරන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් GTA වගේ ගේම්ස් ස්මූත් ගහන්න නම් බෑ.

    7cdkl5o.jpg

    MfbVwbb.jpg

    NRjBcSd.jpg

    A9lHMFZ.jpg

    d0E2Hmz.jpg

    ඩිස්ප්ලේ එක ගැන කියන්නම ඔනේ. ගොරිල්ලා චිම්පන්සි පලිඟු :lol::lol::P:rolleyes: වගේ ප්‍රොටෙක්ශන් එකක් නෑ. :no::no: ඒක නිසා ප්‍රොටෙක්ටිව් ස්ටිකර් එකක් නම් අනිවාර්යයෙන් දාගන්න වෙනවා. පික්සෙල් ඝණත්වය ~267ක් (Pixel Density )විතර තියනවා. ෂාර්ප් ගතිය නම් ටිකක් අඩුයි මොකද ස්ක්‍රීන් සයිස් එක 5.5" වෙන හින්දා. ඉර එලියට ඩිස්ප්ලේ එක අවුල් යන්නේ නෑ. හොඳට පේනවා. :yes::yes: වීවින් ඈන්ගල් එක වැඩි වෙනකොට කලර්ස් ටිකක් හේදිලා යන ගතියක් තියනවා. ඒත් ඒක ගනන් ගන්න තරම් දෙයක් නෙවේ. IPS ඩිස්ප්ලේ එකක් නිසා බ්‍රයිට්නස් එක නම් ගොඩක් වැඩි කරන්න පුලුවන්. :yes::yes:

    6kR24Iw.jpg

    70XxxZf.jpg

    zJfnfCg.jpg

    phZlBlB.jpg

    Zg3OjTF.jpg

    vMoE40B.jpg

    දැන් බලමු කැමරාව ගැන.ප්‍රධාන කැම් එක 13 මෙගා පික්සෙල් එකක්. ද්විතීක කැමරාව 5 මෙගා පික්සෙල්. ප්‍රධාන කැම් එක ගැන කතාකරන්න දෙයක් නෑ. සුපිරි. මම HTC M8 එකක් යූස් කලා. HTC Butterfly එකක් යූස් කලා. ඒත් මේකේ කැම් එක සාමාන්‍යයෙන් HTC කැම් වලට වඩා ගොඩක් කොලිටි ෆෝටෝස් නිපදවනවා. ඒත් ලෝ ලයිට් (Low Light) වෙලාවට නම් කැම් එකේන් ගොඩක් නොයිසි (Noise) ෆොටෝස් තම එන්නේ. වීඩියෝ උපරිම රෙසලූශන් එක 1080පී. ඒත් කොලිටි එක අවුලක් නෑ. පොඩ්ඩක් කලර්ස් උනුසුම් (warm) ගතියක් තියනවා. සෙල්ෆී කැම් එක ගැන කියන්න විශේෂ දෙයක් නෑ. පොඩ්ඩක් වයිඩ් (wide) උනානම් හොඳයි කියලා හිතෙනවා.
    සාම්පල් කීපයක් දැම්ම ඔන්න මෙතනින් බලාගන්න.

    http://i.imgur.com/p07Ztaz.jpg
    http://i.imgur.com/WNpdZeN.jpg
    http://i.imgur.com/er0Ivm5.jpg


    ඉස්සරහ ස්ටීරියෝ ස්පීකර් එක්ක මේ ෆෝන් එක එන්නේ. HTC ෆෝන් කොහොමත් නියම සවුන්ඩ් කොලිටි වලට ප්‍රසිද්ධයි. මේකෙත් වෙනසක් නෑ. පට්ටම පට්ට සවුන් කොලිටි එකක් ස්ටීරියෝ ස්පීකර් එකෙනුත් හෙඩ්සෙට් එකෙනුත් ලැබෙනවා.

    egLlOdn.jpg

    බැටරි ලයිෆ් එක ගැන කියනවානම් ගලවන්න බැරි සීල් කරලා එන 2600 mAh බැටරියක් තමා එන්නේ. එක පාරටනම් අයියෝ මදි කියලා හිතුනට කියන්න ඕනේ දවසක් බර වැඩ කරලා තියාහන්න පුලුවන්. මම බර වැඩ කිව්වේ පැය 4ක් විතර වෙබ් බ්‍රවුසින්, කැමරා ඔන් පැය 1 ක් වගේ , කෝල්ස් පැය 4 ක් වගේ, මීඩියා පැය 2ක් වගේ තව ඔය විකාර වැඩ ටිකක් එක්ක.


    සම්බන්ධතා ගැන කියනවානම් 4G LTE , බලුදත් 4.0 (Bluetooth), මයික්‍රෝ USB 2.0 පෝර්ට්, DLNA, FM Radio වගේ ඒවා තියනවා.

    අන්තිමට කියන්න තියෙන්නේ ගෙවන ගානට ඒ කියන්නේ රුපියල් 32000ත් 37000 ත් අතර (වොරන්ටි අනුව වෙනස් වෙනවා) ගන්න තියන හොඳ තෝරා ගැනීම් වලින් එකක්. අපි දැන් වාසි සහ අවාසි බලමු.

    වාසි.

    1. හොඳ කැමරා කොලිටි එක
    2. පට්ටම පට්ට සවුන් කොලිටි එක (ලවුඩ්ස්පීකර් සහ හෙඩ්සෙට් දෙකම පට්ට)
    3. ලොකු 5.5" Super LCD2 ඩිස්ප්ලේ එක
    4. හොඳ බැටරි ලයිෆ් එක
    5. HTC සෙන්ස් UI මරු

    අවාසි.

    1. ප්ලාස්ටික් බිල්ඩ් එක. (නරකමත් නෑ)
    2. ස්ක්‍රීන් ෂාර්ප්නස් එක ටිකක් අඩුයි
    3. ඩිස්ප්ලේ ආරක්ෂාවට මුකුත් නැත

    එහෙමනම් අපි ගියා. මගේ S6 EDGE එකේ රිවීව් එකත් ලඟදිම දාන්නම්. ප්‍රස්න තියනවනම් ඉතින් දන්නවනේ. කොමෙන්ටුවක් දාපල්ලා. බලලා උගුඩුවෝ වගේ නිකම්ම යන්න එපා. :frown::frown::growl: තව එකෙකුට පේන්න බම්පියවක්වත් දාපල්ලා. ;);)
    __________________________________________________________________________________________________________________________
    මාගේ අනිත් නූල් කීපයක්

    එලකිරි ෆෝන් බයින් ගයිඩ්
    http://www.elakiri.com/forum/showthread.php?t=1672987

    ග්‍රැෆික් කාඩ් බයින් ගයිඩ්
    http://www.elakiri.com/forum/showthread.php?t=1673972

    කොරියන්ගේ G4 භාණ්ඩේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1675353

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට
    http://www.elakiri.com/forum/showthread.php?t=1670572

    Zombi කැ* ෆන්ගයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1676155

    අනන්තය ලඟ….
    http://www.elakiri.com/forum/showthread.php?t=1676205

    සමාජ ඇසුර
    http://www.elakiri.com/forum/showthread.php?t=1671136
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    patta machan
    math gift ekak denna HTC 816 ekai sony C3 ekai athara hirawela inne. mokakda ban hoda? sony c3 ekth ekka compare kaloth mokakda hoda.
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    patta machan
    math gift ekak denna HTC 816 ekai sony C3 ekai athara hirawela inne. mokakda ban hoda? sony c3 ekth ekka compare kaloth mokakda hoda.

    සෑහෙන හිරවෙන කේස් එකක්. HTC එකට ලොලිපොප් ඇවිල්ල තිබ්බනම් කෙලින්ම කියන්න තිබ්බ HTC එක කියලා. ඒත් C3 එකට ලොලිපොප් තියනවා. අනික් අතින්නම් HTC එක හොඳයි. ඒත් C3 එකත් පට්ට. මම ගන්නවනම HTC එකට යනවා මචන්.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සෑහෙන හිරවෙන කේස් එකක්. HTC එකට ලොලිපොප් ඇවිල්ල තිබ්බනම් කෙලින්ම කියන්න තිබ්බ HTC එක කියලා. ඒත් C3 එකට ලොලිපොප් තියනවා. අනික් අතින්නම් HTC එක හොඳයි. ඒත් C3 එකත් පට්ට. මම ගන්නවනම HTC එකට යනවා මචන්.

    :) ela. Thank machan idea ekata
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    සෑහෙන හිරවෙන කේස් එකක්. HTC එකට ලොලිපොප් ඇවිල්ල තිබ්බනම් කෙලින්ම කියන්න තිබ්බ HTC එක කියලා. ඒත් C3 එකට ලොලිපොප් තියනවා. අනික් අතින්නම් HTC එක හොඳයි. ඒත් C3 එකත් පට්ට. මම ගන්නවනම HTC එකට යනවා මචන්.
    Machan HTC 816 ekata Lollipop update eka enawa..mata dawas 3kata kalin office eken dunna me phone eka on karala wifi connect kala witharai lollipop update eka awa..kiyanna waradak na pixel density eka thamai poddak madi..
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    Machan HTC 816 ekata Lollipop update eka enawa..mata dawas 3kata kalin office eken dunna me phone eka on karala wifi connect kala witharai lollipop update eka awa..kiyanna waradak na pixel density eka thamai poddak madi..

    Elaz. එහෙනම් පට්ට. මගෙ අම්මගෙ එකට තාම අවෙ නෑ. අද බලන්න ඔනේ ව්යි ෆයි ඔන් කරලා. :cool::cool:
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    duka hithenawa ....?????? ganna salli nati hinda..patta machoo

    ඕවා මොනාද බන්. ලොකු උනාම ගනින්.

    Nano Sim :eek: ?,
    Grand Prime 4G, k gatta bn 38 kata :oo:... Ram 1 GB :sorry: ..,

    අයියෝ..:sorry::sorry:. එකත් අවුලක් නෑ හැබැයි. :yes::yes:නැනො සිම් එක බං. අර මයික්‍රෝ සිම් එකටත් වඩා පොඩි එක



    elaz