නන්දනයා රට ගිහිල්ලා ඇවිල්ලා.ඌ එනකොට චොකලට් එහෙමත් ගෙනල්ලා.මොනවා උනත් ඌ හොඳ එකා. මොකද කියනවනම් උට මොනව අමතක උනත් ඩියුටිෆ්‍රී එකෙන් ගේන්ට කියපු රට පැන්ටා බෝතල් දෙක නම් අමතක කොරලා නෑ. ඌ රට ගියේ පොඩි කොන්ෆරන්ස් එක්කට.ඌ අධ්‍යාපනික ඩයල් එක නේ . උට ඕවා සෙට් වෙනවා.
“මෙව්වා ගනන් නේද? කවද්ද මෙව්වා හිස් කොරන්නේ. අපරාදේ බොරුවට ඇඳන් යට තිබිලා නරක් උනොත් එහෙම…….. ” ඉන්දිකයා බෝතල් දෙක ඇස් දෙකෙන් බොන ගමන් කිව්වා.
“අපරාදෙ බං දෙකක් ගෙනාවේ. බාගයක් තිබ්බාම ඇති බං. සූට්ටක් වැදුනට පස්සේ ජාතියක් තේරෙනේද බං අපට. මොරවක මෙඩිටෝ හරි කමක් නෑ ඊට පස්සේ ” චමීරය කිව්වා.
“එහෙනම් බෝතල් දෙක බාගේ බාගේ දවස් හතරකට බීපල්ලා” නන්දනයා උගේ ජාතියේ ලොජිකල් උත්තරයක් දුන්නා.
“මේ ඒක නෙවේ රෙදි වාගයක් ගන්ඩ ඕනෑ මට. යමුද ටවුන් ” චමීරය කිව්වා.
“වැඩකුත් නෑ , යමං යමං ” කට්ටියම ***** ටවුන් එකට යන්න සෙට් උනා.
සෙනසුරාදා දවස් වලට ටවුන් එකට ගිහාම පිස්සු හැදෙනවා. ටියුෂන් ආපු කොල්ලො කෙල්ලන්ගෙන් බස්ටැන්ඩ් එක පිරීලා. ඉස්සර මේ හොටු පෙරාගන චූටියට හිටපු කොල්ලො දැන් ලොකු වෙලා. ගැන්සි බැහැලා ඉන්නේ. හෙන චන්ඩි. අපි ඉතින් උන් අපේ ඇඟේ හැප්පුනත් “සොරි මල්ලි” කියනව මිසක් පොඩ්ඩක් හරි ගේමට කතා කලොත් ගුටි කන්න තමා වෙන්නේ.
මොනව උනත් ටියුෂන් ගියපු කොල්ලො කෙල්ලො දැක්කාම ඉස්සර කාලෙ මතක් වෙනවා. ඒ එක්කම පොඩි දුකකුත් එනවා.කඩයක් කරන එකෙක් දෙන්නෙක් අරුනහම අපේ පන්ති වල හිටපු එකෙක් බස්ටැන්ඩ් එකෙදි එහෙම හම්බෙන්නේ නැති තරම්. කට්ටියක් කොලඹ ජොබ්, කට්ටියක් පිටරට, කට්ටියක් ඹැඳලා. ඒ කාලෙ මතක් වෙනකොට නම් කියල වැඩක් නැ අප්පා , හෝම් වර්ක් තිබ්බත් කමක් නෑ කියලා හිතලා ආයේ ඉස්කෝලේ යන්න හිතෙනවා.
අපි ඇඳුම් ගන්න කඩේට ආවා. අපි ඇඳුම් තෝරනවා. අපි ඔකොම තේරුවට ගන්නේ නන්දනයට විතරයි. අපි ගන්න කඩේටම තව මැදි වයසේ පෙනුම තියන කොට කලු පොරක් ඇවිල්ලා ෂෝට් තෝරනවා. ඩයල් එකේ හැටියට පොර බිස්නස් කාරයෙක්. හැබැයි කතාකරන විදියට අනුව තේරෙන්නේ සල්ලි තිබ්බට මෙලෝ අද්යාපනයක් නැති එකෙක් වගේ.
පොර හෝ ගාලා කොට කලිසම් තෝරනවා. කඩේ වැඩකරන කොල්ලත් ඌ කියන කියන එක රැක් එකෙන් ඇදලා පෙන්නනවා.
“කෝ අරක ගන්න බලන්න” පොර කියනවා.
කඩේ කොල්ලත් අරන් පෙන්නවා. ඒ උනාට අර ඩයල් එකට එක ෂෝටක් වත් සැටිස් නෑ.
“මෙව්වා වැඩක් නෑ” පොර කියනවා.
“නෑ සර් මේ බලන්න. ඔරිජිනල් ඇබකොම්බී ෂෝටක්. කෙලින්ම ෆැක්ට්‍රියෙන් පන්නපුවා” කොල්ලත් එක එක කතන්දර කියනවා.
“ඒක හරියන් නෑ. වෙන නැද්ද? ”
ඊට පස්සේ කොල්ලා තව කලිසම් මිටියක් ඇද්දා.
“ඕන එකක් ගන්න සර්. මේ ඔක්කොම ඉම්පොර්ටඩ් ”
“ඉම්පොර්ටඩ්?” පොර ඇහුවා
“ඔව් සර් ඉම්පොර්ටඩ් ” කොල්ල කිව්වා.
“කෝ පෙන්නන”
පොර අහපු ප්‍රස්නෙට කොල්ල තුෂ්නිම්බූතවෙලා ගියා. මමයි චමීරයි හිනාවෙන්න බැරිකමට යට තොල්පොට හපාගෙන හිටියා. ඉන්දිකයටයි නන්දනයටයි වැඩේ මීටර් නෑ. අර ඩයල් එක හිතුවේ “ඉම්පොර්ටඩ්” කියන්නේ කලිසම් ජාතියක නමක් කියලා.
රෙදි ගැනිල්ල ඉවර වෙලා කට්ටියම නන්දනයගේ ගෙදරට බැස්සා.
“මේ පිටරට වලත් අපේ වගේ රෙදි කඩ තියනවද බං? ” ඉන්දිකය නන්දනයගෙන් ඇහුවා.
“ඔව් , එව්වා මිට වඩා ලොකුයි. කඩේට යන්නම ඕන නෑ. ඉන්ටනෙට් එකෙන් ඕඩර් කරන්නත් පුලුවං ” නන්දනයා පැහැදිලි කරා.
“ලන්කාවේ ඉඳන් ඉන්ටනෙට් එකෙන් ඕඩර් කරන්න බැයිද බන්” ඉන්දිකයටත් දහසක් ප්‍රස්න.
“මොකො බැරි. මේකට ගියාම ඕන බඩුවක් ගන්න පුලුවන් ” එහෙම කියලා නන්දනයා උට ebay එක පෙන්නුවා.
“එතකොට කොහොමද බඩුව ගන්නේ ” ඉන්දිකය ඇහුවා.
“කෙලින්ම ගෙදරට එනවා ”
“සුවර් එකටම එනවද?” ඉන්දිකය අහනවා
“අනිවා එනවා ” මම කිව්වා.
ඊට පස්සේ ඉන්දිකයා සයිට් එක දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා ඇරිස්ටෝටල් වගේ හිනාවක් දාලා මෙහෙම කිව්වා.
“හරි හරි දැන් තමා මේකේ නම මීටර් උනේ ”
“මොකක්ද? “අපි ඇහුවා
ඉන්දිකය දුන්නා ලොවෙත් නැති උත්තරයක්
“මොකක් හරි බඩුවක් ඕඩර් කරපුවාම ඉබේම ගෙදරට එන හින්දා තමා මේකට ඉබේ ඩොට් කොම් කියන්නේ නේද? ඉබේම එන හින්දා ඉබේ.කොම් හික්. පට්ටයි නම ඕයි…”
උපුටාගැනීම - http://www.thelastrow.net/