එකෙන්ම රෙස්පෙක්ට් කිසිම ඇදුනුම්කමක් නැතුව දේශපාලකයන්ට කඩේ යන්නැතුව මට ඉන්ටව් එකට ඉන්න දුන්නට. ටැලන්ට් තිබ්බ කෙනාට අනිවා දිනුම දෙන්න ඕන. එච්චරයි
ඉතින් මමත් උදෙන්ම ගියා ඉන්ටව් එකට. එක්තරා අමාත්‍යංශයක්. ඩයල් 03 ක් හිටියා ටයි දාගෙන. එක ඩයල් එකයි විතරයි ප්‍රශ්න අහන්නේ. මට පේන විදියට අනික් මිනස්සු 2 න්නා මෙලෝ දෙයක් දන්නේ නෑ අයිටී සම්බන්දව. මගෙන් ප්‍රශ්න මුකුත් ඇහුවේ නෑ. එතන අයිටී ජෙනරාල් වගේ හිටපු කෙනා තමයි ප්‍රශ්න ඇහුවේ.
එතනදි මම අහපු හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා. තනිකර ඇහුවේ වැටකොලු සහ ගඩොල් වගේ ප්‍රශ්න. මම සේරම උත්තර දුන්නා. යකෝ ඉන්ජිනිරියන් ඉන්ටව් වලදි ජාවා හොයාගත්තේ කවුද කියලා වගේ දේවලුත් ඇහුවා. මට හිනා. මම හොද වෙලාවට දන්න නිසා කිව්වා. ජවා හොයාගත්ත ඩයල් එක ගැන. අරූ රටක් රාජ්‍යක් හොයාගත්තා වගේ මාව වර්ණනනා කලා. කිසිම කනෙක් ඒ නම කිව්වේ නැහැලු. මම ඒ අතින් ග්රේට් කිව්වා !
පස්සේ මගෙන් ඇහුවා එස් කිව් එල් ඉන්ජෙක්ෂන් වලක්වාගන්න විදි කියන්න කියලා.
මම කිව්වා. මම හිත්න්නේ මිනිහා , වර්ඩ් ඩොක් එකක් බලාගෙන ප්‍රශ්න අහන්නේ. ඒකේ නැති එකක් කිව්වොත් ඒක ෆේල් වගේ දෙයක්. ඉතින් එහෙම බැහැනේ. මම කිව්ව උත්තර ගොඩක් ප්‍රැක්ටිකල්. ඒවා හරි. මිනිහා කියනවා ඔය අනික් ඒවා දන්නවා. මේක දන්නෑ කියලා. මාව පහත් කලා. මම එයාලගේ තීරනය අනුව ෆේල් . ඒත් මම කියපු උත්තර හැම එකක්ම ඩබල් චෙක් කලා. චැට්ජීපිටි එකෙන් . ඒවා සේරම හරි.
මට තේරුනු දෙයක් තමයි ඔය රජයේ අයිටී පත්විම් ගන්න මිනිස්සු , මාරම සෙල්ෆිෂ් අය කියලා . තමන්ට වඩා දන්න මිනිස්සු එයාලා බදවාගන්නේ නෑ. කවදාහරි තමන්ට චැලේනජ් එකක් වෙන අය. මට එහෙම අය ගවමන්ට් සෙක්ටර් එකේ මුන ගැහිලා තියනවා. තමන්වත් පාස් කරගෙන යයි කියලා බයේ උන්ව මුලින්ම කපලා දානවා. හුගක්ම මේක තියෙන්නේ ගවන්මන්ට්. ඉතින් අරුන් දෙන්නට කන්වින්ස් කරන්න ඇති මම මෙලෝ දෙයක් දන්නෑ කියලා. උන් දෙන්නත් සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැනේ . ඉතින් ෆයිනලි අරූ කියපු එක පිලිගන්න ඇති කියලා හිතෙන්නේ.
හිතපන්, ඔයවගේ ඉන්ටව් කරලා ගන්න මිනිස්සු අතින් තමයි . වැරදි වෙන්නේ . අරූට වැදගෙන සර් කියාගෙන ඉන්න. උට පල්ලෙහින් ඉදලා වැඩ කරන මිනිස්සු අදටත් ආණ්ඩුවේ රස්සාවල් වල ඉන්නවා. මොන ආණ්ඩු ආවත් මේ වගේ නිලධාරී නම් සාපයක්. අඩුමගානේ ඉන්ටව් තියනකොට සබ්ජෙක්ට් එක දන්න එවුන් පිටින් හයර් කරලා හරි තියන්න ඕන . ඇතුලෙම ඉන්න උන් තියන්නැතුව . එහෙම කරන ආණ්ඩුවේ ආයතන තියනවා. !!!