ගමේ කෑම ගමේ රසට පිරිසිදුවට කන්න තියෙන කොළඹ තැන් 7 ක්
දැන් ඔය බර්ගර්, සබ්මැරීන්, ෆිෂ් ඇන්ඩ් චිප්ස් වගේ මොන මොන අරුමෝසං, සුකුරුත්තං කෑම කෑවත් වෙලාවක් එනවා හොඳ රතු හාලේ බත් එකක්, ගමේ කරියක් එක්ක කන එක තරං වෙන කිසිම දෙයක් ෆිට් එකක් නෑ කියලා දැනෙන. එතකොට සමහරු ඉන්නවා මොන මොන රටවල කෑම ජාති තිබ්බත් වැඩක් නෑ දවාලට බඩට දැනෙන්න නං ගමේ විදියට බත් එකක් කන්න ඕන කියලා කියන. මේ කියන්න යන්නෙ මේ හැමෝටම ගැලපෙන්න කොළඹ තියෙන ගමේ කෑම එකක් කටට රසට පිරිසිදුවට කන්න තියෙන තැන් කීපයක් ගැන තමයි.
1. නුග ගම (Cinnamon Grand)
Source – cinnamonhotels.com, colombohotelschool.com
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ක්‍රමයට කෑම වේලක් කන්න ගාණ සැර, කෑම මරු තැනක් ඕන නම් මෙතන තමයි තැන. විශේෂයෙන්ම විදේශික මිතුරු මිතුරියන්ව වුනත් එක්කගෙන යන්න පුලුවන්. ඇත්තටම බිල්ඩින් පිරුණු කොළඹ නගරේ මැද්දේ තියෙන ගමක් වගේ තමයි මෙතනට යනකොට දැනෙන්නේ. මැටි හට්ටි වල දාපු මාළු පිණි, රතු බත් සහ වෙනත් බත් වර්ග, රසකැවිලි ඇතුළු දැක්කත් හිත පිරෙන මෙනු එකක් තියෙන නුග ගම කන්න විතරක් නෙවෙයි, විවේකයෙන් මොහොතක් ගත කරන්නත් මරු.
2. Paradise
Source – facebook.com/ParadiseColomboSriLanka
තිඹිරිගස්යායේ සම්බුද්ධ ජයන්ති මන්දිරය පාමුල තියෙන පැරඩයිස් කැෆේ ඇන්ඩ් රෙස්‍ටුරන්ට් කියන්නේ නිර්මාංශ ආහාර වේලක් ගමේ තාලෙට ගන්න යන්න ඕන තැන. කොළඹ සාමාන්‍යයෙන් ඉන්දියන් පොට් එකක් ඇරුනහම වෙජිටේරියන් කෑම වේලක් ගන්න තියෙන තැන් අඩුයිනේ. ඒ නිසාමද කොහෙද ඔය අහල පහල ඔෆිස් වල අය එහෙම දවල් කෑමට මෙතනට සෙට් වෙනවා සෑහෙන්න. දවාලට රතු බත් හොයන අයටත් මෙතන මරු. ගමේ මෙනු එකකට බුෆේ එකක් දාන පැරඩයිස් එකේ කෑම බීම වලට ගන්නේ වස විස නැති අමුද්‍රව්‍ය කියලා ඒ කට්ටිය ආඩම්බරෙන් කියනවා.
3. Curry Pot Restaurant
Source – facebook.com/currypotrestaurant
හොඳ සැරට තියෙන කුකුලු මස් කරියක් එක්ක රතු බත්, පොල් සම්බෝල, පරිප්පු, මැල්ලුම්, පොලොස් කරි වගේ මාළු පිණි ගණනාවක් එක්ක හිතට දැනෙන්න, පොකට් එකට නොරිදෙන්න කෑම එකක් කන්න ඕන නං යන්න පුලුවන් තැනක් තමයි මෙතන. මාරම තැනක් නොවුණත් කෑම බීම වල රහ හොයන මනුස්සයෙක්ට හිත රිද්දගන්නෙ නැතුව දවාලට හරි උදේට හරි නියම රයිස් ඇන්ඩ් කරි කෑම එකක් කන්න මෙතන හොඳයි. මේ වගේ ටිකක් පොඩි රෙස්‍ටුරන්ට් එකක තියෙයි කියලා හිතාගන්න බැරි තරමට තෝරගන්න බුෆේ අයිටම් රේන්ජ් එකකුත් තියෙන එක තවත් හොඳයි.
4. ප්‍රණීත ගමේ බත් කඩේ
කොළඹ පාර අයිනේ පොඩි පොඩි බත් කඩ ඕන තරමට තියෙනවා. මේ තැන්වලින් කෑම එකක් ගන්නවා කියන්නේ එක්ස්පෙරිමන්ට් එකක් තමයි. සමහර තැන්වල මරු. සමහර තැන්වල මෙලෝ රහක් නෑ. හැබැයි කොල්ලුපිටියේ තියෙන ප්‍රණීත බත් කඩේ ලිස්ට් එකට දාන්නේ මේ අවට ඔෆිස් යන එන හාදයෝ හාදියෝ මෙතෙන්ට වහ වැටිලා ඉන්න නිසාමයි. පොකට් එකට දැනෙන්නේ නැති කෑම ලංකාවේ කෑම එකක් එකක් මෙතනින් ගන්න පුලුවන්. රතු බත්, පරිප්පු, ගොටුකොළ, වම්බටු වගේ කරි වර්ග විතරක් නෙවෙයි, කුකුල් මස්, ඌරු මස්, හරක් මස්, ඉස්සෝ, දැල්ලෝ, මාළු කෑම වුනත් මෙතන කිසි අවුලක් නෑ. සමහර දවස් වලට හැබැයි චිකන් හරි බීෆ් හරි කරිය කණ පැලෙන සැරකින් ලැබෙන එක වෙනම කතාවක්. මෙතන වාඩි වෙලා බත් කන්න තරමට ලොකු ඉඩක් නං නෑ. ඔෆිස් එකට බත් එකක් අරන් යන්න මෙතන හොඳයි.
5. ලන්තෑරුම
ලන්තෑරුම කියල කියනකොටම නිකං ලංකාවේ කෑම තමයි කියලා දැනෙනවනේ. මෙතන පෙනුමත් ඒ වගේ තමයි. ලන්තෑරුම කියන්නේ හැව්ලොක් ටවුමේ දවාලට ලංකාවේ විදියට මාළු පිණි එක්ක රසට කෑම එකක් කන්න කියාපු තවත් තැනක්. මැටි හට්ටිවල උයලා පෙනුමට කරි වර්ග තියලා තියෙන මෙතනත් පරිප්පු, ගොටුකොළ සම්බෝල, වම්බටු, පපඩම් ටයිප් එකේ බත් කඩේ කෑම එකක තියෙන ජාති ඔක්කොම තියෙනවා. ආ මෙතන ලුණු දෙහි එහෙමත් තියෙනවා. රතු බත් කැමති නං එහෙමයි, සුදු බත් කැමති නං එහෙමයි. මස් නං අපි දැකලා තියෙන්නේ චිකන් විතරයි, හැබැයි මාලු සහ ඕන තරමට කන්න වෑංජන ලන්තෑරුමේ තියෙනවා.
6. Udumbara JU Caterers
Source – cloudfront.net, juc.lk
දැන් තිඹිරිගස්යායේ තියෙන උදුම්බරා එක ප්‍රසිද්ධ වෙලා තිබුණේ කේටරින් සර්විස් එකක් විදියට වුනත් දවලට කෑම එකක් ගන්නත් මෙතනින් කිසිම අවුලක් නෑ. ඇත්තටම 1974 ඉඳන් පැවතගෙන එන ව්‍යාපාරයක් වෙන උදුම්බරා එකේ කෑම වල රස තාම එදා වගේම තියෙනවා කියලා දන්න කට්ටිය කියනවා. සාමාන්‍ය ඕනම බත් කඩේක වගේ චිකන් හරි, මාලු හරි, බිත්තර හරි, එළවළු හරි රයිස් ඇන්ඩ් කරි ගන්න මෙතනින් පුලුවන්. පරිප්පු, මැල්ලුම්, වම්බටු, පපඩම් ටයිප් එකේ සුසංයෝගයම වුනත් ඇති වෙන්න බත් එක දෙන එකත්, කටට රහට තියෙන එකත්, ගාණ ලොකු අවුලක් නොවීමත් උදුම්බරා එක ජනප්‍රිය වෙන්න තවත් හේතු කියන්න පුලුවන්. විශේෂයෙන්ම චිකන් කෑම එකක පොඩි කුකුල් අණ්ඩක් හරි, මාළු කෑම එකක හාල්මැස්සෙක් හරි නැතුව ලෝබ නැති ප්‍රමාණෙක මස් හරි මාළු හරි කෑල්ලක් දෙන එක කියන්නම ඕන. ඕන නං බිරියානි එකක් ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙමත් මෙතනින් ගන්නත් පුලුවන්.
7. Mythi Restaurant
හැව්ලොක් ටවුන් එක පැත්තේ වගේම නාරාහේන්පිට පැත්තේ ඔෆිස් වල වැඩ කරන අයටත් Mythi Restaurant කියන්නේ ට්‍රයි කරලා බලන්න වටින තැනක්. පයිප් පාරේ තියෙන මේ පොට් එකේ බිරියානි, ෆ්‍රයිඩ් රයිස්, නාසිගුරාන්, ලම්ප්‍රයිස් එහෙමත් ගන්න තිබුණත්, මැටි හට්ටි වල දාලා තියෙන රයිස් ඇන්ඩ් කරි වලට තමයි වැඩිපුර ඉල්ලුමක් තියෙන්නේ. කොළඹ සාමාන්‍යයෙන් පෝක් හොයාගන්න අමාරුයිනේ. මෙතන තියනවා නියම ශ්‍රී ලංකන් ස්ටයිල් එකට හදපු කළු ඌරුමස් කරිය. හැබැයි කොළඹ තියෙන සිරාම පෝක් කරිය කියන්න නං බෑ. පරිප්පු, මැල්ලුම්, වම්බටු, පපඩම් ටයිප් එකේ කෑම එකට මස් වර්ග මික්ස් ඇන්ඩ් මැච් කරලා ගන්න පුලුවන් එක ඔය වැඩිපුර මස් කන්න කැමති උදවියගේ නං හිතට අල්ලයි.
www.aniwa.lk