ගයාන් බේර ගමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගෝල්ෆේස් එකෙන් ගැලවිලා කණ්ඩායමක් අරලියගහ මංදිරය ඉදිරියේ කූඩාරම් ගැහැව්වේ අප්‍රේල් අග විතර.

    ඒ පලවෙනි දවසේ රෑ මම එතනට යනකොට අටව ගත්ත කූඩාරමේ හිටියේ කොල්ලෝ 8 දෙනයි. කන පැලෙන්නම පිරිත් දාගෙන මහින්ද ඇතුලේ. ආරක්ෂක සේනා වටෙන්ම.

    නමුත් කිසිත් බියක් නැතුව කොල්ලෝ 8 දෙනෙක් තනිවම එතන නැංගුරම් දාලා.

    එදා තමයි ගයාන්ව හම්බුනේ.
    ඒ මොරාල් එක තමයි දිගටම තිබුනේ.

    ගයාන් මේ අරගලය ඇතුලේ මගේ ඇසින් ලොකු චරිතයක්.

    ඔහුට චෝදනා ඇති. ඒවා තනියෙන් බාර ගන්න අවශ්‍ය කෙනෙක් නෙවෙයි ඔහු. මේක මහජන අරගලයක ඒක කොටසක්. ඒ කොටස අරගලය තුල සුවිශේෂී කාර්‍යයක් ඉටු කලා. ඒ ඉටුකළ වගකීම වෙනුවෙන් අද ගයාන් හිර වෙලා. ඒ අපි හැමෝම වෙනුවෙන්. රට වෙනුවෙන්.

    ගයාන්ලා වගේ තව ගොඩක් උන් නැතුව ඇති. අපි ගයාන් වෙනුවෙන් අනිවාර්යයෙන් පෙනී සිටින්න ඕනේ. ඔහුගේ නිදහස අපෙත් නිදහස.

    සහෝදර අරගලකරුවන් නිදහස් කරනු.
    ජනතා ජයග්‍රහණය පිළිගනු.

    ගයාන් නිදහස් කරනු!!!

    පැතුම් කර්නර්