ගයාන් වික්‍රමතිලකගේ කැත වැඩ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ගයාන් වික්‍රමතිලකගේ කැත වැඩ

    සිත්ති ෆර්ෂිනා ලතීෆ්
    ගයාන් වික්‍රමතිලකගේ බිරිය


    ඇයි ගයාන් ඔයා අපිට මෙහෙම කළේ?


    ගයාන්ගේ බිරිය සිත්ති සරසවියට කතා කරයි

    පුංචි පවුල රත්තරං කියලයි ගයාන් හැම තිස්සෙම කිව්වේ. එක වහලක් යටට වෙලා ගෙවන පවුල් ජීවිතය ගැන එයා නිතරම කතා කළේ හරිම තෘප්තියෙන්. එයා සිංහල බෞද්ධ. ඒ හේතුව නිසාම විවාහ වෙද්දී අපට ආපු ප්‍රශ්න අනන්තයි. අප්‍රමාණයි. ගයානුයි මමයි ටිකෙන් ටික ඒවා විසඳගෙන අපේම කැදැල්ලකට ආවේ දහසකුත් බලාපොරොත්තු ඇතුව.
    Siththi-20140320.jpg
    ගයාන් නළුවෙක් කියලා මම එයාව කවදාවත් සැක කළේ නැහැ. නළුවන් ගැන අහස පොළව නුහුලන කතා මගේ සමීපතයින් මට ඇහෙන්න කියද්දී මං ගයාන් ගැන කියලා ආඩම්බර වුණේ ඔහුව ඒ ගොඩට දාන්නේ නැතුව. එච්චරට මං එයාට ආදරේ කළා. අපි බැඳලා පවුල් ජීවිතය ගත කරද්දී ගයාන් අතින් ගෙදරට වෙන්න ඕනෑ වගකීම් මඟ හැරුණත් මං ඒ ගැන වචනයක දොසක් ඔහුට කිව්වේ නැහැ. රූගත කිරීම් ඉවර වෙලා ගයාන් ගෙදරට ගොඩ වැදුණම මහන්සියට නිදාගන්න ඉඩ දීලා ඇහැරෙනකම්ම මම සද්ද කරන්නේ නැතුව ඉන්නවා. ගයාන් තමයි මගේ ජීවිතයට ආලෝකය වුණේ. එයා හරියට හිරු වගේ මගේ ලෝකය සුන්දර කළා. කාලයක් යනතුරු අපේ ගෙදර පුංචි එකකුගේ කිරි සුවඳක් පැතිරුණේ නැහැ. අපි දෙන්නම ඒ ගැන හිටියේ හරිම කනස්සල්ලෙන්. නොයෙක් තැන්වලට භාර හාර වුණා. ගයාන් තමයි ඒ හැම දෙයකටම මූලිකත්වය ගත්තේ.
    ගයාන් නිසා මං කළ කැප කිරීම්වලින් නම් නිමක් නැහැ. මං මගේ ආගම පවා සිතින් අමතක කළා. ගයාන් එක්ක පන්සල් යන්න පුරුදු වුණා. ගයාන් කියලා දීපු විදිහට දොහොත් මුදුන් දීලා බුදුන් වැන්දා.
    අනේ . . . ඒ අතීතය කොච්චර සොඳුරු ද?
    අපේ පැතුම් මල්ඵල ගන්වමින් මගේ කුසට පුංචි පැටියෙක් ආවා. එයා ඉපදුණ දා ගයාන් හිටියේ මුළු ලෝකයම දින්නා වගේ. අපි දැන් සම්පූර්ණයි නේද කියලා ගයාන් නිතරම කිව්වා.
    ගයාන්ගේ ළඟම මිතුරිය වුණෙත් මම. ඔහු මට නොකියපු දෙයක් නැහැ. රඟපාන්න ගියාම වෙන කතන්දර හිනා වෙවී ගයාන් කියද්දී මං ඔහු දිහා බලාගෙන හිටියේ හරිම ආදරයෙන්. ගිරවා වගේ කොච්චර දේවල් මට ඇවිල්ලා කිව්වත් එක කතාවක් ගයාන් මට හැංගුවා. අවුරුද්ද කියනවා නම් 2008. ගයාන්ගේ අමුත්තක් මට දැනුණා. එයා ඒක සඟවන්න නිෂ්ඵල උත්සාහයක යෙදුණා. ගයාන්ගේ හිත කියවන්න පුළුවන් මට. ගයාන්ගේ වෙනස පැහැදිලියි. ඔහු වෙන කාටද පෙම් බඳීනවලු. නිල නොලත් ආරංචියක් ආවා. හිසට මුගුරකින් ගැහැව්වා වගෙයි මට දැනුණේ. මම කලබල වුණේ නැහැ. හිමීහිට ඒක ගැන හොයලා බැලුවා. කතාව ඇත්ත. ගහලා, බැනලා ගයාන්ට දොස් කියලා ගෙදරින් එළියට බහින්න වුවමනාවක් මට තිබුණේ නැහැ.
    අම්මලා තාත්තලා ගයාන්ගෙන් වෙන් වෙන්න කිව්වා. ඒත් මගේ තීරණය වෙනස්. මනුස්සයන් අතින් වැරැදි වෙනවා. මොකද ගයාන් කියන්නේ දෙවියෙක් නෙවෙයිනේ. මම ගයාන්ට සමාව දුන්නා. ප්‍රශ්න කතාබහ කරලා විසඳ ගත්තා. ආයෙත් මෙවන් දේවල් වෙන්නේ නැහැ කියලා ගයාන් මගේ හිසට අත තියලා දිව්රුවා. ඔය කාලයේදීමයි ගයාන්ට විවිධාකාර වූ චරිත රඟපාන්න ලැබුණේ. එන්න එන්න ගයාන් ජනප්‍රිය වුණා. ඔහු දියුණුව කරා ගමන් කරද්දී මං නිහතමානී සතුටක් ලැබුවා. ඒ තමයි අපේ ජීවිතවල වාසනාවන්තම කාලය. අපේ පුංචි පුතා දැන් හරිම හුරතල්. නිවාඩු දවස්වල පුතා ගයාන්ගේ අතේමයි. එක මොහොතක්වත් බිමින් තිබ්බේ නැහැ. නිදා ගත්තෙත් බඩ උඩ තියාගෙන. ගයාන් තිරයේ පෙම්වතා, දුෂ්ඨයා වුණත් ගෙදර ඉන්න කොට කොතරම් ආදරණිය පියෙක් ද කියලා අහල පහල අය පවා දැනගෙන හිටියා. එහෙම හිටිය ගයාන් මෙහෙම වෙනස් වුණේ කොහොමද කියලා මට හිතා ගන්නවත් බැහැ.
    ගයාන් තවත් පෙම්වතියක් එක්ක පැටලිලා කියලා ආරංචි වුණාම මම ඒක හිතින් බැහැර කළා. මොකද කලින් ගයාන් වුණු පොරොන්දුව මට වගේම ගයාන්ටත් හොඳට මතක ඇති කියලා මං විශ්වාස කරපු හින්දා. ඒත් ඒ විශ්වාසය රහසේම පුපුරා ගිහිල්ලා. අම්මා කෙනෙක් වගේ ළඟින් හිටපු මට වඩා ගයාන්ට ඇයව ලොකු වෙලා. එතකොටත් අපේ කැදැල්ලට දෙවැනි පුතුත් ඇවිත්. අපි ඔක්කොමලා දාලා ගයාන් යන්න ගියා. මට පිස්සු හැදුණා. මං හිතුවේ මගේ ජීවිතය අංගොඩ මානසික රෝහලෙන් කෙළවර වෙයි කියලා. මම අපේ දරුවන් ගැන හිතුවා. ඔවුන් ගැනම හිතලා හිතලා බිදුණු සිතේ කෑලි පාස්සන්න උත්සාහ කළා.
    ගයාන් අපට කළේ ලොකු වැරැද්දක්. ඒත් මං එයා ගැන තැන තැන වැරැදි කතා කළේ නැහැ. ගයාන් පිළිබඳ කිසිදු වෛරයකින් නෙවෙයි අදටත් මම ඉන්නේ. නඩත්තු නඩුවක් දැම්මෙ අපිට ජීවත්වන්න ඕනෑ නිසා.
    මාසෙකට 40000 ක් අපට ලැබෙනවා ඒ වන්දි නඩුවෙන්. අපි ඉන්නේ කුලියට. එතනට දොළොස් දාහක් දෙන්න ඕනෑ. මට රැකියාවක් කරන්න බැහැ දරුවො දෙන්නා නිසා. මගේ අම්මට ඔවුන්ව බලාගන්නත් බැහැ. අම්මා රෝගාතුරව ඉන්නේ.
    ඇයි ගයාන් ඔයා අපිට මෙහෙම කළේ? වෙන් වුණත් ඉස්සර නම් ඔයා පුළුවන් වෙලාවන්වල ගෙදර ආවා. දවසකට සැරයක් කෝල් කළා. අපි ගැන හොයලා බැලුවා. කෑව බිව්ව හැටි ඇහැව්වා. දුක සැප විමසුවා. ඔයා අන්තිමේට කතා කළේ ගිය ජනවාරි 19. ඊට පස්සේ අපි ගැන හොයන උනන්දුව අඩු කළා. දැන් අපි කතා කරපුවාමත් ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නැත්තේ ඇයි ගයාන්? ඔයාට මෙච්චර ඉක්මනට අපේ රත්තරං පවුල අමතක වුණාද? පුතා ඔයා නැතුව හරිම සාංකාවෙන් ඉන්නේ. මට කතා නොකළට කමක් නැහැ. අඩුම ගානේ එයා ගැනවත් හොයලා බලන්න. මම දැක්කා ගයාන් ගැන විස්තරයක්. දැන් ගෙදර ඉන්න බලු පැටවුන්ට කවුරුන් හෝ මොනවා හරි කිව්වොත් කේන්ති යනවා කියලා. මට දුක අපේ දරුවන් ඒ බලු පැටවුන්ටත් වඩා පහලට වැටිලා නේද කියලා හිතුණා.
    මං ගයාන්ට කතා කළේ අප්පච්චි කියලා. මං එහෙම කටපුරා කිව්වේ ඔහුටම විතරයි.
    අප්පච්චි . . . ඔයාගේ දරුවෝ අමතක කරන්න එපා. මං දන්නවා ඔයා එදා වගේම අදත් හරිම කාර්යබහුලයි කියලා. ඒත් බබාලට කතා කරන්න පුලුවන් වෙලාවල්වල. නැත්නම් ඔයාට පව් සිද්ධ වේවි මේක ආදරණීය ඉල්ලීමක්. ඉල්ලීමකට වඩා ආයාචනයක්.
     
    • Like
    Reactions: pizzu puza

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ගයාන් වැරදි ඇති. නමුත් ඔය ගයාන්ගේ පෙර බිරිඳ කියන කතාවක් නේ. ඔකේ දෙපැත්තම සමබරව බලන්න ඕනේ. එක පැත්තකට විතරක් බර දාල කතා කරන්නත් බහ.

     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ගයාන් වැරදි ඇති. නමුත් ඔය ගයාන්ගේ පෙර බිරිඳ කියන කතාවක් නේ. ඔකේ දෙපැත්තම සමබරව බලන්න ඕනේ. එක පැත්තකට විතරක් බර දාල කතා කරන්නත් බහ.


    eka nan aththa. habai ganige mona waradda thibbath lamai denna gana balanna thibba.
     
    • Like
    Reactions: siripala

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මේවා නම් බලු වෑඩ මචන්... මොනව වුනත් අන්තිමට අසරන වෙන්නේ අර පුන්චි ලමයි.. :angry::angry::angry:
     
    • Like
    Reactions: dfgrendezvous

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ගයාන් වැරදි ඇති. නමුත් ඔය ගයාන්ගේ පෙර බිරිඳ කියන කතාවක් නේ. ඔකේ දෙපැත්තම සමබරව බලන්න ඕනේ. එක පැත්තකට විතරක් බර දාල කතා කරන්නත් බහ.


    මම කියන්න ගියෙත් ඕකම තමයි.
     
    • Like
    Reactions: dfgrendezvous

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගයාන් වැරදි ඇති. නමුත් ඔය ගයාන්ගේ පෙර බිරිඳ කියන කතාවක් නේ. ඔකේ දෙපැත්තම සමබරව බලන්න ඕනේ. එක පැත්තකට විතරක් බර දාල කතා කරන්නත් බහ.


    ඇති යන්තන් අදවත් හරි කතාවක් කියල තියනවා
    එත් බන් ළමයි පව් යකෝ. බලපන් පොඩි පැටව 2ක්
     
    • Like
    Reactions: dfgrendezvous

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම නම් කියන්නේ මේකයි.. වැරදි නොකරන මිනිස්සු ලෝකේ නැහැ.. වැරැද්දට සමාව දුන්නම ආයේ ඒ වරදම කරනවනම් ආයෙත් සමාව දෙන්න සුදුසු නැහැ.. තමන්ට වරදක් නොකරපු කෙනෙකුට වරදක් කරන එක ලොකු අපරාධයක්.. මොනවා උනත් පවු දරුවෝ දෙන්නා.. එකට ඉන්න බැරි නම් වෙන් උනාට කිසිම ප්‍රශ්නයක් නැහැ.. නොගැලපීම් තියෙද්දි එකට ඉන්න බැහැ.. ඒත් තමන්ගේ දරුවෝ, හයක් හතරක් දන්නේ නැති දරුවෝ ඒකට පලි නැහැ.. උන්ව අමතක කරන්නෙපා.. උන් ගැන බලන්න ඕන.. නැත්නම් සහ ගහනවා..
     
    • Like
    Reactions: dfgrendezvous
    May 19, 2013
    1,864
    81
    0
    ගයාන් චතුරිකා අතරෙත් ප්‍රශ්න කියලා ලඟදි ආයේ ගොසිප් වල හිබුනා. ඕක ගොඩක් නළු නිළියන්ගේ හැටි. සාමාන්‍ය මිනිස්සුන්ට නළු නිලියෝ ගැලපෙන්නේ නෑ මට හිතෙන්නේ.
    දරුවෝ ගැන හොයලා බලන්නේ නැති අය සාමජයෙන් කොන් කරන්න ඕනේ කොහේදී උනත්.
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම නම් කියන්නේ මේකයි.. වැරදි නොකරන මිනිස්සු ලෝකේ නැහැ.. වැරැද්දට සමාව දුන්නම ආයේ ඒ වරදම කරනවනම් ආයෙත් සමාව දෙන්න සුදුසු නැහැ.. තමන්ට වරදක් නොකරපු කෙනෙකුට වරදක් කරන එක ලොකු අපරාධයක්.. මොනවා උනත් පවු දරුවෝ දෙන්නා.. එකට ඉන්න බැරි නම් වෙන් උනාට කිසිම ප්‍රශ්නයක් නැහැ.. නොගැලපීම් තියෙද්දි එකට ඉන්න බැහැ.. ඒත් තමන්ගේ දරුවෝ, හයක් හතරක් දන්නේ නැති දරුවෝ ඒකට පලි නැහැ.. උන්ව අමතක කරන්නෙපා.. උන් ගැන බලන්න ඕන.. නැත්නම් සහ ගහනවා..

    රජ්ජුරුවෝ;16420702 said:
    ගයාන් චතුරිකා අතරෙත් ප්‍රශ්න කියලා ලඟදි ආයේ ගොසිප් වල හිබුනා. ඕක ගොඩක් නළු නිළියන්ගේ හැටි. සාමාන්‍ය මිනිස්සුන්ට නළු නිලියෝ ගැලපෙන්නේ නෑ මට හිතෙන්නේ.
    දරුවෝ ගැන හොයලා බලන්නේ නැති අය සාමජයෙන් කොන් කරන්න ඕනේ කොහේදී උනත්.

    :yes:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේ මොන මගුලක්ද බන් ??? දැන් මූ විතරද ගෑනිවයි,ළමයින්වයි දාල වෙන ගෑණියෙක් එක්ක ගියේ ??? මේ ලංකාවේ මීට කලින් මේවා වෙලාම නැද්ද ??? පත්තර කාරයොත් ඉතින් ඕන ගූ බෙට්ටක් දායි sales වැඩි කරගන්න....
    මේ නළුනිලියෝ විතරයි ලව් කරන්නේ,උන් විතරයි කසාද බඳින්නේ,උන්ට විතරයි ළමයි හම්බෙන්නෙ... අනේ අම්මප මේ පත්තර කියවන ගෑනුන්ට වෙන වැඩක් ඇත්තෙම නැද්ද මන්දා !!!! (මේ මගුල් කියවන ගෑණු තමයි සිහින ලෝකවල පිනුම් ගහන්නේ,ගෙදර මිනිහට දාහක් ප්‍රශ්න තියෙද්දි රට වටේ ඉන්න නළු නිලියෝ කරන රෙද්දවල් හොයන්නෙ)


    මල පනිනවා බන් !!!!
    :growl::growl::angry::angry::angry:

    අර පොඩි උන් දෙන්නා නම් පව්...ඒත් ඔයිට වඩා අඩු පඩි වලින් මිනිස්සු ජීවත් වෙනවා මේ රටේ...අර ගයාන් පොන්සියගේ නම් අහවල් එක කුණුවෙලා වැටෙන්න ඕන..
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නලුවො,නිලියො කියන්නෙ රඟපාන එවුන් නේ! උන්ට හොඳට රඟපාන්න පුලුවන් නිසානෙ උන් ඒ ඒ තැන්වල ඉන්නෙ! ඉතින් උන්ව කොහොමද විශ්වාස කරන්නෙ? :confused: