ගයේෂා සමග කල ලිංගික රඟපෑම් ගැන සම්පත් කතා &#34

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ගයේෂා සමග කල ලිංගික රඟපෑම් ගැන සම්පත් කතා &#34

Source: http://www.lankagossipnews.com/2014/07/sampath-speaks-about-flying-fish-naked.html

ගයේෂා පෙරේරාගේ නිරුවත් දර්ශනයක් නිසා "ඉගිල්ලෙන මාළුවෝ" චිත්‍රපටය පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූණා.

ඉන් අනතුරුව ගායේෂා දේශපාලනයට පාතැබීමට ගත් පියවර ආපසු තබන්නට ඇයට සිදුවීයේද එම නිරුවත් දර්ශනයි. කෙසේ වෙතත් ඇය පසුගියදා ගයේෂා යුගදිවියට පාතැබුවා.

ගයේෂා සමඟ ලිංගික දර්ශනයට සහභාගී වූ සම්පත් ජයවීර එම චිත්‍රපටය ගැන අදහස් දක්වා තිබෙනවා. ඔහු පවසන්නේ එම චිත්‍රපටය පිළිබඳව CID ය තමාගෙන් ප්‍රශ්න කිරීමේදී අසා සිටි පලමු ප්‍රශ්නය වුණේ "මාර චාන්ස් එකක් නේද හම්බ වුණේ" යන්න බවයි.

එම සම්පූර්ණ සංවාදය පහතින්

Flying fish වගේ චිත්‍රපටයක රඟපෑවේ ඇයි?
ඒකේ රඟනොපාන්න හේතුවක් තිබුණේ නෑ. චිත්‍රපටයට ආරාධනා කරන මොහොතේ එය නොකර ඉන්න තරම් ප්‍රශ්න තිබුණේ නැහැ. මට ඒ කාලේ පෙම්වතියක් හිටියෙත් නෑ. එහෙම කෙනෙක් හිටියා නම් එයාගේ කැමැත්ත අකැමැත්ත මත එය වෙනස් වෙන්න වුණත් තිබුණා.

මොකද මෙහි ලිංගික දර්ශන තිබුණ නිසා. මගේ ගෙදරින් මගේ රඟපෑම්වලට බාධා නැහැ. රංගන විෂය ගැන මම හිතන ප්‍රමාණයත් සමඟ ඒ වගේම නළුවකු තුළ තිබිය යුතු අභියෝග භාර ගැනීමේ නිර්භීතකම වගේ කාරණා සමඟ මට ඒක නොකරන්න හේතුවක් තිබුණේ නැහැ. චිත්‍රපටයේ තිබුණ දේශපාලන කාරණා සමඟත් මම යම් දුරකට එකඟ වුණා. ඒ මොහොතේ මම හිටපු මතයත් සමඟ මම එම චිත්‍රපටය භාර ගත්තා.

ඒ මොහොතේ කැමැත්තට කළාට දැන් පසුතැවීමක් නැද්ද?
කරලා ඉවරවුණු කිසිම දෙයක් ගැන මම පසුතැවෙන්නෑ. අයියෝ අපරාදෙ මේක කළේ වගේ දෙකයි පනහේ පසුතැවීම්වලට මට යන්න අවශ්‍යත් නෑ. නමුත් පසුව ඇතිවුණු යම් යම් සිදුවීම් නිසා නම් පසුතැවීමක් තිබෙනවා.

මට හතරවැනි තට්ටුවට ගිහින් උත්තර දෙන්න වුණා. එහිදී රංගන ශිල්පියෙක්ගෙන් ඇසිය යුතු නැති ප්‍රශ්න මගෙන් ඇහුවා. කවුද ඇඳුම් දුන්නේ වගේ ඒවා මගෙන් ඇහුවාම එයට උත්තර දීම නළුවකුගේ කාර්ය භාරය නෙවෙයි. නළුවෙක්ට ඇඳුම් දෙන්නේ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා. ඔහුට ඒවා කොහෙන්ද ලැබුණේ කියලා මගෙන් අහලා තේරුමක් නැහැ.

එවැනි ප්‍රශ්න මගෙන් අහද්දී මම යම් අපහසුතාවන්ට ලක් වුණා. අධ්‍යක්ෂවරයා සංජීව පුෂ්පකුමාර සමහර දර්ශනවලදී බොහෝ හැඟීම්බර වුණා. ඒ ඔහුගේ ජීවිතය කියලා. ඔහු එවන් අවස්ථාවල සපථ කරා එම දර්ශන සම්බන්ධයෙන් ඕනෑම වෙලාවක පෙනී සිටිනවා කියලා. නමුත් අපි එම සිදුවීම් නිසා පසුකාලයේදී මෙහේ අපහසුතාවට පත් වෙද්දී ඒවාට මැදිහත් වෙන්න සංජීව ලංකාවෙ හිටියේ නැහැ.

මම හිතනවා ඒ මොහොතේ ඔහු ලංකාවට පැමිණිය යුතුව තිබුණා කියලා. දංගෙඩියට බෙල්ල තියන්න හෝ අධ්‍යක්ෂවරයා ලංකාවට එන්න තිබුණා. නමුත් එය වුණේ නෑ. එවන් සිදුවීම් ගැන පසුතැවෙනවා.

චිත්‍රපටය තිරගතවීමට පෙර සමහර දර්ශන ජනතාව අතට පත්වෙලා තිබුණා. ඒ ගැනත් අපි මුලින් අධ්‍යක්ෂවරයා සමඟ කතා කළත් ඔහු ඒ වගකීම ඒ මොහොතේ භාර ගත්තත් නොසිතූ විදියට එම දර්ශන තිරගතවීමට පෙර මිනිස්සු බැලුවා. ඒ ගැනත් පසුතැවෙනවා. ඒ වගේ සිදුවීම් නිසා පසුතැවීම් ටිකක් තියෙනවා. නමුත් එම චිත්‍රපටයට දායක වීම ගැන පසුතැවීමක් නැහැ.

චිත්‍රපටයේ ඔබේ පෙම්වතිය ගයේෂා කියලා දැනගත්තාම මොකද හිතුණේ?
සංජීව මේකට නිළියක් සොයමින් ඉන්නකොට ගයේෂාගේ නම මම තමයි යෝජනා කළේ. ඒ වෙද්දි මාත් සමඟ ගයේෂා චරිත කිහිපයක් කරලා තිබුණා.

එහි ලිංගික දර්ශන රඟපෑමක් පමණද?
එය හුදෙක්ම රංගනයක් විතරයි. ගොඩාක් අය මගෙන් ඔය ප්‍රශ්නෙ අහනවා. ඒ වෙලාවට මට හරිම ජුගුප්සාවක් දැනෙනවා.

එම දර්ශනවලින් පසුව ගයේෂා ගැන වෙන හැඟීමක් ඇති වුණේම නැද්ද?
නෑ. එහෙම ඇති වුණේ නෑ. එම චිත්‍රපටයෙන් පසුව රඟපාන්න මට ඇයට හමුවුණෙත් නැහැ. එය වෘත්තීය මට්ටමින් සිදුවුණු දෙයක් විතරයි.

වෘත්තිකයෙක් වුණත් හැඟීම් දැනීම් තියෙන සාමාන්‍ය පිරිමියෙක්නේ නේද? හැඟීම් සම්බන්ධ අරගලයක් තිබුණේ නැද්ද?
ඔව්. හැඟීම් සම්බන්ධ අරගලයක් වුණා මිසක් හැඟීම් උද්දීපනයක් නම් වුණේ නැහැ. ඛ්ධ්ච් එකෙනුත් මගෙන් අහපු පළමුවැනි ප්‍රශ්නෙ තමයි මාර chance එක නේද කියලා.

ඔවුන්ටත් මම කිව්වා ඔවුනුත් එතැන හිටියා නම් chance එක කොහොමද කියලා බලාගන්න තිබුණා කියලා. මොකද අපි ඒ දර්ශන කරන්නේ කී දෙනෙක් බලාගෙන ඉද්දිද. තනියම නෙවෙයිනේ. රංගනය කියන්නේ එවැනි අපහසු කාර්යයක්. ඒ වගේ වෙලාවට ස්වාභාවික හැඟීම් කුඩු වෙලා යනවා මිසක් හැඟීම් උද්දීපනය වෙන්නේ නැහැ.

ගයේෂාගේ පෙම්වතා හසන්ජිත්ව මුණගැහුණාම අපහසුතාවක් දැනුණේ නැද්ද?
නෑ. මට හසන්ජිත්ව අදාළ නැහැ.

චිත්‍රපටය කරද්දි පෙම්වතෙක් නොවුණාට චිත්‍රපටය වාරණය වෙද්දි ඔයා විවාහකයි. බිරියගේ ප්‍රතිචාර කොහොමද?
ප්‍රශ්න ඇතිකරන්න බලන් ඉන්න පිරිසක් ඉන්නවානේ. ඔවුන් යම් වෙලාවට ඇයට මේ ගැන චෝදනාත්මකව කතා කරලා තිබුණා. සමහරු ඇයගෙන් මේ ගැන අහද්දි ඇගේ හිත යම්තාක් දුරට රිදුණා. පොඩි පොඩි වචන හුවමාරු පවා වුණා. සමාජයෙන් ආපු එවැනි බලපෑම් නිසා අපි දෙන්නාම යම් යම් අපහසුතාවන්ට මුහුණ දුන්නා. -
 
  • Like
Reactions: kevin37

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
එහි ලිංගික දර්ශන රඟපෑමක් පමණද?
එය හුදෙක්ම රංගනයක් විතරයි. ගොඩාක් අය මගෙන් ඔය ප්‍රශ්නෙ අහනවා. ඒ වෙලාවට මට හරිම ජුගුප්සාවක් දැනෙනවා.

:yes::yes::yes::yes::yes:
 

Duro

Member
Nov 6, 2012
199
22
0
එහි ලිංගික දර්ශන රඟපෑමක් පමණද?
එය හුදෙක්ම රංගනයක් විතරයි. ගොඩාක් අය මගෙන් ඔය ප්‍රශ්නෙ අහනවා. ඒ වෙලාවට මට හරිම ජුගුප්සාවක් දැනෙනවා.

:yes::yes::yes::yes::yes:
ජුගුප්සාවක් දැනෙනවා.:lol:
 

milinda2806

Active member
  • Sep 12, 2007
    592
    41
    28
    මචන් මට මේ මූවී එකේ ලින්ක් එකක් දුන්නොතින් ලොකු උදව්වක්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    ලන්කාවෙ පොන්නයො හරි හමන් ෆිල්ම් එකක් බලල නැති එක තමා මේකට හේතුව.. අපේ රටේ ඉන්න එවුන්ගෙ පහත් ජරා මානසිකත්වයක් තියෙන්නෙ. රගපැම කියන එක දන්නෙ නැති 2 පහේ හින්දි ජරාව බලන එවුන්ට යන්තන් ගලක් පේන්න කෙල්ලෙක් දැක්කත් මාර ආතල් :lol::lol:
     
    • Like
    Reactions: waligamaya
    Jun 30, 2014
    160
    99
    0
    ලන්කාවෙ පොන්නයො හරි හමන් ෆිල්ම් එකක් බලල නැති එක තමා මේකට හේතුව.. අපේ රටේ ඉන්න එවුන්ගෙ පහත් ජරා මානසිකත්වයක් තියෙන්නෙ. රගපැම කියන එක දන්නෙ නැති 2 පහේ හින්දි ජරාව බලන එවුන්ට යන්තන් ගලක් පේන්න කෙල්ලෙක් දැක්කත් මාර ආතල් :lol::lol:

    අනිවා මචන්. ඔය රගපෑම හරිම සරල දෙයක්. අපේ උන්ට කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කොත් එකත් අතේ ගහන්න ඇති. ශික් විතරක් මෙහෙම ලාංකීය සමාජයක්. ලංකාවේ සංස්කෘතිය තමයි මේ ඔක්කොටම මුල. ස්ත්‍රී දුෂණ ඇති වෙන්නෙත් මේ කෙහෙල්මල් සංස්කෘතිය නිසා.
     

    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    කොට්ටෝරුවා;16844807 said:
    අනිවා මචන්. ඔය රගපෑම හරිම සරල දෙයක්. අපේ උන්ට කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කොත් එකත් අතේ ගහන්න ඇති. ශික් විතරක් මෙහෙම ලාංකීය සමාජයක්. ලංකාවේ සංස්කෘතිය තමයි මේ ඔක්කොටම මුල. ස්ත්‍රී දුෂණ ඇති වෙන්නෙත් මේ කෙහෙල්මල් සංස්කෘතිය නිසා.

    කකුලක්? සිනමා විචාර දෙන්න කලින් ෆිල්ම් එක බලන්න සහෝ :lol:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,783
    2,280
    113
    Nugegoda
    මොනව වුනත් සම්පත් ජයවීර කියන්නෙ දැන් ඉන්න දක්ෂ නළුවෙක්. මට රොජර් සෙනවිරත්නව මතක් වෙනව
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    ජුගුප්සා කියන එකේ තේරුම මොකක්ද බන්?
    Mage Yaluve hitiya Janaka Kiyala.... U Appiriya Hithena Vadamai Karanne.. Api Uta Katha Kare JUGUPSA JANAKA Kiyala. Mata Uva Mathak Una... :lol::lol::lol:
     

    waligamaya

    Well-known member
  • ලන්කාවෙ පොන්නයො හරි හමන් ෆිල්ම් එකක් බලල නැති එක තමා මේකට හේතුව.. අපේ රටේ ඉන්න එවුන්ගෙ පහත් ජරා මානසිකත්වයක් තියෙන්නෙ. රගපැම කියන එක දන්නෙ නැති 2 පහේ හින්දි ජරාව බලන එවුන්ට යන්තන් ගලක් පේන්න කෙල්ලෙක් දැක්කත් මාර ආතල් :lol::lol:

    :yes::yes::yes::yes:
     

    waligamaya

    Well-known member
  • කොට්ටෝරුවා;16844807 said:
    අනිවා මචන්. ඔය රගපෑම හරිම සරල දෙයක්. අපේ උන්ට කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කොත් එකත් අතේ ගහන්න ඇති. ශික් විතරක් මෙහෙම ලාංකීය සමාජයක්. ලංකාවේ සංස්කෘතිය තමයි මේ ඔක්කොටම මුල. ස්ත්‍රී දුෂණ ඇති වෙන්නෙත් මේ කෙහෙල්මල් සංස්කෘතිය නිසා.

    මචන් මෙක ලංකවෙ සන්ස්කෘතිය නෙවෙයි, ඔය කන්‍ය බවය වගේ ලිංගික තහන්ච් තියෙන දෙවල් අවේ වික්ටොරියනු සන්කෘතියෙන්