ගරාවැටුණු ක්‍රිකට් රාජ්‍යක අවසන් රණකාමියා !

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    Priyadarshana Ambrose විසින් Cricket Lover පිටුව වෙත කරන ලද පොස්ටුවකින් කල උපුටාගැනීමක්

    Brendon Taylor යනු වර්තමාන ක්‍රිකට් ලොවේ ජාත්‍යන්තර අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකි. වසර 16 ක් පුරාවට සිම්බාබ්වේ පිල නියෝජනය කරමින් ඔහු දැක්වූ දක්ෂතා වචනයෙන් කිව නොහැකි තරම් ය.

    සිම්බාබ්වේ වෙනුවෙන් ජාත්‍යන්තර තරග 273 කට සහභාගී වී ශතක 17 ක් සහ අර්ධ ශතක 55 ක්ද සමගින් ලකුණු 9,494 ක් රැස් කරගන්නට Brendon Taylor සමත් වුනා.

    සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනි ඉහලම ජාත්‍යන්තර ලකුණු ලාභියා වන්නේ Brendon Taylor ය. එමෙන්ම Andy Flower සහ Grant Flower ගෙන් පසුව සිම්බාබ්වෙන් බිහිවුණු විශිෂ්ටතම පිතිකරුවා වන්නේද Brendon Taylor ය.

    පිතිකරුවෙක් වගේම දක්ෂ කඩුලු රකින්නෙක් ද වන Brendon ගේ එක්දින දිවිය ඉතා සුවිශේෂී එකකි. සිම්බාබ්වෙන් බිහිවුණු විශිෂ්ටතම එක්දින පිතිකරුවා ලෙස Brendon Taylor ව නම් කල හැක.

    Brendon Taylor ගේ ජාත්‍යන්තර එක්දින දිවියේ batting Stats,
    👇
    👇
    👇


    *) තරග - 199
    *) ඉනිම් - 198
    *) ලකුණු 6,530 යි.
    *) ශතක 11 යි.
    *) අර්ධ ශතක 39 යි.
    *) ඉහලම ඉනිම 145* vs South Africa
    *) Strike Rate එක 76.49 යි.
    *) Average එක 35.68 යි.

    *) සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනි ඉහලම එක්දින ලකුණු ලාභියා වන්නේ Brendon Taylor ය.

    *) එමෙන්ම සිම්බාබ්වේ වෙනුවෙන් වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් රැස් කරගෙන තිබෙන්නේද Brendon Taylor ය.

    *) එක්දින ශතක 10 කට වඩා රැස් කරගත් එකම සිම්බාබ්වේ පිතිකරුවා ලෙස Brendon Taylor වාර්තා අතරට එක්වෙනවා.

    *) සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසය තුළ ඉහලම එක්දින Batting average එකට හිමිකම් කියන්නේ Brendon Taylor ය.

    *) ඔස්ට්‍රේලියාව හැර ලොව සෑම ටෙස්ට් රටකටම එරෙහිව එක්දින ශතක රැස් කරගැනීමට Brendon Taylor සමත් වී ඇත.

    බොහෝ කාලයක් පුරාවට සිම්බාබ්වේ ක්‍රිකට් පිල හට ටෙස්ට් තරග ලබාදීම නවතා තිබූ නිසා Brendon Taylor හට ලොකු ටෙස්ට් දිවියක් ගොඩනගන්න බැරිවුණා. ටෙස්ට් තරග 31 කට සහභාගී වී ශතක 6 ක් සහ අර්ධ ශතක 10 ක්ද සමගින් ලකුණු 2,055 ක් ලබාගන්න Brendon සමත් වී ඇත.

    *) අවස්ථා 2 කදීම ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක රැස් කරගත් ප්‍රථම සිම්බාබ්වේ පිතිකරුවා වන්නේ Brendon Taylor ය.

    ටෙස්ට් සහ එක්දින වලට අමතරව ජාත්‍යන්තර T20 තරග 43 කට සහභාගී වී තිබෙන Brendon Taylor එහිදී අර්ධ ශතක 6 ක්ද සමගින් ලකුණු 909 ක් ලබාගෙන
    ඇත.

    පෞද්ගලිකව හේතු මත 2015 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් Brendon Taylor වසර 2 ක් සදහා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට එක්වුනා. නමුත් 2017 වසරේදී නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන බව Brendon Taylor අනාවරණය කලා.

    Andy Flower සහ Grant flower යුගයෙන් පසුව සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ සුවිශේෂීම පිතිකරුවා වූයේ Brendon Taylor ය. දේශපාලන ගැටලු නිසා දිනෙන් දින ආගාධයට ලක්වන සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාවට ජීවයක් වූයේ Brendon ය. සැබවින්ම Brendon Taylor යනු ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු වටිනාම පුරාවෘත්තයකි.

    - Priyadarshana Ambrose

    maxresdefault.jpg