ගලක් ගැන කතාවක්

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ගලක් ගැන කතාවක්

අපි හැමෝටම එදිනෙදා ජීවිතයේදි හම්බවෙන දෙයක් ගැන කතා කරන්න හිතුවා.ඉස්සල්ලම පොඩි කතන්දරයකින් පටන් ගමු.
ඔන්න එකමත් එක කාලේක කැළේක නරි දෙන්නෙක් උන්නා ලු .දෙන්නා ගේ කිසිම වෙනසක් නෑ එකම විදියයි.සර්ව සමයි කියලා කිවුව හැකි.
ලේසියට නම් දෙකක් දාමු ලැරී සහ ටොමී කියලා.(ඔව් ඕවා බලු නම් තමා:frown:වෙන නම් මතක් වුනේ නෑ.)
උන් දෙන්නා කිසිම ප්‍රශ්නයක් නැතුව බොහොම සාමකාමී විදියට හිටියා.
උන් දෙන්නා ඉන්න හරියේ ඔය කොහෙත් තියනවා වගේ එක එක ප්‍රමාණයේ, එක එක වර්ගවල ගල් එහෙමත් තිබුනා.
එක දවසක් ලැරී කියනවා "මෙහෙම හිටියම හරි කම්මැලියි.අපි මොකක් හරි දෙයක් කරමු" කියලා.
එතකොට ටොමී කළේ අර ඉස්සල්ලා සාමාන්‍ය විදියට පාඩුවේ පොළවේ තිබුන එක ගලක් ගන්න එක.
ඊට පස්සේ කිවුවා "එහෙනම් මෙහෙම වැඩක් කරමු.මේ ගල අපි දෙන්නා මැද්දෙන් තියාගමු.
ඊට පස්සේ දෙන්නා දෙපැත්තට වෙලා උඹ කියපන් මේ ගල අයිති උඹට කියලා.මං කියන්නම් ඒක මගේ කියලා.
ඔහොම දෙන්නා ගල අයිති කරගන්න හදද්දි කම්මැලිකම ඉබේම නැති වෙයි" කියලා.ඔන්න දැන් දෙන්නා වැඩේට එකඟ වුනා. ටොමියා කියනවා ගල මගේ කියලා.ලැරී කියනවා නෑ නෑ මගේ කියලා.
ඔහොම ඔහොම ඉස්සල්ලා නිකම් සෙල්ලමට වගේ පටන් ගත්ත දේ පස්සේ ටිකක් වෙලා යද්දි ලොකු රණ්ඩුවක් බවට පත් වුනා.
දැන් නරි දෙන්නා අර ගල මැද්දෙන් තියාගෙන මරා ගන්නවා.
අන්තිමට ගලත් එහෙමම තියෙද්දි දෙන්නාටම හොඳට තුවාල වෙලා මහන්සි වෙලා හිටිය නිසා සිහි නැතුව වැටෙනවා.
ඕක බලාගෙන හිටිය ගිජු ලිහිණියෝ රංචුව ඇවිත් නරියෝ දෙන්නව කාලා දානවා.අර ගල ඔය කිසි දෙයක් නොවුන ගාණට තිබුන තැනම තියනවා.

ඇයි මං මේ කතාව කිවුවේ? නිකම් හිතලා බලන්න අපි අතරෙත් ඔය වගේ ගල් කීයක් නම් තියනවද?
සමහර ඒවා ඔය වගේ දරුණු තත්වෙට එන්න කලින් අපි අපිම හිතලා බලලා ගලට ඉන්න හැටියට ඉන්න දෙනවා.

තවත් කතාවක් කියන්නම්.මේක ඇත්ත සිද්ධියක්.අපි හොඳට අඳුරන සීයලා දෙන්නෙක් හිටියා.
එක්කෙනෙක් තවම ඉන්නවා.වයස අවුරුදු 80-85ක් විතර.මේ සීයලා දෙන්නා පොඩි කාළේ ඉදන් එකටම ලු හිටියේ.
ඉස්කෝලේ කාලේ ඉදන් හොඳම යාළුවෝ ලු.ගොවිතැන් වැඩ වලට අමතරව වයසට ගියාට පස්සේ කාලේදි දෙන්නම එකට ගිහින් ගෙවල් වල පිරිත් කිවුවා. ගමේ අය හාමුදුරුවන්ට වඩා මේ දෙන්නට තමා පිරිත්වලට ආරාධනා කළෙත්. ඔය අතරේ ගමේ අය අතරේ කතාවක් ගියා එක සීයා කෙනෙක් පිරිත් කිවුවම අනිත් සීයා කියනවට වඩා හොඳයි ලෙඩ එහෙම සනීප වෙනවා කියලා. ඕක ටිකෙන් ටික පැතිරෙද්දි එකට හිටිය සීයලා දෙන්නා වෙන් වුනා.
වෙන වෙනම පිරිත් කණ්ඩායම් දෙකක් හදාගෙන ඒවායේ නායකත්වය අරගෙන දෙකට බෙදිලා ගියා.
දෙන්නටම අඩු වැඩි විදියට පිරිත් වලට ආරාධනා ලැබුනා.
කොහොමහරි අර මැරුණු සීයාගේ අන්තිම කාලේ වෙද්දි සීයලා දෙන්නා පාරේදි හම්බවුනත් මූණ නොබලන ගාණට ඇවිත් හිටියේ. අනිත් සීයාගේ මළ ගෙදරට ඇවිත් අර සීයා විනාඩි 10 කට වඩා හිටියේ නෑ. පිරිත කියන හොඳ දේ වුනත් අර වගේ ගලක් විදියට අරගෙන සීයලා දෙන්නා දෙපැත්තට වෙලා මමයි හොඳම කියලා කිය කිය තරහා වුනා.
දෙන්නාටම ඕනෑ වුනේ ගමේ පිරිත් ගෙවල් වල වැඩි හරියකට ආරාධනා තමන්ට ලබාගන්න. (මේ කතාව දන්න අය මේකේ ඇති මං හිතන්නේ)

ඒ කතාව කිවුවේ කොයි තරම් හොඳ දෙයක් වුනත් සමහරු රණ්ඩුවක් ඇතිකරගන්න හේතුවක් බවට පත් කරගන්න්වද කියලා කියන්නයි.

තව ගලක් තමයි කෙල්ලෝ කියන්නේ.ගොඩක් වෙලාවට එක බත් එක අනාගෙන කාපු යාළුවන්ව වුනත් තරහාවෙන තත්වෙට ගේන්න කෙල්ලෝ කියන ගලට පුළුවන්.
ඉස්කෝලේ යන කාලේදි ගොඩක් වෙලාවට වෙන දෙයක් තමා අහක යන කෙල්ලෙක් නිසා කොල්ලෝ රණ්ඩු වෙන එක. සමහරවිට ඒ කෙල්ල ඒ ගැන හාංකවිසියක් වත් දන්නෙත් නැතුව ඇති..ඒත් කොල්ලො ටික මරාගන්නවා අරයා මගේ කියලා. එතනදිත් වෙන්නේ කලින් කිවුවා වගේ අහක තියන ගලක් නිසා නිකම් අපරාදේ ගැටුමක් ඇති කරගන්න එක.

මෙතනදි ගල අරන් ඒක මගේ කියන අයට අමතරව අහක තියන ගල් ගැන මෝඩ/ අර්ථයක් නැති තර්ක කිය කියා අනවශ්‍ය විදියට රණ්ඩු ඇති කරගන්න අයත් ඉන්නවා.
තවත් බොහොම සරල උදාහරණයක් කියන්නම්.
ඔන්න ආදරෙන් වෙළිලා ඇඹරිලා ඉන්න ජෝඩුවක් ඉස්සරහින් හොඳට ඇඳ පැළඳ ගත්ත ගැණු ළමයෙක් යනවා.
ජෝඩුවේ ඉන්න කෙල්ල අහනවා අර ගිය එක්කෙනා ලස්සනයි නේද කියල.කොල්ලට දෙන්න උත්තර දෙකක් තියනවා."ඔව්/නෑ".
ඔය දෙකෙන් කොයි උත්තරේ දුන්නත් කෙල්ල අර විදියට ගලක් ඇඟට අරගෙන තේරුමක් නැතිව රණ්ඩු කරන ජාතියේ කෙනෙක් නම් සහ කොල්ලත් ඒ ජාතියෙම නම් කතාව ඉවර වෙන්නේ දෙන්නා හොදටම තරහ වෙලා.
අර ගියපු ගෑණු ළමයා මැද්දට අරගෙන මේ දෙන්න රණ්ඩු වුන එකයි අර නරි දෙන්නා අහක තිබුන ගලක් නිසා රණ්ඩු වුන එකයි සමානයි.

දේශපාලන පක්ෂ කියන්නෙත් ඒ වගේම ගලක්.ඡන්දයක් එන්න කලින් හොඳට හිටපු යාළුවෝ පවා ඡන්දේ තියනවා කිවුව දවසේ ඉදන් ඔය ගල නිසා රණ්ඩු වෙනවා.අන්තිමට තෝරු මෝරු එකට පාටි දානවා.උන් වෙනුවෙන් මරාගත්ත අය හිටිය තැනමයි.

නිකම් ඉන්නම බැරි නම් කොහොමහරි ගලක් හොයාගෙන බෙදීමක් ඇති කරගන්න එක ගොඩක් දෙනෙක් කරන දෙයක්.
කැම්පස් එකක් ගත්තොත් අල-බතළ කියලා බෙදෙනවා. මාතර ගැට්ට/කොළඹ ගැට්ට/නුවර ගැට්ට කියල බෙදෙනවා. තව රජයේ ද නැත්නම් පුද්ගලික කැම්පස් ද ගියේ කියලා බෙදෙනවා. ඔෆිස් වල තව සමහරු ඉන්නවා වෙන මොකුත් නැත්නම් නමේ වාසගම හරි අල්ලගෙන ඒකෙන් කුලය හොයාගෙන කුලය අනුව බෙදෙන අයත්.
ඔහොම ඔහොම බෙදිලා බෙදිලා අන්තිමට අනිත් පැත්තේ එක්කෙනෙක් කියන ඕනම හරි දේකට වුනත් එකඟ වෙන් නැතුව ඉන්න, වලියක් නැතුව බෑ කියන කස්ටිය ඉන්නවා.
ඔහොම කියාගෙන ගියොත් ලියලා ඉවර කරන්න බැරි තරම් ගල් ගොඩක් තියනවා.

ඔය වගේ පොඩි පොඩි ප්‍රමාණයේ ගල් වගේම රටක දියුණුවට වුනත් බලපෑම් කරන්න පුළුවන් ගල් තියනවා.
රටක් ජාතියක් විදියට ගත්තොත් ශ්‍රී ලංකාවෙත් එහෙම ගල් අරන් ඉන්න අයගේ උදාහරණ තියනවා.
ඒවා කියන්න ගියොත් මටත් වෙන්නේ පාඩුවේ තිබුන ගලක් ගැන දිගට දුරට කතා කරන්න වෙන එක නිසා ඒ උදාහරණ කියන්න යන්නේ නෑ.
(නොකිවුවත් ඔයාලටත් මතක් වෙයි.)
මීට පස්සේ එහෙම ගලක් ගැන කතාකරන්න/ මරාගන්න කලින් වටේට ගිජු ලිහිණියොත් ඉන්න පුළුවන් කියල මතක තියාගන්න.

සමහරු ඉන්නවා කෙනෙක් අදහසක් ප්‍රකාශ කළාම ඒකේ තියන මොකක් හරි කොණක් අල්ලාගෙන ඒක ගැනම කියව කියව කටින් හරි වලියක් පටන් ගන්න අය.
ඒ වගේ අයට එහෙම නොකළොත් නිකම් කෑවේ නෑ වගේ.
අදහස් ප්‍රකාශ කරන්න,සාධාරණ පැත්තක් අරන් ඒ වෙනුවෙන් කතාකරන එක හොඳ දෙයක්.එහෙම නොකර හෙවිල්ලක් බැලිල්ලක් නැතුව, මං මේ කියන දේ හරි ද වැරදි ද කියලා සමබරව හිතන්නෙ නැතුව නිකම් හිතට එනවට වචන පිට කරලා වෙන වැඩ නැතුව වගේ ඇමිණි ඇමිණී යන අය අපිට ඕන තරම් හම්බ වෙනවා.
ඒ වගේ වෙලාවට හොඳම දේ අනේ උඹේ ගල උඹ තියාගනින්. මට එපා කියල යන එක.
මොකද ගොඩක් වෙලාවට එහෙම ඇමිණෙන්න එන අයට වෙන කරන්න වැඩක් නෑ.ඒ අයව මඟහරින එක මොළේ තියන අයගේ ගති ලක්ෂණයක්.
මට උඹේ ගල එපාආආආ කියල කිවුවත් ඒත් ඇමිණීගෙන එන අයත් ඉන්නවා.ඒ වර්ගයේ අයගේ ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නේ අර ටොමී නරියා වගේ.

මම මෙතනදි කතා කලේ තනිකරම වැදගැම්මක් නැති දෙයක් අල්ලාගෙන බොරුවට ගැටුමක් හදාගන්න හදන අය ගැන විතරයි.
රටට ලෝකෙට වැඩක් තියන දෙයක් ගැන වාද විවාද කරන එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

මේක කියවලා සමහරු ගල් අතට ගනියිද දන්නෙත් නෑ :dull:
 
Last edited:

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada

    නියම නුලක්. බොක්කට වැදුන. rep+

    අපි බෙදෙන්න පුළුවන් හැම විදියටම බෙදෙනවා, අරු උඩරට එකා, මු දකුණේ එකා, අරු ක්‍රිස්තියානි කාරය, මු සින්හලය, අන්න දෙමල.....

    මේ දවස්වල යන්නේ ටෝයියන් සහ බයියන් අතර ආදර සටන :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland

    නියම නුලක්. බොක්කට වැදුන. rep+

    අපි බෙදෙන්න පුළුවන් හැම විදියටම බෙදෙනවා, අරු උඩරට එකා, මු දකුණේ එකා, අරු ක්‍රිස්තියානි කාරය, මු සින්හලය, අන්න දෙමල.....

    මේ දවස්වල යන්නේ ටෝයියන් සහ බයියන් අතර ආදර සටන :lol::lol:

    මට බයියන් කෙරෙහි ආදරයෙන් උන්ව නුක් කරන්න හිතෙනව
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    බුම්ප්
    :cool::cool:
    rock solid

    නියම නුලක්. බොක්කට වැදුන. rep+

    අපි බෙදෙන්න පුළුවන් හැම විදියටම බෙදෙනවා, අරු උඩරට එකා, මු දකුණේ එකා, අරු ක්‍රිස්තියානි කාරය, මු සින්හලය, අන්න දෙමල.....

    මේ දවස්වල යන්නේ ටෝයියන් සහ බයියන් අතර ආදර සටන :lol::lol:
    ;):yes:;):yes:
    මට බයියන් කෙරෙහි ආදරයෙන් උන්ව නුක් කරන්න හිතෙනව

    comment karapu hamotama Thanks machan laa :yes::yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇත්ත
    හැබෙයි ඉතින් වලිවලට සම්බන්ධ නොවී පිට ඉදන් බලන් ඉන්න එකෙත් පොඩි ගතියක් තියෙනවා;)(මතවාදීමය වලි විතරයි)
    සමහර උදාහරණ නම් ඔයාගේම අත්දැකිම්ද මන්දා?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    11.gif
    11.gif
    11.gif
     
    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    අපි හැමෝටම එදිනෙදා ජීවිතයේදි හම්බවෙන දෙයක් ගැන කතා කරන්න හිතුවා.ඉස්සල්ලම පොඩි කතන්දරයකින් පටන් ගමු.
    ඔන්න එකමත් එක කාලේක කැළේක නරි දෙන්නෙක් උන්නා ලු .දෙන්නා ගේ කිසිම වෙනසක් නෑ එකම විදියයි.සර්ව සමයි කියලා කිවුව හැකි.
    ලේසියට නම් දෙකක් දාමු ලැරී සහ ටොමී කියලා.(ඔව් ඕවා බලු නම් තමා:frown:වෙන නම් මතක් වුනේ නෑ.)
    උන් දෙන්නා කිසිම ප්‍රශ්නයක් නැතුව බොහොම සාමකාමී විදියට හිටියා.
    උන් දෙන්නා ඉන්න හරියේ ඔය කොහෙත් තියනවා වගේ එක එක ප්‍රමාණයේ, එක එක වර්ගවල ගල් එහෙමත් තිබුනා.
    එක දවසක් ලැරී කියනවා "මෙහෙම හිටියම හරි කම්මැලියි.අපි මොකක් හරි දෙයක් කරමු" කියලා.
    එතකොට ටොමී කළේ අර ඉස්සල්ලා සාමාන්‍ය විදියට පාඩුවේ පොළවේ තිබුන එක ගලක් ගන්න එක.
    ඊට පස්සේ කිවුවා "එහෙනම් මෙහෙම වැඩක් කරමු.මේ ගල අපි දෙන්නා මැද්දෙන් තියාගමු.
    ඊට පස්සේ දෙන්නා දෙපැත්තට වෙලා උඹ කියපන් මේ ගල අයිති උඹට කියලා.මං කියන්නම් ඒක මගේ කියලා.
    ඔහොම දෙන්නා ගල අයිති කරගන්න හදද්දි කම්මැලිකම ඉබේම නැති වෙයි" කියලා.ඔන්න දැන් දෙන්නා වැඩේට එකඟ වුනා. ටොමියා කියනවා ගල මගේ කියලා.ලැරී කියනවා නෑ නෑ මගේ කියලා.
    ඔහොම ඔහොම ඉස්සල්ලා නිකම් සෙල්ලමට වගේ පටන් ගත්ත දේ පස්සේ ටිකක් වෙලා යද්දි ලොකු රණ්ඩුවක් බවට පත් වුනා.
    දැන් නරි දෙන්නා අර ගල මැද්දෙන් තියාගෙන මරා ගන්නවා.
    අන්තිමට ගලත් එහෙමම තියෙද්දි දෙන්නාටම හොඳට තුවාල වෙලා මහන්සි වෙලා හිටිය නිසා සිහි නැතුව වැටෙනවා.
    ඕක බලාගෙන හිටිය ගිජු ලිහිණියෝ රංචුව ඇවිත් නරියෝ දෙන්නව කාලා දානවා.අර ගල ඔය කිසි දෙයක් නොවුන ගාණට තිබුන තැනම තියනවා.

    ඇයි මං මේ කතාව කිවුවේ? නිකම් හිතලා බලන්න අපි අතරෙත් ඔය වගේ ගල් කීයක් නම් තියනවද?
    සමහර ඒවා ඔය වගේ දරුණු තත්වෙට එන්න කලින් අපි අපිම හිතලා බලලා ගලට ඉන්න හැටියට ඉන්න දෙනවා.

    තවත් කතාවක් කියන්නම්.මේක ඇත්ත සිද්ධියක්.අපි හොඳට අඳුරන සීයලා දෙන්නෙක් හිටියා.
    එක්කෙනෙක් තවම ඉන්නවා.වයස අවුරුදු 80-85ක් විතර.මේ සීයලා දෙන්නා පොඩි කාළේ ඉදන් එකටම ලු හිටියේ.
    ඉස්කෝලේ කාලේ ඉදන් හොඳම යාළුවෝ ලු.ගොවිතැන් වැඩ වලට අමතරව වයසට ගියාට පස්සේ කාලේදි දෙන්නම එකට ගිහින් ගෙවල් වල පිරිත් කිවුවා. ගමේ අය හාමුදුරුවන්ට වඩා මේ දෙන්නට තමා පිරිත්වලට ආරාධනා කළෙත්. ඔය අතරේ ගමේ අය අතරේ කතාවක් ගියා එක සීයා කෙනෙක් පිරිත් කිවුවම අනිත් සීයා කියනවට වඩා හොඳයි ලෙඩ එහෙම සනීප වෙනවා කියලා. ඕක ටිකෙන් ටික පැතිරෙද්දි එකට හිටිය සීයලා දෙන්නා වෙන් වුනා.
    වෙන වෙනම පිරිත් කණ්ඩායම් දෙකක් හදාගෙන ඒවායේ නායකත්වය අරගෙන දෙකට බෙදිලා ගියා.
    දෙන්නටම අඩු වැඩි විදියට පිරිත් වලට ආරාධනා ලැබුනා.
    කොහොමහරි අර මැරුණු සීයාගේ අන්තිම කාලේ වෙද්දි සීයලා දෙන්නා පාරේදි හම්බවුනත් මූණ නොබලන ගාණට ඇවිත් හිටියේ. අනිත් සීයාගේ මළ ගෙදරට ඇවිත් අර සීයා විනාඩි 10 කට වඩා හිටියේ නෑ. පිරිත කියන හොඳ දේ වුනත් අර වගේ ගලක් විදියට අරගෙන සීයලා දෙන්නා දෙපැත්තට වෙලා මමයි හොඳම කියලා කිය කිය තරහා වුනා.
    දෙන්නාටම ඕනෑ වුනේ ගමේ පිරිත් ගෙවල් වල වැඩි හරියකට ආරාධනා තමන්ට ලබාගන්න. (මේ කතාව දන්න අය මේකේ ඇති මං හිතන්නේ)

    ඒ කතාව කිවුවේ කොයි තරම් හොඳ දෙයක් වුනත් සමහරු රණ්ඩුවක් ඇතිකරගන්න හේතුවක් බවට පත් කරගන්න්වද කියලා කියන්නයි.

    තව ගලක් තමයි කෙල්ලෝ කියන්නේ.ගොඩක් වෙලාවට එක බත් එක අනාගෙන කාපු යාළුවන්ව වුනත් තරහාවෙන තත්වෙට ගේන්න කෙල්ලෝ කියන ගලට පුළුවන්.
    ඉස්කෝලේ යන කාලේදි ගොඩක් වෙලාවට වෙන දෙයක් තමා අහක යන කෙල්ලෙක් නිසා කොල්ලෝ රණ්ඩු වෙන එක. සමහරවිට ඒ කෙල්ල ඒ ගැන හාංකවිසියක් වත් දන්නෙත් නැතුව ඇති..ඒත් කොල්ලො ටික මරාගන්නවා අරයා මගේ කියලා. එතනදිත් වෙන්නේ කලින් කිවුවා වගේ අහක තියන ගලක් නිසා නිකම් අපරාදේ ගැටුමක් ඇති කරගන්න එක.

    මෙතනදි ගල අරන් ඒක මගේ කියන අයට අමතරව අහක තියන ගල් ගැන මෝඩ/ අර්ථයක් නැති තර්ක කිය කියා අනවශ්‍ය විදියට රණ්ඩු ඇති කරගන්න අයත් ඉන්නවා.
    තවත් බොහොම සරල උදාහරණයක් කියන්නම්.
    ඔන්න ආදරෙන් වෙළිලා ඇඹරිලා ඉන්න ජෝඩුවක් ඉස්සරහින් හොඳට ඇඳ පැළඳ ගත්ත ගැණු ළමයෙක් යනවා.
    ජෝඩුවේ ඉන්න කෙල්ල අහනවා අර ගිය එක්කෙනා ලස්සනයි නේද කියල.කොල්ලට දෙන්න උත්තර දෙකක් තියනවා."ඔව්/නෑ".
    ඔය දෙකෙන් කොයි උත්තරේ දුන්නත් කෙල්ල අර විදියට ගලක් ඇඟට අරගෙන තේරුමක් නැතිව රණ්ඩු කරන ජාතියේ කෙනෙක් නම් සහ කොල්ලත් ඒ ජාතියෙම නම් කතාව ඉවර වෙන්නේ දෙන්නා හොදටම තරහ වෙලා.
    අර ගියපු ගෑණු ළමයා මැද්දට අරගෙන මේ දෙන්න රණ්ඩු වුන එකයි අර නරි දෙන්නා අහක තිබුන ගලක් නිසා රණ්ඩු වුන එකයි සමානයි.

    දේශපාලන පක්ෂ කියන්නෙත් ඒ වගේම ගලක්.ඡන්දයක් එන්න කලින් හොඳට හිටපු යාළුවෝ පවා ඡන්දේ තියනවා කිවුව දවසේ ඉදන් ඔය ගල නිසා රණ්ඩු වෙනවා.අන්තිමට තෝරු මෝරු එකට පාටි දානවා.උන් වෙනුවෙන් මරාගත්ත අය හිටිය තැනමයි.

    නිකම් ඉන්නම බැරි නම් කොහොමහරි ගලක් හොයාගෙන බෙදීමක් ඇති කරගන්න එක ගොඩක් දෙනෙක් කරන දෙයක්.
    කැම්පස් එකක් ගත්තොත් අල-බතළ කියලා බෙදෙනවා. මාතර ගැට්ට/කොළඹ ගැට්ට/නුවර ගැට්ට කියල බෙදෙනවා. තව රජයේ ද නැත්නම් පුද්ගලික කැම්පස් ද ගියේ කියලා බෙදෙනවා. ඔෆිස් වල තව සමහරු ඉන්නවා වෙන මොකුත් නැත්නම් නමේ වාසගම හරි අල්ලගෙන ඒකෙන් කුලය හොයාගෙන කුලය අනුව බෙදෙන අයත්.
    ඔහොම ඔහොම බෙදිලා බෙදිලා අන්තිමට අනිත් පැත්තේ එක්කෙනෙක් කියන ඕනම හරි දේකට වුනත් එකඟ වෙන් නැතුව ඉන්න, වලියක් නැතුව බෑ කියන කස්ටිය ඉන්නවා.
    ඔහොම කියාගෙන ගියොත් ලියලා ඉවර කරන්න බැරි තරම් ගල් ගොඩක් තියනවා.

    ඔය වගේ පොඩි පොඩි ප්‍රමාණයේ ගල් වගේම රටක දියුණුවට වුනත් බලපෑම් කරන්න පුළුවන් ගල් තියනවා.
    රටක් ජාතියක් විදියට ගත්තොත් ශ්‍රී ලංකාවෙත් එහෙම ගල් අරන් ඉන්න අයගේ උදාහරණ තියනවා.
    ඒවා කියන්න ගියොත් මටත් වෙන්නේ පාඩුවේ තිබුන ගලක් ගැන දිගට දුරට කතා කරන්න වෙන එක නිසා ඒ උදාහරණ කියන්න යන්නේ නෑ.
    (නොකිවුවත් ඔයාලටත් මතක් වෙයි.)
    මීට පස්සේ එහෙම ගලක් ගැන කතාකරන්න/ මරාගන්න කලින් වටේට ගිජු ලිහිණියොත් ඉන්න පුළුවන් කියල මතක තියාගන්න.

    සමහරු ඉන්නවා කෙනෙක් අදහසක් ප්‍රකාශ කළාම ඒකේ තියන මොකක් හරි කොණක් අල්ලාගෙන ඒක ගැනම කියව කියව කටින් හරි වලියක් පටන් ගන්න අය.
    ඒ වගේ අයට එහෙම නොකළොත් නිකම් කෑවේ නෑ වගේ.
    අදහස් ප්‍රකාශ කරන්න,සාධාරණ පැත්තක් අරන් ඒ වෙනුවෙන් කතාකරන එක හොඳ දෙයක්.එහෙම නොකර හෙවිල්ලක් බැලිල්ලක් නැතුව, මං මේ කියන දේ හරි ද වැරදි ද කියලා සමබරව හිතන්නෙ නැතුව නිකම් හිතට එනවට වචන පිට කරලා වෙන වැඩ නැතුව වගේ ඇමිණි ඇමිණී යන අය අපිට ඕන තරම් හම්බ වෙනවා.
    ඒ වගේ වෙලාවට හොඳම දේ අනේ උඹේ ගල උඹ තියාගනින්. මට එපා කියල යන එක.
    මොකද ගොඩක් වෙලාවට එහෙම ඇමිණෙන්න එන අයට වෙන කරන්න වැඩක් නෑ.ඒ අයව මඟහරින එක මොළේ තියන අයගේ ගති ලක්ෂණයක්.
    මට උඹේ ගල එපාආආආ කියල කිවුවත් ඒත් ඇමිණීගෙන එන අයත් ඉන්නවා.ඒ වර්ගයේ අයගේ ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නේ අර ටොමී නරියා වගේ.

    මම මෙතනදි කතා කලේ තනිකරම වැදගැම්මක් නැති දෙයක් අල්ලාගෙන බොරුවට ගැටුමක් හදාගන්න හදන අය ගැන විතරයි.
    රටට ලෝකෙට වැඩක් තියන දෙයක් ගැන වාද විවාද කරන එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

    මේක කියවලා සමහරු ගල් අතට ගනියිද දන්නෙත් නෑ :dull:

    හොදයි..පුතා..Rep++