ගල්අඟුරු_ජූස්

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    බොමු ද… ගල් අඟුරු ජූස් එකක්…?
    j9mAqHAlgal-620x330.jpg

    දැන් මේක අහල කලබල වෙන්න එපා. හැමෝටම වගේ මේ ලෙඩේ තියෙනවා. අපි බෙහෙත් ටිකක් බීලා උත්සහ කරලා බලමු සනීප වෙන්න. හරියට බෙහෙත් ටික කරගත්තොත් සනීප වෙන්න පුළුවන් වෙයි. ඔයාට තියෙන්නේ පිළිකාවක්….!
    තමා ඉදිරියේ හිඳගෙන හුන් රෝගියාටයි වෛද්‍යවරයා එසේ පැවසුවේ. හෙට දිනයේ එම අසුනේ ඉඳගෙන සිටින්නේ ඔබ නම්… නැවතත් එම වදන් පෙළ ම හෙට දිනයේ ඔබට අසන්නට වේ නම්… ඔබත් නො අනුමාන ව එම රෝගියා මෙන් ම දහඩියෙන් තෙත් වී යනු ඇත. අම්මා, තාත්තා, දූ දරුවන් සිහියට එද්දී ම ලෝකය දෙනෙත් වටේ කැරකී යනවා සේ දැනෙන්ට පුළුවන්.
    අද අප කථාකරන්නේ ඔබට වැඩි ඈතක නැති දැනටමත් ඔබ අසලින් හිඳින, ඔබ ගිල ගන්නට මාන බලමින් සිටින පිළිකා කාරක විශේෂයක් ගැනයි. පසුගිය කලාපයකින් අප ඔබ ව දැනුවත් කළා ප්ලාස්ටික් අප කරා කැඳවාගෙන එන මාරක අනතුර ගැන.
    තරුණ තරුණියන් පමණක් නො වෙයි මහලූ වයසේ අය පවා බොහෝ සෙයින් රුචිකම් දක්වන්නේ ගත-සිත කුල්මත් කරනා මේ චමත්කාරජනක පානයටයි. දහඩිය විඩාව නිවාලන පිරිසිදු සිසිල් වතුර වීදුරුවක් හෝ රස ගුණ ඇති තැඹිලි වතුර වීදුරුවක පහස වෙනුවට හැමෝගේ ම දෙතොල් සෙලවෙන්නේ පෙන දමමින් ඉතිරෙන කෝලා වීදුරුවක් වෙනුවෙනුයි. අපද්‍රව්‍යවලින් දූෂිත වුණ ගංගා දිගේ ගලාගෙන යන ජලය පෙන දමමින් උතුරා යන පැණි රස වීදුරුවක් බවට පත්වන හැටි අප බොහෝ දෙනෙක් හරි හැටි නො දන්නා කාරණාවක්. නියමිත ප‍්‍රමිතීන්ට නිෂ්පාදනය කර ඇති බවට ව්‍යාපාරිකයන් සාක්ෂි දැරුවත්, සියල්ල මුදලට යටවුණු අද වැනි සමාජයක ව්‍යාපාරිකයන් ජනතාවට ආදරය කරන්නේ යැයි කෙසේ නම් විශ්වාස කරන්න ද?
    මෙතුවක් කල් රස ඉතිරෙමින් දිව මත රුඳුණු වීදුරුවේ බොහෝ විට අඩංගු වුනේ කුණු කසල, අසූචි ආදි දූෂිත අපද්‍රව්‍ය පිරි ගංගාවක ජලය යි. දිව පිනා යන රස ආකරයක් බවට පත් වූයේ සැකරින් හා මුසු වූ ‘ගල් අඟුරු තාර’ උණු කර ඉන් පෙරා ගන්නා ලද සින්තටික් වර්ණක යි. මෙතුවක් රස උතුරා යන සාගරය ලෙසින් අප හනි හනිකට ගිල දැමුවේ ගල් අඟුරුවලින් පෙරා ගන්නා ලද ගල් අඟුරු යුෂ නො වේ ද? මෙම ගල් අඟරු පානය අද ලොව පුරා කෙතරම් ම ජනප‍්‍රිය ද කියතොත් වසරක දී ගැලූම් බිලියන 35 ගැහැනු පිරිමි ළමා ළපටින්ගේ ගලනාල හරහා අමාශගත වෙයි. රු. කෝටි 100කට අධික මුදලක් ව්‍යාපාරිකයන්ගේ මුදල් පසුම්බියට ගෙවා ලංකාවේ අප වසරක දී ගිල දමන තාර යුෂ පිරි බීම ප‍්‍රමාණය ලීටර දස ලක්ෂ සියයක් ඉක්මවා යයි. ලොවපුරා විශේෂඥයන් මෙය හඳුන්වන්නේ ‘පිළිකා පානය’, ‘දියවැඩියා පානය’ යන අන්වර්ත නාමයන්ගෙනුයි. පුංචි තිරයේ සුපිරි නළු නිළියන්ගේ සුරතේ දැවටෙමින් ව්‍යාපාරික දැන්වීම් මඟින් අපේ හිතේ කුතුහලය ඇති කරන විවිධ වර්ණක යොදා විවිධ පැහැයෙන් අප අතරට එන සිසිල් බීම බෝතල් අතර කල් ඉකුත් වූ සිසිල් බීම බෝතල් වගේ ම නියම ප‍්‍රමිතියෙන් තොර සිසිල් බීම බෝතල් විශාල සංඛ්‍යාවක් පාරිභෝගිකයන්ගේ දෑස් වසා විකුණන බවට සමීක්ෂණවලින් හෙළි වී තිබේ. දිනකට ලංකාව පුරා සිසිල් බීම බෝතල් දහස් ගණන් කල් ඉකුත් වන අතර, කල් ඉකුත්වීමේ දිනය මකා දමා හෝ අලූත් බෝතල් අතර පරණ බෝතල් කවලම් කර හෝ නැවත වෙළඳ පොළට නිකුත් කිරීම ඔවුන්ගේ කූට උපක‍්‍රමය යි.
    දශක කීපයකට පෙර අපේ ගම්වලින් දියවැඩියා රෝගියෙක් සොයා ගැනීම බොහෝ සෙයින් අසීරු කටයුත්තක් විය. නමුත් දැන් එය සෑම නිවසකට ම පාහේ උරුම උණ සෙම්ප‍්‍රතිශ්‍යාව තරමට ම සුලභ රෝගයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය හොඳින් වැඩුණු වැඩිහිටියකුට දිනකට අවශ්‍ය උපරිම සීනි ප‍්‍රමාණය තේ හැඳි 10 ලෙස අනුමත කර ඇතත්, මිලි ලීටර් 325 බීම බෝතලයක සීනි තේ හැඳි 18 ඇති බව සොයාගෙන ඇත.
    ‘‘කාබනිකෘත සිසිල් බීම පානය කිරීමෙන් අනතුරු ව, අස්‌ථිවල කැල්සියම් සංචිතයට ප‍්‍රබල බලපෑමක්‌ ඇති වන බවත්, මෙම ක‍්‍රියාවලිය පියවර තුනකින් සිදුවන බවත් වෛද්‍යවරු පවසති. කාබනිකෘත බීම ආමාශයේ දැවිල්ල (Irritate) ඇති කරයි.
    එම දැවිල්ල සමනය කර ගැනීමට ආමාශය දන්නා එක ම පිළියම ප‍්‍රති අම්ල ශ‍්‍රාවය කරගැනීමයි. ඒ සඳහා රුධිරයේ ඇති කැල්සියම් උපයෝගී කර ගනී. ඉන්පසු රුධිරයේ අඩු වූ කැල්සියම් ප‍්‍රමාණය අස්‌ථිවල සංචිත ව ඇති කැල්සියම් මඟින් සම්පූර්ණ කර ගනී. (එසේ නො වුණහොත් මාංශපේශීවල සහ මොළයේ ක‍්‍රියාකාරිත්වය දරුණු ලෙස ඇණ හිටී) මෙලෙස දිගින් දිගට ම අස්‌ථි තුළ තැන්පත් වී ඇති කැල්සියම් ප‍්‍රතිඅම්ල සෑදීමේ ක‍්‍රියාවලිය සඳහා භාවිත වීම නිසාවෙන්, කලක්‌ යන විට අස්‌ථි දුර්වල වී ඔස්ටියෝපොරෝසිස්‌ රෝගයට හේතු වේ. විශේෂයෙන් ‘කෝලා’ සිසිල් බීම වර්ගවල ‘පොස්‌පරික්‌ අම්ලය’ අඩංගු ය. මෙම අම්ලය මඟින් ද අස්ථිවල කැල්සියම් ගණත්වය අඩු කරන බවත් කෝලා බීම පානය කරන්නියන් ඒවා පානය නො කරන්නියන්ට වඩා පස්‌ ගුණයක අවදානමකින් රෝගයට නතු වන බව සොයාගෙන ඇත. ළමයින් සහ යෞවනියන් දුර දිග නො සිතා බීම වර්ග පානය නිසාවෙන්, මැදිවියේ දී ඔවුන්ට තරබාරුව, දියවැඩියාව, අස්‌ථි බිඳීයෑම වැනි රෝගාබාධයන්ට ලක්‌ ව විඳවන්නට සිදුවන බව පෙන්වා දිය යුතු ය. නොමැති නම් නීති රීති මඟින් මේවා වැළැක්‌විය යුතු ය. ‘‘මිනසෝටා සරසවියේ’ වසංගතවේදය පිළිබඳ මහාචාර්ය ‘ජැමී ස්‌ටැන්’ මහත්මිය එසේ පවසන්නී ය. සිසිල් බීමවල ඇති අධික සීනි ප‍්‍රමාණය ක්ෂණික ව රුධිරයට අවශෝෂණය කර ගන්නා අතර මෙම සීනි පාලනය කිරීමට අග්න්‍යාශයට වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. මේ හේතුවෙන් අගන්‍යාශය තුළට වැඩිපුර ඉන්සියුලින් හෝමෝන ප‍්‍රමාණයක් ශ‍්‍රාවය කරන්නට සිදුවීමෙන් ඒ තුළ අඩංගු සෛල වැඩිපුර වෙහෙසක් දැරීමට හා වැඩි කි‍්‍රයාකාරිත්වයට පත්වීම සිදු වේ. මේ හේතුවෙන් කල් යෑමේ දී දියවැඩියා රෝගය හටගැනීමත් අග්න්‍යාශය තුළ පිළිකා සෛල හට ගැනීමත් සිදුවන බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. තව ද අධික සීනි පරිභෝජනය පියයුරු පිළිකාවලට ද හේතු වන බව සනාථ කරයි. අධික සිසිල් බීම පරිභෝජනයක් ඇති මහා බි‍්‍රතාන්‍ය තුළ සිසිල් බීම නිසාවෙන් අග්න්‍යාශයේ පිළිකා වැළඳෙන්නන්ගේ ප‍්‍රමාණය 7000කි.
    ඇමරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව පෙනීගොස් ඇත්තේ 1944 වසරේ ගැලූම් 10.8 වූ කාබනික අම්ල අඩංගු සිසිල් බීම පරිභෝජනය 2000 වසර වන විට ගැලූම් 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි. වසර 25 දත්ත නිරීක්ෂණයේ දී ගලනාග වර්ධනය සියයට පන්සීයකින් ඉහළ ගොස් ඇති අතර ඉන් 77% මරණයට පත් වී ඇති බවයි. සිසිල් බීම තුළ තිබෙන විවිධ කෘත‍්‍රිම රසායනික ද්‍රව්‍යයන් ශරීරයේ විවිධ ස්ථානයන්ගේ රෝගාබාධයන් හා පිළිකා සෛල ජනිත කරවීමට ඉවහල් වේ.
    කාබන්ඩයොක්‌සයිඞ්
    සිසිල්බීම නිෂ්පාදනයේ දී වැඩි පීඩනයක්‌ තුළ දී ‘කාබන්ඩයොක්‌සයිඞ්’ වායුව ඇතුල් කෙරේ. මෙම වායුව මිනිස්‌ ශරීරයට විෂ බව අපි කවුරුත් දන්නෙමු. ශරීරය තුළ මෙම වායුව වැඩිපුර එකතුවීමෙන්, සෛල විනාශයට පත්වේ. එහෙත් ඇතැම් සෛල නො නැසී සිටින්නට හැඩ ගැසේ. එසේ නො නැසී සිටින්නට සමත් වන සෛල, අන් කිසිවක්‌ නො ව, පිළිකා ෙසෙලයන් ය.
    සල්ෆර්ඩයොක්‌සයිඩ් ‍් ආහර වර්ගවල වර්ණ විපර්යාසයන් සිදු නො වී කල් තබා ගැනීම සඳහා භාවිත කරයි. සිසිල්බීම, ජෑම්, කෝඩියල් වර්ග සඳහා භාවිත කරයි. ’කාබනිකෘත ලෙමන් ජූස්‌’ (ලෙමනේඞ්* වල සුලභ ව ඇත. වැඩිපුර ශරීරගත වීමෙන් කරකැවිල්ල, හිසරදය සම මත පළු ඇතිවීම, පපුවේ හිර ගතිය, කම්පනය සහ මරණය පවා ඇති විය හැකි ය.
    ටාර්ටසීන් බිරිලියන්ට්‌ බ්ලූ කාර්මොසින්
    මේවා කෘති‍්‍රම ආහාර වර්ණකයන් ය. කෘති‍්‍රම ආහාර වර්ණක බොහොමයක්‌ ම සාදනු ලබන්නේ ගල් අඟුරු තාර මඟිනි. ප‍්‍ර‍්‍රබල අසාත්මිකතා ලක්‌ෂණ පෙන්නුම් කරයි. (ඇඳුම කැස්‌ස, සෙම වැඩි වීම, සම මත පළු ඇතිවීම වැනි) නිතර කෘතිම වර්ණක සහිත ආහාර පරිභෝජනයෙන් පිළිකා සහ වෙනත් සෞඛ්‍ය ගැටලූ හට ගැනීමේ අවදානමක්‌ පවතී. කහ වර්ණය සඳහා ලංකාව තුළ බහුල ව ම භාවිත කරන ටාර්ටසීන් නමැති ආහාර වර්ණක ඇස්‌පිරීන් ඖෂධය සඳහා අසාත්මිකතාවය දක්‌වන පුද්ගලයන්ට මාරාන්තික විය හැකි බව වෛද්‍යවරු පවසති. බොහොමයක්‌ සංවර්ධිත රටවල මේවා භාවිතය තහනම් කර හෝ දැඩි සේ සීමා කර ඇත.
    සෝඩියම්
    ආහාර තෛලෝදකයක්‌ සහ විසුරුම්කාරකයක්‌ ලෙස, සිසිල් බීමවලට, අකාබනික සෝඩියම් සංයෝග යොදයි. (සිසිල් බීමවල සංයුතිය, සමාකාර ව පැතිරී තිබීම සඳහා) වැඩිපුර සෝඩියම් ශරීරගතවීම ආඝාතය, හෘදයාබාධ, අධිරුධිර පීඩනය වැනි බොහෝ රෝගාබාධයනට හේතු විය හැකි බව වෛද්‍යවරු පවසති.
    අම්ල
    බොහෝ සිසිල් බීම වර්ගවල පොස්‌පරික්‌, සිට්‌රික්‌, මැලික්‌’ සහ ටාර්ටරික්‌ වැනි අම්ල අඩංගු වන අතර නිතර නිතර මෙම අම්ල ශරීර ගතවීම, ප‍්‍රතිශක්‌තිකරණ පද්ධතිය දුර්වල කිරීමටත්, හිසරදය ඉදිමුම සහිත දැවිල්ල පිළිකාව වැනි රෝග ගණනාවකටත් හේතු විය හැකි බවත් වෛද්‍යවරු පවසති. අඩු වයසින් ‘ඔස්‌ටියෝපොරෝසිස්‌’ රෝගය වැළඳීමට ද ඉවහල් වන පොස්‌පරික්‌ අම්ලය, අභ්‍යන්තර සෛල පිළිස්‌සීමට ද ඉවහල් වන බව සොයාගෙන ඇත. (මෙම අම්ලය ලෝහ වර්ගවල මලකඩ ඇරීම සඳහාත්, වාහන බැටරිවල ඉලෙක්‌ට්‍රෝඩ අග‍්‍ර ශුද්ධ කිරීමටත් භාවිත කරන අතර, ලංකාවේ ඇතැම්හු ‘කෝලා’ බීම වර්ග, වැසිකිලි ශුද්ධ කිරීමටත් යොදා ගන්නා බව පවසති. අද බොහෝ දෙනාගේ මනාපය ක්ෂණික ආහාරයන්ට ය. එමෙන් ම බොහෝ දෙනා රෝගාතුර ව දුක් විඳින්නේ නො සැලකිලිමත්කම නිසා ම ය. ලෙඩවීම ලොව සනාතන ධර්මයක් වුව අප විහින් ලෙඩවිය යුතු නැත. ලෙඩ වීමෙන්, ජරාවට පත්වීමෙන් නිදහස් වන මග විවෘත ව පවතින දුර්ලභ වකවානුවක ලද දුර්ලභ දිවිය නිරෝගීව පවත්වා ගෙන යාමට, යහපත් හුරුපුරුදු ඇති කර ගනිමු. සනාතන දහම පසක් කර ගැනීමට, ඒ උදෙසා පින් රැස් කරගැනීමට නිරෝගී කයක් පවත්වාගන්නට අප හැම දෙනාට වාසනාව උදා වේවා!

    විශේෂ පුන්‍යාණුමෝදනාව:
    ගැමුණු සාලිය පෙරේරා
    මහජන සෞඛ්‍ය පරීක්ෂක – දියතලාව
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,085
    5,874
    113
    canada
    මේක මිනිස්සු නොමගයවන සුළුයි. ගොඩක් සමාජයේ මුල්බැහැගත් මිත්‍යා මත ලියල තියෙනවා. මෙන්න ඇත්ත

    http://www.elakiri.com/forum/showthread.php?t=1641634

    ගොඩක් දෙනක් කොකා කොළ සලකන්නේ බයානක බිම ජාතියක් ලෙස. මේකේ විද්‍යාත්මකව කිසි සත්‍යතාවයක් නැහැ. විද්‍යාත්මකව මේක මිනිස් පරිබෝජනයට නුසුදුසු බයානක බිම ජාතියක් ලෙස සලකන එක වැරදියි. මම මෙහි කතා කරන්නේ youtube වල තියෙන, අන්තර්ජාලයේ පිළිගත නොහැකි website වල තියෙන දහසකුත් මිත්‍යා මතිමතාන්තර ගැන නෙවි. නිසි කරුණු කරනා ඇතුව තමයි කතා කරන්නේ.

    http://en.wikipedia.org/wiki/Criticism_of_Coca-Cola

    මොනවද කොකා කොලා වල තියෙන දේවල්

    sugar - මේක තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද 27g තියෙනවා. sprite වල 26g තියෙනවා. මහලොකු වෙනසක් නැහැ අනිත් බිම ජාති (පලතුරු බිම) එක්ක සංසන්දනය කරන කොට.

    http://sodas.findthebest.com/compare...e-vs-Coca-Cola

    caffeine - මේක කොපි තේ වලත් තියෙනවනේ. caffeine එක්තරා ප්‍රමාණයකට හදවතට හොදයි. එත් ගොඩක් බිව්වොත් හදවතට හොද නැහැ.

    mgs of caffeine per 100g
    coca 8
    tea 20
    coffe 40

    http://www.theguardian.com/news/2013...-chocolate-tea

    https://docs.google.com/spreadsheet/...=sharing#gid=0

    citric acid + phosphoric acid - මේවා අනුමත ප්‍රමානවලට වඩා වැඩි නැහැ. පලතුරු බිම වගේ දේවල්වල මේ වගේ අනුමත අම්ල යොදාගන්නවා. ස්වබාවික බිම්වල පවා අම්ල තියෙනවා. (දෙහි , orange වගේ). මේ නිසා තමයි මලකඩ යන්නේ. බිත්තර දියවෙන්නේ (විනකිරිවල දැම්ම වගේ).

    Coca-Cola contains less citric acid than does orange juice, and the concentration of phosphoric acid in Coke is far too small

    http://www.snopes.com/cokelore/acid....93XGoCtrApX.99

    http://en.wikipedia.org/wiki/Phosphoric_acid#Uses

    කොකා කොළ මිනිස් පානයට නුසුදුසු අහිතකර බිමක් කියල කොහෙවත් විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. එත් ඕනෑම පලතුරු බිමක් වගේ, soft drinks (including sprite) ගොඩක් ගන්න සුදුසු නැහැ. එවයින් පුළුවන් තරම් ඇත්වෙනවානම් හොදයි.

    හුගක් දෙනෙක් youtube වගේ දේවල්වල තියෙන දේවල් බලල කොකා කොළ වලට අනියත් බියක් දක්වනවා. කොකා කොළ ඉදල හිටලා පානය කිරීම ප්‍රස්නයක් නැහැ.එක තවත් පලතුරු බිමක් බීවා වගේ තමයි. ඔය හැම පලතුරු බිමකම සිනි, කල්තබගන්න කෘතීම රසායනික තියෙනවා. බෝතලේ ලේබලය බැලුවනම් තේරේවි.

    මේක ඔයාල පිළිගැනෙන් නැතිනම්, මොකද්ද කොකා කොලා වල තියෙන අහිතකර දේ? එක අනුමත ප්‍රමාණයට වඩා කොච්චර වැඩිද? (පිළිගත් website එකකින් කරුණු දක්වන්න)
     
    bingu putha cola company ekeda weda karanne:P:P:P:P
     
    Last edited: