ගල්ගමුවේ චන්ඩි මේ යන්නේ අවසන් ගමන වනු ඇත!

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ගල්ගමුවේ චන්ඩි මේ යන්නේ අවසන් ගමන වනු ඇත!
    365555978_6372217016226414_6460821202291851472_n.jpg

    ගල්ගමුවේ ඒක දන්තයා, චන්ඩි ආයෙත් ඉරණම් ගමනක් යන්න සූදානම් වෙනවා. මේ වෙනකොට තුන් පාරක් ගල්ගමුව ඇහැටුවැවෙන් අල්ලලා වෙනත් ප්‍රදේශ වලට ගිහින් අතරමං කරපු චන්ඩි නැවත එයාගේ වාසභූමිය සොයාගෙන ආවා. නමුත් මේ පාර මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ගිහින් දමන්න හදන චන්ඩි ආයේ කවදාවත් ගල්ගමුවට නොඑන්න තියෙන ඉඩ අතිශයින් වැඩියි.
    මුලින්ම 2009 අවුරුද්දේ චන්ඩි සෝමාවතී ජාතික වනෝද්‍යානයට ගිහින් දැම්මත් දවස් 28ක් ඇතුලත කිලෝමීටර් 243ක් දුර ගෙවාගෙන නැවත එයාගේ වාසභූමියට ආවා. ගල්ගමුවට වඩා අලින්ට ජීවත්වෙන්න සුදුසු වටපිටාවක් සෝමාවතියේ තිබුණත් චන්ඩිට ඒ පරිසරය සුදුසු වුණේ නැහැ. ඉන් පස්සේ දෙවතාවක් චන්ඩි ව හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුරට ගෙනිහින් දැම්මා. ඒ 2015 සහ 2018 අවුරුදු වල. නමුත් ඒ දෙවතාවෙත් එයා ආයේ තමන්ගේ උපන් බිම හොයාගෙන ආවා.
    නමුත් දැන් එයා වයසයි, ඇස් පෙනීම දුර්වලයි. ඒ නිසා එයා මේ යන්නේ එයාගේ ඉරණම් ගමන. ඒත් ඇත්තටම සාමාන්‍ය ජනතාවගේ භවභෝග සහ දේපොළ හානි කරපු නිසා නෙවෙයි. කසිප්පු කාරයින්ගේ ගොඩා බීපු වරදට. කිසිම විද්‍යාත්මක පදනම් නැති, යල් පැනගිය ශ්‍රී ලංකාවේ ඊනියා වන අලි සංරක්ෂණය එහෙම තමයි.
    නමුත් ඔබට මට මේ අසාධාරණය දැක දැක ඇස කන් පියාගෙන ඉන්න පුළුවන්ද?
    චන්ඩිට ජීවත් වෙන්න ගල්ගමුව තරම් සුදුසු පරිසරයක් නැති බව එයා නැවත නැවත ගල්ගමුවම හොයාගෙන ඒමෙන් පැහැදිළි වෙනවා. ඒ නිසා එයාට මේ ජීවිතේ අවසන් කාලේ එයාගේ උපන් බිමේම ඉන්න ඉඩ දෙන්න. එහෙම නැත්නම් අඩුම තරමින් එයාව මේ ඉරණම් ගමන යවන්න කළින් GPS කරපටියක් වත් පළඳවන්න එයා යන එන තැන් ගැන විපරම් කරලා බලන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න කියලා මම ආයාචනා කරනවා!

    Copied - Supun Lahiru Prakash

    දෑස් නොපෙනෙන චන්ඩිගේ ඉරණම කුමක් වෙයි ද..
    ------ Post added on Aug 5, 2023 at 1:44 PM
     

    Sen-lu

    Well-known member
  • කසිප්පු කාරයින්ගේ ගොඩා බීපු වරදට.
    බේබද්දො මොන ලෝකෙ හිටියත් හවසට බාර් එක ගාවට යනව වගේ තමා අලියෙක් උනත් බේබද්දෙක් උනාම වෙන්නෙ. බඩු තියෙන ප්ලේස් එකට ආයෙ යනව
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    බේබද්දො මොන ලෝකෙ හිටියත් හවසට බාර් එක ගාවට යනව වගේ තමා අලියෙක් උනත් බේබද්දෙක් උනාම වෙන්නෙ. බඩු තියෙන ප්ලේස් එකට ආයෙ යනව
    සිරා කතාව