කෘෂි රසායන සම්බන්ධයෙන් ලංකාවේ තියෙන ප්‍රධාන ගැටළුව ඒවා නිකුත් කිරීමට සහ භාවිතා කිරීමට නීතියක් නොමැති වීම.මේ නිසා නියමිත මාත්‍රාවට වඩා වැඩිපුර කෘෂි රසායන භාවිතය සිදුවෙනවලු.ගොවීන් ඒවා භාවිතා කළයුතු සීමාවක් දන්නේ නෑ. Weedicides, fungicides, insecticides සියල්ල එකම අලෙවි සැලකින් ලබා ගැනීම, වැඩි/ක්ෂණික ප්‍රතිඵල බලපොරත්තුවෙන් ඒවා කලවම් කර භාවිතා කිරීම, නියමිත මාත්‍රාවට වඩා වැඩියෙන් භාවිතා කිරීම වැනි ගොවියන්ගේ නොදැනුවත්කම නිසා සිදුවන සහ රජයෙන් කෘෂි රසායන භාවිතය සම්බන්ධව නීතියක් නොමැති වීම නිසා සිදුවන පරිසර හානිය වැඩියි.ඒකෙන් මිනිසාගේ සෞඛ්‍යටත් අහිතකර බලපෑම් සිදුවෙනවා.