ගල් වලක තිබිය හැක කුඩු වෙච්චි ප්‍රේමයක්...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගල් වලක තිබිය හැක කුඩු වෙච්චි ප්‍රේමයක්...

    ඉර කෙන්ද උණු වෙවී වැටෙද්දී ගල උඩට
    පෙම්බරී බර ගත්තෙ මං මගේ තනි අතට
    කළුගලක් බිම හැපී මෙලෙක වූවත් දුකට
    දුකක් දැනුනේ නෑලු මුදු රෝස මල් වලට...

    දකින්නට හිතුවාම නොපෙනිච්ච හීනයක්
    ඇස් වසා ගල බිඳිමි සිවුරු ලා ගීතයක්
    මල් වලට නොහොබිනා දුප්පත්ම හාදුවක්
    ගල් වලක තිබිය හැක කුඩු වෙච්චි ප්‍රේමයක්...

    කුළු ගෙඩිය තිස්සේම වදිද්දී කළු ගලේ
    මේ දැනුත් රිදෙනවා කළු කුහර හදවතේ
    මල්සරා උඹ මගෙන් උදුරාන ගිය වෙලේ
    බෝරයක් පිපුරුනා ඇතාගල මහගලේ...

    අත් දෙකක් තිබුනෙ නෑ ඉඹින්නට ඇත්තයි
    එක අතක වාරුවෙන් ගල බින්ද සත්තයි
    කළු ගලින් කිරි ගරුඬ අඹනු බෑ ඇත්තයි
    මැණිකෙ මට ටජ් මහල වැරදුනා සත්තයි...

    Dewrangi (W.A.w.k.W)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකිනෙකට සම්බන්ධයක් නැතිමුත් මේ නිර්මාණය කියවද්දි මගේ මතකයට ආවෙ සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ ලස්සන ගීතයක් වන "මේ තරම් සියුමැලි ද කළුගල්" කියන ගීතය. කෙටියෙන් කියනවනම් වෙනස් විදියකට හිතපු වෙනස් කාව්‍යයක්. සංවේදියි. නිර්මාණාත්මකයි.
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    Thank you

    QUOTE=Mahesh-Chooty;21454216]wow[/QUOTE]

    තැනක් යු

    QUOTE=Sara531;21454269]Nice[/QUOTE]

    තැනක් යු

    QUOTE=DamN DoG;21454307]patta[/QUOTE]

    බොහොම ස්තුතියි

    QUOTE=Love kolla;21455567]Meekanm advance wadii bn.. melo dyk therune na ne[/QUOTE]

    :)

    QUOTE=shaminda peiris;21456399]bump[/QUOTE]

    ස්තුතියි

    QUOTE=scorpion MW;21456539]rep+++++++++[/QUOTE]

    බොහොම ස්තුතියි

    QUOTE=buddhikakgsl;21472822]patta[/QUOTE]

    බොහොම ස්තුතියි
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අගනා කාව්‍ය නිර්මාණයක් .භාෂා භාවිතයේ සංවේදී කම ප්‍රභලව පේනව.මතුපිටින් හේදීයන රසයකට වඩා පාඨකයාට හිතන්න මානයක් තනා දීම සැබෑ කවි කාරයකුගේ ලක්ෂණයක් .තව තවත් මෙවනි නිර්මාණ කරන්නට සිත් පහළ වේවා..ජය..බම්ප්
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    ස්තුතියි..

    ලස්සනයි...

    බොහොම ස්තුතියි

    එකිනෙකට සම්බන්ධයක් නැතිමුත් මේ නිර්මාණය කියවද්දි මගේ මතකයට ආවෙ සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ ලස්සන ගීතයක් වන "මේ තරම් සියුමැලි ද කළුගල්" කියන ගීතය. කෙටියෙන් කියනවනම් වෙනස් විදියකට හිතපු වෙනස් කාව්‍යයක්. සංවේදියි. නිර්මාණාත්මකයි.

    බොහොම ස්තුතියි ඇගයීමට....

    දඩබ්බරයා;21474070 said:

    ස්තුතියි

    ..B U M P..

    ස්තුතියි

    බම්ප්