ගල් වලක තිබිය හැක කුඩු වෙච්චි ප්‍රේමයක්...
ඉර කෙන්ද උණු වෙවී වැටෙද්දී ගල උඩට
පෙම්බරී බර ගත්තෙ මං මගේ තනි අතට
කළුගලක් බිම හැපී මෙලෙක වූවත් දුකට
දුකක් දැනුනේ නෑලු මුදු රෝස මල් වලට...
දකින්නට හිතුවාම නොපෙනිච්ච හීනයක්
ඇස් වසා ගල බිඳිමි සිවුරු ලා ගීතයක්
මල් වලට නොහොබිනා දුප්පත්ම හාදුවක්
ගල් වලක තිබිය හැක කුඩු වෙච්චි ප්‍රේමයක්...
කුළු ගෙඩිය තිස්සේම වදිද්දී කළු ගලේ
මේ දැනුත් රිදෙනවා කළු කුහර හදවතේ
මල්සරා උඹ මගෙන් උදුරාන ගිය වෙලේ
බෝරයක් පිපුරුනා ඇතාගල මහගලේ...
අත් දෙකක් තිබුනෙ නෑ ඉඹින්නට ඇත්තයි
එක අතක වාරුවෙන් ගල බින්ද සත්තයි
කළු ගලින් කිරි ගරුඬ අඹනු බෑ ඇත්තයි
මැණිකෙ මට ටජ් මහල වැරදුනා සත්තයි...
Dewrangi (W.A.w.k.W)
ඉර කෙන්ද උණු වෙවී වැටෙද්දී ගල උඩට
පෙම්බරී බර ගත්තෙ මං මගේ තනි අතට
කළුගලක් බිම හැපී මෙලෙක වූවත් දුකට
දුකක් දැනුනේ නෑලු මුදු රෝස මල් වලට...
දකින්නට හිතුවාම නොපෙනිච්ච හීනයක්
ඇස් වසා ගල බිඳිමි සිවුරු ලා ගීතයක්
මල් වලට නොහොබිනා දුප්පත්ම හාදුවක්
ගල් වලක තිබිය හැක කුඩු වෙච්චි ප්‍රේමයක්...
කුළු ගෙඩිය තිස්සේම වදිද්දී කළු ගලේ
මේ දැනුත් රිදෙනවා කළු කුහර හදවතේ
මල්සරා උඹ මගෙන් උදුරාන ගිය වෙලේ
බෝරයක් පිපුරුනා ඇතාගල මහගලේ...
අත් දෙකක් තිබුනෙ නෑ ඉඹින්නට ඇත්තයි
එක අතක වාරුවෙන් ගල බින්ද සත්තයි
කළු ගලින් කිරි ගරුඬ අඹනු බෑ ඇත්තයි
මැණිකෙ මට ටජ් මහල වැරදුනා සත්තයි...
Dewrangi (W.A.w.k.W)
