ගල -

umedhah

Active member
  • Jun 14, 2006
    464
    206
    43
    AKL, NZAA
    ගල - දේශීය ගල් නිෂ්පාදනය /දේශීය හස්ත කර්මාන්තය

    සීගිරය ගලක්ය. එය විකුණන්නට යන්නේ යැයි කතන්දර ගොඩක් කියැවුණු යුගයක් තිබුණේය. එහෙත් ගල වික්කා නම් උස්සාගෙන යන්නේ කෝමදැයි සිතා ගත නොහැකිය. ගල් නොදැකපු පංචායුධ කුමාරයා කීවේ තමා සීගිරිය බලන්නට ගොස් නැති බවක්ය. ගලේ ඇති ආතල් එක නොදන්නා නිසා පොර ඒ පැත්තේ යන්නට නැතිය. එසේම ගලේ කොටා ඇති ලලනාවන් ගැනද පංචායුධ කුමාරයා නොදැන සිටියා විය හැකිය. නැතිනම් පොර ඒ පැත්තේ ගොස් ඒ කෙල්ලෙක්ගේ නිරුවත වසන්නට ක්‍රමයක් පාර්ලිමේන්තු ගත කරනවා ෂුවර්ය. ඒ තරමට පොර ඇමරිකානු විරෝධීය. බාගෙට ඇඳගෙන සුද්දෙක් ලංකාවට ආවත් අකැමැතිය. මහා දේශ ප්‍රේමීය.


    කතාව වෙන පැත්තකට හැරෙන ලකුණු පහළ වෙන නිසා නැවත අලුත් ජේදයකින් කතාව ආරම්භ වන්නේය. පංචායුධ කුමාරයාගේ ගල ගැන කතා කොට වැඩක් නැතිය. ඇමරිකන් ගල් වැඩක්ම නැතිය. අපට වටින්නේ දේශීය දේය. ඒ නිසා දේශීය ගල් නිෂ්පාදනය ඉහල යවා හෝ දේශීය හස්ත කර්මාන්තය ගොඩ දැමිය යුතුය. එම සේවයේ නියතුව සිටින්නා වූ මෑත භාගයේ ප්‍රරසිද්ධ වූ කැළණිය, ස්ටේෂන් එක පැත්තේ, පේලි නිවසක හැදී වැඩුණු නිලියක් සිටින්නීය. හස්ත කර්මාන්තය ගොඩ දැමීමේ අරමුණින් ක්ෂේත්‍රයට පිවිස, දකුණේ ජනතා බලවේගයක් සාදා ගැනීමට අවමංගලටද ප්ලග් වී ඇය පරාජය වූවාය. ඒවා අපිට අදාල නැති කතන්දරය. සරලව කිව හැක්කේ අඳින ඇඳුමින්, හැසිරෙනා විදිහෙන් පවා ඇද ගලේ අවමයකට යටත්ව, එතැන සිට උපරිමය දක්වා විකුණනවා, ණයට දෙනවා, කුලියට දෙනවා, බද්දට දෙනවා යැයි සැක නැතිය.


    අක්කාගේ ගල අප දැක්කේ පාසල් සමයේදීය. ඉහල මාලයේ පන්තිකාමරයේ සිට පහල ඇවිදින ඇයට වතුර ගසන්නට,කෙළ ගසන්නට තරම් අප්පිරියාවක්, පිළිකුලක් සමහරුන්ට ඇති වූයේ ඇගේ නොතිබූ නරහංකාර, අව්‍යාජ ගති නිසාය. දකින හැම එකාගේ ඇඟේ එල්ලීමේ ගතිය එදා සිට ඇය සතු වූ නිසාය. අක්කා එසේ වූ පමණින් නංගී එසේ යැයි කිව නොහැකිය. එසේ කියනවා නම් මහා අපරාධයක්ය. එහෙත් අක්කා සේම නංගීද ගල ප්‍රදර්ශනය කිරීමට “ෂෝ කේස්“ එකක දමා තිබියදී, ඒ දෙස බැලීම වරදක් සේ යමෙකු කියන්නේ නම් ඒ තරම් මෝඩ වැඩක් ලොවෙත් නැතිය.


    අප ගරාජ් එකට යන්නේ සුපුරුදු මාර්ගයේය. ඒ මාර්ගය අතරමඟ ගරාජ් එකේ අයියාගේ නිවස ඉදිරිපිට ඇත්තේ උක්ත නිලියගේ එක් නිවසක්ය. මහා පවුරු බැඳ තිබුණත් ඉඩම මැද ඇත්තේ කුඩා දෙමහල් නිවසක්ය. එදා එතැනින් යන විට අහවල් නිලියගේ නිවසේ ගේට්ටුව විවර කරගෙන පෑන්ටියකට ජුන්ඩක් නොඅඩු ෂෝටක් ගසාගෙන නිලියේ ස්වරූපයම ඇති ලලනාවක් වූවාය. අහවල් එක තිබෙන්නාවූ ඕනෑම කොල්ලෙකු ඒ දෙස බලනවා නිසැකය. ඇයද අප දෙස බලා ඇස් ඉවතට නොගත්තා සේම, අපද ඇගේ පාදාන්තයෙන් ආරම්භ කොට මුහුණ දක්වා ඉහලට එන්නට ගිය ගමන අතරමඟ නැවතී කකුල් කරු අස්සේ නැවතුනේය. ගරාජ් එකට ගියේ ඔයිල් මාරු කරන්නට නොවන නිසා එතැනදී සිතට ගෙන පසුව අතට ගන්නට පතා අප සෙමින් ඇඳුනේ ගැරේජ් එක පැත්තටය.


    ගරාජ් එක අසල පාර්ක් කරනවාත් සමඟම අපේ වාහනය හා සමගාමීව පැමිණ නැවැත්වුවේ ජීප් වර්ගයේ වාහනයක්ය. අපට ෂටර් එක පහත් කරන්නට විධානය දුන් නිසා එය ගණනකට නොගෙන සෙමෙන් වාහනයෙන් බැස ගරාජ් එක පැත්තට හැරෙද්දී ජීප් රිය පදවාගෙන ආ පුද්ගලයා අපට කතා කළේය.


    “ඔයාලද අපේ ගේ පැත්තේ ඉදන් ආවෙ?“


    “ඔව් අපි..“


    “මගෙ වයිෆ්ගෙ ෆොටෝ එකක් ගත්තද?“


    “ෆොටෝ ගන්න?? “


    “ඔව්.. එතැන නවත්තන් හිටියේ??“


    “ගරාජ් එකේ *** අයියා ගෙදර ඉන්නවද බැලුවේ... ෆොටෝ ගත්ත කියනව නම් ෆෝන් එක අරන් බලන්න..“


    “*** අයියගෙ හිතවත්තුද??“


    “ඔව්.. අපි මෙහෙන් තමා වාහන හදවන්නෙ...“


    “හරි... හරි..“


    එක්කෝ පවුල පොරට ගුලියක් කවා ඇත්තේය. බලා සිටි නිසා අප ෆොටෝ ගත්තා යැයි කිව්වා විය යුතුය. නැතිනම් ඇයට වැරදීමක් වී ඇත්තේය. ඒ සියල්ල පසෙක තබා “ගල ෂෝ“ කේස් එකට දැම්මා නම් එය බැලුවා යැයි එක එකාට කතන්දර කීම විලි ලැජ්ජා නැති දෙයක්ය.


    මොහොතකින් ගරාජ් එකේ *** අයියා ආවේය. සීන් එක පොරට කිව්වාට පසු පොර මහ හඩින් සිනාසුනේය.


    “පිස්සුද බං මල්ලි.. මම හැමදාම අපේ ගෙදර බැල්කිනි එකේ ඉදන් බලන් ඉන්න එකනේ.. ඌට පිස්සු.. හිටපං මම කෝල් එකක් ගහන්න.. “


    “එපා.. එපා.. අපි ඔයාට කිව්වාම අපි බය වෙලා කියල හිතයි.. “


    “නැහැ බං.. එක්කෝ ඌට කියන්න ඕනෙ බලන්න එපා නම් හරිහමං ඇඳුමක් අන්දපං කියලා..“


    අවවාදය -


    කොල්ලන්ට - ෂෝකේස් එකට යමක් දමන්නේ බලන්න මිසක නොදැක්කා සේ යන්නට නොවේ. ෂෝ කේස් එකට දැමූ සියල්ල විකුණන්නේද නැතිය. විටක එය තබන්නේ පාරේ යන අයට පේන්නට මිසක, විකුණන්නට නොවේ. විකුණනවාදැයි මුදලාලිගෙන් අසා දැන ගෙන පමණක් අතාගා බලන්න.


    කෙල්ලන්ට - ඔබ යමක් ෂෝකේස් එකට දමන්නට කලින් දෙවරක් සිතන්න. ෂෝ කේස් එකට දමා පසුව එය දෙස බලන අයට ඔරවන්නට සූදානම් නොවන්න.


    Written_by_sAm_ශ්‍රී_perera_7:10am_19/06/14
    http://samindikasrimantha.blogspot.com
     
    Last edited: