ගවයාට පෙර පිනක් පෑදෙයි
මරන්න රැගෙන යද්දී ලොරියෙන් පැන්න
ගවයාට පෙර පිනක් පෑදෙයි
චමින්ද සිල්වා
මාලිගාවත්ත ගවඝාතකා ගාරයක් වෙත ලොරියකින් රැගෙන යමින් සිටි ගවයකු ඉන් පැන සිය ජීවිතය බේරාදෙන ලෙස ඉල්ලා දිවගෙන පැමිණ බිම වැතිරීමෙන් පසු මුදල් දී ගවයා බේරාගැනීමට මාලිගාවත්ත බෝධිරාජපුර ගම්වැසියෝ ඊයේ (14 වැනිදා) පෙරවරු කටයුතු කළහ.
කඩුවෙල සිට ලොරියකින් ගවයන් පස්දෙනකු මාලිගාවත්ත ඇපල්වත්ත ගවඝාතකාගාරය වෙත ඊයේ (14 වැනිදා) පෙරවරු 10.00 ට පමණ රැගෙන එමින් සිටියදී එක් ගවයකු ලොරියෙන් බිමට පැන බෝධිරාජ මාවත දිගේ දිවගොස් ඇත.
ගවයන් රැගෙන ගිය සිව්දෙනකුද ලොරිය නවතා ගවයා පසුපස දිවවිත් ඌ අල්ලා අසළ කණුවක බැඳ වලිගය අඹරවා ගවයා රැගෙන යැමට උත්සාහ කරන ලදී.
මෙහිදී ගවයා බිම දිගාවී නොනැගිටීම නිසා රැගෙන යැමට පැමිණි පුද්ගලයන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවීමට ගිය අතර අසළ ප්රදේශවාසියෙක් වූ උපුල් නමැත්තා ඉදිරිපත් වී ගවයාට මුදල් දී බේරා ගනිමුයෑයි යෝජනා කර තිබේ. එයට ප්‍රදේශවාසීන්ද කැමැත්ත ප්‍රකාශ කර විනාඩි කිහිපයක් යැමත් සමග ගවයාගේ වටිනාකම වූ රුපියල් 30,000 ක මුදල එකතු කර ගවයා රැගෙන යැමට උත්සාහ කළ පුද්ගලයන්ට ලබාදී උගේ ජීවිතය බේරාගැනීමට සමත්වී ඇත.
මෙම පුණ්‍ය කර්මයට ප්‍රදේශවාසීන් රැසක්ම දායකවීමෙන් පසු ජීවිතය බේරාගත් ගවයා කඩුවෙල ශ්‍රී කල්යාන ධර්මාශ්‍රමය වෙත ලබාදීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ.