ගසනවා..තනියම ගසනවා..

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    බේබදු වර්ග කීපයක් ගැන විස්තරයක් තමා මේ තියෙන්නෙ
    😌
    අනිවාර්යයෙන්ම කියවන්න ..
    සමහර වචන පිළිබඳව ලොකුවට හිතන්නෙපා ..
    (හුදෙක් විනෝදාස්වාදය පිණිස පමණයි ..)
    1. උසිප්පුට්ටු බේබද්දා
    බීමට මිතුරන් රුසි ගන්වා පොලඹවාගන්නේ මොහු විසිනි. පාඩුවේ තම රාජකාරීන්හී නියැලෙමින් සිටින පිරිසට ' අද මොකෝ වෙන්නෙ ? ' - ' ලඟදි සෙට් වෙන්ඩත් බැරි උනා නේ බං.. ' - ' අඩියක් වත් ගහමුද ? ' මැයෙන් අසා ඔවුන්ගේ හැඟීම් අවුස්සා කුපිත කර අදාල රාජකාරිය සඳහා පිරිස එකතු කර ගනී.

    2. එම්ටි පොකට් බේබද්දා
    මුදල් හිඟතාවයෙන් දැඩිව පීඩා විඳිනවායැයි සෙස්සන්ට හඟවන පුද්ගලයෙකි. කවදා කොයි වෙලේ බැලුවත් මොහු අතේ නම් නැති බනේමය. ' අඩෝ කීයක් වත් නෑ බං ' - ' මේ දවස් වල ෆුල් කෝඩෙ බං ' - ' හතර අතේ ණය වෙලා ඉන්නෙ බං ' යනාදී රුවන් වැකි නිතර දෙවේලේ මුඛයෙන් පිටවේ. කෙසේ වෙතත් දෙකක් දමාගෙන තත්වයකට ආ පසු නැතැයි කියූ කාසි පනම් පොදි පිටින් එළියට විසිකරයි.

    3. බ්‍රෑන්ඩඩ් ඩ්‍රින්කින් බේබද්දා
    සියළු දේ ඉහළ එකෙන්ම උවමනාය. බජට් එක රුපියල් 500ක් උවත් දහ පහලොස් දාස් ගණන් වල නම්දැරූ මත්පැන් වර්ග මිලදී ගැනීමට උත්සාහ කරයි. බයිට් වර්ග ෂැන්ඩි වර්ගද නානප්‍රකාර ලෙස අරගැනීමට ඉල්ලීම් කලද මුදල් ප්‍රශ්නය නිසා අවසානයේ වඩයක් පමණක් කා ඔහුගේ අවශ්‍යතාවය සපුරා ගැනීමට සිදුවෙයි. එවැනි අවස්තා බහුතරයක මූණ පුක කරගෙන බලා සිටින අතර තරමක් දා ගත් පසු ' අඩෝ අපි මෙහෙම නෙමෙයි බං සෙට් වෙන්ඩ ඕනෙ, දවසක සුපිරියට වියදම් කරලා දාමු සුපිරි ආතල් එකක් ' මැයෙන් පවසයි. නමුත් ඉන් පසුවටත් සිදුවන්නේ පෙර සිදු වූ පරිදිමය.

    4. කඩේ යන බේබද්දා
    බොහෝ විට යතුරුපැදි හිමිකරුවෙකි. විශ්වාසවන්ත රියදුරෙකි. මිල මුදල් එකතු කර දුන් පසු බාර් එකට යාම ප්‍රමුඛ රාජකාරිය වේ. බාර් එකේ අයියා මොහුගේ දැඩි ෆිට් එකක් වීමට වැඩි ඉඩකඩක් ඇත. අරක්කු මිල ගනන් පිලිබඳ පුළුල් පරාසයක දැනුමක් ඇත. බජට් එකේ හැටියට ජාමෙ බේරගෙන ගේම ගසාගෙන ඒමට මොහුට හැකිය. මදි වූ පසු තවත් ගෙන ඒමට යාම, දුම්වැටි ගෙන ඒමට කඩේට යාම, වැඩි ඌවන්ගේ වාහන පදවාගෙන යාම සෙසු රාජකාරීන් වේ.

    5. පවුල් ප්‍රශ්න බේබද්දා
    ඉමහත් ආතල් පුද්ගලයෙකි. නමුත් මොහුව සෙට් කරගැනීමට තරමක් අපහසුය. ඊට හේතුව ඔහුගේ ගෙදරින් කේස් වීමයි. කෙසේ වෙතත් මොහු සපයන විනෝදාස්වය නිසාවෙන්ම සෙසුහු කෙසේ හෝ මොහුව කැඳවාගැනීමට උත්සුක වෙති. එසේ ආ පසු කා බී නටා ගයා ගූ වී හතරගාතෙන් ගෙදර යයි. ඉන් අනතුරුව සතියක් දෙකක් ගතවන තුරු මොහුගැන වැඩිදුර තොරතුරක් සොයාගැනීමට අපහසුය. තත්වය සමනය වූ පසු නැවතත් පෙර ගොනා සේම බී ගූ වෙයි.

    6. ප්‍රේමණීය බේබද්දා
    පෙර කලෙක නම් දැරූ මත්පැන් පානකයෙකි. නමුත් ලඟක සිට ඔහුගේ පෙම්වතියගේ කීමට මත්පැන් පානය නවතා ඇතැයි පවසයි. කෙසේ වෙතත් අනෙකුන් මොහුව අදාල ස්ථානය වෙත රැගෙන ගිය පසු ඔහුටත් නොදැනීම ඔහුගේ උගුරෙන් පහලට ෂොට් දෙක තුනක් බැස්සීමට පිරිස සමත් වෙති. ඊට පසු වෙරි මතින් ' මං මේ කරන්නේ වැරැද්දක් මචං, මං ආයෙ කවදාවත් බොන්නෑ ' වැනි මියුරු වැකි මුවින් පිටවෙයි. එසේ පැවසුවාට පහුවදාට සෙට් උනොත් එදාටත් හොඳට ගසයි.

    7. බයිට් කන බේබද්දා
    බයිට් එක අසල වාඩි වෙයි. බීමට වඩා සිදුකරන්නේ කෑමයි. ඒ නිසා සියල්ලන්ගෙන්ම බැනුම් අසයි. මොකා මොනව පැවසූවත් ඔහු ඔහුගේ කෑම නතර කරන්නේ නැත. බෝතලයේ අරක්කු ඉතිරි වී බයිට් සියල්ල අවසන් වූ පසු සෙසුහු මොහුගේ ජාතිය අමතන්නේ පිරීතිරී දෝරෙ ගලා යන කෝපයකිනි. අහිංසකය. පවු ය.

    8. ලොකේෂන් බේබද්දා
    පානය කරන වර්ගය, ගෙනඑන බයිට් ප්‍රමාණය, සිටින සාමජිකයින් ගණන ඒ කිසිවක් මොහුට අදාල නැත. මොහු සැලකිලිමත් වන්නේ සෙට් වන ස්ථානය පිලිබඳව පමණකි. බොමු කියූ වෙලේ පටන් අතෙන්ට යං, මෙතෙන්ට යං, අතන හොඳයි, එතන කූල්, එතෙන්ට එදත් ගියානෙ මැයෙන් අඳෝනා නගයි. කෙසේ වෙතත් බොහෝ වෙලාවට මොහුගේ ඉල්ලීමට සමස්තය ඉඩ දෙයි.

    9. ඡායාරූප බේබද්දා
    බොන්ඩ දෙන මුදල් නෝට්ටුව, බාර් එකෙන් අරක්කු මිලදී ගන්නා අවස්තාව, බොන ස්ථානයට යන වටපිටාව ආදී වශයෙන් සියලූම දේ ඡායාරූපගතකරගනී. බී බජව් දමනා වීඩියෝ පට, පොර ටෝක් දෙන හඬ පට, කබරයා දමනා වීඩියෝ පට වැනි භයානක රහස් සඟවාගෙන සිටින පුද්ගලයෙකි. මොහුව තරමක් චාටු නියාවෙන් තබාගැනීම උචිත වෙයි. නැතහොත් අප අසිහියෙන් හැසිරෙන අයුරු සමාජ ජාල වල පල කර අපගේ පටි රෝල් කීරීමට මොහු දෙවරක් සිතන්නේ නැත.

    10. වාදක බේබද්දා
    කොංගො, ජෙම්බෙ, ධර්බග්, තබ්ලා, ගිටාර්, සිතාර්, වයලින්, පියානෝ, ඔක්ටපෑඩ් එකී මෙකී නොකී රටේ නැති සියළු වාද්‍ය භාණ්ඩ වාදනයෙහි දක්ෂයෙකි. එම දක්ශතාවය වඩාත් සුමට වී ඉස්මතු වෙන්නේ දෙකක් දා ගත් පසුවය. සෙට් වෙන දවසක මොහු නැති වුවොත් එම අඩුව දැඩි සේ දැනේ. කියන පදේකට වැනි වැනි ඔහේ ගහයි. වාද්‍ය භාණ්ඩයට පනසේ ආලය කරයි. කෙසේ වෙතත් වාදනයේ යෙදෙන විට මත්පැන් පානය කිරීමට නොහැකි වීම මොහු මූණ පාන ප්‍රධාන ගැටලුවකි. එම ගැටලුවට පිලියමක් ලෙස සිංදු කියන විට ඔහුට ෂොට් එක දමා දීමට, බයිට් කටට දැමීමට, සිගරැට් එක ඇල්ලීමට තවත් එකෙකු ඔහු අසලින් වාඩි කරවයි.

    11. ගායක බේබද්දා
    කන්දෙක තරමක් රත්වී හීන් දාඩිය දමාගෙන එන විට ' එහෙනං සිංදුවක් කියමු නේ බං ' යැයි පවසා වාදකයාව උසිප්පුට්ටු කර අලංකාර ගීත ගායනයෙහි යෙදෙයි. ඉතා කලාකාමී චරිතයක් වන අතර බොහෝ ගීත වල වචන කට පාඩම්‍ ය. මියුරු කටහඬකටද උරුමකම් කියයි. සෙස්සන්ගේ ගීත ඉල්ලීම් වලට ඉඩ ලැබෙන්නේ මොහුගේ ප්ලේලිස්ට් එක ඉවර වූ පසුවය.

    12. පිච් අවුට් බේබද්දා
    ගීත ගායනා කරන විට බොරු පදවැල් ගායනය, අදාල නැති ශබ්දාලංකාර යෙදීම, තාලයෙන් පිට අත්පුඩි ගැසීම, කරදරකාරී ලෙස මොකකට හරි තට්ටු දැමීම ප්‍රමුඛතා වේ. සෙස්සන්ද ඔහුට කිසිත් නොපවසා ඔහුගේ ආතල් එක ඔහුට අරගැනීමට ඉඩ දෙයි. ගායක හා වාදක බේබද්දන්ට මොහුව නොරුස්සයි. ඒ ඔවුන්ගේ ගීතය ගූ කිරීම නිසාවෙනි. ඔහුගේ ගීත ඉල්ලීම් ඉටු කිරීමට ඔවුන් එතරම් නැඹුරුතාවයක් නොදක්වයි. ඒ නිසා මොහු සිත් අමනාපකම් ඇතිකරගන්නා අවස්තාද එමටය.

    13. තවුසන් ටෝක් බේබද්දා
    බීමට පෙර සයිලන්ට් ය. ඉන්නවාද නැද්දැයි සොයාගැනීමට අපහසුය. තරමක් මත් වූ පසු අති විශිෂ්ට ඝණයේ මුසාබස්, කෙරුම්, පුරාජේරු, කොලුකම් කියවීමට පටන් ගනී. මොහු සමග කියවා බේරීමටද බැරිය. එම පංපෝරිය අසා සිටීමට වෙනම වේලාවක් වෙන්කරගෙන සිටිය යුතුය.

    14. සෑඩ් මූඩ් බේබද්දා
    අහිංසක ඩෑල් එකකි. නස්පුක් වීමටම කෙලවී ඇත. පාඩුවේ සිටිනා අතර ඩෝප් හැඟුම් එළියට ආ පසු ඔහු ඔහුගේ දුක කීමට පටන් ගනී. සෑම දිනකම කියන්නේ එකම ඉස්ටෝරිය උවද සෙස්සන්ද මොහු කෙරෙහි අනුකම්පාවෙන් ඔහුගේ කතාව අපහසුවෙන් උවද අසාගෙන දරාගෙන සිටියි. තත්වය ඉත්සන්නම වූ අවස්තාවල හැඬීමටද ඉඩකඩ ඇත. අසරණයෙකි.

    15. ලොරි ෂොට් බේබද්දා
    කතා දෙකක් නැති ය. බොන්නේ පෙරේතකමට ය. ලිමිට් එකක් කියා දෙයන් නැත. බොහෝ විට නීඩ් ගසයි. තත්වය උත්සුක වූ පසු බෝතලය කටේ තබාගෙන පානයටද ඉඩ ඇත. එසේ ගසා පුකෑස් වී කබරයා දමාගෙන බිම වැටී පෙරලී සිටී. ඉන්පසු ඔහුව සෝදා පිරිසිදු කර, දෙහි ගා හිස අත ගා ගෙදරට ඇරලවීමත් වටේ සිටි උන් සිදුකල යුතුය.

    16. මං කෙලිං බේබද්දා
    තමංගේ තරම, තමන්ට හැකි ප්‍රමාණය දැනගෙන ප්‍රවේසමෙන් වැඩ කටයුතු කරනා පුද්ගලයෙකි. සෙමින් මත්පැන් පානයේ යෙදෙයි. සෙස්සන් බීපිය ගහපිය කියා බල කලද එසේ අරක්කු පානය නොකරයි. ඩවුන් ගැසූ බේබද්දන්ගේ ඇරියස් වැඩිපුර කවර් කිරීමට සිදුවන්නේ මොහුටය. ඒ මොහි කෙලින් සිහියෙන් සිටින නිසාවෙනි. කෙසේ උවත් සෙට් එකකය මෙවැනි බේබද්දන් දෙතුන් දෙනෙක්වත් සිටීම ප්‍රයෝජනවත් ය.

    17. ස්කාගාර බේබද්දා
    පටං ගත්ත වෙලේ ඉඳං බොයි. අනෙකුන් එක ෂොට් එකක් දමනා විට මොහි ෂොට් හතර පහක් ගසා අවසන් ය. එනමුත් පර්වත ය සේ නොසැලී නොවැනී සිටී. මොහුට වද්දා මොහුට පුකෙං යන්න සලස්වා බලාසිටීමට සියල්ලන්ගේම සිතේ දැඩි ආශාවක් තිබුනද එම ආශාව ඉෂ්ට සිද්ධ කරගැනීම ඉතා අසීරු කාර්‍යකි. මොහු බොන අරක්කු අපරාදේය.

    18. ඩවුන් බේබද්දා
    කෑදරයෙකු මෙන් බොන්නේද නැත. බයිට් එතරම් කන්නේද නැත. නමුදු බොන ස්වල්පයට අපමණව වැදී ඉන් පසුව පිස්සු කෙල යනේන මං නැතිවී සොත්ති ගසයි. දැන් දැන් මොහුට එය පුරුද්දකට ගොස් ය. බීලා කෙලිං සිටි දවසක් මෑත මතකයක නොමැත. එක අතකට වාසනාවන්තයෙකි, අනෙක් අතින් කරුමක්කාරයෙකි.

    19. මදි බේබද්දා
    කොච්චර බිව්වත්, සඳ බඩු වී තිබුණත් ගෙන ආ අරක්කු ඉවර කර තවත් අරක්කු හෝ වෙනයම් මත්ද්‍රව්‍යක් ගෙන ඒමට අවැසි යැයි මැසිවිලි නගයි. එසේ පවසා කඩේ යන බේබද්දා සමග ගොස් කොහෙන් හෝ මොනවා හෝ හොයාගෙන පැමිණ අතිමහත් ප්‍රීතියෙන් ඒකත් ගැසූ පසු මොහුගේ ආශාව ඉස්ඨ වේ.

    20. මතු නොබොන බේබද්දා
    පැවසීමට තරම් දෙයකුත් නැත. නමෙන්ම පුද්ගලයා ගැන වැටහේ යැයි සිතමි. වෙරි වූ පසු පවසන්නේම බීමෙහි ආදීනව ය. අදින් මත්තට කිසිම දාක සුරා පානයෙහි යෙදෙන්නේ නැති බව දිවුරා පවසයි. සෙස්සන් ' පල යකෝ බොරු නොකියා ' යැයි පැවසූ විට, ' හරි බලපංකො මං ආයෙ බොයිද කියලා ' කියා පවසයි. කෙසේ උවත් ඊට පහුවදාම උවද නැවත බොමුදැයි ඇසූවොත් බොරුවට අදිමදි කරමින් ' හා ' කියයි.

    සියලු බේබද්දන්ට උපහාරයක්ම වේවා !
    උස්සපු එකක්
    😂
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අද හොදම දවස සෙට්වෙලා බොනවානම්
    පිළියන්දල බාර් එක ලග මම ඉන්නම් ❤️