ගස්බැඳි රජයේ සේවකයාට ලැබුණාද?
දණ ගැස්වුණු ගුරුවරියට ලැබුණු සාධාරණය ගස්බැඳි රජයේ සේවකයා ලැබුණාද?
තම දියණියගේ ගවුමේ වාටිය ගලවා දික්කිරීම නිසා පාසැලට විත් ගුරුවරියක දණගැස්වු පලාත් සභා මංත්‍රී වරයා දැන් ඒ සම්බන්ධව එම ගුරුවරියගෙන් සමාව ඉල්ලා ඇති අතර මංත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වු බවට වාර්තාවේ. මෙම සිදුවීමට අදාල ගුරුවරියට අධිවේගයෙන් සාධාරණය ඉෂ්ඨ වුයේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා එයට සම්බන්ධ වු නිසා බව නොරහසකි. ජනපති විසින් ගුරුවරියට දුරකථන ඇමතුමක් ලබා දීම මාධ්‍ය මගින් මහා ඉහලින් වාර්තා කරන ලදී.
නමුත් ආන්ඩුපක්ෂ මැතිඇමති වරුන් මෙවැනිම ක්‍රියාවන් පෙර කළ අවස්ථා වලදී මෙම ජනාධිපති තුමා නිහඬ පිළිවෙතක කටයුතු කළ බවට අද බොහෝ දෙනෙකුට අමතකවු කරුණකි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේම ගමෙන් පැමිණි කෙනෙක් යැයි කියන අමාත්‍ය මර්වින් සිල්වා විසින් කරන ලද අමන ක්‍රියාවන් රාශියකදී ජනපති තුමා කළේ මුණිවත රැකීමයි. වරක් ඇමති මර්වින් සිල්වා ඇමති වරයා විසින් කැලණිය ආසනයේදී රජයේ සේවකයෙකු ගස්බැඳි අවස්ථාව ඉන් සුවිශේෂය. එම සිදුවීම ශ්‍රිලනිප මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතාද හෙලා දැක තිබුණ අතර ඒ පිළිබද විනය පරීක්ෂණයක් පවත්වන බව පවසන ලදී. නමුත් පසුව ඒ ගැන පක්ෂයේ විනය පරීක්ෂණයක් හෝ නොපැවැත්වුණි. රජය කළේ එම අවස්ථාවේ සිද්ධිය ජනතාවට අමතක වනතෙක් මුණිවත රැකීමයි.
1. මෙමගින් පිළිඹිබු වන්නේ ජනපති වරයා තම ගමේ එකාට සහ පිට ගමේ එකාට සලකන්නේ දෙවිදිහකට බවද?
2. ගස්බැඳි රජයේ සේවකයා පිරිමියෙකි. දණ ගැස්වුණු ගුරුවරිය කාන්තාවකි. එසේ නම් මෙය කාන්තාවන්ට විශේෂ සැලකිල්ලක්ද?
3. ගස්බැඳි රජයේ සේවකයා යෝනක ජාතික මුස්ලිම්වරයෙකි. දණ ගැස්වුණු ගුරුවරිය සිංහල ජාතික බෞද්ධ කාන්තාවකි. එසේ නම් මෙය ජාතියට සහ ආගමට විශේෂ සැලකිල්ලක්ද?
4. දණගැස්වුණු ගුරුවරිය ජීවත් වන වයඹ පලාත්සභාව නොබෝ දිනකින්ම විසුරුවා මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. එසේ නම් මෙය ඡන්ද ගුංඩුවක්ද?
නුවණ තිබෙන ජනතාව මේවා සිතා බලා වටහා ගත යුතුය. මන්ද මේ රටේ නායකයන් සිතන්නේ තමන්ගේ ජනතාව එනම් ඡන්ද දායකයන් යනු තමන්ට ඕනෑම අකාරයකට රැවටිය හැකි සත්ව විශේෂයක් කියායි.