මොකක්ද මේ ග්‍රහ අපල වලට හේතුව?
අපේ හඳහන බලපු කෙනා කියනවා ඔයාට අපලයක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ බෝහෝ විට බෝධි ජූජා හතක් තියන්න, විසි එකක් තියන්න, කොඩි වැල් එල්ලන්න, දේව පූජා තියන්න, යන්ත්‍ර දාන්න, සතුන් නිදහස් කරන්න ආදි නොයෙකුක් දේවල් පස්සේ දුවනවා හේතු ඵලය දන්නේ නැති නිසා.
නිකමටවත් අපි කාටත් හිතුනද? අපල කියන්නේ මොනවද කියලා. ඒක නිසා මුලින්ම දැන ගන්න ඕනේ මොනවද මේ අපල කියන්නෙ කියලා. අපි විසින් ලෝකයාට (පෙර හෝ මේ අත්බැවේදි) කරපු අපරාදයක්, විනාශයක්, අවැඩක්, අසාධාරනයක් වගේ එකක ප්‍රතිඵලයක් තමයි අපලයක් කියන්නේ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ තාරකා මොනවා කරන්නද, උඹලා කර ගත්ත දේවල් උඹලට ඵල දෙනවා කියලා. ඒවායේ බලපෑමක් නැහැ කියන එක නෙමෙයි මෙතන කියන්නේ. අපි දැන ගන්න ඕනෙ කර්ම ඵල වලට අනුව මේ වාගේ දුක් කරදර එන්න, අපි හේතුවක් හදලා තියෙනවා කියන එක. ඒක මුල් කරගෙන තමයි ඒවා ඇදිලා එන්නෙ. ඕවා ඵල දෙන අවස්ථාවන් කලින් දැන ගන්න පුලුවන් එක් ලෞකික ශාස්ත්‍රයක් තමයි ජෝතිෂ්‍යය කියන්නේ.
දැන් ඔය හැම එකක්ම ඵල දෙන්න ඒවාට සුදුසු පරිසරයක් හැදිලා තියෙන්නත් ඕනේ (හරියට කාර් එකක් ගමන් කරන්න රෝද හතරම ඕන වගෙ). නැත්නම් අපි පරිසරයක් සකස් කරගෙන ඉන්න ඕනේ. උපමාවක් කියනවා නම් වී ඇටයක් අටුවේ තිබ්බට පැල වෙන්නෙ නැහැ. ඒක සුදුසු (මඩ, ජලය, පොහොර, උෂ්ණත්වය) පරිසරයක පැලකලාම පැලවෙනවා. හැබැයි ආනන්තරීය අකුසල් වලට මේක ගැලපෙන්නේ නැහැ. ඒවා බාහිර පරිසරය හදාගෙනම පලිසන් දෙනවා.
එතකොට සෙනසුරු අපල කියන්නෙ ? කවුද සෙනසුරු කියන්නේ, දෙවි කෙනෙක්ද වගේ ප්‍රශ්ණත් එන්න පුළුවන්, අපි බලමු මේ දේවතාවන්ගේ තියෙන සම්බනධතාවය මොකක්ද කියලා. දැන් හිතන්න එක්තරා පිරිසක් ඉන්නවා, ලෝකයට කරදර කරන අය ඉන්නවා නම් ඒ පුද්ගලයින් එක්ක තර්ක කරලා හැපිලා, ගැටිලා මැඩ පවත්වන්න කටයුතු කරන. මෙන්න මේ ගති ලක්ෂණය යම් කෙනෙක් ලග තිබුනා නම් අන්න ඒ පුද්ගලයෝ බොහෝ අයගේ යහපත වෙනුවෙන් අයුක්තියට අසාධාරණයට පහර ගහලා (හැබැයි ලෞකිකයි) ඒ ලැබුනු පිනෙන් ගිහිල්ලා උපදිනවා ලෝක පාලක දෙවි දේවතාවන් හැටියට.
සසර ගමනේදී අපි අනුන්ට හෙන ගෙඩි දුන්නානම්, දුක් ගිනි දුන්නානම් ඒ පුද්ගලයාට දුක් ගිනි දුන්න එකේ විපාකයක් වශයෙන් ඇදිලා එනවා අනුන්ගෙන් ආධාරයක්, උපකාරයක් නොලැබෙන, දුක් කරදර ඇතිවෙන පරිසර මානසිකත්වයක් ගොඩ නැගෙන්න හේතු වෙන පරිසරයක්. ඒ අවස්ථා වල ඒ සදහා කටයුතු කරන්න ඉන්න ලෝක පාලක දේවතාවන්ට උදව් කරන්න හිතෙන්නේ නැහැ. ඒක හරියට අපිට හැම හිඟන මනුස්සයෙකුටම උපකාර කරන්න හිතෙන්නේ නැහැ වගේ දෙයක්.
මේක පැහැදිලි කර ගන්න අපි බලමු සෙනසුරු ලබපු වෙලාවට ගොඩක් අයට කරදර එන්නෙ කොහොමද කියලා. අපි ලෝකයාට කරපු අවැඩ, අසාධාරන පලිසන් දෙන වෙලාවට කියනවා සෙනසුරු අපල වෙනවා කියලා. අනුන්ට ඊරිසියා කරන, වෛර කරන හිංගි,හිංසා කරන, නීච කරන වැඩ පිලිවෙලක් කරගෙන යනවා නම් අපි ලඟ පරිසරයක් හැදිලා එනවා අපි පෙර කරපු එකේ විපකය ඇදිලා එන්න (හරියට ඉහත කිව්ව වී ඇටය පැල කරන්න අවශ්‍ය පරිසරය වගේ). ඕකට කියනවා අනන්තර සමනන්තර ප්‍රත්‍ය ක්‍රමය කියලා. මෙන්න මේ වෙලාව වෙන කොට තමයි අර ග්‍රහ දේවතාවන්ටත් අහු වෙන්නේ ඔය කොටස. ඉතින් අපි දැනුත් ඊරිසියා, වෛර, ක්‍රෝධ කරන ගමන් ග්‍රහ දේවතාවන්ටත් පූජා වට්ටියක් දීලා සැනසිල්ලක් බලපොරොත්තු වෙනවා. අපි දකින්න ඕනේ ග්‍රහ දේවතාවන් සතුටු වෙන්නේ කොහොමද කියලා. ග්‍රහ දේවතාවන් පෙර මනුෂ්‍යයන් වෙලා ඉන්න කලේ සතුටු වුනේ අනුන්ට අයහපතක් නොකරනවා නම්. එහෙනම් අදත් ඒ පුද්ගයන්ගෙ තියෙන ගති ලක්ෂනය වෙන්න ඕනෙ ඒක නේද.
ඒ වගේම ජෝතිෂ්‍යයේ මෙහෙම කියලා තියෙනව “පංච දුෂ්චරිතයෙන් වැලකෙන්නන්ට ග්‍රහයෝ අපල නොකෙරෙති”.
හේතුව සහ ඵලය දන්නවා, “හේතුව නිරෝධ කිරීමෙන් ඵලය නිරෝධ වේ” යන ආකාරයට බලමු කොහොමද අපල නැතිකර ගන්නේ කියලා. මෙහිදි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි උපක්‍රමයක් කරලා බේරෙන එක (හරියට කෙනෙක්ගෙන් ණයක් අරගෙන ඒක ආපහු දෙන්නෙ නැතුව, නඩු කියලා බේරෙනවා වගෙ). හැබැයි ඒක තාවකාලිකයි (අර ණයහිමියා කොහි මොහොතේ හෝ බලං ඉන්නවා දීපු ණය ආපහු ගන්න, හොඳින් හෝ නරකින්). මේක තමයි අද ගොඩක් මිනිස්සු කරන්නේ. බෝධි පූජා තියෙලා, කොඩි වැල්, යන්ත්‍ර වගේ දේවල් එල්ලගෙන. මේකේ ප්‍රතිඵල නැහැ කියලා නෙමෙයි කියන්නේ. හැබැයි මේ සියල්ල ග්‍රහ අපල පලිසන් දීම වැලැක්වීම ( ග්‍රහ අපල පලිසන් දෙන පරිසරය වෙනස් කිරිම) සදහා කරන තාවකාලික උපක්‍රම පමණයි. අවස්ථාවක් නැවත උදා වු විට ඒවා නැවත ඇදී එනවා (අර කියපු ණය හිමියා ආපහු එනවා ණය ගත්ත කෙනා දුර්වල වෙච්ච වෙලාවක). අපි මොනවා කලත් ධර්මතාවය වෙනස් කරන්න බැහැ.
එහෙනම් මොකක්ද මේ ධර්මතාවය. ධර්මතාවය තමයි කරපු අසාධාරණයට වන්දි ගෙවන එක. වන්දි ගෙවන්නේ නැතිව මේවායින් මිදෙන්න කවදාවත් බැහැ. මේකට අපි උදාහරණ කිහිපයක් ගෙන බලමු. හරියට ඇවිද ගන්න බැරි හෝ කකුල් අමාරුවක් තියෙන හෝ කකුල් කැඩුනු පුද්ගලයෙක් ගැන අපි හිතමු. අනන්ත සසරේ ඒදඞු, මං මාවත් වහලා දාලා. නැත්නම් උගුල් අටවලා කරපු අසාධාරණයේ විපාකය තමයි ඕක. ඉතින් ඕක විපාක දෙන්න කලින් අපිට කරන්න පුළුවන් එහෙම අපලයක් තියෙනවා නම් කලින් දැනගෙන (හඳහන් බැලීමෙන් කරන්නේ මෙන්න මේ කලින් දැනගැනීමයි), මං මාවත් හදලා දීලා, ඒ දේවල් වලින් විපාක විදින මිනිසුන්ට උදව් උපකාර කරලා, ඒ ලැබෙන පින අපි විසින් පෙර කලකදී අසාධාරණයක් කරපු පුද්ගලයන් හට අනුමෝදන් කරවන්න පුළුවන්. මෙතනදී අපි ඒ පුද්ගලයන්ව දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම දැනට ඉන්න කොහෙද, ඒවා දැනගන්නත් අවශ්‍ය නැහැ.