ග්‍රීක දේව කතා-සියුස් දෙවියන්ගේ ප්‍රේම ක&#3501

Yes, Achilles is not invulnerable in The Iliad (he gets wounded and 'dark blood' comes out). In later traditions, (what you mentioned and even in the epic 'Fall of Troy') he is invulnerable.

I specifically wanted to find the source of that bit of story our good friend dath kimbula mentioned (Achilles' death linked to a girl he meets during the time period mentioned in 'The Iliad'). She can't be Cressida
either.

I've never heard of such a story. His death is sometimes linked to some girl/girls months AFTER that time period (after Memnon is killed, Amazons are killed etc.)

the girl is Polyxena
but that's just a by-story
 
dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    අද ඉඳන් එක එක දෙවිවරු ගැන කතා මාලාවක් දාන්න හිතාගෙන ඉන්නේ.වැඩත් එක්ක එක දිගටම ත්‍රෙඩ් දාන්න අමාරුයි.ඒ නිසා සොරි වෙන්න ඕනේ.:sorry::sorry:

    ඉස්සල්ලම අපි සියුස් දෙවියන්ගෙන් පටන් ගමු.
    කලින් දාපු ත්‍රෙඩ් එකකින් සියුස් ඇතුළු ඔලිම්පියන් දෙවිවරු එකතු වෙලා Cronus සහ ටයිටන්වරුන්ව පරාද කරපු හැටි ගැන කතා කලා.මේ ත්‍රෙඩ් එක වෙන් වෙන්නේ සියුස් දෙවියන්ගේ ප්‍රේම කතා ගැන කියන්නයි.

    සියුස් දෙවියන්ගේ කෙළවරක් නැති ප්‍රේම සම්න්බන්ධතා ගැන ග්‍රීක සාහිත්‍යයේදි ගොඩක් කතාබහට ලක් වෙනවා.සියුස් දෙවියෝ දිව්‍ය සහ මනුෂ්‍ය කාන්තාවන් කියන දෙගොල්ලෝ එක්කම හරිහරියට සම්බන්ධතා පවත්වනවා.ඉස්සල්ලම සියුස් දෙවියන්ගේ බිරියන් ගැන පොඩි විස්තරයක් කරලා පස්සේ සියුස් දෙවියන්ට දාව එයාලට සහ අනිත් අයට ලැබුන දරුවෝ ගැන කියන්නම්.

    සියුස් සහ මේටිස් (Metis)
    Hesiod කියන ග්‍රීක කවියාට අනුව සියුස් ගේ පළවෙනි බිරිඳ වෙන්නේ මේටිස්.ඇය ඉතාම ප්‍රඥාසම්පන්න දෙවඟනක්.Cronus විසින් ගිල දාපු සියුස් දෙවියන්ගේ සහෝදර සහෝදරියන්ව එළියට වමාරවපු දියරය සියුස් ට දුන්නෙ මේටිස් ලු.මේටිස් කියන්නේ Oceanus ගේ දියණියක් (Poseidon දෙවියන්ට කලින් සාගරයට අධිපති දෙවියන් හැටියට ග්‍රීක වැසියෝ සැලකුවේ Oceanus දෙවියන්ව ලු.ඔලිම්පියන් දෙවිවරුන්ගේ ආගමනයත් එක්ක පුරාණ ග්‍රීක් වැසියෝ Poseidon දෙවියන්ව මුහුදු, ගංගා ජලයට අධිපති දෙවියන් විදියට සලකන්න ගත්තාට පස්සේ, Oceanus දෙවියන්ගේ නම ටිකෙන් ටික ග්‍රීක සාහිත්‍යයෙන් වියැකිලා ගියාලු )

    Zeus and Metis
    Zeus_Ingres.jpg

    මේටිස් ට සියුස්ට දාව දරුවෙක් උපදින්න ඉන්නවා.ඒ ලැබෙන්න ඉන්න දරුවා බොහොම බුද්ධිමත් දරුවෙක් කියලා කියන Uranus සහ Gaia, ඒ දරුවා ඇත්තමට ඉපදුනොත් සියුස්ට තර්ජනයක් වෙයි කියලත් කියනවා.පළවෙනියට දුවක් සහ දෙවෙනියට පුතෙක් ලැබෙයි කියල කියන්නේ.ඒ දෙන්නම සියුස්ට වඩා ගොඩක් බලවත් වෙයි කියලා Uranus සහ Gaia අනාවැකි කියනවා.මේක අහලා භය වෙන සියුස් කරන්නේ මේටිස් ව ගිල දාන එක.එහෙම ගිලපු නිසා මේටිස් ගේ තියන බුද්ධියත් අර උපදින්න හිටිය දරුවා ගේ බුද්ධියත් දෙකම සියුස්ට උරා ගැනෙනවා.මේ අතරෙ සියුස්ට බොහොම දරුණු හිසේ කැක්කුමක් එනවා.සියුස් ගේ ඔළුවට Hephaestus ගේ කෙටේරියෙන් ගහන පාරක ප්‍රතිඵලයක් විදියට කලින් කිවුව දෙව් දුව ඉපදෙනවා.ඒ තමයි ඇතීනා දෙවඟන.ඇය බිහිවෙන්නේ සම්පූර්ණයන්ම වැඩුනු කෙනෙක් විදියට හිස්වැසුම ඇතුළු සියළු සන්නාහ වලින් සැරසිලා.ඇතීනා එළියට එන්නේ සියුස්ගේ නළල හරහා ලු.කලින් කිවුව විදියට දරුණු තර්ජනයක් නොවුන ඇතීනා දෙවඟන සියුස්ට පක්ෂපාතීව හිටියා කියලයි කියන්නේ.

    Athena
    pallas-athena-stone-figure-vienna-6773978.jpg

    Encyclopedia of Greek and Roman Mythology පොතට අනුව මේටිස් ට පස්සෙ ඊළඟට සියුස් දෙවියන්ගේ බිරිඳ වෙන්නේ ඔහුගේ නැන්දණියක් වෙන තෙමිස් (Themis).සියුස් දෙවියන්ගේ තුන්වෙනි බිරිඳ වෙන්නේ මුහුදු අප්සරාවියක් වෙන Eurynome. ඇයත් Oceanus දෙවියන්ගේ සහ Tethys දෙවඟනගේ දියණියක්.ඊට පස්සේ සියුස් දෙවියන්ගේ බිරිඳ වෙන්නේ Demeter.ඔවුන් දෙන්නාගේ දියණිය තමයි Persephone.(එයා ගැන කලින් ත්‍රෙඩ් එකක් දැම්ම මතක ඇති) ඊළඟට සියුස් දෙවියන්ගේ පස්වෙනි බිරිඳ වෙන්නේ ඔහුගේම නැන්දණියක් වෙන ටයිටන් දෙවඟනක් වෙන Mnemosyne.ඊටත් පස්සේ සියුස් දෙවියන්ගේ හයවෙනි බිරිඳ වෙන්නේ Leto දෙවඟන.අවසානෙට සියුස් දෙවියන්ගේ හත්වෙනි බිරිඳ වෙන්නේ හේරා (Hera) දෙවඟන.
    සියුස් දෙවියන්ට දාව මේ කියපු බිරියන්ට සහ අනියම් පෙම්වතියන්ට බොහොම බලසම්පන්න දරුවන් උපදිනවා.ඒ අයගේ ලිස්ට් එකක් ත්‍රෙඩ් එකේ අන්තිමට දාල ඇති.

    සියුස් සහ හේරා
    බොහොමයක් ග්‍රීක සාහිත‍ය ගැන ලියවුනු පොත් වල හේරා ව සියුස්ගේ බිරිඳ විදියට දිගටම හඳුන්වනවා.සියුස් දෙවියෝ බොහොම සල්ලාල චරිතයක් නිසා හේරාට හැමදාම ඊර්ෂ්‍යාවෙන් තරහෙන් තමා ඉන්න වුනේ.සියුස් දෙවියෝ හේරාව කැමති කරගන්නේ හොඳටම තෙමිලා වෙවුල වෙවුලා ඉන්න කුකුළෙක් විදියට වෙස් වලාගෙන ගිහින් ලු.මේ අසරණ වෙලා ඉන්න සතා විදියට ඉන්නේ සියුස් කියල නොදන්න හේරාට කුකුළා ගැන දුක හිතෙනවා.ඒ නිසා හේරා කුකුළව අරගෙන තමන්ගේ ඇඟේ උණුසුම ලැබෙන විදියට තුරුළු කරගන්නවා.එතකොටම සියුස් දෙවියෝ තමන්ගේ සැබෑ ස්වරූපයට ඇවිත් හේරාට බල කරනවා තමන්ව විවාහ කරගන්න කියලා.අන්තිමේදි මේ දෙන්නාගෙ විවාහය ඔලිම්පස් කඳු මුදුනෙදි සිදුවෙනවා.

    Zeus and Hera
    zeus-hera.jpg

    හේරා දෙවඟනව විවාහ කරගත්තට පස්සෙත් සියුස් දෙවියන්ගේ ස්ත්‍රීලෝලි ගතිය නැති වුනේ නෑ ලු.ඒ නිසා හේරා දෙවඟනට හැමදාම වුනේ ඊර්ෂ්‍යාවෙන් සහ තරහින් පිපිරි පිපිරි සියුස් දෙවියන්ගේ සම්බන්ධකම් වලට ඇහැ ගහගෙන ඉන්න.එහෙම ඉන්න වෙලාවක හේරා ගේ තරහ නිසා කරපු දේක ප්‍රතිඵලයක් විදියට දෝංකාරය ඇති වුන හැටි කලින් ත්‍රෙඩ් එකක කිවුවා.සියුස් දෙවියන්ගේ අනියම් ප්‍රේමවන්තියන්ට කරදර කරනවට අමතරව සියුස් දෙවියන්ට දාව ඔවුන්ට උපදින දරුවන්ටත් හේරා දෙවඟන හිංසා කළා ලු.ඒ විදියට දිගින් දිගටම හේරාගේ හිංසාවට ලක් වුන කෙනෙක් හැටියට හෙරකල්ස් (ග්‍රීක්ස්)/හර්කියුලීස් (රෝමන්) ව හඳුන්වනවා.

    සියුස් දෙවියන්ගේ වෙස් වලා ගැනීම්
    මේ විදියට සියුස් දෙවියන් කෙළවරක් නැතුව දේව සහ මනුෂ්‍ය ස්ත්‍රීන් දෙගොල්ලොම අයිති කරගන්න අපූරු උපක්‍රමයක් යෙදුවා.පොත් වල සඳහන් වෙන විදියට එක එක ස්ත්‍රීය ළඟට යද්දි වෙනස් වෙනස් ස්වරූප අරගෙන ඔවුන්ව රවට්ටලා තමයි බඳින්න එහෙමත් නැත්නම් සංවාසයේ යෙදෙන්න කැමති කරගෙන තියෙන්නේ.

    හේරා දෙවඟන ළඟට ගියෙ තෙමිලා වෙවුලන කුකුළෙක් විදියට වෙස් වලාගෙන.ළෙඩ ළඟට යන්නේ හංසයෙක් විදියට වෙස් වළාගෙන.අනිත් අය ළඟට වෙස් වලාගෙන ගිය හැටි පහළ තියනවා.
    දෙවඟන හෝ ස්ත්‍රීයගේ නම සහ වෙස් වලාගත් විදිය පිළිවෙලින් කිවුවොත්: Leto- වටු කුරුල්ලෙක්, Europa- වෘෂභයෙක්, Antiope- satyr, Danae- රත්‍රන් වැස්සක්

    Antiope & Zeus
    amphion1-4014.jpg

    මේ අයට අමතරව සියුස් දෙවියන්ට Ganymede කියන පිරිමි ළමයා ගැනත් සිතක් පහළ වෙනවා.රාජාලියෙක් විදියට වෙස් වලාගෙන ඔහු ළඟට යන සියුස් දෙවියෝ ඔහුව තමන්ගේ cup-bearer විදියට පත් කරනවා.

    Zeus and Ganymede
    jupiter-ganymede-albani.jpg

    සියුස් දෙවියන් සමහර අවස්ථාවලදි මනුෂ්‍ය/ දේව ස්වරූප වලිනුත් ගියා කියල කියන්වා.Artemis දෙවඟන වගේ වෙස් වලාගෙන Callisto ළඟටත්, Amphitryon විදියට වෙස් වලාගෙන Amphitryon ගේ බිරිඳ වෙන Alcmene ළඟටත් ගිය සියුස් දෙවියන් ඔවුන්වත් තමන් එක්ක ඉන්න පොලඹවා ගත්තා.

    දැන් අපි සියුස් දෙවියන්ට දාව දෙවඟනන් සහ මනුෂ්‍ය කාන්තාවන්ට උපන් දරුවන් ගැන බලමු.දෙවඟන හෝ මනුෂ්‍ය ස්ත්‍රිය ගේ නම සහ සියුස් ට දාව උපන් දරුවෝ ලිස්ට් එක පහළින් තියනවා.
    මුලින්ම දෙවඟනන් ගෙන් පටන් ගමු.

    Hera - Ares, Hebe, and Eileithyia
    Eurynome – The Three Graces (goddesses of charm, beauty, and creativity)
    Leto- Apollo & Artemis
    Semele - Dionysus
    Maia (Atlas සහ Pleione දෙදෙනාගේ දුව)- Hermes
    Mnemosyne (Memory)- Muses ලෙස හැඳින්වෙන දූවරු නම දෙනා
    Taygete(ඇට්ලස් දෙවියන්ගේ දුවක්)- Lacedaemon
    Themis (Law)-Horae (Seasons), Eunomia (Wise Legislation), Dike (Justice),Eirene (Peace), and the Fates (Atropos, Clotho, and Lachesis)

    මනුෂ්‍ය ස්ත්‍රීන් සහ අප්සරාවියන්
    Callisto- Arcas
    Aegina -Aeacus
    Io- Epaphus
    Antiope (King Nycteus of Thebes ගේ දුව)-Amphion සහ Zethus (දෙන්න නිවුන්නු ලූ)
    Danae (Acrisius ගේ දුව)-Perseus
    Europa –Epaphus, Minos, Rhadamanthys, and Sarpedon
    Leda (Tyndareus ගේ බිරිඳ) –Pollux & Helen
    Niobe (Tantalus සහ Laodice අප්සරාවිය ගේ දුව)- Argos (founder of the city of Argos)
    Semele- Dionysus

    Thetis කියන මුහුදු අප්සරාවියටත් සියුස් ගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා.(මේ දරුවා සියුස් දෙවියන්ගේමද නැත්නම් Poseidon ගෙද කියලා ප්‍රශ්නයක් තිබුනා ලූ) ඒ දරුවට තමන්ගේ පියාව අභිබවා යන්න තරම් බලවත් කෙනෙක් වෙයි කියලා දැනගන්න සියුස් දෙවියෝ Thetis ව මනුෂ්‍යයෙක් වෙන Peleus ට බන්දලා දුන්නා ලු.Thetis ට ලැබෙන දරුවා Achilles පහු කාලෙදි ට්‍රෝජන් යුද්ධයට සහභාගි වුනා (ඒක ටිකක් දිග කතාවක්).

    මේ අයට අමතරව ලිබියාවේ රැජිනක් වුන Lamia එක්කත් සියුස් දෙවියන්ගේ සම්බන්ධයක් තිබුනා ලු.සියුස් දෙවියන්ට දාව Lamia ලැබු දරුවන් හැමෝවම හේරා මරලා දැම්මා කියලත් ඒ දුකට Lamia ළමයින්ව ගිල දමන අමනුෂ්‍ය ආත්මයක් වුනා කියලත් කතාවක් තියනවා.

    මෙච්චර කල් කියාගෙන ආව කතා වල හිටිය අයට අමතරව අද අළුතින් එකතු වුන අය ගැන සහ සියුස් දෙවියන්ගේ සියළුම බිරින්දෑවරුන් සහ සංවාසයේ යෙදුනු අය ගැන විස්තර එකින් එක දාන්න ගියොත් මේ ත්‍රෙඩ් එක දිග වැඩි වෙනවා.ඒ අය ගැන ඉස්සරහට කියන්න බලාපොරොත්තු වෙනවා. (ත්‍රෙඩ් එකක් දාන්න තරම් විස්තර නැති අයව හලලා දාන්න ඉන්නේ)

    සැ.යු. මේ කියන නම් ගම් සහ නෑකම් සමහර පොත් වල තියන හැටි නෙවෙයි අනිත් එවයේ තියෙන්නේ.එකතු කරල ලියන්න ගිහින් මටත් ටිකක් මඤ්ඤං වගේ.ඒ නිසා වැරදි තියනවා නම් කියන්ඩෝ…
    P.S. PM dhanna welawak nathooo... :sorry::sorry::sorry:

    මලක් වගේ කතාවක් ......තවත් ඒවා බලාපොරොත්තු වෙනවා ....
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කෙල්ල ගේ සීන් එක තිබ්බේ පැරණි නුවණ සගරාවක......
    ඉලියඩ් වල එහෙම එකක් නම් මතක නෑ තමා.......:dull:

    ඇති යන්තං. මම හිතුවා අර ඔලමොට්ටල Troy කියන Movie එකේ කතාව කියල.:D
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ela bro anit tikat dapan :yes::yes:
    You must spread some Reputation around before giving it to IsuruP123 again. :(
     
    Achilles’ death occurs outside the scope of the Iliad, when he is shot by an arrow from the skilled archer Paris, helped by the hand of Apollo.
    --------------------
    -------
    -----------------ll of his body except for his heel. Because of his death from a small wound in the heel, the term Achilles' heel has come to mean a person's point of weakness.[/B]

    Achilles' death mention wena keepa thanak thiyanawa. ekak Ovid ge Metamorphoses.
    kohomath Achilles Hector maranna yanna kalin Teirisias kiyanawa Hector maruwoth ee langata umbayi kiyala. Namuth Patroculus marapu paliya ganna Hecotr maranawa
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇති යන්තං. මම හිතුවා අර ඔලමොට්ටල Troy කියන Movie එකේ කතාව කියල.:D
    හෝමර් ගේ මුල් කෘතියට දෙවනි නෑ ඩේවිඩ් කරුණාරත්න මහත්මාණන් කර තිබෙන රණබිම (Iliad) සහ වීර චාරිකාව (Odyssey) කියන සිංහල පරිවර්තන දෙක.......පට්ට සිංහල.....
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අංගුලිමාල;17986039 said:
    the girl is Polyxena
    but that's just a by-story
    machan Are you sure about the name? :nerd:
    අංගුලිමාල;17986071 said:
    Achilles' death mention wena keepa thanak thiyanawa. ekak Ovid ge Metamorphoses.
    kohomath Achilles Hector maranna yanna kalin Teirisias kiyanawa Hector maruwoth ee langata umbayi kiyala. Namuth Patroculus marapu paliya ganna Hecotr maranawa

    machan I think the answer is here. I've quoted these from yasas bandara's replies
    "Iliad වල සම්ප්‍රදාය අනුව invulnerability කියන්නේ 'ශරීරය සිදුරු කරන්න බෑ' කියන එකට වඩා 'මරන්න බෑ' කියන එකයි. " "Yes, Achilles is not invulnerable in The Iliad (he gets wounded and 'dark blood' comes out). In later traditions, (what you mentioned and even in the epic 'Fall of Troy') he is invulnerable."
    man dhanna hatiyata Achilles Iliad ekedi marenawa kiyala naa machan...
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අංගුලිමාල;17986039 said:
    the girl is Polyxena
    but that's just a by-story

    මේ කතාව අනුව Achilles ට ඇය හමුවෙන්නේ Troilus ගේ මරණින් පස්සේ. Troilus මැරෙන එක ගැන traditions දෙකක් තියනවා. පළමු එක තමයි යුද්ධයේ ඉතාම මුල් කාලේ Achilles Troilus ට කෙළ හලලා (අකිලිස් Bi-sex කාරයෙක්) වැඩේ වැරදුනහම මරල දානවා.

    අනික් එක
    Shakespeare ගේ නාට්‍යයේ සහ වෙනත් කතාවල තියන traditions එක; යුද්ධයේ අන්තිම කාලේ Troilus මැරෙනවා.

    නමුත් මේ දෙකෙන් එකක් වත් The Iliad වල දවස් පනස් ගණනක කාලය තුල වෙන්නේ නෑ.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    man dhanna hatiyata Achilles Iliad ekedi marenawa kiyala naa machan...

    Iliad වලදී මැරෙන්නේ නෑ. නමුත් මරණය පුරෝකථනය කරනවා. හෙක්ටර් මැරෙන මොහොතේ ඔහු කියනවා...

    "I know you and what you are, and was sure that I should not move you, for your heart is hard as iron; look to it that I bring not heaven's anger upon you on the day when Paris and Phoebus Apollo, valiant though you be, shall slay you at the Scaen gates." (book22)

    මීට අමතරව Patroclus Troy නගරය ඇතුලට යන්න හදනකොට Apollo අනතුරු අඟවනවා "ඒ නගරය අල්ල ගැනීමේ ගෞරවය ඔහු සතු වීමට තිබූ දෙයක් නොවන" බව. මෙන්න මේ කතාවම තමයි Achilles ටත් සිද්ධ වෙන්නේ. Troy අල්ල ගැනීමේ ගෞරවය ඉරණම අනුව Achilles සතු වීමට තිබූ දෙයක් නොවේ. ඒ වැඩේ කරන්න Achilles අනවශ්‍ය ලෙස උත්සහ ගැනීමෙදී paris අතින් මැරෙනවා.

    Troy අල්ල ගන්න නම් පූර්ව කොන්දේසි 12ක් පමණ සපුරාගත යුතුයි. මේවා වැඩි හරියක් කරන්නේ Diomedes, Odysseus දෙන්න එකතු වෙලා. සියල්ල සම්පූර්ණ වෙලා ඇතීනාගේ ප්‍රතිමාවත් Troy වලින් හොරකම් කලාට පස්සේ (again by Diomedes & Odysseus) නගරය අල්ල ගන්න උපාය Athena හා Odysseus ගේ ඔලුවට යනවා.
     
    machan Are you sure about the name? :nerd:

    machan I think the answer is here. I've quoted these from yasas bandara's replies
    "Iliad වල සම්ප්‍රදාය අනුව invulnerability කියන්නේ 'ශරීරය සිදුරු කරන්න බෑ' කියන එකට වඩා 'මරන්න බෑ' කියන එකයි. " "Yes, Achilles is not invulnerable in The Iliad (he gets wounded and 'dark blood' comes out). In later traditions, (what you mentioned and even in the epic 'Fall of Troy') he is invulnerable."
    man dhanna hatiyata Achilles Iliad ekedi marenawa kiyala naa machan...

    මේ කතාව අනුව Achilles ට ඇය හමුවෙන්නේ Troilus ගේ මරණින් පස්සේ. Troilus මැරෙන එක ගැන traditions දෙකක් තියනවා. පළමු එක තමයි යුද්ධයේ ඉතාම මුල් කාලේ Achilles Troilus ට කෙළ හලලා (අකිලිස් Bi-sex කාරයෙක්) වැඩේ වැරදුනහම මරල දානවා.

    අනික් එක
    Shakespeare ගේ නාට්‍යයේ සහ වෙනත් කතාවල තියන traditions එක; යුද්ධයේ අන්තිම කාලේ Troilus මැරෙනවා.

    නමුත් මේ දෙකෙන් එකක් වත් The Iliad වල දවස් පනස් ගණනක කාලය තුල වෙන්නේ නෑ.

    mama kiwwe ne Iliad ekedi marenawa kiyala. Iliad eka iwara wenne funeral games walin.
    Uda mage comments balapalla mama eka thanak deela thiyanawa. Ovid kiyapu widiha. mama eka kiwwe ara Apollo guide karapu arrow eken maruna kathawa kiwwa hinda.
    dan kiyanna epa Ovid Latin kiyala.:P ow Latin thamayi. eth Achilles ge death eka gena kiyana hinda pennuwe
     
    Shakespeare kiyapuwa nam ganan ganna epa. Eya kare Greek/Latin katha walin ehen mehen aran monawa hari liyapu eka.
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අංගුලිමාල;17986347 said:
    mama kiwwe ne Iliad ekedi marenawa kiyala. Iliad eka iwara wenne funeral games walin.
    Uda mage comments balapalla mama eka thanak deela thiyanawa. Ovid kiyapu widiha. mama eka kiwwe ara Apollo guide karapu arrow eken maruna kathawa kiwwa hinda.
    dan kiyanna epa Ovid Latin kiyala.:P ow Latin thamayi. eth Achilles ge death eka gena kiyana hinda pennuwe

    :D ok machan...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Iliad වලදී මැරෙන්නේ නෑ. නමුත් මරණය පුරෝකථනය කරනවා. හෙක්ටර් මැරෙන මොහොතේ ඔහු කියනවා...

    "I know you and what you are, and was sure that I should not move you, for your heart is hard as iron; look to it that I bring not heaven's anger upon you on the day when Paris and Phoebus Apollo, valiant though you be, shall slay you at the Scaen gates." (book22)

    මීට අමතරව Patroclus Troy නගරය ඇතුලට යන්න හදනකොට Apollo අනතුරු අඟවනවා "ඒ නගරය අල්ල ගැනීමේ ගෞරවය ඔහු සතු වීමට තිබූ දෙයක් නොවන" බව. මෙන්න මේ කතාවම තමයි Achilles ටත් සිද්ධ වෙන්නේ. Troy අල්ල ගැනීමේ ගෞරවය ඉරණම අනුව Achilles සතු වීමට තිබූ දෙයක් නොවේ. ඒ වැඩේ කරන්න Achilles අනවශ්‍ය ලෙස උත්සහ ගැනීමෙදී paris අතින් මැරෙනවා.

    Troy අල්ල ගන්න නම් පූර්ව කොන්දේසි 12ක් පමණ සපුරාගත යුතුයි. මේවා වැඩි හරියක් කරන්නේ Diomedes, Odysseus දෙන්න එකතු වෙලා. සියල්ල සම්පූර්ණ වෙලා ඇතීනාගේ ප්‍රතිමාවත් Troy වලින් හොරකම් කලාට පස්සේ (again by Diomedes & Odysseus) නගරය අල්ල ගන්න උපාය Athena හා Odysseus ගේ ඔලුවට යනවා.
    යසස් ඔය ට්‍රෝයි පුරවරයේ ඇතීනා ප්‍රතිමාව ඔඩිසියස් සහ ඩොමිනීසියස් විසින් පැහැර ගැනීම රණබිම හෙළ පරිවර්තනයේ නෑ නෙවැ..........
    සම්පූර්ණ සිංහල පරිවර්තනයක් නෑ ඒ කියන්නේ!:dull::dull: